Tuesday, March 13, 2012

Chapter 11 - "හමුවීම සහ වෙන්වීම.."

මෙතනින් එහාට මට කියන්න තියෙන කොටස මගේ ජීවිතයේ මම වගේම සචී අයියාත් ගොඩක් දුක් විඳපු කාලයක්. ඒක අකුරු කරන්න ගොඩක් අමාරුයි, ඒත් ඒ ටිකත් මම කිව්වේ නැත්නම් අපේ ආදර කතාව අසම්පූර්ණයි.




සචි අයියලා අපේ ගෙදර නැති අඩුව මට වැඩිය දැනුණේ නැහැ, ගොඩක් වෙලාවට දවල්ට කොලේජ් ගිහින් අපේ ගෙදර එන සචී අයියා, අපේ අයියත් එක්ක එකතු එකතු වෙලා පාඩම් කළා. මගේ පාඩම් වැඩත් බැලුවා. අම්මයි ශ්‍රීමති ආන්ටියි ඔෆිස් එකේ ඉඳන් එන්නේ අපේ ගෙදර, ඒ ඇවිත් රෑට කෑම හදලා කාලා, ඊට පස්සේ තමයි සචී අයියයි, ශ්‍රීමතී ආන්ටියි ගෙදර යන්නේ. ජීවිතය කිසිම කලබලයකින් තොරව ගලා ගෙන ගියා. දවසින් දවස මගේ හිතේ සචී අයියට තිබුණු ආදරය වැඩි වුණා.

O/L එක්සෑම් එකත් ලං වුණා. සචී අයියා මට වැඩිපුර පාඩම් වැඩවලට උදව් කළා. ඒ වගේම වෙනදට වඩා වැඩිපුර අපි දෙන්නා ආදරෙත් කළා. එයාට නම් සෙක්ස් ගොඩක් ඕනේ, සෙනසුරාද දවස් වලට මම සචී අයියලාගේ ගෙදර යනවා උදෙන්ම, ගිහින් එයත් එක්ක පාඩම් වැඩ කරනවා. එදාට අපේ අයියා දවසම ක්ලාස්. ඒක නිසා සචී අයියටයි මටයි ඕන තරම් නිදහසේ එකට ඉන්න පුළුවන්. ඒ වගේ දවස් වලට පාඩම් වැඩ වගේම සෙක්ස් එහෙමත් ගොඩක් කරනවා. සචී අයියා මට ඇඳුමක් ඇඳන් ඉන්න දෙන්නේම නැති තරම්

O/L එක්සෑම් එක පටන් ගන්න කලින් දවසේ අපි ඔක්කොම පන්සල් ගියා. සචී අයියා සුදු කමිසෙකුයි කළු කලිසමකුයි ඇඳලා ලස්සනයි ගොඩක්, මට දැක්කම ගොඩක් ආදරේ හිතුනා. පන්සලේදී අපිට ඉරෝෂයයි එයාගේ ගෙදර අයයි හම්බවුණා. ( ඉරෝෂ - මගෙ ක්ලාස් මේට් ඔයාලට මතක ඇතිනේ )

" උඹ කොල්ලත් එක්ක දැවෙටෙනවා වැඩියි, ගෙදර උන් සැක කරන්නේ නැද්ද බන් ?"

ඉරෝශයා කට්ටිය එහාට මෙහාට වෙනකං බලං ඉඳලා කිව්වම මාව හීතල වෙලා ගියා.

" අපි දෙන්නා දැක්කම එහෙම පේනවද බං ?"

මම ඇහුවේ ඇත්තටම බය වෙලා වගේ,

" ටිකක් විතර... උඹ ඌ දිහා බලලා මුකුලු කරනවා, අරූ උඹ දිහා පැණි හල හල බලන් ඉන්නවා, පිටින් බලන එකෙක්ට තේරෙන්න පුලුවන්. අපි ඉතින් ඕවා අත්දැකීමෙන්නේ දන්නේ "

ඉරෝෂයා එහෙම කියලා කොලර් එක උස්සගත්තා. මම ඌට වැලමිටෙන් ඇන්නා,

" මෝඩයා උඹ මාව බයකරනවා බං "

" සිරාවටම පොඩ්ඩක් පරිස්සම් වෙයන් මචං, උඹලගේ අයියා එහෙම දැනගත්තොත් ඉවරයි "

මොනවා වුනත් උනත් ඉරෝෂයා කියපු කතාව මගේ හිතේ වැඩ කළා. ආපහු සචී අයියා එක්ක තනි උනු වෙලාවක මේ ගැන කතා කරන්න ඕන කියලා මම හිතා ගත්තා. ඒත් එක්කම O/L පටන් ගත්ත නිසා මට ඒක අමතක වෙලා ගියා. මම පුළුවන් උපරිම හොඳට එක්සෑම් එක කළා. අන්තිම දවසේ තිබුණු පේපර් එක ලියලා ඉවර උනාම හිතට දැනුණේ ලොකු සැනසීමක්. එදා ඉරෝෂයි මමයි ඉස්කෝලේ ඇරිලා ආවේ එකට.

" මචං උඹත් එක්ක පොඩ්ඩක් කතා කරන්න කරන්නත් ඕනි උඹට යන්න පරක්කු වෙනවද ?"

අපිත් දෙන්නා ඉස්කෝලේ පාර දිගේ ඇවිදගෙන හයිලෙවල් පාරට එද්දී ඉරෝශයා ඇහුවා

" නෑ මචෝ, මොකක් හරි ප්‍රශ්නයක්ද ?"

" එහෙම ප්‍රශ්නයක් නැහැ, අපි එහෙනම් ඩයිනමෝ එකට යමු "

එහෙම කියලා ඉරෝශයා මාත් එක්ක පාර පැන්නා, අපි ඩයිනමෝ එකේ වාඩිවෙලා කෑම ඕඩර් කරලා කතාවට සෙට් වුණා.

" මම උඹෙන් දවස් ගානක්ම අහන්න හිටියේ, සචී අයියට උඹ ඇත්තටම ලව් ද ? නැත්තම් උඹලා දෙන්නා අතරේ තියෙන්නේ සෙක්ස්ෂුවල් රිලේශන්ශිප් එකක් විතර ද ?"

" උඹ මොකද ඒ වගේ කතාවක් අහන්නේ හිතුවේ එකපාරම "

මම ඇත්තට මේ ඉරෝෂයාගේ ප්‍රශ්නෙන් කලබල වුණා.

" මම අහපු දේට උත්තර දීපන්කෝ ඉස්සෙල්ලා"

" මම සචී අයියට ගොඩක් ආදරෙයි බන්, මම දන්නේ නැහැ ඉස්සරහට මොනවා වෙයිද කියලා, ඒත් මට එයා නැතුව ජීවත් වෙන්න නම් බැරි වෙයි "

මම ගොඩක් හැඟීම්බරව කියාගෙන ගියා.

" ම්ම්ම්.. එහෙනම් උඹලා දෙන්න ඒ තරම් දුර ගිහිල්ලද ? ඌත් උබට ආදරෙයිද ?

" ඔව්, එයත් මට ගොඩක් ආදරෙයි ඒ ඇයි උඹ එහෙම අහන්නේ ? "

මම කෙලින්ම ඉරෝෂයගේ ඇස් දිහා බැලුවා, ඒ ඇස් වල කියන්න බැරි මොනවා හරි දෙයක් තියෙනවා කියලා මට තේරුණා.

" මම උඹට දෙයක් කියන්නම්. හැබැයි උඹ කලබල වෙන්නේ නෑ කියලා මට පොරොන්දු වෙන්න ඕනේ "

ඉරෝෂයා ඒ වචන ටික කියද්දිම මගේ මුළු ඇඟම සීතල වෙලා ගියා. මොන හෙනයක් කඩන් පාත් වෙන්න යනවද කියලා මම ඇත්තටම බය උනා.

" මොකක්ද බං, අනේ කියපන් ඉක්මනට " මට දාඩියත් දාලා

" ඔය ඉතින් උබ දැන්ම කලබල වෙලානේ " ඉරෝෂයා මගේ අතක් තද කලා.

" නෑ.. නෑ.. කියපන් මොකද්ද සීන් එක ?"

" උඹට සචී අයියා ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ගැන කියලා තියනවද ?"

"මොකක් ? නැහැ ! ඇයි ඒ ? එයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවාද???" මට අදහා ගන්නත් බැරි වුනා.

"උඹලගෙ අයියාගේ ගර්ල් ෆ්රෙන්ඩ් අනූෂිගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්, ශාලිකා ! මම දැක්කා කීප දවසක්ම කපල්ස් දෙකම එහේ මෙහේ රවුම් ගහනවා"

"උන් තුන් හතර දෙනා නිකං වෙන්න ඇති නේ බං එහේ මෙහේ ගමන් යන්නේ"

මම ඒක ඇත්ත නෙවෙයි කියලා මගේ හිත රවට්ට ගන්න උත්සාහ කළා.

" නිකං ගිහින් ගිහින් කෙල්ලොත් එක්ක බීච් එකේ තුරුල් වෙලා ඉන්නවා ද බං ?"

ඉරෝෂයා කියද්දී මගේ කන් වලින් ගින්දර පිට වෙනවා වගෙයි මට දැනුනේ, මේ මොනවද මම අහන්නේ මේක වෙන්න පුළුවන් දෙයක්ද ?

" මම හැම පැත්තකින් ම හොයලා බැලුවා උබ මගේ යාළුවා නිසා, සචියගේ ක්ලාස් එකේ සමහර අයියලා මගේ යාළුවෝ . සීන් එක ඇත්ත මචන්. මම උඹට මේ තරම් දවස් නොකියා හිටියේ උඹ එක්සෑම් එක ඇන ගනී කියලා බයට. ඒත් මම කැමැති නැහැ උඹ දුක් විදිනවට, මම හිතන්නේ ඌ උඹව ආශ්‍රය කරන්නේ නිකං ෆන් එකට විතරයි. ඒක නිසා ලව් සීන් හිතන්න යන්න එපා, ඕක කෙරෙන දෙයක් නෙවෙයි, මම උඹේ හොඳට කියන්නේ "

" උඹ කියන්නේ ඇත්තමද බන් ? ප්ලීස් කියපන්, මම කොහොමද දැන් හිත හදාගන්නේ ? "

" මම උඹට බොරු කියලා නැහැනේ මචං අද වෙනකන්, උඹට මාව අවිශ්වාස නම් මෙන්න, මම මේක උඹට පෙන්නන්නේ නෑ කියලා හිතන් හිටියේ. ඒත්.. "

එහෙම කියලා ඉරෝෂයා උගේ මොබයිල් ෆෝන් එක අරන් මට ඒකෙ තිබුන ෆොටෝ එකක් පෙන්නුවා. ශාලිකා සචී අයියගේ අතක එල්ලිලා, එයාගේ උරහිසට හේත්තු වෙලා ඉන්න ෆොටෝ එකක්. මම හුස්මක් හෙලලා ආපහු ෆෝන් එක ඉරෝෂයට දුන්නා.

" උඹ නිකන් හෝප්ස් අප් කරගන්න එපා බං, ඒකෙන් වෙන්නේ දුකක් ඉතුරු වෙන එක විතරයි "

මම ඔහේ බලාගෙන ඒ ඉරෝෂ කියපු දේවල් අහන් හිටියා, මම එදා ගෙදර ආවේ කොහොම ද කියලවත් මට මතක නැහැ, මම ගෙදර ඇවිත් බාත්රූම් එකට ගිහින් ශවර් එක ඇරල ඇතිවෙන්න ඇඩුවා. මම මේක සචී අයියා එක්ක කතා කරලා විසඳගන්න ඕනේ ඕන කියලා හිතුවා. එහෙමම මම ඉරෝෂට කෝල් එකක් ගත්තා.

" මචං ඉරෝෂයා, මට අර පික් එක MMS කරපන් "

" ඇයි මචං ? උඹ මොකද කරන්න යන්නේ ?"

" නැහැ මචන් මම සචියගෙන් ඇත්ත දැනගෙන උගෙන් බ්‍රේකප් වෙන්න ඕනේ, එතකොට ඌට ඕන විදිහකට ජීවත් වෙයිනේ, ඒක කරන්න මට සාක්ෂියක් ඕන "

" හරි මම පික් එක එවන්නම්, ඒත් මචං පිස්සු කෙලින්න නම් එපා, ෂේප් එකේ ප්‍රශ්නේ විසද ගනිං "

මම ෆෝන් එක කට් කලා. ඉරෝෂයා පික් එක MMS කළාම මම ඒක මගේ ෆෝන් එකේ සේව් කරගත්තා. ඊට පස්සේ මම සචී අයියට කෝල් කලා.

" හෙලෝ පැට්ටෝ "

ඒ කටහඬ ඇහෙද්දිම මගේ පපුව කඩන් වැටුණා. ඒත් මම හිත තද කර ගත්තා.

" ඔයා කොහෙද ඉන්නේ ? "

" මම ඔයාලගේ අම්මගේ ඔෆිස් එකේ ඉන්නේ " මම එනකම් චුට්ටක් ඉන්න, මමත් දැන් ඔහෙට එන ගමන් "

මම එහෙම කියලා ෆෝන් එක කට් කලා, මගේ ඇස් වලින් ආපහු කඳුළු වැටෙන්න පටන් ගත්තා

" උඹ ඔහොම වෙන්න ඕන කොල්ලෙක් නෙවෙයි, දේවල් දුරදිග යන්න කලින් හිත හදා ගනින් "

ඉරෝෂයා කියපු වචන මගේ හිත ඇතුලේ දෝංකාර දෙනවා. මම ඕන දෙයක් වෙද්දෙන් කියලා හිතාගෙන අම්මගේ ඔෆිස් එකට ගියා. සචී අයියයි, අපේ අයියයි ක්ලාස් ගිහින් එන ගමන් ඔෆිස් එකට ඇවිත් මොකක් හරි වැඩකට. මම වෙනසක් පෙන්නන්නේ නැතිව හිනා වෙලා ඇතුලට ගියා. අයියයි, අම්මයි පොඩ්ඩක් එහාට වෙනකන් ඉඳලා මම සචී අයියවත් ඇඳගෙන රූෆ් ටොප් එකට ගියා.

" ඇයි පැට්ටෝ අප්සට් එකෙන් වගේ ?"

සචී අයියගේ වචනවලින් මම තවත් විදෙව්වා, මේ මට ඇත්තටම කරන්නේ ආදරයක් ද .. බොරුවක් ද ..

" මම දන්නේ නැහැ මේක කොහෙන් පටන් ගන්නද කියලා, ඒත් මට ඇත්ත දැන ගන්න ඕන. ඔයාගෙයි ශාලිකා කියලා ගර්ල් කෙනෙකුගෙයි අතරේ එෆෙයාර් එකක් තියනවා නේද ?"

මම කෙලින්ම ඒ මූහුණ දිහා බලාගෙන ඇහුවා එයාගේ මූහුණ වෙනස් වෙනවා මම බලාගෙන හිටියා.

" ඔයා මොනවද මේ කියන්නේ ? ඔයා... ඔයා.. කොහොමද........?" එයා ගොත ගහන්න පටන් ගත්තා.

මම ඉරෝෂ කියපු හැම දෙයක්ම එයාට කිව්වා, ඒ දෙන්නා ඉන්න පික් එකත් පෙන්නුවා. සචී අයියට කියන්න දෙයක් තිබුනේ නැහැ. මම එයාව වැරදිකාරයා කරලා ඉවරයි ඒ වෙද්දී. මම ආපහු හැරිලා හැරිලා එන්න හැදුවා. ඒත් මට එයාගෙන් අහන්න තව එක ප්‍රශ්නයක් තිබුණා. මම ආපහු එයාගේ පැත්තට හැරුනා

" මට මෙහෙම කලේ ඇයි සචින්ත ? "

මම ජීවිතයේ පලවෙනි වතාවට එයාගේ නමින් එයාට කතා කළා.





" මම ඔයාට වැරැද්දක් කරන්න හිතන් එහෙම කළේ නෑ හිරූ ! ඒත් අපි දෙන්නා ගැන ඔයාගේ අයියා දැන ගනී කියලා බයටයි මම ඒ ගර්ල් එක්ක යාලු වුනේ. ඔයා හිතන විදිහේ දෙයක් මගේ හිතේ ඒ කෙල්ල ගැන නැහැ, මම නිකන් එයා එක්ක යාලු වුනේ, මම ඔයාට ගොඩක් ආදරෙයි පන, ප්ලීස් මාව තේරුම් ගන්න "

එයාගේ ඇස් කඳුළු වලින් පිරිල තිබුණා

" ඔයා ඒ ගර්ල් එක්ක යාලු වුනේ බොරුවට නම් ඒකත් වැරදියි, ඔයා මට දීපු බලාපොරොත්තු ඒ ගර්ල්ටත් දෙන්න ඇති, ඔයා මාවත් රැවැට්ටුවා, ඒ ගර්ල් වත් රවට්ටනවා. ඔයා මහ බොරුකාරයෙක් ! "

ඒ ටික කියලා මම ආපහු එන්න ආවා. මෙච්චර කල් ආදරේ කරපු සචින්ත ගැන මට ඇති උනේ ලොකු තරහක්, මම රැවටුනා කියන හැඟීමෙන් මම ගොඩක් දුක් වින්දා



" පෙර දා මැවු සිනා සැඟවී කොහේ ගියාදෝ..?
ඔබ ලඟින් උන්නූ කාලේ සුන්දරයි ජීවිතේ..
පෙර දා මැවූ සිනා... "




No comments:

Post a Comment