Wednesday, March 14, 2012

Chapter 26 - "A WEDDING..."



August School Vacation එකෙන් පස්සේ School පටන් ගන්න දවසත් ලං වුනා. සචී අයියයි, අපේ අයියයි නම් ආපහු School යන්නේ නැහැනේ. A/L කරලා නිදහසේ ගෙදරට වෙලා ඉන්නවා. මට ඉතින් තව අවුරුදු දෙකක් තියෙනවනේ. මම එහෙම හිතුවා. ස්කූල් පටන් ගන්න කලින් සති අන්තයේ සෙනසුරාදා උදේ ඉරෝෂයා අපේ ගෙදර ආවා. මම Tution Class එකේ Home Work කරන ගමන් හිටියේ.

" අඩෝ.. CR එකේ මැච් එකක් තියෙනවා යමු ද ? "
ඉරෝෂයා මගේ කාමරේට ආවේ එහෙම කියාගෙන

" සිරානේ.. කීයටද තියන්නේ ? "
මමත් කර කර හිටපු වැඩේ නැවැත්තුවා.

" තුනට කියලා කිව්වේ "

" අඩෝ ක්ලාස් කට් කරන්න වෙන සීන් එකක් තියෙන්නේ එහෙනම්.." මම කිව්වා 

" උඹට අවුල් නම් කමක් නැහැ. මම සුරාජ් අයියලා එක්ක යන්නම්. ක්ලාස් කට් කර ගන්න එපා "

" එක දවසක් මිස් උනාට අවුලක් නැහැ. අනිත් ටීම් එක මොකක්ද ? "

" CH ටීම් එකත් එක්ක බං. සිරාවට තියෙයි අද නම් මැච් එක "

" පට්ට.. පට්ට.. මේ මම සචී අයියගෙනුත් අහන්න ද එනවද කියලා ? "

" ක්ලාස් කට් කරලා යනව කියලා කිව්වොත් උඹට බර බරේ දායි "

" හිටපං කෝ "

මම එහෙම කියලා ෆෝන් එක ගත්තා. ආන්ස්වර් කලේ ටිකක් වෙලා ‍රිනිග්ස් ගියාට පස්සේ.

" හෙලෝ.. බබා.. " සචී අයියා නිදි තවම

" තවම නිදිද හලෝ, නැගිටිනවකෝ.."

" අයියෝ අද සෙනසුරාදනේ.." එයා කෙඳිරි ගානවා 

" මේ අපි මැච් එකක් බලන්න යනවා. එනවද ? "

" කවුද අපි ?? " එයා එක පාරටම ඇහැරුණා වගේ ඇහුවා.

" මමයි, ඉරෝෂයයි.."

" ඇයි අද ක්ලාස් නැද්ද ? "

" අදට විතරක් යන්නේ නැහැ.. ඔයා එනවද ? "

මම චුට්ටක් හුරතල් වුනේ, එතකොට එයා මට බනින්නේ නැති නිසා 

" මට බැහැ.."
එයා ගත් කටටම කියලා දැම්මා 

" ඇයි ? "

" නිවාඩු දවසේ ටිකක් නිදා ගන්න දෙනවකෝ.."

" හ්ම්.. ඔයාට ඉතින් දිගටම නිවාඩු නේ.. නිදා ගන්නවා එහෙනම් ! කම්මැලියා.. අපි යනවා.."

මම එහෙම කියලා ෆෝන් එක කට් කරන්න හදනකොටම 

" මේ හිරූ.. හිරූ.." සචී අයියා කතා කරනවා ආපහු

" ඇයි ? "

" අපි දෙන්න විතරක් යනවා නම් මම එනවා "
එයා හිනා වෙවී කියනවා 

" එතකොට ඉරෝෂයා ? "

" ඌට මොකක් හරි කියලා මගින් හලමු.."

" හි..හී.. කපටියා.."

" මොකද කියන්නේ ?" එයා අහනවා

" මට බැහැ.. ඕන නැහැ. ඔයා නිදා ගන්න. හි..හී.. මම තියෙනවා.."

" හිරූ.."

" ඔයා ආවොත් සමහර විට අයියත් එයි.."

" ම්ම්.. කීයටද ඔයාලා යන්නේ ? "

" මැච් එක තුනට. අපි මෙහෙන් දෙකට විතර යනවා "

" හරි බබා.. ඔයාලා දෙන්නා යන්නකෝ, මම මැච් එක ඉවර වෙන වෙලාවට ඔයාව ගන්න එන්නම් "

" OK මම කියන්නම්. උම්මා..."

" උම්මා.. උම්මා... I Love u ! baba.."

" Love u too පණ.. "
මම එහෙම කියලා ෆෝන් එක තිබ්බා 

" වැඩේ හරි නේද ? " ඉරෝෂයා අහනවා.

" උඹව හලලා යමුලු හි.. හී.. " මම කියද්දී ඉරෝෂයත් හිනා වෙනවා.

" යකෝ මේක හරි මගුලක් වුනානේ. දැන් ඌ උඹව සින්නක්කරම ලියාගෙන වගේනේ " 

" වගේ නෙමෙයි. එහෙම තමයි. හි..හී.. අපි දෙන්නා විතරක් යමු, එයා එන එකක් නැහැ.."

එදා මමයි ඉරෝෂයයි, අපේ සෙට් එකේ තව උන් කට්ටියක් එක්ක මැච් එක බලන්න ගියා. ඉවර වෙද්දී 6 විතර වෙලා. සචී අයියා ඇවිත් හිටිය නිසා මම ඉරෝෂයට කියලා අනිත් උන්ට හොරෙන් පැන්නා.

සචී අයියට ගෝල්ෆේස් යන්න ඕනි කිව්වා. මටත් ආස හිතුනා. අපි ගෝල්ෆේස් එකට ගිහින් එතන තිබුණු බංකුවක වාඩි වුනා ලං වෙලා. සචී අයියා හැමදාම වගේ මගේ කර වටේ අතක් දාගත්තා.

" ඉතින් පැට්ටෝ... අනිද්දා ස්කූල් පටන් ගන්නවා නේද ? "
එයා කතාව පටන් ගත්තා.

" ඔව් අයියේ, ඔයා මොකක්ද කරනන හිතන් ඉන්නේ ? "

" තවම අයිඩියා එකක් නැහැ බබා. ගෙදර ඉන්නත් කම්මැලි. ඔයාලගේ අම්මා කියනවා රිසාල්ට්ස් එනකන් සඳරුටයි මටයි ඔෆිස් එන්නලු. මම යන්න ද ? "

" ඒක නම් හොද අයිඩියා එකක්. ගෙදරට වෙලා නිකන් ඉන්නවට වඩා හොඳයි නේ. කීයක් හරි ඉතුරු කර ගන්නත් පුළුවන් ඔයාට "

මමත් ඒ අදහසට ගොඩක් කැමති වුනා.

" ම්ම්ම්... එහෙනම් මම සඳරුත් එක්කත් කතා කරලා කියන්නම්කෝ "

" එතකොට ඔයාට හැමදාම හවසට මාව ගන්න එන්න වෙන්නේ නැහැ ක්ලාස් වලටයි, ස්කූල් එක ලගටයි. හි.. හී "
" ආහ්.. හරි ආස ඇති නේද ? ඒවා කොහෙද, මම ඉස්කෝලේ අරුන ගමන් කෝල් කරලා බලනවා කොහෙද කියලා. හවසට ඕෆ් වෙලා එනවා ක්ලාස් එක ලඟට.. ප්‍රැක්ටිස් දවසටත් එහෙමයි. මම ජොබ් එකට ගියා කියලා මගෙන් ගැලවෙන්න හිතන්න එපා හොඳද ? "

එයා කියද්දි මට හිනා 

" හා.. හා.. මම ඔයාගෙන් ගැලවෙන්න ඕන නං මෙලහට ගැලවිලනේ මෝඩයෝ.."

" මට ඔයාව නැති කරගන්න බැහැ පන, මම ඒකයි නිතරම එහෙම කියන්නේ. මට ඔයා නැති උනොත් පිස්සු හැදෙයි.."

" එහෙම නොවෙන්න අපි දෙන්නා අතරේ බැඳීමක් තියෙන්න ඕන. මෙන්ටලි වගේම ෆිසිකලි. ඒකට අපි පොඩි වැඩක් කරමු "

මම එහෙම කියලා වට පිට බැලුවා 

" මොකක්ද ? "

එයා පුදුමෙන් මගේ දිහා බලන් ඉන්නවා.

" අපි මැරි කරමු ? "
මම කිව්වා.

" ඒ කොහොමද ? " 

" පුළුවන්. දැන්.. මට කොලයක් ඕනි, ම්ම්ම් "

මම මගේ පර්ස් එකෙන් පරණ බිලක් හොයා ගත්තා. පෙන් එකකුත් ඕනෙනේ. මම මගේ සයිඩ් බෑග් එකේ පොකෙට් එක ඇරියා, මම කොහොමත් බෑග් එකේ පෙන් එකක් දාගෙන යනවා, වෙලාවට..

" මොකද්ද ඔයා කරන්නේ ? "
සචී අයියා අහනවා.

" OK.. ඔයා කියන්න. ඔයාට මොනවද මම පොරොන්දු වෙන්න ඕනි කියලා. I'm Serious "
මම එයාගේ මුහුණ දිහා බලාගෙන කිව්වා. එයා හිනා වීගෙන මගේ දිහා බලාගෙන ටිකක් කල්පනා කලා. 

" ම්ම්.. ඔයා මට ආදරේ කරන්න ඕන. මට විතරක්. මමත් ඔයාට විතරයි ආදරේ කරන්නේ. ඔයා මාත් එක්ක තරහෙන් හිටියත්, මම ඔයත් එක්ක තරහෙන් හිටියත්, අපි කවදාවත් වෙන කාගෙවත් වෙන්නේ නැහැ.."
එයා එහෙම කිව්වා 

" අපි දෙන්නට දෙන්නා ගොඩක් ආදරේ කරනවා, හැමදාමත්. අපි රණ්ඩු වුනත්, තරහ වුනත්, කවදාවත් දෙන්නගෙන් කවුරුවත් දාලා යන්නේ නැහැ. වෙන කාගෙවත් වෙන්නේ නැහැ "
මම බිල් එකේ පිටිපස්සේ ඒක ලිව්වා

" ප්‍රශ්න වලින්.. ජීවිතෙන්.. පැනලා යන්නේ නැහැ. කවදාවත් මොන දේ සිද්ද වුනත්, දෙන්නා හැමදාම එකට ඉන්නවා " මම කිව්වා 

" කවදාවත් නැහැ " සචී අයියා හිනා වෙලා කිව්වා. මම ඒකත් කොලේ ලිව්වා.
 
" තව මොනවද ? " මම ඇහුවා 

" ම්ම්.. අපි දෙන්නා හැමදාම දෙන්නට දෙන්නා බලා ගන්නවා. අපි දෙන්නා වයසට ගියාමත් හැමදාම අපි දෙන්නා අපි දෙන්නව බලාගන්නවා. පරිස්සම් කරනවා.."
සචී අයියා කිව්ව ඒ වචන පේලියටත් මම එකඟ වුණා. මම ඒකත් ලිව්වා.

" මම පොරොන්දු වෙනවා "
මම එහෙම කියලා කොලේ යටින් දිනයයි, වෙලාවයි දාලා අත්සන් කලා.

" මමත් පොරොන්දු වෙනවා.. "
සචී අයියා මගේ අතින් කොලේ අරගෙන එයත් අත්සන් කලා.
මට හරිම සතුටුයි. මම ඒ කොලේ අතට අරගත්තා.

" මේ අපේ වෙඩින් එක. බිල් එකක ලිව්වත් අපි දෙන්නා දැන් මැරීඩ්.. "
මට සතුට වැඩිකමට ඇස් වලට කඳුළුත් උනලා.

" මැරීඩ් "
සචී අයියා හිමීට මිමිණුවා.

මම එහෙමම එයගේ උරහිසේ ඔලුව තියාගෙන ටිකක් වෙලා හිටියා. අවට ඉන්නේ කවුද කියලා මට වත් එයාට වත් ගානක් වුණේ නැහැ. ටිකක් වෙලා එහෙම ඉඳලා අපි දෙන්නා නැගිට්ටා. එයා මගේ නලලට කිස් එකක් දුන්නා. කවුරු දැක්කද දන්නේ නැහැ. ඒත් අපි දෙන්නම ගොඩක් සතුටින් හිටියේ. අපි දෙන්නා දැන් මැරි කරලා. අපේ හිත් වල තිබුණේ ඒ හැඟීම.

" බබා.. අපි අයිස්ක්‍රීම් කමුද ? "
එයා මගේ ඇස් වලට එබිලා අහනවා.

" චොකලට් මැජික් කෝන් " 

අපි දෙන්නම එකට කිව්වා. එයා දන්නවා මම ආසම අයිස් ක්‍රීම් එක චොකලට් මැජික් කෝන් එක කියලා.
අපි ඇවිදගෙන ආවා අයිස් ක්‍රීම් වෑන් තියෙන තැනට. ඒ වෙද්දි ඉර බැහැලා ගිහින්. යන්තම් කළුවර වැටීගෙන එනවා. ඒත් ගෝල්ෆේස් එක පුරාවටම ලයිට් දාලා නිසා වෙනසක් නැහැ. අපි අයිස්ක්‍රීම් දෙකත් අරගෙන එතන පඩිපෙලින් වාඩි වුණා. 

මගේ අතේ තවමත් අපි දෙන්නගේ පොරොන්දු ලියපු කොලේ. මැරේජ් සර්ටිෆිකේට් එක... හිතාගන්න පුලුවන්ද ඒක දිහා බලන් ඉන්නකොට දැනෙන සතුට. කෙනෙක්ට හිතෙන්න පුළුවන්... බිල් එකක වචන පේලි ටිකක් ලියලා අත්සන් කලාම මොන කසාදයක් ද කියලා. ඒත් ඒක ඊට වඩා ලොකු වටිනාකමක් තියෙන දෙයක්. අදටත් මගේ ජීවිතයේ වටිනාම ලියවිල්ල තමයි අපි දෙන්නගේ මැරේජ් සර්ටිෆිකේට් එක. බොළදයි තමයි. ඒත් මේක තමයි ආදරයේ බැඳීම. විශ්වාසය කියන්නේ..

මම ඒක දිහා බලාගෙන කල්පනා කලා

" බබා.. ඔයා සතුටින් නේද ? "
සචී අයියා මගේ කර වටේ අතක් දාගෙන මාව ලං කරගත්තා.

" ඔව් අයියේ.. ගොඩක් සතුටින්.. ගොඩක්.."

" මම පොරොන්දු වෙනවා.. මේ ලියවිල්ල කවදා හරි ඇත්ත කරනවා කියලා..."

" මමත් පොරොන්දු වෙනවා අයියේ.. "
මම සචී අයියව බදාගත්තා.


" සඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට...
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුබ මා හට 
නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටුවිට..
හදපානක් වූයේ නුඹ නොවේදෝ මා සිත් අහසට..." 




No comments:

Post a Comment