Tuesday, March 13, 2012

Chapter 08 - "මගේ සඳ ඔබ..."




අපි ආපහු කොළඹ ආවේ ගොඩක් සතුටින්, ශ්‍රීමති ආන්ටිගෙයි සචී අයියගයි ජීවිත වල තිබුන ප්‍රශ්ණ ගොඩක් වෙනස් වෙලා තිබුණා. ශ්‍රීමතී ආන්ටිට ලැබුණු සල්ලි වලින් එයාලට ඉන්න ගෙයක් ගන්න තමයි හිතන් හිටියේ. ඒත් අපේ අම්මා නං ඒ වැඩේට ඒ තරම් කැමැති වුණේ නැහැ, ඉන්න තරම් කාලයක් අපේ ගෙදරම ඉන්න කියලයි අම්මා ශ්‍රීමති ආන්ටිට කිව්වේ, ඒත් ශ්‍රීමති ආන්ටි සචී අයියගේ අනාගතය ගැනත් හිතලා ගෙයක් ගන්න හරි හදන්න හරි තීරණය කරලා තිබුණේ. අපේ ගෙවල් වලට ළඟම අපේ ඉඩමක් තිබුණා. අපේ අම්මා ඒ ඉඩම ශ්‍රීමති ආන්ටිට ගෙයක් හදාගන්න, ගන්න කිව්වා. ඒත් ශ්‍රීමතී ආන්ටි නිකන් මේ ඉඩම ගන්න කැමැති වුණේ නැහැ, ඒත් අපේ අම්මගේ වදේටම අන්තිමේදී ඒක ගන්න සිද්ධ වුණා එයාලට. අපේ අම්මගේ පරිත්‍යාගශීලී කම ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා අදටත්.

ඒත් සචී අයියලා ගෙයක් හදාගෙන අපේ ගෙදරින් යන්න ගියොත් මම තනිවෙයි කියන බය මගේ මගේ හිතට වද දුන්නා ගොඩක්, මගේ හිත කඩාගෙන වැටුනා ටිකෙන් ටික, මගේ හිතේ ලොකු ගින්දරක් පත්තු වුනා. අමාරුවෙන් ලැබුණ පළවෙනි ආදරය මට නැති වෙයි, ඈත් වෙයි කියලා. මගේ වෙනස සචී අයියා හොඳටම දැක්කා. ඒත් අපිට නිදහසේ කතා කරන්න ඉඩක් ලැබුණේ අඩුවෙන්.

දවසක් අම්මත් එක්ක නිකං රණ්ඩු වුණා හිතේ නොසන්සුන්කමට. ඒක සිද්ධ වුණේ කිසිම හේතුවක් නැතුව, මගේ කාමරේ වනාන්තරයක් වගේ කියලා මම කලින්ම ඕගොල්ලන්ට කියලා තිබුණනේ, එදත් ඒ වගේම කාමරේ හැඩි වෙලා තිබුනේ, අම්මා කාමරේ අස් කරන්න ඇවිත් මට බැන බැන බඩු ඒහෙට මෙහෙට කරනවා. මට අම්මා බනිද්දි නිකම්ම තරහක් ආවා. මම අම්මත් එක්ක රණ්ඩු වෙලා ගෙදරින් එළියට බැහැලා ආවා. මම දුකෙන් ඒ වගේම තරහෙන් හිටියේ.

" මේ කොල්ලට මොන යකෙක් වැහිලද මන්දා "

මම එළියට එද්දී අම්මා කෑ ගහනවා ඇහුනා. මම ගාලු පාරට ඇවිත් එහෙම්මම ආපු 154 ක නැගලා ගිහින් British Council එක ලගින් බැස්සා. සචි අයියා ලයිබ්‍රි එකට ආවා කියලා මට මතක තිබුනා. මම ඇතුලට ගිහින් හැම තැනම බැලුවත් එයා හිටියේ නැහැ, පස්සෙ මම ලයිබ්‍රි එකෙන් එළියට ඇවිත් කැෆටේරියා එක පැත්තට යද්දි මගේ පිටිපස්සෙන් සචි අයියා කතා කරන හඬ ඇහුණා.

" හිරු.... හිරූ...."

මම ආපහු හැරුනා,

" ඇයි සචී අයියේ ? "

" මම බය වුණ තරමක් ! "

" ඇයි ? "

" ඇයි කියන්නේ ? අම්මා කිව්වා ගෙදරිනුත් තරහා වෙලා ගියා කියලා " "අම්මා ඔයාට කෝල් කරා ද ? "

" ඔව් ඔයා ෆෝන් එකට ආන්සර් කරන්නේ නැහැ කිව්වා, සඳරුත් තවම ගෙදර ඇවිත් නැති නිසා ඔයා කොහෙද ගියේ කියලා බලන්න කිව්වා. මම එළියට යන්න හදනකොට ම තමයි ඔයාව දැක්කේ "

" ගෙදර ඉන්න බැහැ අයියේ, ඔයත් දැන් ගෙයක් හදාගෙන මාව දාලා යන්නනේ හදන්නේ, මම කොහොමද ඔයා නැතුව ඒ ගෙදර ජීවත් වෙන්නේ ? "

මට ඇඬෙන්න වගේ, මම මුහුණ බෙරි කරගෙනම කැෆටේරියා එකේ තිබුන පුටුවක වාඩි උනා. සචි අයියා ඇවිත් මගේ එහා පැත්තේ තිබ්බ පුටුව මට තව ටිකක් ලං කරගෙන වාඩිවුණා.

" මට තේරුණා මේක තමයි ඔයා මේ දවස් ටිකේම මූඩ් ගහලා හිටියේ කියලා, මම ඔයා ළඟ හැමදාම ඉන්නවනේ පන, ගෙයක් හැදුවට මහ දුරක නෙවෙයි නේ අපි ඉන්නේ, අනික අපිට ඉස්කෝලෙදි මීට් වෙන්නත් පුළුවන්, ඔයාට ක්ලාස් කරන්න ආවම ඔයා මගේ ලගමනේ "

" එයා මගේ අතින් අල්ලගෙන මගේ ඇස් වලට එබිලා කියනවා "

" මට බැහැ.. ඔයා හැමතිස්සෙම මට පේන්න ඉන්න ඕනේ "

මම මුරණ්ඩු වුණා මගේ ඇස් වල කඳුලු ගුලි දෙකක් එළියට පනින්න ඔන්න මෙන්න,

" අනේ ඉතින්, මම නිසා ටිකක් ඉවසන්නකෝ, මම පොරොන්දු වෙනවා මගේ චූටි මැණික තනි කරන්නේ නෑ කියලා"

 " ඔයා නිසා මට කොයි දුක වුනත් ඉවසන්න පුලුවන් අයියේ, ඔයා ළඟක නැතිව ජීවත් වෙන එකයි මට ඉවසගන්න බැරි "

" දැන්ම නෙවේනේ, තව ගොඩක් දවස් යනවනේ ගෙදර හදන්න.. ඔහොම තමයි ඉතින්, ආදරේ කරන අයව ආදරේ හිතෙන හැම වෙලාවෙම හිතේ නතර කර ගන්න බැහැ "

එය මුල ටිකක් සීරියස් කියලා අන්තිමට විහිළු කළා

" ඒ උනාට මට එහෙම ඕන ! මම ඔයාට ආදරේ කලේ ඔයාගේ වෙන්න, ඔයාගේ හෙවනේ නතර වෙන්න, ඔයාගෙ ජීවිතේ එක්ක මගේ ජීවිතය ගළපන්න, එහෙම වෙන්වෙලා හූල්ල හූල්ල ඉන්න බැහැ "

ඒ ටික කියනවත් එක්කම මගේ ඇස් වල කඳුළු ටික මුහුන දිගේ බේරිලා ගියා, වටපිටාවේ ඉන්නේ කවුද කියලාවත් මට ඒ වෙලාවෙ ගානක් වුණේ නැහැ

" අනේ මැණික ඉතින්, ඔහොම කතා කරද්දි මට දුක හිතෙනවනේ, මම ආස නැහැ මම නිසා මේ ඇස් වලින් එකම එක කඳුලක් වත් වැටෙනවට "

සචී අයියා එහෙම කියලා මගේ උරහිස වටේ අත දා ගත්තා.

" මම අඩන්නේ ඔයා වෙනුවෙන් " 



මම එහෙම්මම අඬ අඬ සචී අයියගේ උරහිසට බර උනා. සචී අයියා ආදරයෙන් මගේ ඔලුව අතගෑවා. පපුව ඇතුලේ කොයිතරම් ගින්දර තිබුණත්, සචී අයියගේ හෙවන මට නුග හෙවනක් වගේ සීතලට දැනුනා.

අපි අපේ විතරයි රන්, කාටවත් අපිව වෙන් කරන්න බැහැ, මාව විශ්වාස කරන්න, මම කවද හරි මගේ චූටි මැණික මගේම කරගෙන තමයි නවතින්නේ "

මගේ සචී අයියා එහෙම කියද්දි තමයි මගේ පපුවේ තිබුණු වේදනාව ටිකක් හරි අඩු වුනේ

සචී අයියා අපේ අම්මට කෝල් කරලා අපි තව ටිකකින් ගෙදර එනවා කියලා කිව්වා, අපි දෙන්න ඊට පස්සේ ගෙදර ගියා, ඇත්තටම ආදරේ කරන දෙන්නෙක්ට වෙන්වෙලා ජීවත් වෙන්න අමාරුයි, සචී අයියටත් අපේ ගෙදරින් යන්න වෙන දුක හිතේ තිබුණා. මම ඒක හොඳටම දන්නවා. ඒත් එයා ඒ දුක පිටට පෙන්නුවේ නැහැ. එයා මට ආදරේ කළේ ඇත්තටම, ඒක නිසා එයාට කවදාවත් මම නැතුව ජීවත් වෙන්න බැහැ.


"හිත රිදවන කතා ගොතා කියන්නට එපා
මගේ කඳුළු මට වැඩි නැහැ සිඹින්නට එපා
අහසින් තරු කඩා වැටෙයි හිතන්නට එපා
ඔයා සඳක් ඒ අහසින් වැටෙන්නට එපා "



No comments:

Post a Comment