Wednesday, March 14, 2012

Chapter 30 - "ME THE GANGSTER - මදාවියා..."


දෙසැම්බර් නිවාඩුත් ඉවර වෙලා කොලේජ් පටන් ගත්තා ආපහු. මම සුපුරුදු විදිහට ස්ටඩීස්, ප්‍රැක්ටිස් කරගෙන ගියා. අයියයි, සචී අයියයි දෙන්නත් තවම ඔෆිස් යනවා. සචී අයියට කැම්පස් පටන් ගන්නේ අර නායකත්ව පුහුණුවද මොකක්ද එකෙන් පස්සේ. අපේ අයියා UK යන්නේ සැප්තැම්බර් මාසේ. වෙනදා වගේම කාලය ගෙවිලා ගියා. අපි සරලව සතුටින් හිටියා කිව්වොත් නිවැරදියි. ඒත් හිටපු ගමන් මුහුද උනත් රළු වෙනවනේ. ජනවාරි මාසෙත් ඉවර වුණේ ඒ විදිහට. දවසක් කොලේජ් එකේ ආෆ්ටර් ස්කූල් ෆුට්බෝල් ප්‍රැක්ටිස් පටන් ගන්න කලින් මම චේන්ජින් රූම් එකේ ඇඳුම් මාරු කරන කොට....

" ලහිරුවා, පොඩි කේස් එකක්.."
ඉරෝෂයා මාව හොයාගෙන දුවගෙන ආවේ කලබලෙන් වගේ.

" මොකද බං ? "

" සචියගෙයි, නිලාන්ගෙයි වලිය තවම ඉවර නැති සීන් එකක් තියෙන්නේ.."
ඒක කිව්ව ගමන් මට හීන් දාඩිය දැම්මා.

" නිලාන් " ඒ කියන්නේ සචී අයියගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් " ශාලිකා " ගේ කලින් කොල්ලා. ඔයාලට මතක ඇතිනේ.

" ඇයි බන් ? ඒක ඉවර වෙලා දැන් සෑහෙන්න කල්නේ..? "
මට කිසිම දෙයක අගක් මුලක් හිතා ගන්න බැහැ.

" සචී අයියා බූට් එක තිබ්බට පස්සේ ශාලිකා ආපහු නිලාන් එක්ක යාළු වෙලා. ඒකි දැන් සචියා එක්ක තරහට නිලාන් කාරයව අවුස්සනවලු.."

" උඹ කොහොමද දන්නේ ? "

" අමිත් අයියා නිලාන්ගේ යාලුවෙක් නේ බං. ඌ මට ඔක්කොම කියනවා. නිලානයා ලඟදිම සචියට ගේමක් සෙට් කරලලු තියෙන්නේ."

" ආහ්..? එහෙම කරන්නේ කොහොමද ? " මට ඒ කතාවට මලම පැන්නා.

" අපි දැන් මොකද කරන්නේ ? සචියට කියමු.."
ඉරෝෂයා කිව්වා.

" නැහැ ! සචී ඕව දැනගන්න ඕන නැහැ. අපි නිලානයාට ගේමක් සෙට් කරන්න ඕන. වරෙන් යන්න.."
මම ඉරෝෂයවත් ඇදගෙන ග්‍රවුන්ඩ් එකට ගියා . සුරාජ් අයියලගේ සෙට් එක වෝම් අප් වෙනවා. මමයි, ඉරෝෂයයි වෝම් අප් කරන්න සුරාජ් අයියා ළඟට කිට්ටු වුණා. සුරාජ් අයියා තමයි අපේ ෆුට්බෝල් ටීම් එකේ ඉන්න ලොකුම එකා. ඇඟ පත නිකන් යෝධයෙක්ගේ වගේ. ඒ වගේම ඉරෝෂයා ඇරුණම මගේ බොක්කේ ෆිට් එක. කට්ටියට මතක ඇතිනේ.. අපි ඩ්‍රින්ක්ස් දැම්මේ, ස්මෝක් කලේ, අනිත් හැම මගුලක්ම කලේ එකට කියලා. අනිත් උන් දෙන්නවත් මම මතක් කරන්නම්. සුරාජ් අයියාගේ බෙස්ට් ෆ්රෙන්ඩ් රමිත් අයියා, මගේ ක්ලාස් මේට් උදාරයා.

" සුරාජ් අයියේ, වැදගත් කතාවක් තියෙනවා.. පොඩ්ඩක් වරෙන්කෝ.."
මම හිමීට සුරාජ් අයියට කිව්වේ කෝච්ට ඇහෙන්නේ නැති වෙන්න.

" මොකද්ද සීන් එක ? හිටපං ටිකක්.."
සුරාජ් අයියා අන්තිම එක්සසයිස් ටික ස්කිප් කරලා මමයි ඉරෝෂයයි එක්ක ග්‍රවුන්ඩ් එකේ කෙළවරට ඇදුනා. මම වෙන්න ඕන දේ සුරාජ් අයියට විස්තර ඇතුව කිව්වා. රමිත් අයියයි, උදාරයයි ඒත් එක්කම අපි ලඟට ආව. සුරාජ් අයියා උන් දෙන්නටත් කතාව කිව්වා.

" අපෝ නිලාන් කියන්නේ කොහොමත් කැරි වැඩ කරන ඩයල් එකක්. මතකනේ බිග් මැච් ටිකට් සීන් එක? ඌ හෙන හොරා අනික. අපි ඕකට හොඳ පාඩමක් උගන්වමු.."
රමිත් අයියා කිව්වා.

" උඹගෙ කසින් දන්නවද දැන් නිලානයා ඌට ගේමක් සෙට් කරලා කියලා ? "
උදාර අහනවා

" නැහැ බං, ඌ ඕවට කැමතිත් නෑ..උඹලා දන්නවනේ ඌ සයිලන්ට් පොරක් "

" හරි අපි එහෙනම් ඌට නොකියා නිලානයට වැඩක් දෙමු.." සුරාජ් අයියා කිව්වා.

" එළ, හැබැයි ඉස්සෙල්ලා අපි උගෙන් අහමු මොකක්ද සචී අයියත් එක්ක තියෙන කේස් එක කියලා, ඌ ෂේප් වෙන්න කැමතිනම් කේස් එක ඒතනින් ඉවර කරමු. නැත්නම් ඌ ඉල්ලන්නේ ගේම නම් දීලා අදිමු.."

මගේ යෝජනාවට කවුරුත් කැමති වුණා.

අපි කට්ටිය වැඩේ කෙරෙන්න ඕන කොහොමද ඩිසයිඩ් කරන්න ප්‍රැක්ටිස් ඉවර වෙනකම් හිටියා. නිලාන් AAT ක්ලාස් යනවා නාරහෙන්පිට. කොහොමත් ඌ යන්නේ උගේ ගැන්සියක් එක්ක. ඒකෙන් අපිට වැඩක් නැහැ. ඌට ඊළඟට ක්ලාස් තියෙන දවසට අපි ඌව මීට් වෙන්න දාගත්තා නාරහෙන්පිටදි.
එදා හවස අපි ප්‍රැක්ටිස් ඉවර වෙලා ස්කූල් එකෙන් එලියට ආවා. වෙනදට සචී අයියා මාව ගන්න එනවා. ඒත් අද පරක්කුයි. මම ෆෝන් එකට ගත්තත් රින්ස් යනවා ආන්සර් කරන්නේ නැහැ. මගේ හිතට බයක් දැනුණා. මම සචී අයියලගේ ගෙදර ෆෝන් එකට ගත්තා. ගොඩක් වෙලා රින්ග්ස් ගියාට පස්සේ ශ්‍රීමති ආන්ටි ආන්සර් කලා.

" ආන්ටි මම ලහිරු.. සචී අයියා ගෙදර ඉන්නවද ? "

"අනේ බලන්නකෝ පුතේ, ඔෆිස් එක ලඟදි කවුදෝ කොල්ලෝ කට්ටියක් බයික් වලින් රේස් ගිහින්. සචී ටිකක් කලින් ඕෆ් වෙලා යනවා කියලා පාරට එන කොටම අර කොල්ලෝ ටික මෙයාගේ ඇඟෙත් වද්දගෙන ගිහින්. පුතා වැටිලා අතපය හොඳටම තුවාල වෙලානේ.."

ඉතුරු ටික අහන්න ඕන වුනේ නැහැ, මට තේරුණා කවුද මේක කරන්න ඇත්තේ කියලා. මාව යක්ෂාවේශ උනා 
වගේ.

" සචී අයියට හුඟක් අමාරුද ආන්ටි ? "

" නැහැ පුතේ, තුවාල වලට බෙහෙත් දාගෙන ආවා. එහෙත් ට්ක බිව්වම නින්ද ගියා.."

" අපි රෑ වෙලා එන්නම් ආන්ටි "

" අම්මා දන්නවා පුතේ, අම්මා අපිව ගෙදරට ගෙනත් ඇරලවලා ගියේ. පොලිස් කම්ප්ලේන් එකක් දාන්න ඕන. "
" හරි ආන්ටි මම කෝල් එකක් දෙන්නම් "

මම එහෙම්මම ෆෝන් කට් කරලා අනිත් උන් ඉන්න තැනට දිව්වා. වෙලා තියෙන දේ කිව්වම සුරාජ් අයියටත් මල පැන්නා.

" මේක බලන් ඉඳලා හරි යන්නේ නැහැ. අදම වැඩක් දෙමු. " රමිත් අයියත් කිව්වා.
" කොහෙද නිලාන්ගේ ගෙවල් තියෙන්නේ ? "

අපි ඔක්කොම ඉරෝෂයාගේ පැත්තට හැරුනා

" ඒක නම් දන්නෙ නැහැ, අමිත් අයියා දන්නවා ඇති. අපි කෝල් එකක් දීලා අහමු "

ඉරෝෂයා අමිත් අයියට කෝල් කලා. අපි හිතපු දේ හරි. සචී අයියට ගේම සෙට් කරලා තියෙන්නේ නිලාන් ඇතුළු උගේ යාලුවෝ සෙට් එක. අමිත් අයිය ගෙන් අපි නිලානයාගේ ගෙදර තියෙන තැන අහගත්තා. අපි සෙට් එකම රෑ 11 ට දෙහිවල හංදියේ සෙට් වෙන්න කතා වුණා. සුරාජ් අයියා මාව මෝටර් බයික් එකෙන් ඇවිත් ගන්නම් කිව්වා. අනිත් උන් තුන්දෙනාම ඉන්නේ දෙහිවල කිට්ටුව. ගෙදරින් පනින්න වෙන්නේ හොරෙන් තමයි.

මම කෙලින්ම ගියේ සචී අයියලගේ ගෙදර. යද්දි ශ්‍රීමති ආන්ටි සචී අයියට බොන්න දෙන්න මොනවද සුප් එකක් හදනවා. මම කාමරයට ගියා. මගේ කොල්ලට හොඳටම නින්ද ගිහින්. වම් අතේ වැලමිට ළඟින් බැන්ඩේජ් කරලා. දණහිසටත් ප්ලාස්ටර් වගයක් අලවලා. මට දැක්කම පව් කියලා හිතුනා. ඒත් එක්කම නිලාන්ව මරන්න තරම් කේන්තියක් ආවේ. මම සචි අයියගේ ඔලුව ටිකක් අත ගගා හිටියා. එයා ඇහැරෙන පාටක් නැහැ. මම ආපහු කිචන් එක පැත්තට ගියා. ශ්‍රීමති ආන්ටි එළවළු කපනවා. මම ආපහු ඉක්මනට කාමරයට ඇවිත් සචි අයියට උම්මා ගොඩක් දුන්නා. එයා දන්නේ නැහැ, හොඳටම නිදි. ඊට පස්සේ මම ශ්‍රීමති ආන්ටිට කියලා ගෙදරින් එන්න පිටත් වුණා.

ගෙදර ඇවිත් නාලා කාල ඉවර වෙලා මම කාටත් හොරෙන් ගෙදර පිටිපස්සේ තිබුණ ඉනිමග ගෙනත් මගේ බැල්කනි එක ලඟින් තිබ්බා. අම්මයි අයියයි නිදාගන්නේ දහයට විතර. ඒ දෙන්නට කලින් මම කාමරයට ආවේ කලින් නිදාගන්නවා කියලා බොරුවකුත් කියලා. මම එනකොට සචී අයියා කෝල් කරලා. මම ආපහු එයාට ගත්තා.

" හෙලෝ චූටි.."

" ඔයාට කොහොමද දැන් ? "
මට දුකයි, ඊටත් වඩා කේන්තියි. මම වෙනසක් නොපෙනෙන්න කතා කලා.

" දැන් අවුලක් නැහැ, සොරි පැටියෝ මට ස්කූල් එක ගාවට එන්න බැරි වුණා.."

" එන්න ගිහින් කරගත්ත ටික මදිද ? කවුද ඔයාව හැප්පුවේ ? "

" දන්නේ නැහැ බබා, නිකන් පාරේ ගිය රස්තියාදුකාරයෝ ටිකක්. අම්මලා කියනවා පොලිසියේ එන්ට්‍රි එකක් දාන්න කියලා. පිස්සුද මන්දා "

" හප්පපු උන්ගේ බයික්වල නම්බර්ස් එකක් වත් මතකද ? "

" මට මතක නැහැ බබා, ඔයත් පොලිස් කාරයෙක් වගේ නේ "

" හරි.. හරි.. නිකං දැනගන්න ඇහුවේ. තුවාල ගොඩක් රිදෙනවද පන ? "

" එච්චර අමාරුවක් නැහැ පැට්ටෝ.. ඔයා ඇවිත් මට උම්මා ගොඩක් දීලා ගියා නේ "

" ආහ්.. ඔයා කොහොමද දන්නේ මම උම්මා ගොඩක් දීලා ගියා කියලා ? "

" මම දන්නවනේ මගේ කොල්ලා මට උම්මා එකක් වත් නොදී යන්නේ නැහැ කියලා.."

" හොර ගෙඩියා ඇහැරිලා ඉන්න ඇත්තේ එහෙනම්.."
මම හිනාව තද කරගෙන කිව්වා

" නැහැ, ඒත් මම දන්නවා ඔයා මට උම්මා ගොඩක් දීලා ගිහින් කියලා.. ඔයාගෙ සුවඳ තවම තියෙනවා මගේ ඇඟ පුරාම "

" ඔයාට තදටම නින්ද ගිහින් තිබුණේ. ඒකයි මම උම්මා දෙද්දීත් ඔයා ඇහැරුනේ නැත්තේ "

" නින්ද යන්න ඇත්තේ, පෙයින් කිල්ලර්ස් වලට.. තවම නිදිමතයි වගේ.."

" මටත් හිතුනා, අනේ එහෙනම් ඔයා දැන් නිදා ගන්න. මම හෙට උදේ ගන්නම් අයියේ.."

" හරි පැටියෝ, කමක් නැහැ නේද ? "

" කමක් නැහැ පන.. උම්මා... Good Night.. ආදරෙයි මම ගොඩක් "

" මමත් ආදරෙයි පන.. ගොඩක්.. ගුඩ් නයිට්.. උම්මා.."

සචී අයියා ෆෝන් එක තිබ්බට පස්සේ මම සුරාජ් අයියටයි අනිත් උන් තුන් දෙනාටයි කොන්ෆරන්ස් කෝල් එකක් දැම්මා. අපි ප්ලෑන් එකක් ගැහුවා නිලාන්ව පාරට ගෙන්න ගන්න. 10 වෙද්දි අම්මයි, අයියයි නිදා ගන්න ගියා කියලා තේරුනේ ලයිට් ඕෆ් කරපු නිසා. මම ඇඳේ දිගා වෙලා හිටියා. 10.45 වෙද්දි සුරාජ් අයියා කෝල් කරලා කිව්වා, දැන් එනවා පාරට ඇවිත් හිටපන් කියලා. මම හොරෙක් වගේ බැල්කනි එකේ දොර ඇරලා ඉනිමග දිගේ පහලට බැස්සා. හිමීට සද්දේ ඇහෙන්නේ නැති වෙන්න ගේට් එකත් ඇරගෙන පාරට ඇවිත් ආපහු ගේට්එක එළියෙන් ලොක් කලා. අපේ ගෙදරට ගේට් එකෙන් මිසක් තාප්පෙන් නම් හොරෙකුට පනින්න ලේසි නැහැ. ඒක නිසා බය වෙන්න දේකුත් නැහැ. කලින් නොකරපු වැඩක් නෙවෙයි නේ ඉතින්..මට සචී අයියගේ බර්ත්ඩේ එක දවස මතක් උනා.

එදා රෑ ගෙදරින් හොරෙන් පැන්නෙත් එයා වෙනුවෙන්. අදත් ඒ දේම කරන්නේ එයා වෙනුවෙන්.
මම පාර දිගේ ගෝල් රෝඩ් එකට යද්දී සුරාජ් අයියා එනවා රොකට් එකක් වගේ මෝටර් බයික් එකේ නැගලා. මම ඌ දීපු හෙල්මට් එක දාගෙන බයික් එකට නැග්ගා. අපි දෙන්නා යනකොට අනිත් උන් තුන් දෙනත් ඇවිත්. ප්ලෑන් එකේ විදිහට අපි පොඩි ඇක්ටිං පාරක් දාලා නිලානයට අපි කිව්ව තැනට එන්න වෙන විදිහට වැඩක් සෙට් කලා. ඒත් නිලාන් මෝඩයෙකුත් නෙවෙයි කියලා අපි දන්නවා. පොර ආවේ තව කොල්ලෝ 5 ස් දෙනෙක් එක්ක. අවුලක් නැහැ. අපෙත් 5 ස් දෙනෙක් ඉන්නවා. උන්ගේ එකයි වැඩි. නිලාන් පොර වගේ ඇවිත් බයික් එක අපි වටේ දෙපාරක් කරකවලා නැවැත්තුවා.

" මොකෝ මල්ලිලා මේ මහ රෑ ? "
පණ්ඩිතයා වගේ අහනවා දැන් අපෙන්.

" පොඩි ගනුදෙනුවක් බේරගන්න මචං.."
සුරාජ් අයියා කිව්වා. නිලාන් සුරාජ් අයියට කොහොමත් බයයි. ඒකේ කතාවක් නැහැ. ඒත් පොර බයක් පෙන්නුවේ නැහැ අපිට. පණ්ඩිත ටෝක් එක දිගටම දෙන්න ගත්තා.

" ගනුදෙනුව මොකක්ද මල්ලි මට උඹලත් එක්ක තියෙන ? "
නිලාන් කින්ඩි හිනාවක් දාලා කිව්වා.

" ගනුදෙනුව නේද ? ඒක කියන්නම්කෝ.. ඊට කලින් කියපන්කෝ උඹට මොකද්ද සචින්ත එක්ක තියෙනවා අවුල කියලා ? "

සුරාජ් අයියා අත් දෙකත් බැඳගෙන කෙලින්ම නිලාන් ගෙන් ඇහුවා.

" ඕහෝ... උඹලා ආවේ උගේ සීනි කරන්නද ? "
නිලාන් පොර ටෝක් දෙනවා. මට දැන් මල උපරිම.

" සීනි කිරන්න හරි.. අල කරන්න හරි.. අහපු දේට උත්තර දීපන් "
සුරාජ් අයියා ටිකක් සද්දේ වැඩි කරලා ඇහුවා

" ඇයි උඹලා ගේමද ඉල්ලන්නේ ? "එහෙම කියාගෙන එක බයික් එකක හිටපු ඇඟපත තියෙන එකෙක් බැස්සේ හොකී ස්ටික් එකකුත් අරගෙන. 

මම දැන් සුරේජ් අයියගේ දකුණු පැත්තේ. අනිත් පැත්තේ රමිත් අයියා. පිටිපස්සේ උදාරයයි, ඉරෝෂයයි. අරූ ඉස්සරහට එනකොට අනිත් හතර පස් දෙනත් බයික් වලින් බැස්සා.

" අපි ගේම ඉල්ලුවේ නැහැ, ඒත් උඹලා ගේම ඉල්ලනවා නම් දෙන්න බැරි කමකුත් නැහැ "

සුරාජ් අයියා එහෙම කියන ගමන්ම අරූගේ අතේ තිබ්බ හොකී ස්ටික් එකෙන්ම ඇදල අරගෙන ඌට දිගට හරහට ගහන්න පටන් ගත්තා. ඒත් එක්කම අනිත් උන් ටික අපිව වට කරගත්තා. මම දෙපාරක් හිතන්නේ නැතුව කෙලින්ම අල්ලගත්තේ නිලාන්ගේ බෙල්ලෙන්.මම ඌට බිම පෙරලගෙන ඇති වෙනකම් ගැහුවා. ඒත් එක්කම මගේ පිට හරහා ලොකු පයින් පාරක් වැදිලා මාව වැටුනා. ඒ අවසරයෙන් නිලානයා නැගිට්ටා. ඒත් එක්කම මම ආපහු අත් දෙක ගහලා ඉක්මනට හිට ගත්තා. නිලානයයි මට ගහපු අනිත් එකයි මගේ ඇඟට පනින්න හදද්දිම, මම පස්සට පැනලා හොඳ පයින් පාරක් ගැහුවා නිලාන්ව විසික් වෙලා යන්න. ඌ අනිත් එකාවත් පෙරලගෙන වැටුණු ගමන් මම උන් දෙන්නාගෙම ඇඟට පැනලා ඇතිවෙන්න දුන්නා. මගේ හෙල්ප් එකට සුරාජ් අයියත් ආවා. කොහොමහරි උන්ට නැගිට ගන්න බැරි වෙන්නම කෙලලා තමයි අපි පස් දෙනා නතර කලේ.

" නිලාන් උඹ ඉල්ලගෙන කෑවේ, ආපහු සචින්ත ට වත්, අපේ කොලේජ් එකේ එකෙක්ටවත් අත තියන්න හිතන්න වත් එපා. එහෙම වුනොත් එදාට මීට වඩා සීන් එක දරුණු වෙයි. මේක මෙතනින් ඉවර වුනොත් උඹටයි උබේ මේ පඹයෝ සෙට් එකටයි ගුණදායක වෙයි "

සුරාජ් අයියා නිලාන්ව උගේ ටී ෂර්ට් එකේ කොළර් එකෙන් උස්සලා අරන් උගේ කම්මුලට චට චට ගාලා තව පාරවල් 4 - 5 ක් ගහලා, ආපහු ඌව බිමට තල්ලු කරල කිව්වා.

" ආහ්.. හ..රි.. ආපහු...වලි.. නැහැ.. සොරි.. මචන්.."
නිලාන් කෙඳිරි ගගා කිව්වා.

උන් සෙට් එක එහෙමම වැටිලා ඉද්දි, අපි අපේ බයික් දෙකේ නැගලා ආපහු ආවා. මමයි සුරාජ් අයියයි සුරාජ් අයියගේ බයික් එකේ, අනිත් උන් තුන්දෙනාම ඩබල් එකේ රමිත් අයියාගේ බයික් එකේ. අපි පස් දෙනා ම අපේ ගෙදරට හැරෙන පාර ලගටම ආවා.

" තෑන්ක්ස් මචන්ලා.. උඹලා කරපු උදව්ව කවදාවත් අමතක වෙන්නේ නැහැ "
මම හෙල්මට් එක ගලවලා සුරාජ් අයියගේ අතට දෙන ගමන් කිව්වා.

" ඕක මොකක්ද බන් ? උඹ අපිට මැරෙන්න කතා කරපන් අපි එනවා.."
සුරාජ් අයියා මාව හග් කරලා පිටට තට්ටුවක් දැම්මා. අනිත් උන් ටිකත් බයික් එකෙන් බැහැලා ආවා.. මම ඔක්කොම උන්ව බදාගෙන තෑන්ක්ස් කලා.

කොල්ලෝ හතර දෙනා ගියාට පස්සේ මම ආපහු හොරා වගේ ගෙදරට ඇවිත් ඉනිමගේම බැල්කනි එකට නැගලා කාමරයට පැන්නා. වොශ් එකක් දාගන්න බාත් රූම් එකට ගියාම දැක්කේ මගේ අතක් තුවාල වෙලා ලේත් එනවා. මම තුවාලේ හොඳට හෝදලා බැන්ඩේජ් එකකින් ඔතාගෙන නිදාගත්තා.

පහුවදා අපි එකෙක්වත් ස්කූල් යන්නේ නැහැ කියලා කතා වෙලා හිටියේ. උදේ නැගිටිනකොට අම්මයි අයියයි දෙන්නම ඔෆිස් ගිහින්. මගේ අත සෑහෙන්න රිදෙනවා. බෙහෙත් ටිකක් දාගන්න ඕන කියලා හිතාගෙන ඉරෝෂයට කෝල් කරලා එන්න කිව්වා. ඉරෝෂයයි මමයි පිටත් වෙන්න හදනකොටම වගේ

" ලහිරුවෝ... අර ? සචින්ත එනවා.." ඉරෝෂයා කියද්දිම මම දැක්කා සචී අයියා ගේට් එකෙන් ඇතුලට එනවා.
අපි දෙන්නා ඩිම් වුනා. සචී අයියා ඊයේ රෑ සීන් එක දැනගෙන වත්ද කියලා බයට.. ඒ මදිවට මගේ අතට බැන්ඩේජ් එකක් ඔතලා.

" මල කෙලියයි, දැන් මොකද කරන්නේ ? " ඉරෝෂයා අහනවා.

" උඹ සද්ද නැතුව හිටපන්.. මම බලා ගන්නම් "

" හිරූ..?? "

සචී අයියා ගෙට ගොඩ වුනේ මගේ අත දිහා බලාගෙනම වගේ. 

" සචී අයියේ..? "

" මොකද මේ අත බැන්ඩේජ් කරගෙන ? "

එයා අත දිහා උවමනාවෙන් බලන් ඉන්නවා 

" ඊයෙ ප්‍රැක්ටිස් කරද්දි වැටුණා.. ඒත් හිතුවේ නැහැ මෙච්චර අවුල් වෙයි කියලා. දැන් ටිකක් රිදෙනවා. ඒක නිසා බෙහෙත් ටිකක් දාගන්න යනවා "

මම ජිවිතේ පලවෙනි වතාවට සචී අයියට බොරුවක් කිව්වේ එදා.. 
 




" හා.. හා.. යමු එහෙනම්.." සචී අයියා කතා කලා

" උඹලා දෙන්නම යනවනම් මම එන්න ඕන නැහැනේ.." ඉරෝෂයා කියනවා

" නැහැ උඹත් වරෙන්, සචී අයියා ආවට අවුලක් නැහැ.."

" නෑ.. නෑ.. මම යන්නම්, සචී අයියා බෙහෙත් දාගෙන ගෙදර එක්ක එයි උඹව "
ඉරෝෂයා එහෙම කියලා අපිත් එක්කම පාරට ඇවිත් ආපහු ගෙදර ගියා.

අපි බෙහෙත් දාගන්න ඩිස්පෙන්සරි එකට ගියා. මගේ තුවාලයට බෙහෙත් දාන අතරතුර සචී අයියට කෝල් එකක් ඇවිත් එයා ෆෝන් එක ආන්සර් කරන්න එලියට ගියා. මම බෙහෙත් දාලා බිල ගෙවලා එලියට එනකම් එයා ඇතුලට ආවේ නැහැ. මම එයා ලඟට එද්දී එයා තරහින් පුපුරනවා..

" මොකක්ද ඊයේ රෑ කලේ..? "

සචී අයියා එකපාරටම ඇහුවම මාව කරකවලා අතහැරියා වගේ වුණා.




************************************************************





No comments:

Post a Comment