Wednesday, March 14, 2012

Chapter 28 - "BEST RESULTS..!!!"



එදා රෑ ගෙදර ඇවිත් මම සචී අයියා මගේ ඇඟිල්ලට දාපු Ring එක දිහා බලාගෙනම මම ගොඩක් දේවල් කල්පනා කලා. අපි දෙන්නම දැන් පොඩි ළමයි නෙවේ කියලා මට හිතුණා. මීට වඩා පොඩ්ඩක් වගකීමෙන් වැඩ කරන්න ඕන කියලා මම හිතා ගත්තා. ඒත් ඒක කරන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. පුංචි කාලේ ඉඳන්ම මම ජීවිතය ගැන ගොඩක් බරපතල විදිහට හිතලා නැහැ. එහෙම හිතන්න මම දන්නෙත් නැහැ. මොනවා වුනත් මාව සචී අයියා ගොඩක් පරිස්සම් කරනවා. මට ගොඩක් ආදරය කරනවා. ඒ සතුටත් එක්ක මම නින්දට ගියා.

" මල්ලි නැගිටපන් බං, ඉස්කෝලේ යන්නේ නැද්ද ? " අයියගේ කටහඬින් මම උදේ ඇහැරුනේ.

" ම්ම්ම්.."

මම කෙඳිරි ගාලා අනිත් පැත්ත හැරුනා. එක පාරටම අයියා මගේ අතින් අල්ල ගත්තා. එතකොට තමයි මට රින් එක මතක් උනේ.

" මේ මොකක්ද බං මේ "
අයියා අහනවත් එක්කම මම නැගිටලා ඇඳේ වාඩි වුණා.
" Ring එකක් "
මම කිව්වා.

" ඒක මට පේනවා. ඒත් උඹ කවදාවත් ඕවා දාන එකෙක් නෙවෙයිනේ.

" සචී අයියා අරන් දුන්නේ.."

" මට හිතුනා, උඹලා දෙන්නා මුදු මාරු කරගෙන කියලා.. නැත්නම් උඹ දාන මුදු.."
අයියා නෝන්ඩියට වගේ කියලා හිනා වෙනවා.

මම හිමීට අයියගේ උරහිසට හේත්තු වුණා. මොනවා උනත් වුනත් මගේ හිත වද දුන්නා මම අම්මට අයියටයි කරන්නේ වරදක් නේද කියලා..

" අයියේ.. මාත් එක්ක තරහද ? "
මම අයියගේ උරහිසේ ඔලුව තියාගෙනම ඇහුවා.

" මම උබත් එක්ක තරහ වෙනවද බන්.. මම දන්නවා උඹට අප්සට් ඇති මම මේ දේවල් ගැන උබත් එක්ක ඕපන්ලි කතා කරනකොට, ඒත් මගේ හිතේ තරහක් වත් දුකක් වත් නැහැ. උඹලා දෙන්නා සතුටින් ඉන්නවා නම් ඒක තමයි මට තියෙන ලොකුම සතුට. ඒත් අම්මට මේවා කවදාවත් දැනගන්න තියන්න එපා. මම උබෙන් ඉල්ලන්නේ එච්චරයි.."

අයිය මගේ ඔලුව අත ගගා කියනවා.

" මම මීට වඩා රෙස්පොන්සිබල් වෙන්න බලනවා ලයිෆ් එකේ.." මම කිව්වා.

" ඔව් දැන් ඉතින් පවුල් වෙච්ච මිනිස්සුනේ.."
අයියා මට කින්ඩිය දානවා.

" පලයන් යන්න.. කවුද පවුල් වුනේ ? "

" හි.. හී... හා.. හා.. දැන් ගිහින් නා ගෙන ඉස්කෝලේ යන්න ලැහැස්ති වෙයන්. 6 පහු වෙලා. "
අයියා මගේ නහය මිරිකලා නැගිටලා යන්න ගියා. මම සචී අයියට ගුඩ් මෝර්නින් SMS එක දාලා වොශ් එකක් දා ගන්න ගියා.


**********************************************


ජීවිතයේ ලස්සන ලස්සන මතකයන් ගොඩක් එක්ක දින, සති, මාස ගෙවිලා ගියා. ඒ ගෙවුණු හැම දවසකම අපි දෙන්නගේ ආදරේ වැඩි වුනා මිසක් පොඩ්ඩක්වත් අඩුවුනේ නැහැ. අපේ සෙක්ස් ලයිෆ් එකත් වෙනදට වඩා ගොඩක් ඇක්ටිව් වෙලා තිබුනේ. ඒකට හේතුව අපි දෙන්නට නිදහසේ මීට් වෙන්න පුළුවන් වුනේ සැටඩේ විතරක් නිසා. එදාට ඉතින් සතියටම හරියන්න හැම දෙයක්ම කරනවා. මට වගේම සචී අයියටත් ගොඩක් සෙක්ස් ඕන.

" චූටි බබා, ඔයා දැන් ඉස්සරට වඩා ලොකුයි... චූටි නම් නැහැ.. "
දවසක් සචී අයියගේ ඇඟ උඩට වෙලා බදාගෙන ඉන්නකොට එයා කියනවා.

" ඉතින් මම දැන් වැඩිපුර සෙල්ලම් කරනවනේ, ජිම් යනවා, ප්‍රැක්ටිස්, කන වත් වැඩිද මන්දා.."
මම ගිරවා වගේ කියවගෙන යනවා.

" ඔව් නේද.. මීට අවුරුදු තුනකට කලින් හිටපු චූටි කොල්ලා නෙවේ දැන්, මටත් වැඩිය උස යයිද දන්නේ නැහැ.."

" එහෙම වුණොත් හොඳයි. එතකොට මම ඔයාගේ අයියා වගේ... හි.. හී.."
මම එයාගේ තොල්වලට කිස් එකක් දෙන ගමන් කිව්වා.

" ඔව් එතකොට මගේ ඔළුවටම ටොකු අනින්න පුළුවන් ඔයාට.. ඒවා කොහෙද.."

සචී අයියා එහෙම කියලා මාව පෙරලගෙන ඉබින්න පටන් ගත්තා. කලින් දෙපාරක්ම කරලා තිබුන නිසා අපි දෙන්නටම හොඳටම දාඩිය දාලා. සචී අයියගේ දාඩිය හරිම සුවඳයි. ඇත්තටම ඒ සුවඳට මාව මත් වෙනවා වගේ. අපි දෙන්නම පෙරළි පෙරළි තෙල්වල රස බලනවා. දෙන්නගෙම මල්ලිලත් ඇහැරිලා ආපහු. සචී අයියගේ මල්ලියගෙන් ප්‍රී කම් බිංදු බිංදු ලීක් වෙලා මගේ බඩෙයි මල්ලියගෙයි ගෑවෙනවා.
සචී අයියා මාව අනිත් පැත්ත හරවලා මාව තුරුල් කරගෙන බෙල්ල ඉබිනවා. කන්පෙති දිව ගානවා. එයාගේ මල්ලි පැටියා යකඩයක් වගේ මගේ පිටිපස්සට දැනෙනවා.

" චූටි පැටියෝ, ආයෙත් දාන්නද.. ම්ම්..? " එයා කෙඳිරියෙන් වගේ අහනවා.

" ම්ම්ම්..."

එත් එක්කම එයාගේ මල්ලි පැටියා මගේ ඇතුලට දැම්මා තුන්වැනි වතාවටත්. මාව හරස් අතට තුරුලු කරගෙන එයා හිමින් හිමින් කරන්න පටන් ගත්තා. ඒත් එයාට හිමින් කරලා පුරුද්දක් නැහැ. එයාට නොදැනීම ස්පීඩ් එක වැඩි වෙනවා. එයා මාව පෙරලගෙන මගෙ ඇඟ උඩ නැගලා ආපහු කරන්න පටන් ගත්තා. කලින් ඇතුලේ යවලා තිබුන නිසා එයාගේ මල්ලියා හොඳට ලිස්සලා ඇතුලට යනවා. එයා කරන වේගෙට මටත් ආපහු යන්න වගේ.
එයා මගේ පස්සට අත් වලින් ගහන ගමන් තව තවත් වේගෙන් කරන්න පටන් ගත්තා. එයා කන්ට්‍රෝල් කරන්න බැරි තරම් ආසාවකින් කරන්නේ එයාට යන්න ලං උනාම. ඒත් කලින් දෙපාරක්ම යැව්ව නිසා එයාට මේ සැරේ පැය භාගයක් විතර මට ෆක් කලා.

එයා මැෂින් එකක් වගේ ගහගෙන ගහගෙන යනකොට මට එක පාරටම ගියා. මට හයියෙන් කෙඳිරි ගෑවුණා. එත් එක්කම එයත් ඇතුලෙම යැව්වා. අපි දෙන්නම දාඩිය නාලා. ඇඳේ බෙඩ් ෂීට් එකයි කොට්ටයි ඔක්කොම තෙත් වෙලා. සචී අයියා එයාගේ මල්ලි මගේ ඇතුලේ තියෙද්දිම එහෙමම මාව තුරුළු කරගෙන හති අරිනවා. අපි දෙන්නා එහෙම්මම දොයිය ගත්තා පැය දෙකක් විතර.


"ඔබ නිදනා තුරු පපුතුරේ
සුවඳ එබෙයි සුසුමට මගේ 
කඳුලෙන් කඳුලට ජීවිතේ
හුස්ම වැටෙයි පරමාදරේ..." 


************************************************


අයියලාගේ රිසාල්ට්ස් එන දවස ලං වුනා. සචී අයියා වගේම අපේ අයියත් ඒක ගැන වැඩිය කතා කරන්න කැමති වුනේ නැහැ. ඒක නිසා මම ඒ දෙන්නත් එක්කම රිසාල්ට්ස් එන දවස වෙනකන් මුකුත් කතා කලේ නැහැ. රිසාල්ට්ස් ඉන්ටර්නෙට් එකට දාපු දවසේ උදෙන්ම මම නැගිට්ටා. මම කම්පියුටර් එක ඔන් කරගෙන doenets.lk සයිට් එකට ලොග් වුනේ අනේ අයියලා දෙන්නම හොඳට පාස් වෙලා තියෙන්න ඕන කියලා හිත හිත. මම ඉස්සෙල්ලම අපේ අයියා සඳරුගේ index නම්බර් එක එන්ටර් කලා. A අකුරු 4 ක්. අම්මියෝ... ඇති යාන්තම්. ඒත් මගේ පපුව ඩිග් ඩිග් ගානවා. ඊ ළඟට මගේ කොල්ලගේ රිසාල්ට්ස්. මම ඕන එකක් කියලා එයාගේ නම්බර් එකත් ටයිප් කරලා එන්ටර් කලා. මගෙ කකුල් දෙකේ ඉඳන්ම සීතල වෙලා ගියා. මගේ කොල්ලටත් A 4 ක්. තෙරුවන් සරණයි ! මම මටම කියා ගත්තා. මට දැනුන සතුට කියලා නිම කරන්න බැහැ. මම අයියගේ රූම් එකට දුවගෙන ගියා. ඒකා ඔලුවේ ඉඳන් රෙද්දක් පෙරෝගෙන නිදි. මම අයියගේ ඇඳට නැගලා හයියෙන් හෙලෙව්වා. 

" මොකද බං මේ මහ රෑ දඟලන්නේ. නිදාගනින් කෝ ගිහින් "
අයියා නින්දෙන්ම කියනවා.

" අන්න තමුසෙලගේ රිසාල්ට්ස් අවුට් කරලා. මම බැලුවා.." මම කිව්වා.
අයියා රෙද්දෙන් එළියට ඔලුව දාලා මගේ දිහා බැලුවා.

" මම පාස් ද ? "

" ඔව් යකෝ, උඹලා දෙන්නටම A 4 ක්.. Congratulations ! "
මම අයියට බදා ගත්තා

" ඇති යාන්තම් . එහෙනම් මං දැන් නිදහස්. සචියත් එහෙනම් ගොඩ. කෝ යමු බලන්න.."
අයියා මාව බදාගෙනම කියනවා. අපි දෙන්නා මගේ රූම් එකට ගිහින් ආපහු රිසාල්ට්ස් බැලුවා.

" සචියා දන්නවද ? "
අයියා මගේ දිහා බලලා ඇහුවා 

" මම තවම එයාට කිව්වේ නැහැ.."

" මිනිහා හොඳට නිදි ඇති. අපි කෝල් එකක් දීලා ඇහැරවමු "
අයියා ටේබල් එක උඩ තිබුන මගේ ෆෝන් එක අරගෙන සචී අයියගේ නම්බර් එක ඩයල් කරලා ස්පීකර් ෆෝන් දැම්මා. එහා පැත්තෙන් සචී අයියගේ රිගින් ටෝන් එක ඇහෙනවා.

" හෙලෝ බබා.. "

සචී අයියා ෆෝන් එක ආන්සර් කරපු විදිහට අයියට බකස් ගාලා හිනා ගියා. මාව රතු වෙන්න ඇති ඒ වෙලාවේ දැනුන ලැජ්ජාවට. අයියා ඉස්සරහ බබා කිව්වම.. අෆොයි..."

" බබා නෙවෙයි බොල, මම සඳරු.. "
අයියා හිනා වෙවී කියනවා.

" අඩෝ උඹද මචං, මොකද සිද්ධිය "

" Congrts.. අපි දෙන්නටම A 4 ගානේ තියෙනවා "

" නැහැ.. සිරාවට ? මම තවම බැලුවේ නැහැ බං . උඹ බැලුවද ? "

" මම නෙවේ, පොඩි එකා උදේ පාන්දර නැගිට ගෙන බලලා. ඌ තමයි මාවත් ඇහැරවලා රිසාල්ට්ස් කිව්වේ. ඔන්න කතා කරපන් "

අයියා ස්පීකර් ඕෆ් කරලා ෆෝන් එක මට දීලා ආපහු එයාගේ රූම් එකට ගියා.

" Hello.. මට ගොඩක් සතුටුයි අද.."
මම හිමීට කිව්වා

" අනේ හිරූ.. මටත් කලින් ඔයා මගේ රිසාල්ට් බලලා. මට හරිම සතුටුයි. ඔයා බලපු නිසා වෙන්න ඇති මම පාස් වෙලා තියෙන්නේ. මට හිතා ගන්නවත් බැහැ "

" මම බලපු නිසා එක්සෑම් පාස් වෙනවද මෝඩයෝ, ඔයාගේ මහන්සියේ ප්‍රතිඵල ඕවා. මම ගොඩක් ආදරෙයි මගේ අයියේ.. උම්මා..."

" ඔයා තමයි මගේ ජීවිතයට සතුට, සැනසීම, වාසනාව ඔක්කොම ගෙනාවේ. අපි නුවර ඉඳන් කොලඹ ආව දවසේ ඉදන් ඔයා නිසා මගේ ජීවිතය ගොඩක් වෙනස් වුනා කියලා මම ගොඩක් විශ්වාස කරනවා රත්තරන්..."
සචී අයියා ගොඩක් හැඟීම්බර විදිහට එහෙම කියද්දි මට මගේ ගැනම පුංචි ආඩම්බරයක් නොදැනුනා නෙවෙයි.

" දැන් ගිහින් ශ්‍රීමති ආන්ටිට කියන්න රිසාල්ට්ස් ගැන, මගේ පන එක්ක මම හැමදාම ඉන්නවා.."

" ආදරෙයි පැටියෝ, ගොඩක්.."

" ම්ම්ම්.. මමත් ආදරෙයි ගොඩාක්.."

" කෝ උම්මා එකක් දෙන්නේ නැද්ද ? "

" අද මෙහෙ එන්න. ආවම දෙන්නම් ගොඩාක්.."

" අනේ හිරූ... එකම එකක්.."

" ම්ම්ම්.. උම්මා....."

" උම්මා.... උම්මා... "

සචී අයියා ෆෝන් එක කට් කලාට පස්සේ මම අයියව හොයා ගෙන ආපහු එයාගේ රූම් එකට ගියා. මිනිහා ආපහු එයාගේ කම්පියුටර් එකෙන් ලොග් වෙලා රිසාල්ට්ස් බල බල ඉන්නවා.

" ඕක කොච්චර බැලුවත් ඔච්චර තමයි හලෝ. තමුසෙලා දෙන්නම පාස් "
මම එහෙම කියාගෙන පිටි පස්සෙන් ගිහින් අයියගේ බෙල්ල බදා ගත්තා.

" මේ මගේ එක නෙමේ බං. අනුශිගේ..." අයියා කියනවා.

" කෙල්ල පාස් ද ? කෝ බලන්න.."

මම කම්පියුටර් ස්කීරීන් එකට එබුනා.

" A දෙකයි. B එකයි.." අයියගේ වොයිස් එක ඒ තරම් හොඳ නැහැ

" ගණන් ගන්න එපා බං.. කැම්පස් සිලෙක්ට් වෙයි නේ.."

" අනේ මන්දා බලමුකෝ.." අයියා ලොකු හුස්මක් හෙලන ගමන් නැගිට්ටා

" අම්මට කිව්වද රිසාල්ට්ස් ? "

" නැහැ, යමන් කියන්න.."

අයියා මගේ කකුල් දෙකටයි පිටටයි අත් දෙක තියලා මාව උස්සලා වටයක් කැරකුවා. හරියට අපි පොඩි කාලේ වගේ..එතකොට තමයි මතක් වෙන්නේ, ඇඟ පතින් අපි ලොකු වුනාට අයියයි මමයි තවම පොඩි එවුන් වගේ හැසිරෙන්නේ..

" තියපන් මාව බිමින්.."

" හහ්.. හහ්.. හා.... උඹව මම බැල්කනි එකෙන් බිමට දානවා "
අයියා එහෙම කියලා බැල්කනිය පැත්තට මාව විසි කරන්න වගේ හදලා බිමින් තිබ්බා. අපි දෙන්නම පහලට ගියා තේ බොන්න. අම්මා උයනවා. අයිය ගිහින් පිටිපස්සෙන් අම්මව බදා ගත්තා.

" අම්මා.. උදෙන්ම ගුඩ් නිවුස් එකක් තියනවා කියන්න "
අයියා අම්මත් එක්ක හුරතල් වෙනවා

" ආහ්.. ඒ මොකක්ද ඒ සැරේ ? අර කෙල්ල බූට් එකක් වත් තිබ්බද ? "
අම්මා අහනවා

" අයියෝ අම්මා.. කියන දේ අහලා ඉන්නකෝ ඉස්සෙල්ලා "
මම මැද්දෙන් පැන්නා

" මට ඇහුණා අයියයි මල්ලිගෙයි සද්දේ, මොකක්ද දැන් මේ කියන්න යන්නේ ? "
අම්මා අපි දෙන්නගෙම මුහුණු දිහා මාරුවෙන් මාරුවට බලනවා

" කියනවකෝ ඉතිං.."

මම අයියට කිව්වා

" උඹ කියපන් "

" ඔබ කියපන්කෝ.." අපි දෙන්නා කෝලමක් කලා අම්මව අවුස්සන්න හිතාගෙන

" මොකක්ද අයියා මලෝ දෙන්නා නටන්න හදන නාඩගම ඒ සැරේ ?? " අම්මා සැර වුණා

" අම්මා මම එක්සෑම් පාස්.. 4 A'S "
අයියා එහෙම කියනවත් එක්කම අම්මා අයියව බදාගත්තා

" අනේ කොච්චර දෙයක්ද ලොකු.."
අම්මා අයියගේ නලල ඉම්බා

" සචී අයියත් පාස් අම්මා. එයාටත් 4 A' S, අයිලන්ඩ් රෑන්ක්ස් විතරයි වෙනස්.."

" ශ්‍රීමතීට කොච්චර සතුටු ඇති ද..." අම්මා කියනවා

අම්මගේ සතුට ඉහ වහ ගිහින්. ඒත් එක්කම ශ්‍රීමති ආන්ටි කෝල් කලා. එදා අපි හැමෝටම ගොඩක් සතුටු දවසක්. අම්මා කිව්වා අයියගෙයි, සචී අයියගෙයි යාලුවොන්ට කෑමකට එන්න කියනවා කියලා. ඒ කතාව ඊළඟ කොටසින්...


" තනි රැක්ක තනි රෝස මල් කල්පනා
විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා 
නෙත් එක්ක හුවමාරු කල දුක් කතා
හිත් දෙකක හැප්පෙද්දි එක හිතක් වෙලා
කාන්තා රුවක රිද්මේ රැඳී 
ගී පිරිතක් විඳී ජීවිතේ
නිල් සඳ මඬලේ පලසේ එබේ
ඔබේ ආදරයේ පින්තාරු වේ..."


No comments:

Post a Comment