Tuesday, March 13, 2012

Chapter 18 - "FOOT-BALL AGAIN..."



" අපි හැමදාම අපේම වෙලා ඉමු බබා.. මේ සචී කවදාවත් මොහොතකටවත් ආපහු බබාව දාලා යන්නේ නැහැ "

ඒ වචන වලට පුළුවන් වුණා මාව ආපහු ජීවත් කරවන්න. කාලයක් තිස්සේ තරහා වෙලා ඉඳලා ආපහු යාලු වුනහම, දැනෙන ආදරේ වැඩියි කියලා මම දැන ගත්තේ එදා. වෙනදට වඩා වැඩි වෙලාවක් අපි ආදරෙන් එකතු වෙලා හිටියා. අපි දෙන්නටම මහන්සියට තුරුල් වෙලා නින්ද ගියා. මම ඇහැරුනේ ෆෝන් එක රින් වෙන සද්දෙට. මම නිදිමතේම ෆෝන් එක ආන්සර් කලා

" හෙලෝ "

" මල්ලි උඹ කොහෙද ඉන්නේ ? මේ අම්මා කෑ ගහනවා ක්ලාස් ගිහින් තවම ආවේ නැහැ කියලා "

" මම සචී අයියලගේ ගෙදර.. අම්මා කලින් ආවද ? "

" මට හිතුනා.. කලින් නෙවේ ගොනෝ.. බලපං වෙලාව, හයයි වෙලාව "

මම උඩ විසික් වෙලා ගියා

" හරි හරි අපි දැන් එන්නම්.. අම්මට කියන්න මම යාලුවෝ එක්ක මැච් එකක් බලන්න ගියා, එතැනදි සචී අයියව හම්බවුණා කියලා. මම සචී අයියා එක්ක එන්නම් "

" ඉක්මනට වරෙන්, මම ශ්‍රීමති ආන්ටිව මෙහෙ තියා ගන්නම්.. අම්මලා දැන් ආවා විතරයි "

අයියා ෆෝන් එක කට් කලාම මම සචී අයියා දිහා බැලුවා. එයාට හොදටම නින්ද ගිහින්. ඇහැරවන්නත් ලෝබයි. ඒත් අම්මලා ඇවිත් නේ, බැරිවෙලාවත් අපි නිදාගෙන හිටපු වෙලාවේ ශ්‍රීමති ආන්ටි ආවනම්... සේරම ඉවරයි... මගේ ඇඟ හීතල වෙලා ගියා. ඒ බයටම මම සචී අයියව ඇහැරෙව්වා.. එයා මාව ආපහු බදාගෙන ඇඳේ පෙරලගත්තා.

" අයියෝ නැගිටින්න, හයයි වෙලාව, අරහේ අම්මයි ශ්‍රීමති ආන්ටියි ගෙදර ඇවිත්. අද සැටඩේ නේ "

මම ඒක කිව්ව විතරයි සචී අයියත් ටක් ගාල නැගිට්ටා. මම අයියා කෝල් කරපු එකේ ඉඳන් වෙච්ච දේ කිව්වා

" අම්මෝ අනූ නමයෙන් නේ පැට්ටෝ අපි බේරිලා කියන්නේ..යමු.. යමු.. වොෂ් එකක් දාගෙන ඉක්මනට ගෙදර යමු "

එහෙම කියලා සචී අයියා මාවත් එක්කගෙන බාත් රූම් එකට ගියා, අපි දෙන්නම ඉක්මනට වොෂ් දාගත්තා. ආපහු ඇදගන්න බලනකොට මගේ අන්ඩර්වෙයාර් එක තෙමිලා. ඒක බාත්රූම් එකේ තිබුනේ. අපි නාද්දි ඒකයි මගේ ඩෙනිම් එකටයි සෑහෙන්න වතුර ඉහිරිලා. මම ඒ දෙකත් අරන් ආපහු රූම් එකට ආවා.

" ජොකා තෙමිලා නේද පැට්ටෝ "

සචී අයියා ටවල් එකෙන් පිහ දදා කාමරේට ආවා. තවම එයාගේ මල්ලියා නම් කෙලින් ඒක බහින්නේ නැහැ කොයි වෙලාවක වත්, මට තනියෙන් හිනා

" ජොකා විතරක් නම් මදැයි මගේ ඩෙනිමත් තෙමිලා " මම කට ඇද කරලා කිව්වා

" අපි බාත්රූම් එකෙත් ඒ තරම් දැඟලුවද ? "

එයා ඇහැක් ගහලා මගේ ලගට ඇවිත් මගේ තොල් වලට දිග කිස් එකක් දුන්නා.

" ඉක්මනට යමු.. " මම තෙත අන්ඩවෙයාර් එකම අඳින්න ලෑස්ති වුණා.

" හෝ.. හෝ.. ඕක අදින්නෙපා චූටි.. ඉන්න මගෙ ජොකෙක් දෙන්නම් "

එයා මගේ අතේ තිබුන තෙත අණ්ඩවෙයාර් එක අරන් ගිහින් ආපහු බාත්රූම් එකේ එයාගේ හෝදන්න තියෙන ඇඳුම් ගොඩට දාලා ඇවිත් අල්මාරිය ඇරියා. එයා අල්මාරියෙන් එයාගේ අන්ඩවෙයාර් එකක් අරන් දුන්නා මට අදින්න, ඒක සුදු පාට පොලිස් බ්‍රීෆ් එකක්

" මේක හෝදලද ? " මම එයාව අවුස්සන්න විහිළුවක් කළා

" ඔව් හලෝ.. ඔයා හිතුවද අපි ඔයාලා වගේ හෝදන්නේ නැතුව ජෝක්කු අඳිනවා කියලා ? හික්. හික්.."

එයා මට වදේ ගහන්න පටන් ගත්තා

" අපි හෝදන්නෙ නැතිව ජොක්කු අඳින්නේ නැහැ "

මම දිව දික් කරලා කිව්වා.. එයත් මට අඳින්න දීපු බ්‍රෑන්ඩ් එකේම වෙන අන්ඩවෙයාර් එකක් ඇඳලා ත්‍රී ක්වාට ෂෝට් එකක් ඇඳගත්තා.

" අපෝ ඔව්, ෆුඩ්බෝල් ප්‍රැක්ටිස් කරන කාලේ පටි ජොකාව හෝදන්නේ සතියට සැරයයි නේද ? හික්.. හික්.. "

" මොකක් ? බොරු කියන්න එපා. මම හැමදාම හෝදනවා. " මට මල පැනලා දැන්

" හි. හී.. මම දැකලා තියනවා ඒවා ඔයාලගේ ගෙදර වොෂින් මැෂින් එක ලග කූඩේ දාලා තියෙනවා ඒ දවස් වල.." එයා හිනා වෙවී කියනවා

" ඔයා කොහොමද කියන්නේ මම සතියකින් හේදුවේ නැහැ කියලා එහෙනම්.. "

එයා මොනවද කල්පනා කර කර හිතුවා, ඒ මදිවට තනියෙන් හිනා වෙනවා

" කොහොම හරි දන්නවනේ.. හි.. හී... "

එය එහෙම කියලා මගේ ළඟට ඇවිත් මාව බදාගෙන මගේ නලලට උම්මා ගොඩක් දුන්නා.

" යනවා යන්න.. ඔයා නරකයි " මම අනිත් පැත්තට හැරුනා

" මම විහිළුවක්නේ කලේ පැට්ටෝ.. හි.. හී.. මම ඔයාව පටි ජොකා පිටින් ඉන්නවත් දැකලා තියනවා, හු.. හූ.. "

එයා එහෙම කියලා මගේ නහය මිරිකුවා, මාව රතු උනා

" ආහ්.. බොරු.. ඔයා දැක්කේ කොහොමද ? "

" යමුකෝ යන ගමන් කියන්නම්.. " අපි දෙන්නා ලැහැස්ති වෙලා එන්න පිටත් වුණා.

" එතකොට බබා මට ආදරෙයි කියලා නැහැ, අපි එහේ ආපු අලුත දවසක්. මම ක්ලාස් ගිහින් එද්දී ඔයා ෆුට්බෝල් ප්‍රැක්ටිස් ගිහින් ඇවිත්.වල් කොල්ලා පටි ජොකා පිටින් කාමරේ දොරත් ඇරගෙන එහාට යනවා, මෙහාට යනවා. ඔයා මාව දැක්කේ නැහැ, ඔයා අනිත් පැත්ත හැරිලා, එදා ඇඳපු කිළුටු රෙදි ටික එකතු කරනවා... මම ඉතින් චුට්ටක් බලන් ඉඳලා ඔයා දකින්න කලින් කාමරේට මාරු වුනා "

මම හිනා වෙවී අහන් හිටියා..

" ඉතිං ඊට පස්සේ " මම එහෙම ඇහුවම එයාට බකස් ගාල හිනා ගියා

" ඊට පස්සේ ඒවා ඕන නැහැ " එයා මගේ කන ලාවට මිරිකලා කිව්වා

" අනේ.. කියන්නකෝ.. "

" නැහැ.. නැහැ.. ඕන නැහැ.. ඒ දවස්වල ඉඳන්ම ඉතින් ඕවා පෙන්න පෙන්න මාව ඇවිස්සුවා මදිද, දැන් එනවා විස්තර අහන්න.. " එයාගේ මුහුණ හිනාවෙන් ඉතිරෙනවා

" අපෝ වැඩේමයි.. මෙයාව අවුස්සන්න.. "

" ඒ වුණාට ඔයා ඒකට ලස්සනයි.. හි.. හී.. "

" ශික්.. කියන වල් කතා.. මෝඩයා.."

මම පාර කියලා බලන්නේ නැතිව සචී අයියාගේ උරහිසට ගැහුවා

" මාව වල් කරන්නේ කවුද ඉතින්.." එයා හිනා වෙවී මගේ දිහා බලන් ඉන්නවා

" මම නම් නෙවේ.."

මම අහක බලා ගත්තේ හිනාව නවත්ත ගන්න බැරුව, මේ වගේ වල් කොල්ලෙක් ඇත්තට, කියන කතා වලට මාව රතු වෙලා, හිනාව නවත්ත ගන්නත් බැහැ

" අපෝ.. ඔව්.. ඔයා නෙවේ.. ඔයාගේ අහවල් ඒව තමයි "

" යනවා යන්න "

" හි.. හී... "

අපි දෙන්නා හිනාවෙවී පාර දිගේ ආවේ කොයි තරම් සතුටු කින්ද.. එයා හැමදාම වගේ මගේ කරට අත දාගෙන මාව ලං කරගෙන, හිමින් හිමින් අපි දෙන්නා ගෙදරට කිට්ටු වුණා..

අම්මයි, ශ්‍රීමති ආන්ටියි, අයියයි තුන්දෙනාම ගෙදර ඉස්සරහ පෝටිකෝවේ වාඩි වෙලා තේ බොනවා. මම හොර පූස වගේ ඇතුළට ආවා. අපේ අයියා හිනාවක් දාගෙන ඉන්නවා කින්ඩියට වගේ, ඌට තේරෙනවා ඇති ඉතින් මොකද වෙන්නේ කියලා

" ආහ්.. එන්න මතක් වුනාද ළමයට ගෙදර ? " අම්මා මගෙන් ඇහුවා

" නැහැ අපි මැච් එකක් බලන්න ගියා.."

" යන තැනක කියලා ගියානම් ගෙවෙනවාද ? " අම්මා අහනවා

" ඔව් ආන්ටි මම වද කරලා එක්ක ආවේ, නැත්නම් තවම එතන "

සචී අයියා පුටුවක වාඩි වෙන ගමන් කිව්වා. මට තවත් මල පැන්නා, මේක මාව හොඳට තුරුල් කරගෙන පන යනකම් නිදාගෙන ඉඳලා දැන් බොරු බේගල් අත ඇරලා අපේ අම්මගෙන් ලකුණු දා ගන්නවා

" ආයෙත් අහන දෙයක් නැහැ පුතා, මේ ළමයට මැච් තියෙනවා නම් වෙන මොකුත් ඕන නැහැනේ, මෙලෝ සිහියක් නැහැ.."

" ආහ්.. මැච් කිව්වම මතක් වුනේ, අම්මා මම නෙක්ස්ට් සීසන් ඉඳන් ආපහු ෆුට්බෝල් ප්‍රැක්ටිස් යනවා "

මම මතක් වුනු වෙලාවේ ඒකත් කියල දැම්මා

" ඔයාට වෙලාව තියෙනවද ළමයෝ ඕව කරන්න.." අම්මා අහනවා

" ඔය අනිත් අයත් කරන්නේ, මම අවුරුද්දක් ප්ලේ කරන්නම්, හොඳ අම්මනේ.."

" හ්ම්.. හ්ම්.. අවුරුද්දයි එහෙනම්, ඊළඟ අවුරුද්දේ ඉඳන් A/ L වලට ලැහැස්ති වෙන්න ඕන හරිද ? අන්න තේ හදලා ෆ්ලාස්ක් එකට දාලා ඇති දෙන්නටම, ගිහින් සචී අයියටත් එක්ක අරන් එන්න "


-------------------------------------------------------------------------------------------------------------------------



මම ආපහු ෆුට්බෝල් ප්‍රැක්ටිස් යනවා කිව්ව එකට සචී අයියට ටිකක් තරහ ගිහින් කියලා මට තේරුණා. ටිකක් නෙවේ, ගොඩක්ම තරහා ගිහින් හිටියේ, ඒක ගැන හිත හිත හිටපු නිසාද කොහෙද සචී අයියා එදා රෑ මට කෝල් එකක් වත් දුන්නේ නැහැ

පහුවදා ඉරිදා දවසක් නිසා අම්මලා අපි හැමෝම ගෙදර. සචී අයියව බලන්නේ නැතුව ඉන්න බැරි නිසා මම අම්මට යෝජනාවක් ගෙනාවා අපි දවල් කෑමත් අරන් එහේ යමු කියලා. අම්මත් ඒකට කැමති වුනා. අම්මා ශ්‍රීමති ආන්ටි ට කෝල් කරලා කිව්වා අපි දවල් කෑමත් අරන් එන්නම් ඒක නිසා උයන්න එපා කියලා. අයියට එදා උදේ සුවිමින්, හවස ක්ලාස් එකක් , ඒ නිසා උදේ ගියාම ආපහු එන්නේ හවස

අම්මයි මමයි කෑමත් අරගෙන සචී අයියලගේ ගෙදර ගියා. ශ්‍රීමතී ආන්ටි මල් පැල වලට සාත්තු කරනවා. අම්මත් ඒවට පොඩ්ඩක් උදව් වුණා. මම සචී අයියගේ රූම් එකට ගියා. එයා කම්පූයුටර් එකේ ගේම් එකක් ගහනවා. මම ආවා කියලා ගණන් ගත්තේවත් නැහැ. ඒක නිසා මමම කතාව පටන් ගත්තා.

" ගේම් එකක් ගහනවා වගේ.. "

මම එයා වාඩිවෙලා හිටපු පුටුවේ ඇන්දක් උඩින් වාඩි වෙලා ඇහුවා.

" ඔව්.. ඇයි මොකෝ.."

එයා මොනිටර් දිහා බලාගෙනම තරහින් වගේ කියනවා.

" අපෝ මොකද මේ තරහ වෙලා.."

එයා එතකොට මගේ පැත්තට හැරුනා

" මොකක්ද අර ඊයෙ කියපු කතාවේ තේරුම " එයා රවනවා

" මොකක්ද ? "

" මොකක්ද අර ෆුට්බෝල් ප්‍රැක්ටිස් ගැන කිව්වේ "

" කියන්න තිබුන ටික තමයි කිව්වේ.. " මම හුරතල් වුනා

" දැන් ඔයා කාටද කිව්වේ එහෙම වැඩක් කරනවයි කියලා " එයා ලොක්කා වගේ අහනවා

" කාටවත් නැහැ " මම මුහුණ ඇඹුල් කරන් කිව්වා

" කාටවත් නැහැ ! දැන් එහෙම හරියනවද ? " එයා තවත් රවනවා

" ඇයි ? මොකද වෙන්නේ.. ෆුට්බෝල් ප්‍රැක්ටිස් යන එක වැරදි වැඩක් ද ? "

" වැරැද්ද තියෙන්නේ ඒක මට නොකියා කරන එක "

" කවුද ඔයාට නොකියා කලේ.. මම ඊයෙ ඔක්කොම ඉස්සරහ කිව්වේ "

" ඒ කිව්වේ එක නෙවෙයි මං කියන්නේ, හරි ආසයිනේ කොල්ලොත් එක්ක හැප්පි හැප්පි බෝල ගහන්න... ? ඔයා කොහොමද එහෙම මට කියන්නේ නැතුව තීරණ ගන්නේ "

එයා කිව්ව විදිහට මට හිනා යන්න ආවත් මම අමාරුවෙන් හිනාව තද කර ගත්තා. මොනව හරි කරලා දැන් මේකව යාලු කර ගන්න ඕනනේ

" ඉතින් ඔයත් එහෙමනේ.. මට කියලා නෙවෙයිනේ හැමදේම කරන්නේ.." මම ආපහු මුහුණ ඇඹුල් කර ගත්තා

" හැම දේම ඇහුවේ නැති වුණාට වැදගත් දේවල් අහනවනේ.... දැන් ඉතින් මේක ඇහුවේ නැහැනේ "

එයා ආපහු පුටුවේ හරි බරි ගැහිලා මොනිටර් එකට ඔරවනවා

" ඉතින් මාත් එහෙමනේ.. අනික මේක ඒ තරම් වැදගත් දෙයක් නෙවෙයිනේ "

සචී අයියට තවත් තරහ ගියා, ඒ පාර ඔරවගෙන වගේ මගේ දිහා බලන් හිටියා, මාත් එයාගේ ඇස් දිහාම බලන් හිටියා, එකපාරටම එයා පුටුවෙන් නැගිටලා යන්න හැදුවා

" ඔහොම ඉන්නකෝ... කොහෙද මේ පිස්සෙක් වගේ දුවන්නේ ? " දැන් මටත් දුකයි වගේ

" අනේ මේ... එහාට වෙන්න ! " මම එයාට යන්න දෙන්නේ නැතුව හරස් වුණා.

" එහාට වෙන්න කිව්වේ.." එයා තරහින් කියනවා

" බැහැ.. උස්සගෙන තමයි යන්න වෙන්නේ " මම දුකෙන් වගේ කිව්වා

" උස්සගෙන ? "

" ඔව් ! "

" හිටපියකෝ එහෙනම්.."

එකපාරටම සචී අයියා මාව හරහට වඩා ගත්තා, මට හිතා ගන්නවත් වෙලාවක් ලැබුනේ නැහැ....

" ඒයි සචී අයියේ... හි.. හී... එපා.. එපා.. ළමයෝ, මන් කෑ ගහනවා.."

මට කිතිත් කැවෙනවා, ඒ මදිවට මාව හරහට වඩාගෙන කැරකෙනවා

" ම්ම්ම්ම්... කෑ ගහපන්, කෑ ගහපන් දැන්..." එයා ලොකු වීරකමක් කලා වගේ කියනවා

" කෑ ගහපන් කියන්නේ... අම්මලා එයි.. තියෙනවා මෝඩයෝ මාව බිමින්.."

" හ්ම්.. බැහැ.."

එයා එහෙම කියලා මාව ඉඹිනවා

" අයියෝ... ඒ පාර ආදරේ.." මට හිනාව අතරින්ම කියවුනා

" මේ.. මම උඹව ගිලිනවා දැනගනින් "

එයා මාව ඉඹලා කියනවා...



"දෑසේ වෙලෙමින් මා පවසනා කාරණා..
සිතඟේ එතෙමින් මා මුමුණනා කාරණා
හීනෙන් ඇවිදින් මා මුමුණනා කාරණා
මගේ ආදරේ නොදැනේදෝ...
මා මියෙන තුරා..." 




2 comments: