Tuesday, March 13, 2012

Chapter 16 - "ආයෙත් ඔබ මට හිමි වේ නම්..."



ටික දවසකින් O/L රිසල්ට්ස් ආවා. එදා තමයි අපේ අම්මා මගේ ගැන වැඩිපුර සතුටු වෙන්න ඇත්තේ. මම සබ්ජෙක්ට්ස් ඔක්කොම හොඳටම පාස් වෙලා තිබුනා. රිසල්ට්ස් ආපු ගමන් ඉන්ටර්නෙට් එකේ බැලුවේ. පහුවදා ඉරෝෂයත් එක්ක ඉස්කෝලෙට ගියා.ඉරෝෂයත් එක්ස්සෑම් එක ගොඩ දාගෙන තිබුණා. ඒත් ඌ කරන්නේ කොමස් කියලා මට කලින්ම කියලා තිබුණේ. මම ඉතින් මැත්ස් කරන්න ආසාවෙන් හිටියේ, එදා දවසම ඉස්කෝලේ යාළුවෝ කට්ටිය එක්ක පිස්සු නටල නටලා දවල් ගෙදර එන්න පිටත් වුණා. මමයි ඉරෝෂයයි ස්කූල් බස් එකට නැග්ගේ කාලෙකින්, අපි හිටගෙන හිටියේ. තව ළමයි මහ ගොඩක් නගිනවා පෝලිමට

" ලහිරුවා, ලහිරුවා "

මගේ එහා පැත්තේ හිටගෙන ඉන්න ඉරෝෂයා මට වැලමිටෙන් අනිනවා.

" ඇයි මොකද බන් ? "

" සචින්ත "

" කෝ ? "

" අර බස් හෝල්ට් එකේ "සචී අයියා අපි දෙන්න දිහා බලාගෙනම ඉන්නවා. මම අහක බලා ගත්තා.

" කොහෙද යන්නේ ? " සචී අයියා ඉරෝෂයගෙන් ඇහුවා.

" ආහ්.. ගෙදර "

" බහින්න "

" අනේ බැහැ සචී අයියේ පරක්කු වෙලා " ඉරෝෂයා හිනා වෙලා කිව්වා

" ආ.. හා.. හරි හරි "

" හිනාවත් වෙයන් ටිකක් " ඉරෝෂයා කියනවා

" අනේ ඉරෝෂයා, මගේ යකා අවුස්සන්නේ නැතුව හිටූ "

" පව් බන්.. අර බලන් ඉන්නවා "

" ඕනේ නැහැ "

" හිනා වෙනවත් එක්ක " ඉරෝෂයා කන් කෙඳිරී ගානවා.

" එයා කොහොමත් කලේ හිනා වෙන එක තමයි. උඹ කට පියාගෙන යමන් "

බස් එක ඇද්දුවා, සචී අයියා මගේ රිසල්ට්ස් බලන්න ඇති, එයා හිටියෙත් ස්කූල් යුනිෆෝම් එකෙන්, ඔච්චර ඕන නම් බස් එකට නගින්න තිබුනනේ, බොරුවට පාරේ හිටගෙන හිටියේ. මම තරහින් හිත හිත ගියා. ඒ වුණත් එයා නිසයි මම එක්සෑම් එක හොඳටම පාස් වුනෙත්, ඒක මතක් වෙලා මගෙ ඇස් වලට කඳුළක් ඉනුවා. මම ආපහු හැරිලා බලද්දි බස් එක ගොඩක් දුර ඇවිත්.

එදා රෑ ශ්‍රීමති ආන්ටියි සචී අයියයි අපේ ගෙදර ආවා. මම එක්සෑම් පාස් නිසා අම්මා ඒ දෙන්නට කෑමකට එන්න කියලා. මට සචී අයියව මග හරින්න පුළුවන් කමක් තිබුනේ නැහැ, මොනවා උනත් එයා මට පාඩම් වලදි ගොඩක් උදව් කළානේ. මම අවංකවම එයාට කතා කරන තැන්ක්ස් කලා.

" සචී අයියේ, ඔයා නිසා තමයි මට මැත්ස් වලට A එකක් ලැබුනේ, තෑන්ක් යූ සෝ මච්. මම ඒක කවදාවත් අමතක කරන්නේ නැහැ "

උඩ බැල්කනි එකේදී එයයි මමයි තනි වුනු වෙලාවේ මම කිව්වා.

" ඔයා මට තවම සමාව දීල නැහැ නේද හිරූ ? "

" සමාව දෙන්න ඔයා වැරදි කලේ නැහැනේ අයියේ, වෙච්ච දේ මම අමතක කරල ඉවරයි. අපි එක ගැන කතා නොකර ඉමු "

" එහෙනම් ඇයි අද දවල් මම කිව්වම ස්කූල් බස් එකෙන් බැස්ස නැත්තේ ? "

" බහින්න තරම් හේතුවක් තිබුනේ නැහැනේ අයියේ "

" ඔයා තවම තරහින් ඉන්නේ "මම තරහින් ඉන්නව නං ඔයත් එක්ක කතා කරන්නේ නැහැනේ අපි පහලට යමු "

මම ආපහු හැරුනා සචී අයියා මගේ අතින් අල්ල ගත්තා. මට මුකුත් කියන්න හිතුනේ නැහැ, මම එයා දිහා බැලුවා. ඒ ඇස් වලින් අර පරණ පුරුදු ආදරය දකිනකොට මට මාවම පාලනය කරගන්න බැරි වුණා. මම එහෙම්මම එයාගේ පපුවට තුරුල් වුනා. ඒ පපුවේ උණුසුම, සුවඳ තවමත් එදා වගේමයි. අපි දෙන්න එහෙම්මම ටිකක් වෙලා හිටියා.

" මට ආපහු මගේ හිරූව දෙන්න මල්ලී, මට එයා නැතුව ඉන්න බැහැ "

එයා ගොඩක් හැගීම්බර විදිහට මගේ ඔළුව අත ගගා කියනවා.

" ඔයාට පුලුවන්ද මට ආපහු මගේ සචීවම ගෙනත් දෙන්න " මම හිමීට ඇහුවා

" ඉස්සර හිටපු සචින්තට වඩා ගොඩක් හොද සචින්ත කෙනෙක්ව ඔයාට ගෙනත් දෙන්නම් මල්ලි... ආපහු අපි අපේම වෙමු.... "

ඒ වචන ටික මගේ පපුවේ ඇතුළටම කිඳා බැස්සා. තව තවත් තදින් සචී අයියව බදාගත්තා. දන්නේ නැහැ ඒ විදිහට කොයි තරම් වෙලා අපි හිටියද කියලා. කවුරුහරි උඩට එන එන අඩි සද්දෙට අපි දෙන්නා ඈත් වුනා. ආවේ අයියා..

" දෙන්නා මොකද මෙතන, යමු පහළට කෑම කන්න "

එයා එහෙම කියලා sachi අයියගේ කරට අතක් දා ගෙන හිනා වෙලා මගේ දිහා බැලුවා.

" දැන් දෙන්නා යාලුද ? "

අයියා අහපු විදිහට මාව රතු වෙලා ගියා..

" මන් දන්නේ නැහැ " මම එහෙම කියලා එතනින් ආවා.



------------------------------------------------------------------------------------------------------------- 



සචී අයියා ආපහු මගේ ජීවිතේට ආවේ ඒ විදිහට, මම එයාට සමාව දීලා ආපහු ජීවිතේ අලුතින් පටන් ගන්න තීරණය කළා. මම විශ්වාස කළා එයා දැන් වෙනස් වෙලා කියලා, අලුත් අවුරුද්දත් කිට්ටු වුණා. සචී අයියයි, අපේ අයියයි මාවත් එක්කගෙන ඇදුම් ගන්න හැමතැනම ඇවිද්දා, එදා අපි තුන් දෙනාම එකම ඩිසයින් එකේ ෂර්ට් තුනක් ගත්තේ අවුරුදු දවසට අඳින්න. ළා කොළ පාටට පහළට ඉරි වැටුණු ඒ ෂර්ට් තුනම අපි ගත්තේ එකම සයිස් එකෙන්, අපි තුන්දෙනාගෙම කොලර් සයිස් එකයි. සචී අයියා මට එදා ඔඩෙල් එකෙන් ලස්සන හාවෙක් අරන් දුන්නා ( ඇත්ත හාවෙක් නෙවෙයි හොඳේ, පුලුන් පුරවපු සෙල්ලම් හාවෙක් )

අපි දෙන්නාගේ ආදරේ වෙනදටත් වඩා වැඩි වෙලා තිබුණ කියලා මට දැනුනා. එයාට නිතරම මාව බලන්න ඕන වුනා. මාව බලන්න ඔෆිස් එකටත් එනවා. එයා අවස්ථාවක් ලැබුණු ගමන් මාව තුරුල් කරගෙන මාව රතු වෙනකම් කිස් කරන එකමයි කරන්නේ, අපි දෙන්නගේ හුටපටේ අයියට නම් රහසක් නෙවේ නේ, ඌ ඉතින් අපිට මොනවත් කියන්නේ නැහැ.

අලුත් අවුරුද්දට අපි ගෙවල් දෙකම අස් කලා, ඒ වැඩේ අම්මලා භාර දුන්නේ අපි තුන්දෙනාට. සචී අයියලගේ ගෙදර නම් වැඩිපුර වැඩක් තිබුණේ නැහැ, අපේ ගෙදර තමයි සෑහෙන්න අස්කරන්න දේවල් තිබුණේ. අපි සතුටින් හිනා වෙවී විහිළු කර කර ඒ වැඩ කලේ ගොඩක් ආසාවෙන්, හැම දෙයක්ම ආපහු තිබුන වගේම වුණා. ඉස්සරට වඩා හොඳට ඒක ගැන මම වගේම සචි අයියත් ගොඩක් සතුටු වුණා.

අලුත් අවුරුද්දත් උදා උනා. අම්මයි මමයි අයියයි අපේ ගෙදර කිරි උතුරවලා කිරිබත් හැදුවා. නැකතට කිරිබත් කවලා ගනුදෙනු කරලා අපි ඉස්සෙල්ලම නෑගම් ගියේ මගේ කොල්ලගේ ගෙදර. අපි යද්දි සචී අයියත් අපේ අයියයි මමයි වගේම එදා ගත්තු ෂර්ට් එක ඇඳගෙන හිටියේ කළුපාට ඩෙනිම් එකකට. සචී අයියා ඉස්සෙල්ලම අපේ අම්මට වැන්දා, ඊට පස්සේ අයියව බදාගෙන අවුරුද්දට විෂ් කළා. අන්තිමට මගේ මගේ ළඟට ඇවිත් මාව බදා ගත්තා. කාටවත් නොදැනෙන්න පුංචි කිස් එකකුත් දුන්නා. අපේ අයියයි මමයි දෙන්නම ශ්‍රීමති ආන්ටිට බුලත් දීලා වැන්දා. එදා දවල් කෑම අපි ගත්තේ එහෙන්. දවල්ට කෑම කාලා අපි හැමෝම ආච්චිලගේ ගෙදර යන්න පිටත් වුණා. ශ්‍රීමති ආන්ටිවයි සචී අයියවයි ඒ ගමනට අපි එකතු කර ගත්තේ ගොඩක් ආසාවෙන්. අවුරුද්දෙන් පස්සේ අපේ ගෙවල් වල හැම දෙයක්ම ආපහු සාමාන්‍ය අතට හැරුණා. මම අලුතින් ක්ලාසස් යන්න පටන් ගත්තා. සචී අයියයි අපේ අයියයි වෙනදට වඩා මහන්සි වෙලා පාඩම් කරන්න පටන් ගත්තා. ඒ දෙන්න දිහා බලාගෙන මමත් ඒ වගේ හොඳට වැඩ කරනවා කියලා හිතා ගත්තා. සචී අයියටයි මටයි තනි වෙන්න අවස්ථාවක් ලැබුණේ අපි දෙන්නා යාළු වෙලා මාසෙකට විතර පස්සේ. එදා සෙනසුරාදා දවසක් මම ෆිසික්ස් ක්ලාස් ගිහින් එන ගමන් සචී අයියට කෝල් කළා. එයා කිව්වා අද ක්ලාස් එක කලින් ඉවර වුණා, මම එන ගමන් එහේ එන්න කියලා. මට මාර සතුටක් දැනුනේ. මම එහාට යනකොට දවල් 1 ට විතර ඇති. ගෙදර දොර ඇරලා කොල්ල පේන්න නැහැ.

" සචී අයියේ " මම කතා කළා

" එන්න චූටි, මම කිචන් එකේ " එයා කෑ ගහලා කිව්වා

සචී අයියා ගල් ෂෝටකුත් ඇදගෙන ස්කිනි එකක් ගහලා කිචන් එකේ උයනවා. මට ඒක දැකල හිනා.

" හී.. හී.. මොනවද මේ කරන්නේ " මම ඇහුවා

" අද අම්මා උයලා ගියේ බත්. ඔයා වැඩිය බත් කන්න ආස නෑනේ, මම ඔයාටයි මටයි නූඩ්ල්ස් හැදුවා "

එයා මාව බදා ගෙන ලිප් කිස් එකක් දෙන ගමන් කිව්වා

" ඔයාට උයන්නත් පුලුවන් ද ? "

මම ඇස් දෙක ලොකු ත් ලොකු කරගෙන ඇහුවේ එයා එහෙම වැඩක් කරනවා මම දැක්කමයි එදා.

" ටිකක් පුළුවන්.. රසද දන්නේ නැහැ හැබැයි, මගේ චූටි පැටියට අද මම තමයි කවන්නේ "

එයා එහෙම කියලා මගේ බෙල්ලත් කිස් කළා

" අනේ පන.. දාඩියනේ මගේ ගාව " මම එහාට වෙන්න හැදුවා

" කමක් නැහැ මගේ සුදු කොල්ලගේ දාඩියත් මට සුවඳයි "

එයා තව තවත් මාව තුරුල් කර ගන්න ගමන් කිව්වා

" කෝ මම වොෂ් එකක් දාගන්නම්. ඔයා ඕක ඉවර කරලා එන්නකෝ "

" මම එයාට උම්මා ගොඩක් දීලා එයාගේ රූම් එකට ආවා. මම වොෂ් එකක් දාගෙන ටවල් එක පිටින්ම ආපහු කිචන් එකට ගියා එයා හිනා වේගෙන මගේ දිහා බලනවා

" මොකෝ මේ ? ඇඳුමක් අරන් ඇද ගන්න තිබුණනේ අල්මාරියෙන් "

" මම අදින්න ගියේ නැහැ " මම එයාගේ එයාගේ පපුවට හේත්තු වුණා.

" කෝ යමු මම ඔයාට ඇඳුමක් දෙන්න "

එයා මාව රූම් එකට එක්කගෙන ගියා. මම එයාගේ ඇඳේ වාඩි වෙලා එයාගෙ දිහාම බලන් හිටියා. එය අල්මාරිය ඇරලා ශෝට් එකක් අරගෙන මගේ දිහා බැලුවා.

" ඇයි පැටියෝ ? " එයා එහෙම අහන ගමන් මගේ ලගට ඇවිත් මගේ නළලට කිස් එකක් දීලා මාව තුරුල් කර ගත්තා.

" මට ආදරෙයි නේද ? "

මම හීන් කෙඳිරියක් වගේ එයාගේ කනට කොඳුරලා ඇහුවා

" මුළු ලෝකෙටම වඩා ආදරෙයි පන. මම ආපහු කවදාවත් විහිළුවටවත් මේ ඇස් අඬවන්නේ නැහැ පොරොන්දු වෙනවා "

එයා එහෙම කියලා මාව එයාගේ පපුවට තුරුළු කර ගත්තා. මම උණුසුමට ගුලි වෙලා වෙලා එහෙම්මම හිටියා විනාඩි කිහිපයක්. එය මගේ තොල් දෙකට එයාගේ තොල් ගාවගෙන මාව ටික ටික උණුසුම් කළා. මගේ ෆීලින්ග්ස් උපරිමයටම ඇවිත් තිබුනේ. එයාටත් එහෙමයි. අපි දෙන්නා විනාඩි පහක් විතර තොල් වල රස බල බල තුරුල් වෙලා හිටියා. මම ඇඳන් හිටපු ටවල් එකත් කැඩිලා. එයා ටික වෙලාවකින් තොල් අයින් කරලා මගේ ඔළුව අතගෑවා.

" චූටි අපි කෑම කාලා ඉමු පැට්ටෝ.. ඔයාට බඩගිනි දැන්.. කෝ යමු "

එයා මගේ නලලට කිස් එකක් දීල, මම ඇඳන් හිටපු ටවල් එකේ ඉතුරු ටිකත් ගලවල එයා ගත්ත ෂෝට් එක මට ඇන්දුවා පොඩි බබෙක්ට වගේ. ඊට පස්සේ බේබි පවුඩර් ටිකක් අරන් අත් දෙකේ පිහදාලා මගේ ඇඟ පුරාම ගෑවා. දැන්නම් මම රියල් පොඩි බබෙක් වගේ. මේ දේවල් සේරම කරන ගමන් එයා මගේ ඇඟ හැම තැනම කිස් කළා. මම ඒ දේවල් සේරම කරනකම් ආදරෙන් බලන් හිටිලා. ඊට පස්සේ එයා මාව අත් දෙකින් උස්සගෙන කෑම මේසෙට අරන් ගියා.



" හිනා වෙන්න බැරි තරමට, හඬා ගන්න බැරි තරමට
නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා..
කතා කියන තරු දෑසට, ලියා දෙන්න මදි අහසම
නුඹේ නමින් මගේ හදේ මැවෙන ගීතිකා..." 






No comments:

Post a Comment