Wednesday, March 14, 2012

Chapter 23 - "LATE NIGHT CALLS..."



ආපහු ජීවිතයේ ගොඩක් දේවල් සාමාන්‍ය අතට හැරුණා. එන්න එන්නම අයියලාගේ A/L එක්සෑම් ලං වුණා. ඒක නිසා සචී අයියා වුණත් වැඩිය අපේ ගෙදර ආවේ නැහැ. මම පුළුවන් හැම වෙලාවකම එයාව බලන්න එයාලගේ ගෙදර ගියා. මටත් ටියුෂන් ක්ලාසස්, ෆුට්බෝල් ප්‍රැක්ටිස් නිසා වෙලාවක් ලැබුනේ අඩුවෙන්. ඒත් අපි දෙන්නා හැමදාම ෆෝන් එකෙන් ගොඩක් වෙලා කතා කලා. 

" චූටි බබාට දොයියමත නම් කියන්න... අයියා ෆෝන් එක තියන්නම් "
දවසක් සචී අයියා එක්ක කතා කර කර ඉද්දී එයා කිව්වා. ඒ වෙලාවේ 12ත් පහු වෙලා 

" තවම නැහැ.. ඔයාට දොයියමතයි ද ? "

" නැහැ පැට්ටෝ, මට නම් උදේ වෙනකන් උනත් ඔයත් එක්ක කතා කර කර ඉන්න පුලුවන් "

" හොඳට හිටී.. පාඩම් කරන්නේ නැද්ද ? "

" ම්ම්ම්.. මගේ පැටියා ලග හිටිය නං තුරුල් කරගෙනම පාඩම් කරන්න තිබුණා.."

" හි.. හී... එහෙම නම් පාඩම් කරන්න වෙන්නේ නැහැ ඔයාට "

" ඔව්.. ඔව්.. දන්නවා මම මගේ වල් කොල්ලගේ හැටි.. උම්මා.."

" මට මෙහෙම ඉන්න කොට පාළුයි අයියේ.. තනියෙන් ඉන්න බැහැ "

" මම දන්නවා බබා.. මටත් එහෙම තමයි.. ඉක්මනට මට මගේ බබාව මගේ ළඟට ගන්න ඕන.. ඒත්.. අපි තව ටිකක් බලමුකෝ. ඔයත් A/L ඉවර කරගන්නකෝ. එතකොට අපි දෙන්නම නිදහස් නේ.."

" ඊට පස්සේ අපි දෙන්නට එකතු වෙන්න පුළුවන් වෙයි ද ? "

" ඊට පස්සේ මම ඇවිත් උස්සගෙන යනවා "
සචී අයියා එහෙම කියලා හිනා වුණා


------------------------------------------------------------------------------------- 


හැම ප්‍රශ්නයක්ම අමතක කරලා අපි සැහැල්ලුවෙන් ජීවත් වුනා. අයියලා එක්සෑම් එක හොඳට මහන්සිවෙලා කලා. ඒ මාසෙම අන්තිමට තමයි සචී අයියගේ බර්ත්ඩේ එක තිබුනේ. අපිට ස්කූල් නිවාඩු නිසා මමයි ඉරෝෂයි ගියා සචී අයියට බර්ත් ඩේ ප්‍රසන්ට් එකක් ගන්න. ක්‍රිස්කැට් එකේ පර්ෆුයුම් ශොප් එකෙන් පර්ෆුම් එකක් ගත්තේ සචී අයියා එක එක ජාතියේ පර්ෆුම් වලට ගොඩක් ආස නිසා.

" ඕක විතරක් ගත්තම ඇතිද බන් ? "
ඉරෝෂයා මගෙන් අහුවේ ශොප් එකෙන් එලියට එනකොට

" මේ ඇති බන්... මේකටත් බනියි වියදම් කරලා කියලා.. එයා මගෙන් තෑගි ගන්න කැමති නැහැ . මම හම්බ කරන කාලෙක අරන් දෙන්නලු, එතකොට ගන්නම්ලු. 

" එහෙම තමයි අවංකවම ආදරේ කරන කොල්ලෝ " 

ඉරෝෂයා කිව්වම මට මගේ කොල්ලා ගැන ගොඩක් ආඩම්බර හිතුණා. 

අපි දෙන්නා පහල ෆුඩ් කෝර්ට් එකට ගියේ මොනවා හරි බොන්න කියලා හිතාගෙන. Roots එකේ බෝම්බේ ෆලුඩා බොන්න මම ගොඩක් ආසයි කියලා ඉරෝෂයා දන්නවා. ඌ ඒක නිසා ඒවා දෙකක් ඕඩර් කලා. ඉරෝෂයා ඒ දෙක අරන් එනකම් මම එතන තිබුණ TV එකක යන මැච් එකක් දිහා අමුත්තකින් තොරව බලාගෙන හිටියා. ඉරෝෂයා ෆලුඩා දෙකත් අරන් ඇවිත් මගේ ලඟින් වාඩි වෙනකම් මම හිටියේ වෙන ලෝකෙක. 

" මොකද බන්, අහස පොළොව ගැට ගහන්න වගේ කල්පනා කරන්නේ ? "
ඉරෝෂයා කින්ඩියට වගේ ඇහුවා

" මුකුත් නැහැ බන්.. " 

" ලහිරුවා.. "

" ම්ම්ම්ම්.."

" උඹ සතුටින් ද බන් ඉන්නේ ? "

" ඇයි උඹ එහෙම අහන්නේ ? " 

" උඹ ඉස්සර වගේ නෙවේ බන් දැන්, වැඩිය කතා බහක් නැහැ, මනෝ ගහලා ඉන්න ඕන වෙලාවක බැලුවොත්.. " 

" හි.. හී... උඹට පිස්සු බන්.. එහෙම එකක් නැහැ.."

" ලහිරුවා... අපි වෙනස් වුණාම ඒක අපිට පේන්නේ නැහැ. පිටින් බලන උන්ට තමයි ඒක පේන්නේ. උබ මට නොකියන දෙයක් තියෙනව ද ? "

ඉරෝෂයා එක එල්ලේ මගේ දිහා බලාගෙන ඇහුවා

" දන්නේ නැහැ ඉරෝෂ​යා.. මට එහෙම මොකුත් ප්‍රශ්න නැහැ. ඒත් මේ දවස් වල හරි පාළුවක් තනිකමක් දැනෙනවා. වැඩිය සචී අයියව දකින්නේ නැති හින්දා වෙන්න ඇති "

" ඕහෝ.. එහෙනම් ඒක තමයි මේ.. ඉතින් බන් ඌට අනිද්දයින් Exams ඉවරයිනේ "

" ඔව් බන්.. ඒ වුනාට එයාව දකින්නේ නැතිව ඉන්න කොටත් නිකන් පිස්සු වගේ.. මම ඒක එයාට පෙන්නන්නේ නැහැ.. ඒත් මට ලොකු තනිකමක් දැනෙනවා.. "

" තව දවස් තුනකින් පස්සේ ප්‍රශ්න ඉවරයිනේ.."
ඉරෝෂයා මගේ අතක් තද කරලා මිරිකන ගමන් කිව්වා.


----------------------------------------------------------------------------------------------- 



අයියලාගේ Exams ඉවර වුනු දවසේ මට දැනුණේ ලොකු සතුටක්. ඇත්තම කියනවා නම් අයියලට වඩා මට දැනුන සතුට වැඩියි. දැන් ඉතින් නිදහසේ මගේ කොල්ලා එක්ක ගමනක් බිමනක් යන්න, මුණගැහෙන්න පුලුවන්නේ.. Exams ඉවර වෙච්ච දවසේ අපි හැමෝටම රෑ කෑමට එන්න කියලා ශ්‍රීමතී ආන්ටි කිව්වා. අපි හවස හතට විතර එහේ ගියා. 

සචී අයියා නාලා අලුත් ඇඳුමක් ඇඳලා සුවඳ හැම තැනම...

" මෙයා අදද කොහෙද මාස ගානකින් නාලා තියෙන්නේ.. " මම විහිලු කලා. 

" අපි හැමදාම නානවා හරිද.." එය මගේ කනෙන් ඇද්දා

" Exams කොහොමද පුතා ? හොඳට කලා නේද ? අම්මා නම් කිව්වා මහන්සි වෙලා පාඩම් කලා කියලා.. "
අපේ අම්මා සචී අයියගේ ඔලුව අත ගාන ගමන් ඇහුවා

" හිතපු තරම් අමාරු වුණේ නම් නැහැ ආන්ටි, ඒත් ඉතින් රිසල්ට්ස් එනකම් බයයි "

අපේ අයියා, සචී අයියත් එක්ක කතාවකට වැටුණ නිසා මම පොඩ්ඩක් කිචන් එක පැත්තට ගියා. අම්මලා දෙන්නම කෑම හදන ගමන් බර කතාවක්.

" කවුරු හරි කෙල්ලෙක් ඇති, රෑට රෑට කෝල් කරනවා මන් අහගෙන " ශ්‍රීමතී ආන්ටි අපේ අම්මට කියනවා. මාව හීතල වුනා. 

" ඔයා අහල බැලුවේ නැද්ද ? "

"ඇහුවට කියන්නේ නැහැ නේ.. ආහ්.. චූටි පුතා.. ඔයා දන්නවද සචී අයියාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව ? "
ශ්‍රීමතී ආන්ටි මාව දැක්ක ගමන් ඇහුවම මාව උඩ විසික් වුනා..

"නැහැ ඇන්ටි, ඇයි එහෙම කවුරු හරි ඉන්නවද ?" මම නොදන්න ගානට ඇහුවා 

" දැන් කොල්ස් එනවා වැඩියි, රෑට එහෙම මට ඇහෙනවා මුනු මුනු ගානවා ෆෝන් එකෙන්.. කෙල්ලෙක් නැත්තන් ඉතින් වෙන කවුද ඔහොම කතා කරන්න.."

ශ්‍රීමති ආන්ටි කිව්වම මට හිත යටින් හිනා. සචී අයියා කතා කරන්නේ මාත් එක්කනේ

" දැන් ටිකකට කලිනුත් කෝල් එකක් ආවා මං අහගෙන.. ෆෝන් එක රින්ග් වෙනකොට පෙරලගෙන දුවන්නේ.. හිහ්.. හී "

" මම හිතන්නේ එහෙනම් කෙල්ලෙක් වෙන්න ඇති, අපි කෙලින්ම අහල බලමු ද ? " අපේ අම්මා කියනවා 

" අම්මා ඉන්නකෝ, මම අහන්නම් හි..හී "

මම සචී අයියට විහිළුවක් කරන්න මේක හොඳ චාන්ස් එක කියලා හිතාගෙන කිව්වා.
මම කෑම මේසෙට වාඩි වුනේ ඒ කතාව ඇදලා ගන්න හිතාගෙන, සචී අයියා අපි සේරම කෑම බෙදා ගන්නකම් බලන් ඉද්දී මම කතාව පටන්ගත්තා.

" සචී අයියට නම් බඩගිනි නැති පාටයි ආන්ටි " ඒක කිව්ව ගමන් සචී අයියා එකපාරටම මගේ මුහුණ දිහා බැලුවේ පුදුමෙන් වගේ

" බඩගිනි නැත්තේ මොකද ? මට මේ යකෙක් කන්න බඩගිනියි.." සචී අයියා කියනවා

" කාලානේ එන්න ඇත්තේ.. හික්.. හික්.." 

" කෑවා.. කෑවා.. කෑවා පරිප්පු.. මේ පණ්ඩිතයා නොවී ඔන්න ඔය මාළු දීසිය දෙනවා " සචී අයියා මට ඔරවනවා
" මොනවද පුතේ ඔයා හැම තිස්සෙම ෆෝන් එකේ එල්ලිලා කරන්නේ, කාත් එක්කද කතා කරන්නේ ? "

එක පාරටම ශ්‍රීමති ආන්ටි හිනා වෙවී ඇහුවා.. මම උගුර පෑදුවා

" මොකද ? ඔයාට කටක් හිර වුණාද ? ම්ම්.. වතුර බොනවා.." සචී අයියා මට වතුර වීදුරුවක් දික් කරන ගමන් කිව්වා. එයාගේ මූහුණත් එක්ක රතු වෙලා.. මට හිනා 

" මොකද ආන්ටි මේකට වෙලා තියෙන්නේ ? මේකා මේ අමු කාල වගේනේ හැසිරෙන්නේ "
සචී අයියා අපේ අම්මගෙන් අහනවා

" ඔයා ඕවා ගණන් ගන්න එපා පුතා.. මෙයාට ටිකක් පිස්සු.. "
අපේ අම්මත් හිනාව තද කරගෙන කියනවා 

" කවද්ද දන්නේ නැහැ අරයා මෙහේ එන්නේ.. නේද ඇන්ටි ? "
ඒ සැරේ නම් අපේ අයියත් මගේ මුහුණ දිහා බැලුවා.

" කවුද අරයා ? " සචී අයියා ඇස් දෙකත් උඩ තියාගෙන අහනවා

" අරයා.. අරයා.."

" කවුද බන් " අපේ අයියත් අහනවා

" හ්ම්.. දන්නම නැහැ, චූටි බබා.." ශ්‍රීමති ආන්ටි කිව්වා

" අනේ මොන මගුලක් කියනවද මන්දා.. මට නම් පිස්සුත් වගේ.. "

සචී අයියා උඩ බිම බලනවා. මට හිනාව නවත්ත ගන්න බැහැ 

" පිස්සු හැදෙයි ඔහොම යන කොට.. " ශ්‍රීමතී ආන්ටි කියනවා.
 
" මේ එයා කොහෙ කෙනෙක්ද සචී අයියේ.." 

" කවුද ? "

" උඹේ කෙල්ල " ශ්‍රීමතී ආන්ටි කිව්ව ගමන් සචී අයියට කෑමත් හිර වුණා. කැස්සකුත් ආවා

" මගුලක් කතා කරනවා " සචී අයියා වතුර ටිකක් බීල මට ඔරව ඔරව කියනවා.

" මේ.. මේ.. අද නම් විස්තර කියන්නම වෙනවා. නැත්නම් අපි ඔයාට මේසෙන් නැගිටින්න දෙන්නේ නැහැ... සඳරුත් ඕවට හවුල් ඇති " 

අපේ අම්මා කියද්දී අපේ අයියයි සචී අයියයි මගේ මුහුණ දිහා බැලුවේ මාව හපන්න තරම් කේන්තියකින්. 

එදා කෑමෙන් පස්සේ අපි තවත් පැයක් දෙකක් විතර කතා කර කර හිටියා. සචී අයියට කෙල්ලෙක් නැහැ කිව්වට අම්මලා දෙන්නම විශ්වාස කළේ නැහැ. රෑ දහයට විතර අපි ගෙදර එන්න ලැහැස්ති වුනා.

" ආන්ටි මල්ලිව තියලා යන්නකෝ.. ඉස්කෝලෙත් නිවාඩුනේ " සචී අයියා අපේ අම්මට කිව්වා

" ඔයාට ඕනනම් තියාගන්න.. " අපේ අම්මා හෑන්ඩ් බෑග් එක අතට ගන්න ගමන් කිව්වා

මම නං බයේ හිටියේ අම්මා එපා කියයි කියලා. අයියා හිමීට අපි දෙන්නා ලඟට ආවා. 

" මස්සිනා.. දැන් මල්ලිව විතරයි නේ තියාගන්නේ.. හරි.. හරි.. ඔහොම තමයි.. " 

අයියා සචී අයියගේ පිටට ගහලා හිමීට කිව්වා

" අඩෝ උඹ ඉතින් ඉන්න කිව්වත් ඉන්න එකෙක් නෙවේනේ.. අම්මා තනියෙන් කියලා දුවනවනේ.."

" හරි හරි බන්.. මල්ලිව පරිස්සමින් බලා ගනින් "

අයියා සචී අයියාගේ උරහිසට තට්ටුවක් දාලා මගේ ඔළුවත් අත ගාලා ගිහින් කාර් එකට නැග්ගා. 

එදා රෑ අපි දෙන්නම වොශ් කරගෙන ඇඳට ආවේ සෑහෙන දවසකින් හරියට කතා කතාකරන්නවත් බැරි වුන නිසා. සචී අයියා දොර ලොක් කරලා කාමරේ ලයිට් නිවලා ඇඳට ආවා. 

" අද කට්ටියම එකතු වෙලා මාව බයිට් එකට ගන්න හැදුවනේ ? " 

" ගන්න හැදුව නෙවෙයි, ගත්තා.. හි.. හී.. " 

මම සචී අයියගේ පපුවට තුරුළු වෙලා හිනා වුනා.

" හිටපන්කෝ මම අල්ල ගන්න.." 

එයා මගේ කන්පෙත්තක් හිමීට හපන ගමන් කිව්වා.



"රෑ තිස්සේ ඇවිල්ලා, නුරා අවුලුවා
ඔබ ඇවිල්ලා හිත කොනිත්තා දැල්වුවා
පණ වගේ ලං වෙලා, හද විලේ සැරිසරා
හිරිහැර කලා.. කරදර කලා.. මල් සරා..." 








1 comment: