Tuesday, March 13, 2012

Chapter 19 - "උසස්පෙළට..."



ටික දවසකින් කොලේජ් A/L පටන් ගත්තා. ජීවිතේ අලුත් පිටුවක් පෙරළුණා වගෙයි මට දැනුනේ, මමයි ඉරෝෂයි ආපහු ෆුට්බෝල් ටීම් එකට ජොයින් වුනා. සචී අයියා නම් මම සෙල්ලම් කරන්න යනවට වැඩි කැමැත්තක් තිබුනේ නැහැ. ඒත් මට තියෙන දාංගලේට සෙල්ලම් නොකර ඉන්නවා කියන්නේ හරිම අමාරු වැඩක් කියලා එයා දන්නවා. දැන් අයියලා කොලේජ් එන්නේ නැහැ. එයාලා A/L එක්සෑම් එකට ඇඩ්මිෂන් සයින් කරලා නිසා ගෙවල් වලට වෙලා පාඩම් කරනවා. රිවිෂන් ක්ලාසස් යනවා. සචී අයියා කොලේජ් එන්නේ නැති එක ගැන මට නම් ගොඩක් දුකයි, පාලුයි. අපි හැමෝටම හැමදාම ඉස්කෝලේ යන්න තියෙනවනම් කියලා හිතෙන්නේ එතකොට.

මගෙත් කොලේජ් ලයිෆ් එකේ අන්තිම අවුරුදු දෙක. ඒත් මේ උදා වුණේ මගේ කොලේජ් ලයිෆ් එකේ හොඳම අවුරුදු දෙක කියලා මට ඒ වෙනකන් දැනුණේ නැහැ. මම තෝරගත්තේ මැත්ස්. ඉරෝෂයා කොමස්. ඒ නිසා අපි දෙන්නා ස්කූල් ටයිම් එකේ වැඩිය මීට් වුණේ නැහැ. ආෆ්ටර් ස්කූල් ප්‍රැක්ටිස් වලදි තමයි ගොඩක් වෙලාවට මීට් වෙන්නේ. කොලේජ් එකේ පලවෙනි දවසෙම අපේ පන්තියේ අලුත් මුහුණු කිහිපයක්ම තිබුණා. මගේ එහා පැත්තෙන් වාඩි වුණේ අලුත් එකෙක්. සුදුයි, කෙට්ටුයි 5' 9" විතර උසයි. මිනිහා මගේ දිහා බලලා හිනා වුනා.

" උඹ මචං අලුතින්ද ආවේ ? "

මමත් ෆ්‍රෙන්ඩ්ලි විදිහට හිනා වෙලා කතා කළා. මගේ එහා පැත්තේ ඉන්න එකාව අඳුන ගන්න ඕනිනේ

" ඔව් මචන්, මම ආවේ කොට්ටාවේ XXXX කොලේජ් එකෙන්... උඹ ? "

" මම Grade 1 ඉඳන් මේ කොලේජ් එකේම තමයි. මම ලහිරු " මම ඌට අතට අත දුන්නා

" මම ඩිල්ශාන් " කොල්ලත් හිනාවෙලා අත දුන්නා

ඩිල්ෂාන්ට එහා පැත්තෙන් වාඩි වුනේ රනුක, ඌත් අපේ කොලේජ් එකේම හිටපු එකෙක්. වැඩි කතා බහක් නැති, පාඩුවේ ඉන්න එකෙක්.

පන්තියේ ඔක්කොම ඩෙස්ක් තුන ගානේ හදලා වෙන් කරලා තිබුණේ, අපි තුන්දෙනා හිටියේ ඉස්සරහම වම් කෙලවරේ, මම ජනේලේ අයිනේ, මැද්දේ ඩිලා, මෙහා පැත්තේ රනු. මම හිටපු තැනට කොලේජ් එකේ පූල් එක එහෙම ලස්සනට පේනවා. පන්ති භාරව හිටියේ මැඩම් කෙනෙක්. හරිම හොඳයි, ළමයින් එක්ක හොඳටම ෆිට් වුණා. මැඩම් ඉගැන්වුයේ කෙමිස්ට්‍රි. පලවෙනි දවසේ වැඩ කළේ නැහැ. මැඩම් අපි අපි හැමෝම එක්ක කතා කළා. එකිනෙකාව අඳුනා ගත්තා. අලුත් ළමයින්ව අපිට හඳුන්වලා දුන්නා. A/L ක්ලාසස් වල වැඩ කරන හැටි, ඉගෙන ගන්න ඕන විදිහ වගේ ගොඩක් දේවල් කියලා දුන්නා. ඉන්ටවල් එකේදි මම ඩිල්ෂාන් එක්ක කැන්ටින් එකට යන්න ක්ලාස් එකෙන් එළියට ආවා. කොල්ලා ඉස්කෝලෙට අලුත් නිසා මම ඌට ඉස්කෝලේ තැන් ගැන කියලා දුන්නා.

ඉරෝෂයාගේ මොබයිල් එකට කෝල් එකක් ගත්තට ෆෝන් එක ඕෆ්. අපි කැන්ටින් එකෙන් හොට්ඩෝග් දෙකක් කාලා කිරි පැකට් දෙකක් බිව්වා. අපි ටොයිලට් එකට ගිහින් පම්ප් එකකුත් දාලා ආපහු එද්දී තමයි ඉරෝෂයව හම්බ වුනේ.

" අඩෝ මම උඹව හොයා ගන්න බැරුව හිටියේ. ක්ලාස් එකට ගියාම උඹ එළියට ගියා කිව්වා. කැන්ටින් එකේත් හිටි‍යේ නැහැ "

ඉරෝෂයා චට චට ගාලා කියවගෙන යද්දි ඩිල්ෂාන් පැත්තකට වෙලා බලන් හිටියා.

" මම උඹේ මොබයිල් එකට ගත්තා. ඒක ඕෆ් කරගෙන, මම හිතුවේ ඇවිත් නැද්ද කියලා "

" මම මොබයිල් එක ගෙනාවේ නැහැ බං, අමතක වෙලා, උඹ කෑවද ? "

" ඔව් අපි කෑවා. මචං ඉරෝෂයා මේ ඉන්නේ මගේ අලුත් ක්ලාස් මේට් ඩිල්ෂාන්. කොට්ටාවේ XXX කොලේජ් එකෙන් ඇවිත් තියෙන්නේ. ඩිල්ෂාන් මේ ඉන්නේ මගේ බොක්කේ යාලුවා ඉරෝෂ. අපි දෙන්නා ග්රේට් සෙවන් ඉඳන් එකට හිටියේ. මූ දැන් කොමස් කරන්නේ "

මම ඩිල්ශාන්ටයි ඉරෝෂයටයි දෙන්නව හඳුන්වලා දුන්නා.

" හෙලෝ මචං නයිස් ටු මීට් යූ.. බ්‍රයිට් කේස් එකක් වෙන්න ඇති නේ ? උඹ ගොඩාක් ලකී.. ලහිරුවා වගේ එකෙක් ලඟට වැටුන එක "

ඉරෝෂයා ඩිලාගේ පිටට තට්ටුවක් දාලා කිව්වා. ඩිල්ෂාන් හිනාවෙලා මගේ දිහා බැලුවා

" මූට පිස්සු බං.. උඹ දැන් කොහෙද දුවන්නේ ? " මම ඉරෝෂයගෙන් ඇහුවා.

" මම පම්ප් එකක් දාලා ආපහු පන්තියට යනවා, ඉස්කෝලේ ඇරුනම ගේට් එක ලඟ හිටපන් යන්න එපා.. "

" එල.. සී යූ මචන් "

ඉරෝෂයා ටොයිලට් පැත්තට ගියා. මමයි ඩිලයි ආපහු ක්ලාස් රූම් එකට ආවා.

" තෑන්ක්ස් මචන්.."

ඩිලෂාන් ආපහු ක්ලාස් එකට ඇවිත් වාඩි වුණාම කිව්වා. මම පුදුමවෙලා උගේ දිහා බැලුවා. මූ මොකටද මට මේ තෑන්ක්ස් කරන්නේ කියලා

" ඇයි බන් ඒ "

" නැහැ උඹ වෙන උන් වගේ නෙවෙයි, වෙනස්, හෙල්ප්ෆුල් "

" මම මොකක්ද බන් කලේ ? උඹ ඉතින් අලුත් එකා නේ.. ඒක නිසා පොඩ්ඩක් දන්නේ නැද්ද ? "

මම උගේ පිටට තට්ටුවක් දාලා හිනා උනා. එදා ඉන්ටර්වල් එකෙන් පස්සෙ අනිත් සබ්ජෙක්ට්ස් කරන ටීචර්ස්ලා ඇවිත් අපිත් එක්ක කතා කරල ගියා. ඉස්කෝලේ ඉවර වෙන බෙල් එක ගැහුවට පස්සේ අපි ගේට් එක ලඟට ආවා. ඉරෝෂයා කලින්ම ඇවිත් හිටියා. ගේට් එක ලඟදි ඩිල්ශාන් අපෙන් වෙන් වෙලා ගියා. මමයි ඉරෝෂයයි ස්කූල් බස් එකේ එල්ලුනා.

" අඩෝ ලහිරුවා.. ඩිලා ලස්සනයි නේ ? "

ඉරෝෂයා හිමීට මගේ කනට ලන්වෙලා කිව්වේ ඩිලා යන දිහා බලන් ඉඳලා.

" අඩෝ මේ ඌට පාඩුවේ ඉන්න දීපන්.. තෝ හිතුවද හැම කොල්ලම ගේ කියලා ? " මම ඉරෝෂයට රැව්වා.

" නැත්නම් කරලා ගමු බන් "

" හුකXXX නැතිව හිටපන්.. "

" හි.. හී "

දවල් මම ගෙදර එද්දි අයියයි, සචී අයියයි පාඩම් කරනවා. මම දොරෙන් ඇතුල් වෙනකොටම දෙන්නම ඔලුව උස්සලා මගේ දිහා බලලා හිනා උනා.

" කොහොමද අද ? ඉගැන්නුවාද ? " අපේ අයියා ඇහුවා

" ඉගැන්නුවේ නැහැ.. ඔක්කොම ටීචර්ස්ලා ඇවිත් උපදෙස් දීලා ගියා, හෙට ඉඳන් උගන්වයි "

මම පිටේ එල්ලගෙන හිටපු බෑග් එක බිමට දාලා සෝෆා එකේ ඇදගෙන වැටුනා. හරිම මහන්සි

" ආහ්.. ළමයා ඇවිල්ලා තියෙන්නේ.." පැන්ට්‍රි එක පැත්තේ ඉදන් අම්මත් ආවා.

" අම්මා අද ඔෆිස් එකට ගියේ නැද්ද ? "

" උදේ ගිහින් ආවා.. ශ්‍රීමතී ආන්ටි ඉන්න නිසා මට ලේසියි.. ගිහින් වොෂ් එකක් දාගෙන එන්න. අය්යලා දෙන්නත් තවම කෑවේ නැහැ, මල්ලි එනකන් හිටියා "

අම්මා එහෙම කියද්දි මට සචී අයියා දිහා බැලුනේ ඉබේටම වගේ, එය හිනාවෙවී වැඩ කරනවා. අයියත් මගේ දිහයි සචී අයියා දිහයි මාරුවෙන් මාරුවට බලලා හිනාවෙලා ආපහු කර කර හිටපු වැඩේ කරන්න පටන් ගත්තා.

මම වොෂ් එකක් දාගෙන රූම් එකට එනකොට සචී අයියා මගෙ රූම් එකට ඇවිත් ඇඳ උඩ වාඩි වෙලා ඉන්නවා. මමත් එයා ලඟින්ම වාඩි වුනා.

" කොණ්ඩය හරියට පිහදාගෙන නැහැ.. බලන්න.. වතුර තවම.. එයා එහෙම කියලා මගේ අතේ තිබුන ටවල් එක අරන් ඔලුව පිහ දැම්මා.

" අද කොහොමද කොලේජ් එක ? පරණ යාලුවෝ එහෙම ඉන්න ඇති නේ ? "

" පරණ යාළුවෝ හිටියා. ඒත් මගේ ළඟට වැටුනේ අලුත් එකෙක් "

මම ඩිල්ශාන් ගැන විස්තර කිව්වා. සචී අයියාගේ මුහුණ බෙරි වෙනවා මම දැක්කා. එයාට ජෙලස් වගේ, මම ඉතින් අවුස්සන්නත් එක්ක තව රස කරලා කිව්වා.

" උඹ මාව අවුස්සන්න බොරු කියනවා නේද ?" සචී අයියා මාව කිති කැව්වා.

" හි.. හී.. නැහැ.. නැහැ.. මම ඇත්ත කිව්වේ, මාර ලස්සන කොල්ලෙක් "

" එහෙනම් ඌත් එක්කම ඉන්න එකයි ඇත්තේ " සචී අයියා මාව අත හැරියා

" මෝඩයා.. ආස ඇති නේද මම වෙන එකෙක් එක්ක යනවා නම්.. "

මම සචී අයියව බදාගෙන එයාගේ පපුවට තුරුලු වුණා.

" ඔයාට එහෙම කරන්න පුලුවන්ද ? "

සචී අයියා මගේ ඔලුව අතගගා අහනවා.

මම මොකුත් නොකියා ඒ පපුවේ උණුසුමට ගුලි වුනා. සචී අයියා හිමීට මගේ ඔළුව ඉම්බා.

අපි ටික වෙලාවක් එහෙම ඉඳලා කෑම කන්න පහලට ආව


"සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ
සෙවනැල්ල වාගේ ඔබ ලගින් ඉන්න ඕනේ
හමු වු දිනේ හිත බැදීලා සෙනේ
මුලු ජිවිතේ ඔබටමයි ආදරේ..."

No comments:

Post a Comment