Tuesday, March 13, 2012

Chapter 09 - "නපුරු වෙන්නේ ආදරේට..."




සචී අයියලගේ ගෙදර හදන වැඩෙත් පටන් ගත්තා. ස්කූල් වැකේශන් එකෙන් පස්සේ උදා වුණේ අලුත් අවුරුද්දක්. මම 11 වසරට පාස් වුණා. O/L වලට මාස 11 යි. මම මහන්සි වෙලා වැඩ කරනවා කියලා හිතුවා. ෆුට්බෝල් ටීම් එකෙනුත් අයින් වුණේ අම්මගේ බල කිරීමට. සචී අයියත් කැමැත්තෙන් හිටියේ නැහැ මම සෙල්ලම් කරනවට.

සචි අයියා මට වැඩිපුර පාඩම් වැඩවලට උදව් කළා, හැබැයි පොඩ්ඩක් බැරි වෙන්න බැහැ මාත් එක්ක රණ්ඩු වෙනවා, මමත් එයා වගේ ම මුරණ්ඩු නිසා ඉතින් තරහා ගියාම අපි දෙන්නා ගහගන්නේ නැති එක විතරයි. හැබැයි එයා තමයි මාව අවුස්සන්නේ මොනවා හරි කියලා, ඒ ආදරයට කියලා මම දන්නවා, ඒත් මම කැමැති නැහැනේ සෙකන්ඩ් වෙන්න, ඉතින් රණ්ඩු. මම ඉතින් සචි අයියා රණ්ඩු වෙන එකයි, නපුරුකම් කරන එකයි, ශ්‍රීමතී ආන්ටිට කියනවා, ආන්ටිත් ඉතින් ගන්නේ මගෙ පැත්ත. මගේ දෙවැනි අම්මා තමයි ශ්‍රීමති ආන්ටි, කොහොමහරි මම සචි අයියාගේ නපුරුකම් ගැන ආන්ටි එක්ක කිව්වම, දවසක් ආන්ටි සචී අයියට දොස් කියලා ටිකක්. දවසක් හවස මැත්ස් ක්ලාස් එක කරද්දි සචී අයියා ඕකට මාව අල්ලගත්තා. ක්ලාස් එක පටන් ගත්ත ගමන් ඇහුවේ නෑ, වැඩ ටික කරලා ඉවර උනාට පස්සේ තමයි ටොපික් එකට ආවේ.

" ආහ්... ඔන්න දැනුයි මතක් වුනේ " එයා කට උල් කරගෙන කියන්න පටන් ගත්තා.

" මොකද්ද " මමත් එයාගෙ මූහුන දිහා බලාගෙන ඇහුවා.

" හොඳට අම්මව දැලේ දාගෙන නේ "

" කවුද ? "

" කවුද ? මම "

" කාගේ අම්මවද ? මට මෙයා කියන දේ අගක් මුලක් තේරෙන්නේ නැතුව ඇහුවා.

" අපේ අම්මව "

" අනේ මේ.. මම නං ඔය කවුරුවත් දැලේ දා ගන්න ගියේ නැහැ "

" අපොයි ඔව්... අපොයි ඔව්... දැන් මෙතන හුරතල් වෙන්න ලෑස්ති වෙන්න එපා හොදේ ! අම්මාව නං මදැයි මාවත් දැලේ දාගත්තනේ මේකා "

එහෙම කියලා එයා කාමරයේ දොර දිහාත් බැලුවා, දොර වහලා තිබුනේ, ඒත් කාට හරි ඇහුනොත් කියලා එයා හිමින් කතා කලේ

" අපොයි ඔව්, කවුද දන්නේ නැහැ පස්සෙන් ආවේ. මමත් අතෑරියේ නැහැ

" කවුද පස්සෙන් ආවේ.. කවුද පස්සෙන් ආවේ.."

" ඔයානේ "

" හා.. හා.. මට වෙන වැඩ නැතුවට, ඊට වඩා හොඳයි අර පරණ මොරිස් මයිනර් කාර් එකක් පස්සෙන් පැන්නුවා නම් "

" ආහ්.. අනේ මෝඩයා. මම දැන් මොරිස් මයිනර් එකකටවත් වඩා අන්තයිද ? " මට මල පැන්නා

" හරි... හරි... දැන් අහන්නකෝ කතාව. අම්මා මට උදේ නැගිට්ට වෙලාවේ ඉදන් බනිනවා

" ඒ මොකටද ?

" ඔයා එක්ක රණ්ඩු වෙනවා කියලා, මම ඔයාට වෙනස්කම් කලාලු, නපුරුකම් කලාලු, එහෙම කරන්න එපාලු, චූටි පුතා පව්ලු, අප්පටසිරි මෙයාට තියෙන තැන අපේ අම්මගේ හිතේ හුහ්..."

ඒ කතාව ඇහුවම මගේ හිතට ලොකු සතුටක් දැනුණා, ආඩම්බර හිතෙන්නේ නැද්ද මගේ කොල්ලගේ අම්මා, මාව වර්ණනා කරනවට, සචි අයියා මගේ දිහා බලාගෙනම හිටියා.

" ඇත්ත නේ ඔයා මට නපුරුකම් කරන් නැද්ද " මම ඇහුවා

" ඒ ඉතින් ආදරේට නේ "

" ආදරේට නපුරුකම් කලාම තරහට මොකද කරන්නේ ? "

" තරහට නම් ඉතින් මුහුණ හරි ඉඹින්න බැරියැ "

" හි.. හී.. මෝඩයා "

" ඒ මේ මට නිකන් තරහ යන්න එනවා වගේනේ "

සචී අයියා එහෙම කියන ගමන් පුටුවෙන් නැගිටලා ඇවිත් මාව බදා ගත්තා.

" ඒ යනවා එහාට "

එයාගෙ යන්තම් වැවුනු රැවුල් කොට මගේ මුහුණ ඇතිල්ලෙද්දී මට කිති කැවුනා.

" මේ... මට මේ හොඳටම තරහ යනවා පේන්නේ නැද්ද ? "

" එපා වල් කොල්ලා යනවා අහකට "

මම එයාව බොරුවට අයින් කරන්න දැගළුවත් වැඩක් වුනේ නැහැ, එයා මාව බදාගෙන ඇඳ උඩ පෙරලගත්තා, එයාගේ තොල් හෙව්වේ මගේ තොල්.. අපි දෙන්නා තොල් පටලවගෙන ගොඩක් වෙලා හිටියා

ජීවිතය ඒ විදිහට ලස්සනට ගෙවිලා ගියා, සචී අයියලගේ ගෙදර මාස හයකින් වගේ හදලා ඉවර කර ගන්න පුලුවන් උනා. 2009 ජූලී මාසේ 14 වෙනිදා එයාලා අලුත් ගෙදර පදිංචියට ගියා . ඊළඟ කොටසින් ඒ දේවල් කියන්නම්.


"තරු පාට නිලට දිලිසෙන ඇස් කතා කරන ලස්සන
මම නොදන්නවා නොවෙයි, දන්නවා මම නොදන්නවා වගේ ඉන්නවා
මල් පාර දිගට ඉහිරුණ රොන් සුවඳ හෙලා හිත මත මනමාල කතාවන් කියනවා
හිත රිදුනත් නොරිදුනත් ඇඩෙනවා.."



No comments:

Post a Comment