Monday, February 27, 2012

Chapter 02 - "ආලෙන් වෙලා ගන්න කෝලම් කලා..."






එදා අයියයි මමයි ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවේ අමුතු සතුටකින්, ගෙදරට අමුත්තෝ ඇවිත්නේ, අපි ඉස්සර ඉදන්ම ගෙදරට කවුරු හරි එනවට කැමතියි. ඒත් අපේ අම්මා දවසෙම බිස්නස් වැඩත් එක්ක හැප්පෙන නිසා අපේ ගෙදරට නෑදෑයෝ, යාලුවෝ එනවා අඩු වුනා. හැමෝම අම්මා හම්බ වෙන්න යන්නේ ඔෆිස් එකට. අයියයි මමයි ගේට් එක ඇරගෙන ඇතුලට යද්දීම අපේ අම්මයි ශ්‍රීමතී ආන්ට්යි දෙන්නා ගෙදර ඉස්සරහා සාලේ වාඩි වෙලා කතාව. මගේ ඇස් හෙව්වේ අනිත් කෙනාව " සචින්ත " ඒත් ඌ නම් පේන්න නැහැ.
" ආන්ටි කොහොමද ? උදේද ආවේ ? කෝ සචී ? අපේ අයියන්ඩි ප්‍රශ්න වැලකින්ම දමලා ගැහුව නිසා මට අහන්න දෙයක් ඉතුරු වුනේ නැහැ, ශ්‍රීමතී ආන්ටිගෙන්. මම ඉතින් ගොනා වගේ හිනා වෙලා පුටුවකට කඩන් වැටුනා. ඒත් එක්කම පඩි පෙළ දිගේ පහලට බැස්සේ අපේ අයියා තරම්ම විතර උස තලෙළු, ටිකක් ඇගපත තියන කොල්ලෙක්. සුදු පාට ත්‍රීක්වාට කලිසමකුයි සුදු ටීෂර්ට් එකකුයි ඇදලා. කොල්ල නම් හැන්ඩි දැක්කම ආසත් හිතෙනවා 😊😊 එහෙනම් මෙයා වෙන්න ඕනේ "සචින්ත" මම තනියම හිතුවා..... අපේ අයියා


" කොහොමද සචියා මොනාද විස්තර ? මේ ඉන්නේ අපේ මල්ලි, ලහිරු "

'' හෙලෝ මල්ලි, අදනේ ඔයාව දැක්කේ . අයියා තරම්ම සයිස් නේ 😊😊

" හෙලෝ අයියා.... ඔයත් අපේ කොලේජ් එකටම එනවලු නේද ? ගුඩ් ගුඩ් " මට කියන්න දෙයක් නැතිව කිව්වා.

" ලොකු, පොඩි, දැන් සචින්තත් ඔයාලගේම සහෝදරයෙක් එයාට කරදර කරලා එහෙම අහුවෙන්න එපා, විශේෂයෙන්ම පොඩ්ඩට කියන්නේ මම " අපේ අම්මා කියද්දී සචින්ත අයියා මහේ දිහා බලලා හිනා වුනා. ඒ ඇස් දෙක දිලිසෙනවා මගේ දිහා බලන් ඉන්නේ නිකන් අමුතු සතෙක් දිහා බලන් ඉන්නවා වගේ කියලා මට හිතුනේ.

" මම චේන්ජ් එකක් දාගෙන එන්නම් "

මම එහෙම කියලා ශේප් වෙලා මගේ රූම් එකට ආව, සචින්ත අයියට දීලා තිබුනේ උඩ තට්ටුවේ මගේ රූම් එකට ඉස්සරහ රූම් එක. ඒ පැත්තෙම අනිත් රූම් එක අපේ අයියගේ. මම යනකොට දැක්කේ ඒ රූම් එක ලස්සනට අස් කරලා ඒ ටිකට, පිළිවෙලයි . මම මගේ රූම් එකට ආව අෆෝ මේකේ ඇතුලට වෙන කවුරුවත් එන්නේ නැහැ අපේ අම්ම කියන්නේ මගේ රූම් එකට යන එකාට දෙවියන්ගෙම පිහිටයි කියලා 😁😁 ඇඳුම් ගලවල දාපු දාපු තැන් වල, පොත් හැම තැනම, ඒත් මට මගේ කාමරේ හොදයි. අපේ අම්මා මාසෙකට සැරයක් අස් කලත් දවසකින් ආපහු තිබුන තත්වෙටම එන නිසා අපේ අම්මා දැන් අස් කරන්න එන්නේ නැහැ. ඒත් දැන් අලුත් ග්‍රහයෙක් ඇවිත් නිසා මම පොඩ්ඩක් පිළිවෙලට ඉන්න එක හොදයි. මට එහෙම හිතුනේ ඇයි කියලා මම වත් දන්නේ නැහැ. මම ඇඳුම් මාරු කරන්නේ වත් නැතිව කාමරේ හැමතැනම විසිරිලා තිබුන ඇඳුම්, පොත් ඔක්කොම අස් කලා. විනාඩි 5 යි. ඇඳුම් ටික රෙදි කූඩේට දැම්මා. පොත් පත්තර ටික දැම්මා මේසේ තියන ලාච්චු වලට 😊😊 ම්ම්ම් දැන් පොඩ්ඩක් මනුස්ස පාටයි . මම ගිහින් වොෂ් එකක් දා ගත්තා. පහලට එද්දී ඔක්කොම කෑම කන්න ලැහැස්ත්ති වෙලා. අයියා නම් ඉවරයක් නැතිව සචින්ත එක්ක කතාව. මට තරහේ බැහැ. අම්මත් ශ්‍රීමති ආන්ටි එක්ක කතාව. මම ගොනා වගේ සද්ද නැතිව කනවා.

" පොඩි පුතා වැඩි කතා බහක් නැහැ වගේ නේද ?" ශ්‍රීමති ආන්ටි අහනවා "

"මෙයාගේ කටේ හැටි තවම දන්නේ නැතිව ඔයා. අද මොකක් හරි වෙලා, පූසා වගේ ඉන්නේ . වෙනදට ඇවිත් ගෙදර දෙක කරනවා "

මම කියන්න කලින් අම්මා මගේ චරිත ලක්ෂණ විස්තර කළා. 😊😊 සචින්ත හෙන ආඩම්බරයි කියලයි මට නම් හිතුනේ . අනිත් හැමෝම එක්ක කතා කලත් මාත් එක්ක කතා කලේ නැහැ, දැක්කම හිනා වෙනවා විතරයි. සමහර විට එයාට හිතෙන්න ඇති මම පොඩි එකෙක් නිසා වැඩි කතාවක් ඕනේ නැහැ කියලා, මම මොහොතකට අපේ ගෙදර තනි වුනා වගේ දැනුනා.

සචින්ත අයියාවත් අපේ කොලේජ් එකට අරගෙන තිබුනා. එයාගේ O/L රිසාල්ට්ස් හොද නිසා. අපේ අයියගේ ක්ලාස් එකට වැටුනේ නැති වුනත් ඒ සෙක්ෂන් එකේම ක්ලාස් එකක් සචින්ත අයියට ලැබුනේ. දෙන්නම කලේ මැත්ස් නිසා ඒ දෙන්නම එකම ටියුෂන් ක්ලාසස් වලටත් ගියා. ශ්‍රීමති ආන්ටි අම්මත් එක්ක අම්මගේ බිස්නස් වැඩ වලට උදව් වෙන්න පටන් ගත්තා. ඒක අම්මටත් ලොකු පහසුවක් වුනා.

ටික දවසක් යනකොට සචින්ත අයියත් මාත් එක්ක යාලු වුනා. ඒත් මුල් කාලේදී මට පෙන්නපු ආඩම්බරකම් වලට මගේ හිතේ නිතරම තිබ්බේ තරහක්. ඒක නිසා මම සචින්ත අයියව ගණන් ගත්තේ නැහැ වැඩිය, සචින්ත අයියා නිතරම මගේ දිහා බලන් ඉන්නවා කියලා මට තේරුනේ දවසක් දෙකක් නෙමේ. හැබැයි මමත් එයා දිහා නිතරම බලන් ඉන්නවා, එයාගේ මොකක් හරි ලොකු වෙනසක් තිබුනා. ඒ වෙනස මොකක්ද කියල මට තේරුනේ නැහැ. හැබැයි එයා නියම පිරිමියෙක් කියන එක මට දැනුනා. ඉස්කොලේ අයියගෙයි මගෙයි යාලුවෝ, ටිචර්ස්ලා හිතුවේ සචින්ත අයියා අපේ කසින් කෙනෙක් කියලා. ඉරෝෂයා සචින්තව දැක්ක දවසෙම මට කිව්වේ

" ඌ නම් මාර හැන්ඩි කොල්ලෙක් බන්, නුවර පිපිච්ච මලක් නේ " කියලා

" මලක් නෙවේ ගලක් " මම එහෙම කිව්වේ ඇයි කියලා මටම හිතා ගන්න බැරී වුනා.

" හොද ගලක් නම් තමයි " 😁😁 ඉරෝශයා කිව්ව වල් විදිහට අපි දෙන්නටම හිනා,

සචින්ත අයියා අපේ ගෙදර ඇවිත් මාසයක් විතර යද්දී අපේ අම්මා එයාට කිව්වා මට මැත්ස් කියලා දෙන්න කියලා. මට මැත්ස් අරහන්. මම ඉස්කොලේදීත් මැත්ස් පීරියඩ් එක කට් කරලා ග්‍රවුන්ඩ් එකට පනිනවා ගොඩක් වෙලාවට, ගෙදරදී අයියා කියලා දෙන්න හැදුවත් මම මොකක් හරි කියලා මග හරිනවා. මට ඕනේ වුනේ ෆන් එකේ ඉන්න. ඇත්තටම මට ජීවිතේ බරක් පතලක් තිබුනේ නැහැ. සචින්ත අයියා මට මැත්ස් කියල දෙන්නම් කියලා අපේ අම්මට පොරොන්දු වුනා. මම ඒකට අම්මත් එක්ක රන්ඩු වුනා, සචින්ත අයියා හා කිව්ව එකෙන් මට තවත් තරහ ගියා. දවස් දෙකක් විතර අමාරුවෙන් ඕනවට එපාවට මම එයත් එක්ක ක්ලාස් කලා. ඒත් මට ඇති වෙලා තිබ්බේ. තුන් වෙනි දවසේ මම එයා දුන්නු ගණන් ටික ඕනාවටම වැරදියට හැදුවා. එයා ආපහු කියල දුන්නම මම ආපහු වැරදියට හැදුවා, එයා මගේ මුහුණ දිහාම බලන් ඉන්නවා මගේ මුහුණේ පෙරහැරක් යනවා වගේ

තුන් වෙනි සැරෙත් කියල දීල වැරද්දුවම එයාට තේරෙන්න ඇති මම උවමනාවෙන්ම තමයි මේ දේ කරන්නේ කියලා දැන් මුට අප්සෙට් වගේ මුණත් බෙරි වෙලා

" ඇයි මල්ලි ඔයා මාත් එක්ක තරහින් වගේ ඉන්නේ ? මම උගන්වනවා හොද මදිද ? "

එයා දුකෙන් වගේ අහනවා මට පව් කියලා හිතුනත් මම ඒක පෙන්නුවේ නැහැ

" එහෙම එකක් නැහැ මට මේවා තේරෙන්නේ නැහැ " මම තරහින්ම කියලා දැම්මා

" OK මම ආන්ටිට කියන්නම් ඔයාට මම කියල දෙන ඒවා තේරෙන්නේ නැහැ කියලා සොරි ලහිරු ! "

එහෙම කියලා සචින්ත අයියා මේසෙන් නැගිටලා යන්න ගියා. එයා මට ලහිරු කිව්වේ පලවෙනි වතාවට. එයාට තරහා එන්න ඇති මම වගේ මුරණ්ඩු කොල්ලෙක්ට සෙකන්ඩ් වෙන්නේ මොකටද කියලා. එදා ගෙදර කවුරුත් හිටියේ නැහැ, අයියා ලයිබ්රි එකට ගිහින් අම්මයි ශ්‍රීමති ආන්ටියි ඔෆිස් ගිහින්. TV එකේ බලන්න දේකුත් නැහැ, මම ටිකක් නිදා ගන්න කියලා හිතලා මගේ රූම් එකට ගියා. සචින්ත අයියගේ රූම් එකේ දොර ඇරලා, මම ඇස් කොනින් ඒ පැත්ත බලාගෙන ගියා. සචින්ත අයියා කොට්ටේකුත් බදා ගෙන අනිත් පැත්ත හැරිලා නිදි. මට පව් කියලා හිතුනා. මොනවා වුනත් මට කරපු වැරැද්දට අප්සට්. මම ඇදට ගිහින් නිදා ගන්න හැදුවත් නින්ද යන්නෙම නැහැ, හිතේ එක එක විකාර මැවෙනවා, මම හිතලා හිතලා අන්තිමට තීරණය කලා සචින්ත අයියට සොරි කියන්න, මොනවා වුනත් මගේ මුරණ්ඩු කමට එයා පලි නැහැනේ. අපේ අම්මනේ බලෙන්ම එයාට කිව්වේ මට මැත්ස් කියල දෙන්න කියලා මම පහලට ගියා ආපහු, සචින්ත අයියා රූම් එකේ පේන්න හිටියේ නැහැ, බාත් රූම් එකේ වතුර වැටෙන සද්දයක් ආව මිනිහා නානවද කොහෙද මම පැන්ට්‍රි එකට ගිහින් තේ හැදුවා සචින්ත අයියට, එයා පහලට ආවේත් නැති නිසා මම තේ එකත් අරන් රූම් එකට ගියා. එයා ටවල් එක ඇදගෙන අල්මාරියෙන් ඇදුම් තෝරනවා. මට දැක්කම නිකන් විදුලියක් කෙටුව වගේ වුනා. බ්‍රවුන් පාට ස්කින් එක, අත් වලයි සෝල්ඩර්ස් වලයි මසල්ස් පිම්බිලා පේනවා. එයා කලින් හිටපු කොලේජ් එකේ ඇත්ලටික් ටීම් එකේ හිටියා කියල මට දවසක් අම්මලා කතා වෙද්දී ඇහුනා. අද තමයි මෙයාගේ ඇග හරියටම දැක්කේ. ඒක නම් නියම පිරිමි ඇඟක්. කිසිම අඩු පාඩුවක් නැහැ මගේ ඇගම පණ නැති වුනා වගේ එයාව එහෙම දැකලා, මගේ හිතට ඉතින් වල් හැගීම් ආවත් මම ඒවා යටපත් කරගෙන දොරට තට්ටු කලා.

" ඇයි ලහිරු ? "

මේ යකා මට ලහිරු කියනවා,,

" ඔයාට තේ හැදුවා "

මම අහක බලාගෙනම ගිහින් තේ කෝප්පේ එයාගේ මේසේ උඩින් තියලා ආපහු එයාගේ මුහුණ දිහා බැලුවා එයා පුදුමෙන් වගේ මගේ දිහා බලන් ඉන්නවා. මම දැන් සමාව භජනය කරන්න වචන එකතු කරනවා "

අයියේ... සොරි..... දවල් වෙච්ච දෙයට මට ටිකක් තරහා ගියා. ඒත්.. මම ආපහු එහෙම කරන්නේ නැහැ, මම ට්‍රයි කරන්නම් හොදට වැඩ ටික කරන්න "

මම එහෙම කියල ආපහු හැරුනේ එයා මොනවත් කියන්න කලින්

" ලහිරු ඔහොම කියන්නේ මම ඔයාගේ අම්මට කියලා ඔයාට බැනුම් අස්සවයි කියල නේ ? භය වෙන්න එපා මම මුකුත් කියන්නේ නැහැ "

එයා ගානක් නැතිව එහෙම කියද්දී මට ආපු තරහා කියල නිම කරන්න බැහැ. මම ආපහු හැරුනේ හොද දෙකක් කියන්න. ඒත් ඒ මුහුණ දිහා බලාගෙන බනින්න බැරි මොකක්දෝ හැගීමක් මට ඇති වෙලා ... මම ආපහු කරබා ගත්තා

" ඔයා කැමති දෙයක් හිතා ගන්න අයියේ හිතේ තියන දේ අවංකවම ඔයාට කිව්වා "

මම එහෙම්මම මගේ කාමරයට ගිහින් ඇදට වැටුනා. මම කවදාවත්ම මෙච්චර සංවේදී වෙලා නැහැ. කොල්ලෙක් නිසා මේ තරම්ම අප්සෙට් වෙන්න මට හේතුවක් තියනවද? මට දුක හිතුනා. ඒත් එක්කම තරහක් ආවා, කොහෙන්වත් ආපු එකෙක්ට සෙකන්ඩ් වුනානේ කියලා. ටික වෙලාවකින් මගේ රූම් එකේ දොරට කවුද තට්ටු කරනවා ඇහිලා මම හැරිලා බලද්දී මෙන්න අර මනුස්සයා මගේ දොර ගාව

"මල්ලි තරහද ?

මම හිත රිද්දුවා නේද ඔයාගේ..?

ආහ්.. දැන් ආයෙත් මල්ලි කෑල්ල පටන් අරගෙන. මම මුකුත් නොකියා කරබාගෙන හිටියා. එයා ඇවිත් ඇඳේ අනිත් පැත්තෙන් වාඩි වෙලා මගේ ඔළුවට අත තිබ්බා. මම ගැස්සිලා නැගිට්ටා. එයා අත අරගත්තා ආපහු. මම නැගිටලා එරමිණියා ගොතාගෙන ඇඳේ වාඩි වුනා, එයා මගේ ඇස් දෙකට එබිලා බලන් ඉන්නවා මටම තේරෙන්නේ නැහැ ඒ වෙලාවේ මොනවා වුනාද කියලා මම එයාගේ බෙල්ලේ එල්ලිලා එයාගේ උරහිසේ ඔළුව තියා ගත්තා

" අනේ ඇයි මේ සොරි පැට්ටෝ. ඇයි මේ ? ඔයාට දුක හිතුනද ? "

එයා මගේ ඔලුව අත ගාන ගමන් අහන්නවා. මම මුකුත් නොකියා එහෙම්මම හිටියා. එයාගේ උණුසුම් හුස්ම මගේ ඔළුවට වදිනවා

" මම ආයෙත් ඔයත් එක්ක රන්ඩු වෙන්න නැහැ, මාව කොන් කරන්න එපා, ඔයා ආවට පස්සේ මම මේ ගෙදර තනි වෙලා වගේ. ඔයා අයියත් එක්ක විතරයි යාලු "

මම මගේ හිතේ තිබ්බ දේවල් ඔක්කොම කියලා දැම්මා,

"එහෙම නැහැ මගේ සුදු මල්ලියෝ.... ඔයානේ අපිත් එක්ක වැඩිය කතාවට ආවේ නැත්තේ, මීට පස්සේ එහෙම වෙන්නේ නැහැ, ප්රොමිස් "

එයා එහෙම කියන ගමන් මගේ නළලට කිස් එකක් දුන්නා. මගේ හිත ඇතුලේ විදුලියක් කෙටුවා. හීනයක් වගේ, මටත් නොදැනිම මම සචින්ත අයියට ආදරය කරන්න පටන් අරන්ද කියලා මට දැන් හිතෙනවා.

" මම සුදු නැහැ ! "

මම එයාගේ උරහිසින් ඔලුව හරවලා හිනා වෙවී කිව්වා

" මට සුදුයි නේ.... උම්මා....එයා හිනා වෙලා එහෙම කියලා ආපහු මගේ නළලට කිස් එකක් දුන්නා

" ඔයා තේ බිව්වවද ? "

එයා මගේ ඇස් වලට එබිලා ඇහුවා

" නැහැ ඔයාට විතරයි හැදුවේ, ඔයාව යාලු කර ගන්න "

" කපටි කොල්ල... හි.. හි .. එන්න අපි දෙන්නම මගේ තේ එකෙන් බොමු "

එයා එහෙම කියල එක පාරටම මාව අත් දෙකෙන්ම උස්සලා වඩා ගත්තා.

" වැටෙයි මෝඩයෝ බිමන් තියනවා.. " මම කෑ ගැහුවා කකුල් දෙක ගසලා "... ඒත් ඒ ශක්තිමත් අත් වලින් මාව බිම වැටෙන්නේ නැහැ කියල මට විශ්වාසයි, එයා මාව උස්සගෙන ගිහින් එයාගේ රූම් එකේ ඇඳ උඩින් තිබ්බා. තේ එක අරන් මට දුන්නා බොන්න කියලා, මම ඒකෙන් උගුරක් බීලා එයාට දුන්නා... එයා ටික ටික මටත් පොවන ගමන් එයත් තේ එක බිව්වා. අපි දෙන්නා එක දවසකින් මෙතරම් ලං වෙයි කියලා මම හීනෙන් වත් හිතුවේ නැහැ.. එදා ඒ පුංචි සිදුවීමෙන් අපි දෙන්න අතරේ තිබුන ලොකු පරතරය අඩු වෙලා අපි දෙන්න ගොඩක් ලං වුනා.

කට්ටිය හිතනවා ඇති කෝ මුන් දෙන්නා මුකුත් කලේ නැද්ද කියලා.. අපෝ කලා.. දැන්ම නෙවෙයි තව ටිකක් තියනවා ඊලග කොටසින් කියන්නම්කො ඊ ලගට වෙච්ච දේ 😊


"ආලෙන් වෙලා ගන්න කෝලම් කලා, 
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා..”




1 comment: