Wednesday, March 14, 2012

Chapter 27 - "THE WEDDING RING..."


College එකේ අලුත් Term එක පටන් ගත්තා. පළවෙනි දවසේ යන්න කම්මැලි හිතුනත්, උගන්වන්නේ නැති එකම දවස ඒක නිසා යන්න ඕනි කියලා මම හිතුවා. ස්කූල් පටන් ගන්න විනාඩි දහයකට විතර කලින් මම ක්ලාස් එකට ආවා. ඩිල්ෂාන් වෙනදා හිටපු තැනම වාඩි වෙලා ඉන්නවා. මම හිතුවා මිනිහා අප්සට් එකට වෙන කොහෙන් හරි වාඩි වෙලා ඉදියි කියලා. මම ඌව ගණන් ගන්නේ නැතිව ගිහින් මගේ පුටුවේ වාඩි වුණා. එදා දවසෙම අපි දෙන්නා වචනයක්වත් කතා කලේ නැහැ. ඩිල්ෂාන් මාත් එක්ක කතා කරන්න ට්‍රයි කලත් මම ඌට චාන්ස් එකක් දුන්නේ නැහැ. ඉන්ටවල් එකේදි මම කැන්ටින් එකට ගියෙත් තනියෙන්. ඉරෝෂයා ආවා ටික වෙලාවකින්.

" කෝ ඩිලා ? " ඉරෝෂයා වටපිට බලනවා

" ආහ්.. කොල්ලව දකින්නේ නැතිව උඹට දුකයි වගේ ද ? "මම ඌව නෝන්ඩි කලා

" ඔව් බන්, මම ඌ දිහා බලලා හරි රස වින්දා, තෝ ඒකත් නැති කලා.. හි.. හී "

" හොඳ වැඩේ උඹටත්, පොප්සිකල් ඩයල් වලට කෙල හලනවට, උඹට තව පොඩ්ඩෙන් ඌ කියනවා පොන්නයා කියලා.. හික්.. හික්.."

මම එහෙම කිව්වම ඉරෝෂයා මට ඔරවනවා.

" එහෙම කිව්වා නම් මම ඌට පු*** ඇරලා මරනවා..."

අපි දෙන්නම හොඳටම හිනා වුණා

" ඉරෝෂයා උඹට කියන්න දෙයක් තියෙනවා.."

මම කතාව පටන් ගත්තා.

" මොකක්ද ? කියපන්.."

" I got married.. " 

" මොකක් කිව්වා ?? " 

මම වොලට් එකේ තිබුණ අපි දෙන්නගේ මැරේජ් සර්ටිෆිකේට් එක අරන් ඉරෝශයගේ අතට දුන්නා. ඉරෝෂයා ඒක අතට ගත්තේ ලොකු කුතුහලයකින්.

" මේක මේ පර්ෆියුමරි ඉන්වොයිස් එකක් නේ.."
ඌ මගේ මූහුණ දිහා බලලා කියනවා

" හරකෝ, අනිත් පැත්ත හරවල බලපිය.."

ඉරෝෂයා කොලේ අනිත් පැත්ත හරවලා කියවන්න පටන් ගත්තා. ඒක කියවද්දී ඉරෝශයාගේ මූහුණේ වෙනස් වන ඉරියව් දිහා මම බලන් හිටියා, කියවල ඉවර වෙලා ඉරෝෂයාගේ මුහුණේ ඇදුනේ ලොකු හිනාවක්.

" උඹ බිල් කොලේක එහා පැත්තේ ලියලා මැරි කරලා. නියමයි, කාගේද අයිඩියා එක ? "

" කාගෙද ඉතින් මේ ලහිරුවගේ මිසක්. බොළදයි නේද ? "
මම ඇහැක් ගහල කිව්වා.

" උඹේ ඔලුවටත් එන්නේ පුදුම අදහස් තමයි. පිස්සුද මොන බොළඳද ? මටත් වෙලාවකට හිතෙනවා උඹට වගේ කොල්ලෙක් මටත් හිටියා නම් කියලා. Congratulations ! මචෝ, මම හිටිය නම් සාක්කියට අත්සන් කරනවා.

" හි.. හී... Thanks බන්. උඹ අත්සන් කරන්න ඕනි නැහැ. අපේ ආදරේට උඹ කොහොමත් සාක්කී.."
මම ඉරෝෂයගේ කරට අත දාගෙන එහෙම කිව්වා.

" I'm Proud of you Lahiru ! මට උඹ ගැන ගොඩක් ආඩම්බරයි.."
ඉරෝෂයා මාව හග් කලා

" I'm Proud of me too.." මම හිනා වෙවී කිව්වා.

අපි දෙන්නා කියව කියව ඉදලා, ආපහු බෙල් එක වැදුනම ක්ලාස් වලට ආවා. ඩිලා පේන්න හිටියේ නැහැ. මම එහා පැත්තේ ඉන්න රනුක ගෙන් ඇහුවම කිව්වා කැන්ටින් එකට ගිහින් කියලා. ඉන්ටවල් එකෙන් පස්සේ පීරියඩ් එකේ සර් ආවේ නැහැ. අපි ඉතින් ක්ලාස් එකේ ඩෙස්ක් වලට තට්ටු කර කර හිටි‍යා. ටිකකින් ඩිලා ඇවිත් මගේ එහා පැත්තෙන් වාඩි වුනා. රනුක ඉන්න හින්දා මූට මුකුත් අහන්නත් බැහැ ඉතින්. ස්කූල් ඇරෙනකම්ම නිකං කාලේ ගෙවිලා ගියා. 

School Bell එක වැදුනට පස්සේ මම බෑග් එක අරන් පහළට ආවා. එකපාරටම මගේ උරහිසට කවුරුහරි තට්ටු කරනව දැනිලා මම පිටි පස්ස හැරිල බැලුවා. ඩිලා. ඌ බයෙන් වගේ මගේ දිහා බලන් ඉන්නවා 

" මොකද ? " මම ඇහුවා

" න්.. නෑ... ටිකක් කතා කරන්න පුළුවන්ද ? " ඩිලා ගොත ගහනවා 

" මොනවද ? "

" මේ.. මේ.. එදා වෙච්ච දේට උඹ මාත් එක්ක තවම තරහද ? "

" නැහැ බන්.. මම ඉතින් උඹත් එක්ක එහෙම යාලු කමක් තිබුණෙත් නැහැ නේ තරහා වෙන්න.."
මම ආපහු හැරිලා යන ගමන් කිව්වා. මූත් මගේ පස්සෙන්ම එනවා.

" ළහිරු, I'm Sorry බන්. මම දන්නවා මම වැරදි.. Please මට එක වතාවක් සමාව දීපන් "

ඒක ඇහුනත් එක්කම මම එතැනම නැවතුනා. මම කෙලින්ම බැලුවේ උගේ ඇස් දෙක දිහා. ඌ ඒක කියන්නේ ඇත්තටම ද කියලා තේරුම් ගන්නයි මට වුවමනා වුනේ. ඒ ඇස් වල තිබුනේ මළානික බවක්. හැබැයි පැහැදිලි මළානික බවක්.

" මගෙන් සමාව ඉල්ලන්න උබ මට වැරැද්දක් කරල නැහැ. උඹ ඒ දේවල් කිව්වේ මට නෙවේ නේ. ගිහින් ඒ පොඩි එකාට සොරි කියපන්. මගේ උඹත් එක්ක තරහක් නැහැ.

මම ඩිලාගේ පිටට තට්ටුවක් දාලා එන්න ආවා. ගේට්ටුව ලඟ ඉරෝෂයා හිටියා. අපි දෙන්නම ගේට් එකෙන් එළියට ඇවිත් ස්කූල් බස් එකට නැග්ගා. එදායින් පස්සේ ආපහු ඩිල්ෂාන් එක්ක මම ටික ටික යාළු වුණා. ඒත් ඉස්සර වගේ උගේ ගැන මගේ හිතේ ලොකු ෆිට් එකක් නම් තිබුණෙ නැහැ.

********************************************* 

සචී අයියයි, අපේ අයියයි දෙන්නම ඔෆිස් යන්න පටන් ගත්තා. ඒ දෙන්නටම ඔෆිස් එකේ වැඩ කරනවට අම්මා සැලරි එකක් ගෙවන්න කැමති වුණා. නිකං ඉන්නවට වඩා එතනින් මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා නම් ඒක හොඳ නිසා මමත් ඒ ගැන සතුටු වුනා. සචී අයියා ඔෆිස් යන්න පටන් ගත්තට පස්සේ අපි නිදහසේ මීට් වුනේ සෙනසුරාදා දවස් වල විතරයි.

වීක් ඩේස් වලට මම ස්කූල්, ක්ලාසස්, ෆුට්බෝල් ප්‍රැක්ටිස්, ඒ වගේම සචී අයියා දවස් පහම ඔෆිස් එකේ, උදේ 9 ඉදන් හවස 6 වෙනකම්. ඉතින් ඒක නිසා මම සෙනසුරාදා තිබූන ෆිසික්ස් ක්ලාස් එක නවත්තලා දැම්මා. ඒ වෙනුවට අලුත් ෆිසික්ස් ක්ලාස් එකකට ජොයින් වුණා සිකුරාදට. දවස් ගෙවිලා යන්නේ හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට.

එක සෙනසුරාදා දවසක උදේ මම සචී අයියලගේ ගෙදර ගියා. මම ගිහින් ගෙදර බෙල් එක ගැහුවත් දොර අරින්න එයා ආවේ නැති නිසා මම දොරේ ලොක් එක නිකම් කරකවලා බැලුවා. නිකම්ම ඇරුනා.

" සචී අයියා " 

සද්දයක් නැහැ. මම සචී අයියගේ රූම් එකේ දොර ඇරගෙන ඇතුලට ගියා. කොල්ලා කොට්ට දෙකක් දෙපැත්තෙන් තියාගෙන එකක් තුරුල් කරගෙන හොදට නිදි. පොඩි බබෙක් වගේ. මට දැක්කම ආදරේ බැහැ. මම ගිහින් එයාගේ ලඟින්ම හාන්සි වෙලා හිමීට එයාගේ ඔළුව අතගෑවා. කොල්ලට ඒත් ගාණක් නැහැ. පුදුම නින්දක් මේක. නිදාගෙන හිටපු විදිහට මට ඇහැරවන්න ලෝභ හිතුන නිසා මමත් එයා ළඟටම වෙලා ඇස් දෙක පියා ගත්තා. ටිකක් වෙලා යනකොට සචී අයියා ඇහැරුනා. එයා නිදිමතේම මාව තුරුල් කර ගත්තා.

" අලි බබා, නැගිටිනවද දැන්වත් ? හොදටම දවල් වෙලා. "

මම එහෙම කියනකොට එයා මාව තවත් තුරුළු කර ගත්තා.

" බබා කොයි වෙලේද ආවේ ? "

" දැන් ගොඩක් වෙලා, ඔයා දොරවල් ඔක්කොම ඇරලා නිදි. හොරෙක් වත් පැන්නා නම් තමයි වැඩේ.. "

" හොරෙක් පැන්නත් ගෙනියන්න දෙයක් නැහැනේ.. උම්මා.."

" මගේ අයියා බබාව උස්සගෙන ගියා නම් "

" එතකොට මගේ බබා ඇවිත් මාව බේර ගනී "

" මල්ලි බබා ද ? " මම එහෙම කියලා එයාගේ මල්ලි පැටියව මිරිකුවා. ඒක හොඳටම ඇහැරිලා.
 
" උදේ පාන්දර මාව අවුස්සගෙන වැඩ වරද්ද ගන්නයි හදන්නේ.." 

සචී අයියා එහෙම කියලා මාව පෙරලගෙන මගේ බෙල්ල පපුව ඉඹගෙන ගියා.

" මම වොෂ් එකක් දා ගන්නම් චූටි, ඔයා උදේට කාලද ආවේ ? "එයා එහෙම කියලා මාවත් තුරුළු කරගෙන නැගිට්ටා.

" මම කෑවේ නැහැ, ඔයාටත් එක්ක ජෑම් බනිස් ගෙනාවා. වොශ් කරගන්න. මම තේ හදන්නම්.."

සචී අයියා මගේ නලලට උම්මා එකක් දීලා බාත් රූම් එකට ගියා. මම කිචන් එකට ගිහින් තේ හදන්න ලැහැස්ති උනා. සචී අයියා නාලා අලුත් ඇඳුමක් ඇඳගෙන එද්දි මම එයාට තේ හදලා, ජෑම් බනිස් හතරම ප්ලේට්ස් දෙකකට දාලා කන්න මේසෙන් කියලා ඉවරයි.

" කොල්ලා දැන් මටත් වඩා හොදට තේ හදනවා නේද ? "

සචී අයියා ඇහුවේ තේ එක බොන ගමන්

" මයිලෝ තියෙන නිසා හොඳයි.. හි.. හී.. "

" නැහැ බබාට දැන් ඉස්සරට වඩා හොදට තේ හදන්න පුළුවන්. මතකද මට ඉස්සෙල්ලම තේ හදල දීපු දවස ? "

" හ්ම්ම්.... මැත්ස් ලෙසන් එකේ වලිය දාගත්ත දවසේ..."

" එදා ඉදන් අද වෙනකන් කොයි තරම් දේවල් වුනාද නේද පැටියෝ..? "

" මට ඒ කාලේ මතක් වෙද්දිත් ආසයි අයියේ.."

" මටත් එහෙම තමයි බබා.. ඒත් අපි එදාට වඩා අද සතුටින් නෙවෙයිද ? "

" ඒක නම් ඇත්ත. ඒත් මම තවමත් ඒ දවස් වල ට ගොඩක් ආදරෙයි "

" මමත්, කවුද හිතුවේ අවුරුදු තුනක් යද්දි මේ කොල්ලා මාව කසාදත් බැඳ ගනී කියලා.."
එයා මට විහිළු කරනවා.

" මෝඩයා.. නරකට තියෙන්න ඇති. කවුද දන්නේ නැහැ බඳිනකන් කන්කෙඳිරි ගෑවේ. දාලා යයි කිය කිය.."
මමත් හිනා වෙවී කිව්වා.

සචී අයියා මගේ ළඟට ඇවිත් මාව වඩාගත්තා, මගේ පපුව ඉඹ ඉඹ ටිකක් වෙලා හිටියා. එයා මාව වඩාගෙනම සාලේ තියෙන සෝෆා එකට ආවා. මාව තුරුල් කරගෙනම වාඩිවෙලා මගේ මුහුණ දිහා බලන් ඉන්නවා.

" ඇත්තටම බබා... ඔයා නම් හොඳ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්. දන්නවද ? "
සචී අයියා මගේ මුහුණ දිහා බලාගෙන කියනවා.

" ඒ මොකද ඒ ? "

" නැහැ... ඔයා මම වෙනුවෙන් තේ හදනවා, මගේ රෙදි හෝදනවා, වැඩ ටික කරලා දෙනවා, නියම ට්‍රැඩිශනල් ටයිප් එකේ ලවර් කෙනෙක් ඔයා. අපි කවද හරි එක ගෙදරක ජීවත් වෙනකොටත් ඔයා මේ වගේම මගේ වැඩ කරල දෙයි නේද ? "

" ඒ... අෆෝ.... මේ.. මේ... මම එහෙම ට්‍රැඩිශනල් ටයිප් එකේ කොල්ලෙක් නෙමේ හරිද.. මම අලුත් විදිහට හිතන කොල්ලෙක්. මගේ කොල්ලා ඒ කියන්නේ ඔයා, වැඩට ගිහින් ගෙදර එනවා. මම එනකම් බලන් ඉන්නවා. ඔයා ඇවිත් අපිට කන්න කෑම හදනවා. මම බලාගෙන ඉන්නවා...."
මම කිව්වා

" ඇත්තට ? ඔක්කොම මම කලාම ඔයා මොනවද කරන්නේ ? " සචී අයියා හිනා වෙනවා.

" කරන්න දේවල් ද නැත්තේ ? ඔයාව බලාගන්න එක, කොච්චර ලොකු වැඩක්ද ? මම හිතුවා අපි දෙන්නට පූසෝ දෙන්නෙකුත් ඉන්න ඕනි කියලා. ලස්සන ලොකු පූසෝ දෙන්නෙක් "
මම කිව්වා

" ආහ්.. පූසෝ දෙන්නයි, එක ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙකුයි.."සචී අයියා කියනවා

" බල්ලෙක් ?? Hello...? ඒ බල්ලව බලා ගන්නේ කවුද ? උදේට උදේට walk එකට ගෙනියන්නේ කවුද ? මම නම් නැගිටින්නේ නැහැ ඔන්න..."

" දැන් බලන්නකෝ බබා.. මට උදේට ඇහැරෙන්නේ නැහැ නේ. ඒක නිසා ඔයාට තමයි බල්ලව වෝක් එකට ගෙනියන්න වෙන්නේ.."

" ඇත්තට ? මම නම් කරන්නේ නැහැ.. දන්නවනේ, මම බල්ලන්ට කොහොමවත් ආස නැහැ ! ඒ නිසා මම නම් ගෙනියන්නේ නැහැ බල්ලව ඇවිද්දවන්න.."

" මොකක්ද හිරූ... ඔයාට මං වෙනුවෙන් එච්චර හරියක් වත් කරන්න බැරිද ? මම පූසෝ දෙන්නව බලාගන්නවනේ.." අපි දෙන්නම දැන් සීරියස් වෙලා

" පූසෝ බලාගන්න ? තමන්ව වත් හරියට බලාගන්න බැරි කෙනා.. ! මම දන්නවා.. ඔක්කොම කරන්න වෙන්නේ මට. ගෙදර වැඩයි, පූසෝයි, බල්ලයි, කොල්ලයි.. ඔක්කොම.." මම අත්දෙක බැඳගෙන කිව්වා. සචී අයියා මාව බදාගෙන ආපහු ඉඹගෙන ඉඹගෙන ගියා.

" උඹ නම් කොල්ලෝ... මට ඒක කියන්න තේරෙන්නේ නැහැ, ඇයි දවසින් දවස මේ තරම් මට දෙන ආදරේ වැඩි කරන්නේ ? මට උඹව නැතුව තත්පරයක්වත් ඉන්න බැරි වෙන විදිහටයි උඹ දැන් මේ දේවල් කරන්නේ.. "
සචී අයියා මගේ නලල ඉඹලා එහෙම කිව්වා.
මම ඇස් දෙක පියාගෙනම ඒ උණුසුමේ දැවටිලා හිටියා.

" තරු අරන්, රෑ සඳ අරන්
ගෙනවිත් පුදනට මා දන්නේ නැහැ
ඇති තරම් සෙනෙහස අරන්
ඔය හිත පුරවන්න බැරි නම් නැහැ..." 

*********************************************

දවසක් හවස මම කොලේජ් එකේ ඉදන් ගෙදර ආවම සචී අයියා කෝල් කලා.

" බබා... ඔයා ගෙදර ආවද ? "

" ඔව් පන, ඔයා කෑවද ? "

" මම තවම ඔෆිස් එකේ. මට බබාව බලන්න ඕනි. අද හවස දෙහිවලට එනවද ? "
එයා අහනවා

" මම එන්නම්කෝ කීයටද ? "

" 5.30 වෙද්දි එන්න පැට්ටෝ, දැන් වොෂ් එකක් දාගෙන කන්න... මහන්සිද ? "

" නෑ ඔයා කතා කලානේ.. හි.. හී... "

" පිස්සු කොල්ලා.. එහෙම නම් හවස එන්න රත්තරන්.. තනියෙන්ම... උම්මා..."

" උම්මා..."

මම ෆෝන් එක තියලා එහෙමම ඇඳේ හාන්සි වුණා. ජීවිතයේ මේ තරම් නිදහසක්.. සරල බවක් තිබුණ කාලයක් මතක නැති තරම්..

හවස සචී අයියව මීට් වෙන්න දෙහිවලට ගියා. මම දෙහිවල බස් හෝල්ට් එක ලගින් අනිත් පැත්තට පාර පනිනකොටම සචී අයියා ඉන්නවා නොලිමිට් එක ලඟ. ලා නිල් පාට ෂර්ට් එකක්, බ්ලැක් පෑන්ට් එකට ඇඳලා. ඇඟත් තියෙන නිසා ෂර්ට් එක ගානට ෆිට් වෙලා. මටම ආඩම්බර හිතුණා මේ තරම් ලස්සන කොල්ලෙක් මට ඉන්නවා නේ කියලා. මම පාර පනිනවා එයා දැක්කා. එයා ඒත් එක්කම මාව ගන්න කහ ඉරට ඇවිත් මගේ ලඟට ආවා. අපි දෙන්නම දැන් මහ පාර මැද්දේ.

" යමු බබා.." එයා මගේ කරට අත දාගෙන ආපහු එයා ආපු පැත්තටම හැරුණා. 

" ඇයි ඒ ? අපි ගෙදර නෙවේ ද යන්නේ ? "

" නැහැ.. අද අපි පොඩ්ඩක් ඇවිදින්න යමු.." එයා එහෙම කියලා ඔලුව ඇල කරලා හිනා වෙනවා.

" එහෙම නම් මම එනකං ඉන්නේ නැතිව පාර මැද්දට පැන්නේ මොකද ? "

" මගේ බබාව පරිස්සම් කරන්නනේ.."

" හි..හී... ඔයාට පිස්සු. ඉතින් පන, අපි කොහෙද යන්නේ.."

" යමුකෝ.."

අපි දෙන්නා දෙහිවල Pizza hut එකට ආවා. මම කැමතිම කෑමක් තමයි pizza.

" මට නම් අද හරි බඩගිනියි " සචී අයියා Table එකට වාඩිවෙන ගමන්ම කිව්වා. ඒත් එක්කම ඒකේ වැඩ කරන Boy කෙනෙක් Menu Card දෙකක් ගෙනත් අපි දෙන්නට දීලා ගියා.

" ඇයි ඔයා අද දවල්ට කෑවේ නැද්ද ? " මම ඇහුවේ ඒ Boy යනකම් ඉඳලා

" කෑවා. ඒත් බඩගිනියි. මගෙ බබා මොනවද කන්න ආස ? "

" ම්ම්ම්... බලමු Menu එක " මම Menu එක පෙරල පෙරල බැලුවා. 

" කනවා නම් මේ ඔක්කොම වුනත් කන්න පුලුවන්.. හි.. හී.. " මම කිව්වා නෙමේ නිකම්ම කියවුනා.

" මම නොදන්නවද මගේ කොල්ලගේ බඩේ තරම් ඉතින්.. හි.. හී..."
සචී අයියත් හිනා වෙවී කියනවා.

" අපි දෙන්නම Chicken Delight Large Pizza එකක් Order කලා. නැත්නම් අපි දෙන්නට මදි වෙනවා. Order එක දීලා Cool Drinks දෙක බොන ගමන් සචී අයියා එයාගේ සාක්කුවෙන් පොඩි Box එකක් ගත්තා.

" බබා මම ඔයාට චූටි Gift එකක් ගෙනාවා "
එයා එහෙම කියලා මගේ දිහා බැලුවා.

" ඇයි එක පාරටම "
මට විශේෂ දෙයක් හිතා ගන්න බැරි වුන නිසා ඇහුවා.

" අද අපිට Salary හම්බවුණා.. මගේ ජීවිතයේ පළමු වැනි Salary එක "

" ආ... ඇත්තද ?? මට හරිම සතුටුයි. ඒත් මට Gift ගෙනාවේ ඇයි පන ? "

" ඔයා මට කොයි තරම් දේවල් අරන් දීල තියෙනවද බබා ? ඉතින් මම මගේ 1st Salary එකෙන් නෙවේ, දිගටම හැමදාම මම හම්බ කරන සල්ලි වලින් මගේ බබාට තමයි හැමදේම අරන් දෙන්නේ.. බලන්නකෝ මේක ලස්සනයි ද කියලා.."

සචී අයියා බොක්ස් එක මට දුන්නා.

මම box එක අතට අරන් open කලා. Silver Ring එකක්. Black Striped Design එකක් එක්ක. හරිම ලස්සනයි.

" මේක හරිම ලස්සනයි පන. ඔයාට එකක් ගත්තේ නැද්ද ? "
මගේ සතුට උතුරලා යනවා. සචී අයියගෙන් ලැබුණ හැම දෙයක්ම මට ගොඩක් වටිනවා.

" නැහැනේ.. මගේ බබා ට විතරයි ගත්තේ. Marry කලාට Ring එකක් දෙන්න බැරිවුනානේ එදා.."
සචී අයියා හිමීට කියනවා.

" එහෙනම් මේක ඔයාගේ අතින්ම මට දාන්න "
මම Box එක සචී අයියගේ අතේ තිබ්බා.

" කෝ එන්න එහෙනම්.."

සචී අයියා මගේ අත අරන් වම් අතේ ඇඟිල්ලකට රින්ග් එක දැම්මා.

" ආදරෙයි නේද මට ? "
සචී අයියා මගේ අතින් අල්ලගෙනම මගේ ඇස් වලට එබිලා අහනවා.

" ආදරෙයි පන... ගොඩාක්..."



“සිහිලැහි හැන්දෑවෙ රොන් විසිරුනු යාමෙ 
ඔබෙ අත සුරතේ තියා.. 
ලං වී තුරුලේ මේ හදවත සවනේහි 
රිද්මේ දැනෙනා සේ තියා.. 
රැඳි උණුසුම දැනුනාද මගේ සුසුමේ 
ඔබ මියැදෙන දාක නවතින්නේ.. 
හිත කියනා දේමයි මා පවසන්නේ 
ඇහුනාද ඒ දේ මගේ හද ගැස්මේ..?”




1 comment:

  1. oh I've been thinking about you- I am so so sorry about the ring Danielle....it was a memorable weekend for the wrong reason :(...I had time getting to know you and Sienna better though and that picture of Ash and bubbles is beautiful. Take care lovely xox


    Dora wedding rings

    ReplyDelete