Wednesday, October 24, 2012

Episode Guide

"NIL AHASA YATA - නිල් අහස යට"



Written By - "Lahiru Thivanka" 

Sinhala Unicode Translation By - "A Sweet Stranger from Facebook." 


-------------------------------------------------------------------------

EPISODE GUIDE





"කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත් 
මගේ විජිතේ අහිමි වී මට මමත්
ලැබූ දිනුමක් ඇත්ද ඔබ මා.. මැවූ සුන්දර සිහින මතකය මිසක්..??

සිහින රැක ගෙන දිවා රෑ ආදරෙන්.. ඇවිද ගිය හැටි ඔබට මතකද ඉතින්
අපට අප නැති හෙට දිනක දුක අරන්.. හඬා කුමටද නොදරුවන් සේ ඉතින්..?

සුසුම් ලන ලොව දැක තැවුල් පිරි හදින්
සුසුම් ලන්නද අප ගැනම කොයි ලෙසින්..
සුභ අසුභ පිරි සිහින විඳ තුන් සිතින්
සදා හමුවෙමු මඟ තොටේ මදහසින්..."






SACHINTHA - LAHIRU
(2008-2012)


-------------------------------------------------------------------------

 THANK YOU!!

-------------------------------------------------------------------------

Monday, October 15, 2012

Chapter 48 - "FLIGHT..."





අපි යාලුවෝ කතා කරගත්ත විදිහට කතරගම ට්‍රිප් එකත් ගියා, ගොඩක් සතුටු වුණා. ඒත් ඒ හැම දෙයක්ම ලියලා කතාව තවදුරටත් දිග්ගස්සන එක තේරුමක් නැහැ කියලා මට හිතෙනවා.

ජීවිතය හරි පුදුමාකාර විදිහට වෙනස් වුනා. පහුගිය අවුරුදු හතරක කාලය දිහා ආපහු හැරිලා බලද්දි මොනවද සිද්ද වුනේ කියලා හිතා ගන්න බැරි තරම්. ඒ හැම දෙයක්ම අත්හැරලා දාලා මම ලංකාවෙන් යන්න ලැහැස්ති වුනා. මම ලංකාවෙන් යන්න දවස් දෙකකට කලින් දවසේ රෑ සචී අයියා මගේ රූම් එකට ආවා. ඇත්තටම එයා රූම් එකේ දොර ලඟ නැවතිලා කතා කලේ. මම එවෙලේ ඩයරි එක ලිය ලිය හිටියේ. 

" හිරූ.. දැන් හැම දෙයක්ම ලැහැස්තිද ? "

" ඔව් අයියේ... ඔක්කොම හරි "

" ෆ්ලයිට් එක කීයටද ? "

" අනිද්දා උදේ 2.55 ට "

" හ්ම්ම්... OK මල්ලී.. මම.. ආවේ.. ඔයා.. ලඟ තියෙන.. මගේ ෆොටෝස් ටික..."
සචී අයියා කියද්දී මට එක පාරටම බැලුනේ එයාගේ ඇස් දිහා. ඒ ඇස් වල තිබුනේ පුදුමාකාර හිස් බවක්.

" ඔයාට ඒ ටික ඕනි නේද ? මම දෙන්නම්.." මම ටේබල් එකෙන් නැගිටිලා යන්න හදද්දිම ශ්‍රීමතී ආන්ටි පහල ඉඳන් සචී අයියට කතා කලා.

" මම පස්සේ එන්නම්.." එයා ආපහු යන්න හැරුනා

" මම ඒ ටික හොයලා ඔයාට ගෙනත් දෙන්නම්.. Good night ! " මම එහෙම කියලා රූම් එකේ දොර වැහුවා 

මම සචී අයියා දීපු හැම දෙයක්ම පොඩි පෙට්ටියකට දැම්මා. එයාගේ ෆොටෝස්, බර්ත් ඩේ කාර්ඩ්ස්, වැලන්ටයින් කාර්ඩ්ස්, මට එයා මුලින්ම දීපු ගිෆ්ට් එක " දුඹුරු පාට ටෙඩි බෙයාර් " මගේ ඇඟිල්ලේ ඒ වෙද්දිත් තිබුන එයාගේ ෆස්ට් සැලරි එකෙන් අරන් මට ගෙනත් දීපු සිල්වර් රින් එක.. මම දෙපාරක් හිතන්නේ නැතිවම ඒකත් ගලවලා ඒ පෙට්ටියටම දැම්මා. අපි දෙන්නගේ හැම දෙයක්ම අදින් ඉවරයි සචී අයියේ... 

මම අපි දෙන්නගේ මැරේජ් සර්ටිෆිකේට් එක අතට ගත්තා. මේ පොරොන්දු වලට මොකද වුනේ..? මම ඒ කොලෙත් පෙට්ටිය ඇතුලට දාලා ඒක වැහුවා.

-------------------------------------------------------------------------------------------------------------------------------- 





පහුවදා මම ගෙදර ඉන්න අන්තිම දවස. අම්මා ඔෆිස් එකට ගියේ ඉක්මනට එන්නම් කියාගෙන. සචී අයියත් එක්ක අන්තිම වතාවට නිදහසේ කතා කරන්න ලැබෙන එකම මොහොත මේක කියලා හිතලා මම එයාගේ රූම් එක ලඟට ගිහින් දොරට තට්ටු කලා. එයා ෆෝන් එකත් කනේ ගහගෙන දොර ඇරියා.

" බබා මම ඔයාට ටිකකින් කෝල් එකක් දෙන්නද ? පොඩි වැඩක් තියෙනවා. I'll call u soon... "
සචී අයියා එහෙම කියලා ෆෝන් එක කට් කලා.

" මේකේ ඔයා දීපු හැම දෙයක්ම තියෙනවා.." මම පෙට්ටිය එයාගේ අතට දෙන ගමන් කිව්වා.

" මගේ ගැන වැරදියට හිතන්න එපා හිරූ.. මම ඉල්ලුවේ ෆොටෝස් ටික විතරයි.."
සචී අයියා බොක්ස් එක ඇරලා බලන ගමන් කිව්වා

" ඒකට කමක් නැහැ සචී අයියේ.. මට දැන් ඕවගෙන් වැඩක් නැහැ.."

" ඔව් මම දන්නවා... ඔයා ගන්න තීරණ වෙනස් කරන කොල්ලෙක් නෙවේ.. ඒත් ඔයා මෙහෙන් යන්න හදිස්සි වුනා වැඩියි කියලා මට හිතෙන්නේ..."

" ඉක්මනට හරි පරක්කු වෙලා හරි මට යන්නම වෙනවනේ අයියේ.. ඉක්මනට වුනු එක හොඳයි.. තවත් කාලයක් යනවට වඩා.. ඔයාට ගොඩක් පින්.. පහුගිය අවුරුදු හතරේ මම හිටියේ පුදුමාකාර සතුටකින්. ඔයාට පින්.. මට ආදරේ කලාට, මගෙ හොද යාලුවෙක් වුනාට.. මගේ ජීවිතයේ ගොඩක් දේවල් මාත් එක්ක බෙදා ගත්තට. මට ඒවා කවදාවත් අමතක වෙන්නේ නැහැ සචී අයියේ.. ඉස්සෙල්ලාම ආදරයක් කියලා කෙලේ ඔයාට.. ඒ ආදරේ අමතක වෙන්නේ නැහැ මම මැරෙන මොහොතේදිවත්.."

" එහෙම කියන්න එපා හිරූ... මම..." සචී අයියා දෙයක් කියන්න හදද්දිම මම එයාගේ තොල් වලට ඇඟිල්ලක් තියලා එයාව නැවැත්තුවා. 

" මුකුත් කියන්න ඕනි නැහැ දැන්. මේ හැම දෙයක්ම සිද්ද වෙන්න තියෙන විදිහට වුනේ. ඒක ගැන මට පසුතැවීමක් නැහැ.. පුළුවන් නම් මට අන්තිම වතාවට එකම එක උදව්වක් කරන්න.."

" මොකක්ද හිරූ... කියන්න.."

" මගේ අම්මව හොඳට බලා ගන්න.. මමයි අයියයි වෙනුවෙන්. මම ගිහින් එනකම් අම්මව බලාගන්න.."

" මම පොරොන්දු වෙනවා හිරූ.. මගේ අම්මව වගේම මම ඔයාගේ අම්මවත් බලා ගන්නවා " සචී අයියා මගේ අත අල්ල ගන්න ගමන් කිව්වා.

" අද රෑට මාත් එක්ක එයාර්පෝට් යන්න ඔයා එන්න එපා සචී අයියේ..! "

" අනේ හ්හි..රූ.. ඇයි දෙයියනේ ඔයා එහෙම කියන්නේ ? "

" මම කැමතියි සචී අයියේ එයාර්පෝට් එකේදී මම ආපහු හැරිලා බලද්දි, ඔයා එතන ඉන්නේ නැත්තම්.. මට සැලසීමෙන් යන්න පුළුවන්.. ප්ලීස් පුලුවන්නම්.."

" සොරි මල්ලී... මට එන්නම වෙනවා.. අම්මලව තනියෙන් යවන්න බැහැ නේ.." සචී අයියා කියන කතාව ඇත්ත කියලා මටත් තේරුණා. මම මුකුත් නොකියා ටිකක් වෙලා හිටියා.

" හිරූ... ඔයා ආපහු හැරිලා බලද්දි මම ඔයාට පේන්නේ නැති වෙන්න ඉන්නම්.."

සචී අයියා කියද්දි මම ලොකු හුස්මක් අරගෙන එතනින් ආවා.


--------------------------------------------------------------------------------------------------------------------------------




එදා දවල් මම මණිල්ක අයියව හම්බ වෙන්න එයාගේ ඔෆිස් එකට ගියා. කොල්ලගේ lunch hour එකේ අපි දෙන්නා එලියට ගියා කෑම කන්න. ලා නිල් පාට අත් දිග ෂර්ට් එකයි, බ්ලැක් පෑන්ට් එකයි, මෙරුන් කලර් ටයි එකයි, කොල්ලා ඇත්තටම හිතා ගන්න බැරි තරම් ලස්සනයි. ඒත් අදටත් මණිල්ක අයියා ගැන සහෝදරයෙක්, යාළුවෙක් වගේ මිසක් එතනින් එහා ගිය වෙන කිසිම දෙයක් මට හිතිලා නැහැ. එයත් එහෙමයි කියලා මම දන්නවා.

" මම දන්නවා සඳ ඔයා හොද කොල්ලෙක්.. කොච්චර පිස්සු කෙලියත් ඔයා ඔයාගේ වැඩ ටික හරියට කර ගන්නවා. මම ඒකට ගරු කරනවා. ඔයාට වරදින්නේ නැහැ.." මණිල්ක අයියා මගේ අත අල්ලගෙන කිව්වා

" මට ඔයාව අමතක වෙන්නේ නැහැ මණිල්ක අයියේ.. අපි පුළුවන් හැම වෙලාවකම කතා කරමුකෝ.."

" ඔව් මල්ලා.. ඔයා දීපු හැම දේකටම ගොඩක් ස්තූතියි.. ඔයා හොද යාලුවෙක් වුණා මට.."

" ඔයත් එහෙමයි අයියේ.. ඔයා හැමදාම සතුටින් ඉන්න ඕනී.. ඕනම උදව්වක් මට කතා මට කතා කරලා කියන්න. මේ මල්ලි ඔයාගේ ඕනම දේකට ඉන්නවා.."

මණිල්ක අයියට මම ෂර්ට් එකකුයි වොච් එකකුයි අරන් ගියා. ඒක දෙද්දී කොල්ලගේ ඇස් වලින් කඳුළු කඩන් වැටුනා.

" අනේ සඳ.. මට මොකටද මේ තෑගි.."

" එපා කියන්න එපා අයියේ.. මම ගොඩක් සතුටින් දෙන පුංචි දෙයක් මේක.."

" මට දෙන්න තියෙන්නේ මෙච්චරයි.."

මණිල්ක අයියා සාක්කුවෙන් බුලත් කොලයක ඔතලා තිබුන පිරිත් නූලක් අරගෙන මගේ අතේ ගැට ගැහුවා. මහපාරේ සෙනඟ මැද්දේ මාව Hug කලා.

අපි වෙන්වුනේ කවද හරි ආපහු හම්බ වෙයි කියන බලාපොරොත්තුව හිතේ තද කරගෙන. මම එද්දි එයා මෙහෙම කිව්වා.

" අපි ඉක්මනට ආපහු හමු වෙයි සඳ.. මේ ලෝකේ හරිම පුංචියි.. "


--------------------------------------------------------------------------------------------------------------------------------


රෑ කෑමෙන් පස්සේ මම රූම් එකට ගිහින් හැම දෙයක්ම ආපහු චෙක් කරලා බැලුවා. ගෙනියන්න තරම් මහා ලොකු ගොඩක් තිබුනේ නැහැ..ඇඳුම් ටිකක් විතරයි. මම වොශ් එකක් දාගෙන ලැහැස්ති වුනා. ඉරෝෂයගෙන් කෝල් එකක් ආවේ ඒ වෙලාවේ.

" යන්න ලැහැස්තිද ? " 


" ඔව් බන්.. උඹ මාව අමතක කරන්නෙ නැහැ නේද ? "

" පිස්සුද ලහිරුවා.. උඹව අමතක කරන්න මට පුළුවන්ද මැරුණත්.. යන වැඩේ හොඳින් කර ගනින්. මමත් ඉක්මනට එහෙට සෙට් වෙන්නම්. ඒත් උඹ දන්නවානෙ. මට තව අවුරුද්දක් වත් යයි ඒ ටික සෙට්ල් කරගන්න. anyway, සතියට දෙපාරක් වත් කෝල් කරපන්. ඕන වෙලාවක text කරපන්.."

" උඹ texting වලට කැමති නැහැනෙ ඉරෝෂයා.. you hate texting.. "

" For you.....? Anything.. උඹ වෙනුවෙන් ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි.. Text me! Call me!! Day or Night. It doesn't matter. මොන දේ වුනත්.. උඹට කවුරු නැති උනත් මේ ඉරෝෂයා නැති වෙන්නේ නැහැ.. උඹ හැමදාමත් මගේ හොඳම යාළුවා.. Let's Meet Soon!! "

" Take Care Machan.. "

" You too.. God Bless You Machan..!! "



-----------------------------------------------------------------------------------------------------------------------------



මම ලැහැස්ති වෙලා ගිහින් සචී අයියගේ රූම් එකේ දොරට තට්ටු කලා. සචී අයියත් යන්න ලැහැස්ති වෙලා. එයා මගේ ලගට ආවා.

" ජීවිතේ මොන දේ කලත් හිතලා බලලා පරිස්සමෙන් තීරණ ගන්න.. සචී අයියේ.." ඒ මම එයාට දීපු අන්තිම advice එ​ක.

" ඔයත් හොඳට ඉගෙන ගන්න.. මාව අමතක කරන්න එපා හිරූ.."

" නැහැ සචී අයියේ.. මම කිව්වනේ.. මට ඔයාව අමතක වෙන්නේ නැහැ. මැරෙන මොහොතේදී වත්.."

" අසුභ කතා කියන්න එපා මේ හොඳ ගමනක් යන්න හදන වෙලාවේ.." සචී අයියා මගේ නළල ඉම්බා 




10.30 වෙද්දී අපි එයාපෝට් එන්න ගෙදරින් පිටත් වුණා. අම්මා මග දිගට තොර තොරතෝංචියක් නැතිව මට උපදෙස් දුන්නා, අරක මෙහෙම කරන්න.. මේක මෙහෙම කරන්න.. ඒවා කරන්න එපා.. මේවා කරන්න එපා.. අම්මා කවදාවත් මට ඔච්චර උපදෙස් දීලා නැහැ. අම්මා ඉන්නේ දුකින් කියලා මට තේරුණා. මම කාර් එක ඩ්‍රයිව් කලේ හිමින්.

" වෙන ළමයි ඒ ලෙවල්ස් ඉවර උනාම නිදහසේ ටිකක් කල් ඉන්නයි බලන්නේ. ඒකට ඔයා.. පුදුම ළමයෙක් තමයි.."
අම්මා කියනවා

" එක අතකට ඉක්මනට ඉගෙනගෙන ඉවරයක් කරන එකත් හොඳයි.. ඊට පස්සේ බැරියැයි නිදහසේ ඉන්න. නේද චූටි පුතේ.." ශ්‍රිමතී ආන්ටි මගේ පැත්තට කතා කලා

මමයි සචී අයියයි කිසිම කතාවක් බහක් නැතුව ආවා. අපි දෙන්නාගේ මතකයන් මේ හැම පාරකම පිරිලා ඉතිරිලා යන්න තියෙනවා. ඒත් අද මම ඒ හැම මතකයක්ම දාලා යන්න යනවා. අපි 11.30 වෙද්දී එයාර්පෝට් එකට ආවා. අපි එනකම් සුරාජ් අයියා, රමියා, කසුන්, එයාලගේ අම්මලා තාත්තලා එක්ක බලන් හිටියා. මම කාර් එකෙන් බැහැලා අයියලා ගාවට ගියාම සුරාජ් අයියා මාව හග් කරලා " welcome " කිව්වා. ඒ වෙලාවෙ ඉඳන් සචී අයියා බිම බලාගෙනමයි හිටියේ. මම දන්නවා ඔයාට ගොඩක් දුක හිතෙන්න ඇති කියලා.

" අම්මා යනකොට පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න. හිමින් යන්න.."

මම කාර් එකේ යතුර අම්මට දීලා අම්මගේ කකුල් දෙක ළඟ වැටිලා වැන්දා.

" පරිස්සමෙන් චූටි.. ට්‍රාන්සිට් එකේදි මට කෝල් එකක් දෙන්න.. මම ඇහැරිලා ඉන්නේ.." අම්මාගේ ඇස්වල කඳුළු

" Promise අම්​මා.. ගිහින් නිදා ගන්න. අපි ට්‍රාන්සිට් එකේදි මෙහෙට උදේ.. " මම අම්මගේ කම්බුල් ඉඹින ගමන් කිව්වා 

" මම ගිහින් එන්නම් ආන්ටි.. අම්මව බලාගන්න.." මම ශ්‍රීමති ආන්ටිටත් වැන්දා

" හොඳට ඉගෙන ගෙන ආපහු ඉක්මනට එන්න චූටි පුතේ.." ශ්‍රීමති ආන්ටි මාව බදාගෙන මගේ මුහුණ ඉම්බා.

" එහෙනම් මම ගිහින් එන්නම් සචී අයියේ.. "

මම සචින්ත අයියට අත දි​ගු කලා. එයා මගේ අත තදින් අල්ල ගත්තා. අපේ ඇස් අන්තිම වතාවට තව එක සැරයක් මුණ ගැහුණා. එයා මොනවත්ම කිව්වේ නැහැ. ඔළුව වැනුවා විතරයි. හැමෝම බලන් ඉද්දී මම, සුරාජ් අයියා, රමියා, කසුන් අයියා එක්ක එයාර් පෝට් එක ඇතුලට ගියා.

මම ආපහු හැරිලා බලද්දි සචී අයියා පේන්න හිටියේ නැහැ...

-------------------------------------------------------------------------------------------------------------------------------- 


2.40 AM

අපි Flight එකට Board වෙලා ටික වෙලාවකින් සචී අයියගෙන් මැසේජ් එකක් ආවා. 

" ඔයා යන තැනක සතුටින් ඉදියි කියලා මම විශ්වාස කරනවා. මට සමාවෙන්න හිරූ.. ඔයාට සුබ ගමන්.."

සුරාජ් අයියා හිටියේ මගේ එහා පැත්තේ සීට් එකේ. එයත් මැසේජ් එක දැක්කා. එයා මගේ ඔලුව අත ගාලා හිනා වෙලා නැගිටලා ගියා. 

" ඔයා හරි සචී අයියේ.. හැම දෙයක් ගැනම බලද්දි ඔයා හරි. මෙහිදී හැමදාම වුනේ නරක දේවල්. මම ඒ දේවල් වලින් පැනලා යනවා නෙවෙයි. ඒත් මම ඒ දේවල් වලින් අයින් වෙලා ජීවත් වෙන්න කැමතියි. ඒකයි මම යන්න තීරණය කලේ. ඔයා හරි. වෙච්ච හැම දේකින්ම මම ආපහු ගොඩ එන්න බැරි තරමට කඩන් වැටුනා. මට මේ රටේ ගොඩක් මතකයන් තියෙනවා. මම ඉපදුනේ, හැදුනේ වැඩුනේ මෙහේ. මම ඉස්සෙල්ලම කොල්ලෙක්ට ආදරේ කලේ මෙහිදී. වගකීම් ගන්න, ජීවිතේ දිහා බලන්න, ඒ හැම දේකටම වඩා... මට ඔයාව ලැබුණෙත්, නැති වුණෙත් මෙහිදී....

....ඉතින් මට හිතෙනවා මේ කොළඹ.. මගේ ජීවිතයට ගොඩක් දේවල් ලබාදුන්නා වගේම ඊට වඩා ගොඩක් දේවල් මගෙන් උදුර ගත්තා කියලත්. මම ජීවත් වුනෙත්, මැරි මැරි ඉපදුනෙත් මේ කොළඹ. මේ මම දකි​න විදිහ. මම හැමදාම මේ විදිහටම ඒ දිහා බලයි. ඒ වගේම ඔයත් මේ විදිහටම හැමදාම මගේ මතකයේ ඉඳීයි. සතුටින් ඉන්න.. Good bye.. "

සුරාජ් අයියා ඇවිත් මගේ ලගින් වාඩි වෙලා සීට් බෙල්ට් එක දාගත්තා. 

" You Ok ? "

සුරාජ් අයියා මගේ පැත්තට බර වෙලා ඇහුවා.

" Hm..? I don't think so. Not Yet!! "

" අතීතය ගෙවිලා ඉවරයි.. අපි දැන් ඉස්සරහ ගැන හිතමු මල්ලි.."

සුරාජ් අයිය මගේ ඔලුව අත ගාන ගමන් මගේ නළල ඉම්බේ කාටවත් නොපෙනෙන්න. එයා ඊට පස්සෙ මගෙ කර වටේ අතක් දා ගත්තා. සුරාජ් අයියා කිව්ව දේ හිතේ තියාගෙන මම ඒ උරහිසට යන්තම් ඔලුව තියා ගනිත්දී අපිව රැගත් ගුවන්‍ යානය, කටුනායක ගුවන් පථයෙන් නික්මුනා..



(Boeing 777-300) 



" අවුරුදු හතරක් පුරාවට ගෙවුන ඒ හීන කතන්දරය, අද මෙතැනින් නිමයි. 
මා සමග හැමදාම සිටි/නොසිටි ඔබ සැමට මගේ හද පිරි ප්‍රණාමය..!!

තව දෙයක් විශේෂයෙන්ම කියන්න ඕනි. මට සචින්තව කලු චරිතයක් කරලා පෙන්වන්නවත්, දකින්නවත් උවමනාවක් තිබුණේ නැහැ. එයා වගේ අයත් මේ ලෝකයේ ඉන්නවා. ඒක එයාගේ වරදක්ද මේ සමාජ ක්‍රම​යේ‍ වරදක්ද කියලා මට තේරෙන්නේ නැහැ.. ආපහු හැරිලා බලනකොට ඒ කාලේ අපි හැසිරිලා තියෙන්නේ හුඟක් බොළද විදිහට කියලා හිතෙනවා. සමහර විට ඒ වයසේ හැටි වෙන්න ඇති. 

අපි හැම කෙනෙක් තුළම ළහිරු, සචින්ත, ඉරෝෂ, සඳරු, ඇන්ඩෲ, මණිල්ක, සුරාජ් කෙනෙක් ජීවත් වෙනවා. 
අපි මේ " නිල් අහස යට " කවදාහරි තැනක දී හමු වෙනවා.. ඒ වගේම වෙන් වෙනවා..

- ළහිරු






"කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත්
මගේ විජිතේ අහිමි වී මට මමත්
ලැබූ දිනුමක් ඇත්ද ඔබ මා..?
මැවූ සුන්දර සිහින මතකය මිසක්..


සිහින රැක ගෙන දිවා රෑ ආදරෙන්
ඇවිද ගිය හැටි ඔබට මතකද ඉතින්
අපට අප නැති හෙට දිනක දුක අරන්
හඬා කුමටද නොදරුවන් සේ ඉතින්..?


සුසුම් ලන ලොව දැක තැවුල් පිරි හදින්
සුසුම් ලන්නද අප ගැනම කොයි ලෙසින්
සුභ අසුභ පිරි සිහින විඳ තුන් සිතින්
සදා හමුවෙමු මඟ තොටේ මදහසින්..."




SACHINTHA - LAHIRU
( 2008 - 2012 )




-------------------------------------------------------------------------------------------------------------------------------- 

Saturday, October 13, 2012

Chapter 47 - "I CANNOT WAIT ANYMORE..."



සුරාජ් අයියා මගේ කරට අත දාගෙන මාව ලං කර ගත්තා. මමත් ඒ උරහිසේ ඔලුව තියා ගත්තා. සුරාජ් අයියා මට කවදාවත් නුපුරුදු කෙනෙක් වුණේ නැහැ. ඒත් අපි දෙන්නා කවදාවත් ලඟින් ආශ්‍රය කරලත් නැහැ. අපි දෙන්න ආශ්‍රය කළේ සාමාන්‍ය යාළුවෝ විදිහට විතරයි. ඒත් අද ඒකේ මොකක් හරි ලොකු වෙනසක් වෙනවා කියලා මට සුරාජ් අයියගේ ඇස් දිහා බලද්දි තේරුණා.

" උඹේ ජීවිතේ ගත්ත තීරණ හරිද වැරදිද කියලා මම දන්නේ නැහැ. ඒත් උඹට වැරදිලා කියලා මම දන්නවා.
මාව උරහිස් දෙකෙන් එයාගේ පැත්තට හරවාගෙන මගේ ඇස් දිහා බලාගෙන සුරාජ් අයියා කිව්වා.

" මට වැරදුනේ කොතනද කියලා මන් වත් දන්නේ නැහැ. ඒත් මට මෙහෙන් ඉක්මනට යන්න ඕන. පුළුවන් තරම් ඉක්මනට "

" රටින් පැනලා ගියා කියලා ප්‍රශ්න විසදෙයි කියලා උඹ හිතනවද ? "

" මට එයාව පේන්නේ නැති තැනකට යන්න තිබුනොත් ඇති "
ඒත් එක්කම සුරාජ් අයියගේ රූම් එකේ දොරට තට්ටු කලා සුරංග ඇවිත්

" බේබි කෑම ලෑස්තියි. දැන්ම කනවද ? "

" තවම බඩගින්නක් නැහැ සුරංග, උඹ කාපන් බඩගිනිනන්.."

සුරංග ගියාට පස්සේ මමයි සුරාජ් අයියයි පහලට ඇවිත් පූල් එක ලඟ තිබුන බෙන්ච් එකක වාඩි වුණා.

" ඉතින් උඹ හිතනවද උඹ මෙහෙන් ගියාම උඹට ඌව අමතක කරන්න පුළුවන් වෙයි කියලා? "
සුරාජ් අයියා සිගරට් එකක් පත්තු කරගන්න ගමන් ආපහු කතාව පටන් ගත්තා.

" මට තේරුමක් නැහැ බන්, මොනවා හරි වෙන්න, ගිහින් බලන්න ඕනිනේ.."
සුරාජ් අයියා සිගරට් එකෙන් උගුරක් දෙකක් ඇදලා මගේ දිහාවට දික් කලා. මම සිගරට් එක බොන ගමන් කල්පනා කලේ තවදුරටත් සචින්ත අයියා ගැන වැලපිලා වැඩක් නැහැ කියලා.

" ගිය එකා ගියා.. උඹ දැන් ආපහු ජීවිතේ පටන් ගනින්.."

" ඕක තමයි බන් අපේ අයියත් මට කියන්නේ.."

" සඳරු දන්නවද සීන් එක.."

" හ්ම්ම්.."

" සිරාවටද කියන්නේ ? අඩෝ ඌ උඹට ගේම ඇද්ද නැද්ද ? "

" නැහැ බන් උඹ දන්නවනේ අපේ අයියා මට කොච්චර ආදරෙයිද කියලා.."
මම සිගරට් එක ආපහු සුරාජ් අයියට දික් කරලා නැගිට්ටා.

" උඹ ඒ අතින් ලකී බන්.."

" මමත් හිතනවා එහෙම.."

" උඹ තවමත් ඉස්සර වගේම ආඩම්බරයි.. මතකද ඒ දවස් වල ? "
සුරාජ් අයියා එකපාරටම කියද්දි මම ඌ දිහා බැලුවා

" මටත් ලඟදී මතක් වුනා. උඹයි මමයි ඉස්සර.."

" ඉස්සර මොනවද ? මම උඹට ගල් කපපු ඒවද ? "

" ෂික්.. තෝ වගේ වලත්තයෙක්.." මම ඌට රැව්වා

" ආ... උඹ බබා.."

සුරාජ් අයියා එහෙම කියන ගමන් එක පාරටම නැගිටලා ඇවිත් මාව පූල් එකට තල්ලු කලා. මාව ජබොස් ගාලා වතුරට වැටුනා.

" පිස්සුද යකෝ.. බලපන් මාව තෙමුවා "

සුරාජ් අයියා උඩ ඉඳන් හිනා වෙනවා

" හි..හී.. හිටපන් හිටපන් මාත් එන්නම්.."

සුරාජ් අයියා එහෙම කියලා සිගරට් එකේ තවත් උගුරක් ඇදලා ඒක විසි කරන ගමන් පූල් එකට පැන්නා.
මගේ ළඟට ආපු සුරාජ් අයියා මගේ ඉන දෙපැත්තෙන් අල්ලලා මාව එයාගේ ලඟට ලංකර ගත්තා.

" මොනවා වුනත් මමයි උඹයි දෙන්නම දන්නවා , උඹේ ඇඟට ඉස්සෙල්ලම අත තිබ්බ කොල්ලා මම කියලා.. මට ඒක අමතක නැහැ.. උඹ උගේ වුනාට, ඌට තරම් අයිතියක් මටත් තියෙනවා උඹ ගැන.."

" දවල්ද ? " මම එහෙම අහද්දීම සුරාජ් අයියා එකපාරටම මගේ බෙල්ලෙන් අල්ලගෙන මගේ තොල් දෙක කිස් කලා එදා වගේම. 

" ම්ම්ම්..." මම අමාරුවෙන් සුරාජ් අයියගේ තොල්වලින් මිදුනේ සුරංග වත් ආවොත් කියන බයට

" සුරංග වත් ආවොත්.." මම කිව්වා.

" ඌ මෙහේට එන්නේ නැහැ.."

සුරාජ් අයියා එහෙම කියන ගමන් මාව ආපහු ලංකරගෙන මගේ තොල් වලට එයාගේ තොල් ලං කලා. අපි දෙන්නා ඒ විදිහට ගොඩක් වෙලා ඉන්න ඇති. සෑහෙන්න වෙලාවකට පස්සේ ගොඩට ඇවිත් අපි තෙත පිටින්ම ගෙදර පැත්තට ගියා.

" සුරංග... ටවල් එකක් ගෙනත් දීයෝ.. නෑ..නෑ.. දෙකක්.." සුරාජ් අයියා කෑගහනවා

" බේබිලා ආපහු පූල් එකට බැස්සද ? " සුරංග එහෙම අහන ගමන් ටවල් දෙකක් අරගෙන ආවා.

" හරි බඩගිනියි බන්, කෑම ලැහැස්ති කරනවද ? "

" හරි බේබි, බේබිලා ඇඳුම් මාරු කරගෙන එන්න. මම ටාර් ගාලා කෑම ටික මේසෙට අරින්නම්.

අපි ඇඳුම් මාරු කරගෙන ඇවිත් කෑම කෑවා. සුරංගට දොරවල් ඔක්කොම වහලා නිදාගන්න කියලා අපි දෙන්නා ආපහු උඩ සුරාජ් අයියාගේ කාමරේට ආවා. මාවත් බදාගෙන ඇඳේ පෙරලුන සුරාජ් අයියා මාව ආපහු කිස් කරන්න පටන් ගත්තා.

" මොකද බං වෙලා තියෙන්නේ, කන්න නැතුව හිටපු කොටියෙක් වගේනේ.." මම සුරාජ් අයියට විහිළු කලා.

" ඔව් යකෝ.. කන්න නැතුව තමයි මෙච්චර කල් හිටියේ. ඒක නිසා අද බඩ පිරෙනකන් කනවා.."

" හා.. හා.. ආස ඇති.. පලයන් යන්න.. " 



මම සුරාජ් අයියව තල්ලු කරද්දී මූ තවත් මාව තුරුළු කරගත්තා. මමත් ඌට ඉඩ දීලා ඔහේ හිටියා. ඇත්තටම මම එහෙම හිටියේ කැමැත්තකින්. ඒකට හේතු තිබුණා. සචී අයියගෙයි මගෙයි සෙක්ස් නැතිවෙලා ඒ වෙද්දි මාස තුනක් විතර. සුරාජ් අයියා ගැන කියනවා නම් එයා අඩි 6 ක් විතර උසයි. බොඩි කලර් එක ලයිට් ටෑන්. මගේ ස්කින් කලර් එක වගේමයි. ඇඟේ හැම තැනම කෑලි පැනලා. මස්කියුලර් බොඩි එකක්. කොටින්ම කියනවා නම් සෙක්සි කොල්ලෙක්.

සුරාජ් අයියා ඉස්සර වුනා. මාව බදාගෙන තොල් උරන ගමන් මගේ පිටේ ඉඳන් පහලට වෙනකන් අත ගෑවා. මමත් සෑහෙන්න කුලප්පු වෙලා හිටියේ කිව්වොත් හරි. සුරාජ් අයියා මගේ කලවා අත ගාන ගමන් මගේ නිපල්ස් දෙක මාරුවෙන් මාරුවට ඉරුවා. මමත් ඒ එක්කම සුරාජ් අයියගේ ශෝට යටින් අත දාලා එයාගේ මල්ලියව අත ගාන්න ගත්තා. සුරාජ් අයියා මගේ බොඩි එකම ලෙවකන ගමන් පහලට ඇවිත් මගේ ශෝට ගලවලා දාලා එයාගේ මුහුණ මගේ මල්ලියගේ අස්සේ ඔබා ගත්තා. එයා දිවෙන් මගේ කොක් එකයි, බෝල්ස් දෙකයි සෑහෙන්නෙ වෙලා ලික් කලා. සක් කලා. ඊට පස්සේ නැගිටලා එයාගේ ෂෝට ගලවලා දාලා 69 පොසිශන් එකට ආවා. අපි දෙන්නම ඒ විදියට ගොඩක් වෙලා සක් කලා. සුරේෂ් අයියාගේ මල්ලි පැටියත් අඟල් අටකට වඩා පොඩ්ඩක් වැඩියි. ඩාක් බ්‍රවුන් පාට. ටොපා විතරයි රෝස පාට. ඒකෙන් ප්‍රීකම් ඇවිත් බේරෙනවා. මම දෙපාරක් හිතන්නේ නැතිවම ඒක සක් කලා.
සුරාජ් අයියා මගේ කකුල් අස්සෙන් ඔළුව දාලා මගේ හිලට දිව දැම්මා. මම හිටියේ ආසාවෙන් මත් වෙලා. මමත් සුරාජ් අයියාගේ මල්ලියව කෙල වලින් නාවලයි තිබුනේ ඒ වෙද්දි.

සුරාජ් අයියා මාව අනිත් පැත්තට හරවලා හිමීට එයාගේ මල්ලියාව මගේ හිලට දාන්න ට්‍රයි කලා. මුලින්ම ඒක ගියේ නැහැ. සුරාජ් අයියා බේබි ක්‍රීම් බොට්ල් එක ගෙනත් එයාගේ මල්ලියගෙයි මගේ හිලෙයි ගාල හිමීට ඇතුලට දැම්මා. රිදෙනවත් එක්කම සුරාජ් අයියගේ මල්ලියා මගේ ඇතුළට කිඳා බැස්සා.

" කොල්ලා උඹට රිදෙන්නේ නැහැ නේද ? රිදෙනවා නම් කියපන්.."
සුරාජ් අයියා මගේ බෙල්ල කිස් කරන ගමන් කිව්වා.

" ඒක ගානක් නැහැ.."

මම සුරාජ් අයියගේ අත් දෙක මගේ අත්දෙකේ තද කරලා පටලව ගන්න ගමන් කිව්වා. සුරාජ් අයියා ස්ලෝ මෝශන් එකෙන් ගහන්න පටන් ගත්තා. රිදිල්ල අඩුවෙලා සෙක්සුවල් ප්ලෙශර් එක එන්න වැඩි වෙලා ගියේ නැහැ. සුරාජ් අයියා රිදම් එකටම ගැහුවා. ඒ විදිහට මාත් එක්ක ගොඩක් වෙලා සෙල්ලම් කරපු සුරාජ් අයියට යන්න ලං වෙද්දිම මටත් යන්න ලං වුණා.

" ආහ්.. මට යන්න එනවා සුරාජ් අයියේ.." මම කිව්වා

" මටත් ලඟයි කොල්ලෝ.. ම්ම්ම්..."

ඒත් එක්කම සුරාජ් අයියත් ගහන වේගේ වැඩි කලා. මගේ කිරි ටික පනින්න ඔන්න මෙන්න තියෙද්දි සුරාජ් අයියා එයාගේ උණු උණු ලෝඩ් එක මගේ ඇතුලෙම යැව්වා. සුරාජ් අයියා මගේ බෙල්ල තදින් හපා ගත්තා. ඒත් එක්කම මටත් ගියා. සුරාජ් අයියා මගේ බෙල්ල, ශෝල්ඩර්ස් ටිකක් වෙලා කිස් කර කර ඉඳලා හිමීට එයාගේ මල්ලියව එලියට අරගෙන නැගිටලා සිගරට් එකක් පත්තු කරගෙන ආපහු මගේ ලඟට ආවා.

" ඇයි කොල්ලෝ.. අප්සට් ද ? " සුරාජ් අයියා සමාව ඉල්ලන්න වගේ අහද්දි මට දුක හිතුනා.

" නැහැ බන්, පිස්සුද ? උඹව මට පුරුදු නැති එකෙක්ද.. "

මම එහෙම කියන ගමන් උගේ අතේ තිබ්බ සිගරට් එක අරන් උගුරක් ඇද්දා

" උඹ ගැන මට තියෙන්නේ මීට අවුරුදු පහකට කලින් තිබ්බ ෆීලින් එකම තමයි.. ඒකේ වෙනසක් නැහැ "

සුරාජ් අයියා මගේ පිටිපස්සේ වාඩිවෙලා දෙපැත්තෙන් කකුල් දෙක දාගෙන ආපහු මාව බදා ගන්න ගමන් කිව්වා. එදා රෑ අපි දෙන්නා තව තුන් පාරක් සෙක්ස් කලා. නිදා ගනිද්දි පාන්දර හතරට විතර ඇති. පහුවදා උදේ නැගිටලා බලනකොට සුරාජ් අයියා හපපු මාර්ක්ස් මගේ බෙල්ලෙයි පපුවෙයි හැම තැනම. චූටි චූටි රෙඩ් මාර්ක්ස්.

" උඹ මාව කිව්වත් වගේ කාලා තමයි, මේන් බලපන්.." මම ඒවා පෙන්නන ගමන් කිව්වා

" කෝ වරෙන් එහෙනම් මම ඒවා හොඳ කරන්න " සුරාජ් අයියා ඒ හැම තැනක්ම ඉම්බා. මට කිතිත් කැවුනා.

" උඹට හොඳ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න මට බැරි වෙයි, ඒ වගේම මට ආදරේ කරන්න හිත හදාගන්නත් උඹට අමාරු වෙයි. මට උඹට පොරොන්දු දෙන්නත් බැහැ. මම එහෙම කාටවත් බරපතල පොරොන්දු දෙන එකෙක් නෙවෙයි. ඒත් මම උත්සහ කරන්නම් උඹව සතුටින් තියන්න. උඹේ දුකේදි සැපේදි ඉන්න.. " සුරාජ් අයියා මගේ ඔලුව ඉඹින ගමන් කිව්වා.



මම අවුරුදු හතරකට පස්සේ පලවෙනි වතාවට සචී අයියා හැරෙන්න වෙන කොල්ලෙක් එක්ක සෙක්ස් කලා. සචී අයියා මේ දේ තවම දන්නේ නැහැ. මම දන්නවා ඔයා මේක කියවලම මේ දේවල් දැන ගනී. ඔයා මේ දේවල් දැනගත්තම මොනව හිතයිද කියලා මම දන්නෙත් නැහැ. ඒත් මට ප්‍රශ්නයක් නැහැ සචී අයියේ... ඒ මොකද අපේ කතාව ඉවර වෙලා ගොඩක් කල් නිසා.


------------------------------------------------------------------- 


ඊලග සතියේ මන්ඩේ උදෙන්ම සුරාජ් අයියා කෝල් කරල කිව්වා අම්මත් එක්ක කසුන් අයියලගේ ඒජන්සි එකට එන්න කියලා. අපිට ඇඩ්මිශන් ලැබිලා තිබුනා. මම අම්මට ඔෆිස් යන්න වත් නොදී එක්ක ආවා. 

" Good morning Madam... එන්න වාඩි වෙන්න "
කසුන් අයියාගේ තාත්තා ( ඒජන්සි එකේ ඕනර් ) අපිව ආදරයෙන් පිළිගත්තා

" Good morning... ඇඩ්මිශන් ආවලු නේද මිස්ටර් විජේසිංහ..? "
අපේ අම්මා වාඩිවෙන ගමන් ඇහුවා

" ඔව් මම කිව්වනේ සතියෙන් ගෙන්නලා දෙනවා කියලා.. ඔන්න දැන් වීසා වලට දාන්නයි තියෙන්නේ.."

" කවද වගේ දැම්මොද්ද හොඳ ? "

" හෙට දාමු.." එහෙම කිව්වම අම්මයි මමයි මුහුණට මුහුණ බලා ගත්තා.

" හෙට ? කල් වැඩි නැද්ද මිස්ටර් විජේසිංහ ? " අපේ අම්මා අහනවා

" හෙටම දැම්මොත් සති දෙකක් යද්දි වීසා එක ලැබෙනවා. එතකොට ඉක්මනට යන්න පුළුවන්. ලේට් වුනොත් ඊළඟ intake එක පටන් ගන්නකම් තව කල් බලන් ඉන්න වෙනවා. මම කියන්නේ හෙට වැඩේ කරමු. මම ඕන කරන ඩොකියුමන්ට් එක හදන්නම්. මැඩම් මට බෑන්ක් එකවුන්ට් සෙට්ල්මන් ටික ගෙනත් දෙන්නකෝ "

හිතුවට වඩා ඉක්මනට හැම දෙයක්ම සිද්ද වුණා. ඒක ගැන මගේ හිතේ තිබුනේ සතුටක්. මට ඕන වුණේ ඉක්මනට ලංකාවෙන් යන්න. සචී අයියා මේ දේවල් දන්නේ නැහැ වගේ හැසිරුනත් එයා මේ හැම දෙයක් ම දැනගෙන හිටියා. වීසා ඇප්ලයි කරලා ආපු දවසේ හවස මම සාලේ ටීවී බල බල ඉද්දි සචී අයියා කොහෙදෝ ඉදන් ආවා. ඒ වෙද්දී කැම්පස් ස්ට්‍රයික් නිසා එයත් ශාලිකා එක්ක රස්තියාදු වෙවී ඉන්න බව මම දැනගෙන හිටියා.
සචී අයියා ගෙට ගොඩ වෙනවා මම දැක්කත් නොදැක්කා වගේ හිටියා. එයත් ඇවිත් මගේ ඉස්සරහ තිබුණු පුටුවකින් වාඩි වෙලා මගේ දිහා බලන් හිටියා. මමත් ටික වෙලාවකින් එයා දිහා බැලුවා. බැලුවා නෙවෙයි බැලුනා

" තේ එකක් හදලා දෙනවද ? " එයා බොහොම අහිංසක විදිහට ඇහුවා

" දවල්ට කාලද ? "

" ඔව්.."

මම නැගිටලා කිචන් එකට ගියා තේ එකක් හදන්න. ටිකකින් එයත් කිචන් එකට ආවා. මම කෙට්ල් එක රත් වෙන්න තියලා තේ හදන්න ඕන අනිත් දේවල් අරගත්තා. සචී අයියා පැන්ට්‍රී එකේ තිබුන පුටුවක වාඩි උනා

" වීසා ඇප්ලයි කලාද ? " සචී අයියා කතාව පටන් ගත්තා.

" හ්ම්.."

" කවදා වගේද වීසා හම්බ වෙන්නේ ? "

" දවසක් කියන්න බැහැ ඉක්මනට හම්බවෙයි.." මම වුවමනාවට එපාවට උත්තර දුන්නේ

" ඔයා ගත්ත තීරණය හරි කියලා හිතනවද හිරූ..? "

" ප්ලීස්.. සචී අයියේ, අපි තව දුරටත් ඕක කතා කරලා වැඩක් නැහැ, මම යන්න ඕන.. මගේ අනාගතේ ගැන හිතන්නත් ඕන.."

" ඇයි මෙහේ ඉඳලා ඔයාගේ අනාගතේ හදාගන්න බැරිද ? "

" ඔයා හොඳටම දන්නවනේ මට ඉස්සර ඉදන්ම තිබුන ආසාව මේ කෝස් එක කරන්න.."

" නැහැ මට හිතෙන්නේ ඔයා මගෙන් ඈතට පැනලා යන්න හදනවා කියලා.."

" ඔව් ඒක හරි සචී අයියේ.. මම පැනලා යනවා තමයි. ඔයාගෙන් මේ රටෙන් ගොඩක් ඈතට.. මොකද මෙහේ ඉඳලා මට ලැබිච්ච දෙයක් නැහැ, නිකම් රැවටුනා විතරයි. නරක දේවල් විතරයි මට මෙහිදී සිද්ද වුනේ.."

" මම පිළිගන්නවා නරක දේවල් විතරයි වුනේ කියලා. ඒත් අපි එකට ඉන්න ඕනි හිරූ.."

" තව දුරටත් අපි දෙන්නට එකට ඉන්න තරම් හේතුවක් මට පේන්නේ නැහැ.. අපි දෙන්නා එකතු වෙන්නයි හීන දැක්කේ, ඒක වෙන්නේ නැහැ.. කොටින්ම කොල්ලෝ දෙන්නෙක්ට එකට එකතු වෙන්න බැහැ. විශේෂයෙන්​ම ඔයා වගේ කොල්ලෙක් එක්ක කොහොමටවත් බැහැ. අපි දෙන්නා අතරේ සමහර විට කවදාවත් ආදරයක් නොතිබෙන්න ඇති. අද ඔයා මේ විදිහට මාත් එක්ක කතා කරන්නේ දවස් කීයකට පස්සේ කියලද ඔයා හිතන්නේ ? හරියටම දවස් 12 කට පස්සේ. That's almost two weeks...!! ඔයාට මාව මොකක් වගේද සචී අයියේ පේන්නේ ? නිකම්ම නිකන් කොල්ලෙක්...ඔයත් එක්ක සෙක්ස් කරපු, ඔයාගෙ වැඩ කරල දීපු නිකන්ම නිකන් කොල්ලෙක්.. එහෙමද ? "

" ප්ලීස් හිරූ... මම පිළිගන්නවා මම වැරදි ඇති. මම එහෙම කරන්නේ ඇයි කියලා ඔයාට චුට්ටක් හිතන්න බැරිද ? මට සමාව දෙන්න බැරිද ? "

" හැමදාම වැරදි කර කර සමාව ඉල්ලන එකේ තේරුමක් නැහැ සචී අයියේ.."

" හිරූ.... ජීවිතේ වැරදි සිද්ද වෙනවා. මේක තමයි ජීවිතේ කියන්නේ... එහෙම වැරදි වුණා කියලා තමන්ගේ අයව දාලා යන්නේ නැහැ.."

" මේ.. මේ.. මේ... පොඩ්ඩක් ඉන්න. මෙහිදී.. මගේ ගෙදරදිම මට සිද්ද වෙන්න තියෙන ගොඩක් නරක දේවල් සිද්ද වුනා ඔයාගෙන්. අද වෙනකම් ඔයා තරම් මට රිද්දලා නැහැ කිසිම කෙනෙක්. සමහර විට ඔයාට ඒක ගැන ගාණක් නැතුව ඇති. ඒත් මට මේවා බල බල ඉන්න ඕනේ නැහැ.."

" OK යන්න.. ඔයාට ඕන ඒක නම් යන්න... කිසි ප්‍රශ්නයක් නැහැ... ඔයා හිතන්නේ ඔයාගේ පැත්තෙන් විතරයි, ඒකයි ඔයාට ඔච්චර ලේසියෙන් මාව අත ඇරලා යන්න පුළුවන් වුනේ.."

" පොඩ්ඩක් ඉන්න.. පොඩ්ඩක් ඉන්න..මම ඔයාව දාලා ගියේ නැහැ, ඔයයි මාව දාලා ගියේ.. මම වෙන කාත් එක්ක වත් රිලේශන්ශිප් එකක් පටන් ගත්තේ නැහැ නේද ? ඔයයි එහෙම කලේ.. ඒක නිසා ඔයා හරි කියලා හිතනවා නං ඔයාටයි වැරදිලා තියෙන්නේ.. ඔයා දන්නවද ? ඔයා කවදාවත් මට ආදරේ කලේ නැහැ කියලා මට අද තවත් හොදට තේරුණා. ඔයා හිතුවේ ඔයා ගැන විතරයි. එදත් එහෙමයි.. අදත් එහෙමයි.. හැමදාම ඔයා ඔයා ගැන විතරයි හිතන්නේ.. "


" දඟකාර දෙකොපුල් අතරේ 
තනිවෙන්න සිතුනා ආයේ 
හසරැල්ල ඔය සුදු මුහුණේ
මැවෙනවා මගේ සිත අයිනේ 
මාව හීනෙක තනිකරලා 
ඈත ඔබ ගිය දා..."