Tuesday, October 2, 2012

Chapter 44 - "I WILL BE GONE..."



මම යද්දි මණිල්​ක අයියා වතුර ජෝග්ගුවක් හීටර් එකට ගහලා, ඒක රත් වෙනකන් තව කෝප්පෙකට කිරි පිටි සීනි කලවම් කරනවා. මම එනවා දැකලා මගේ දිහා බලලා හිනා වුනා. මම වට පිට බැලුවා. පුංචි වුණාට හැම දෙයක්ම හැම තැනම පිළිවෙලට තියෙනවා.


" ඔයාගේ වැඩ හරිම නීට් නේද ? " මම ඇහුවා 





" හි.. හී.. පෙරේදා වගේ ආවා නං නීට් බලන්න තිබුණා " එයා හොදටම හිනා වෙනවා


" ඒ මොකද ? "


" මේක නිකන් සිංහරාජ වනාන්තරේ වගේ තිබුනේ, මම පෙරේදා අස් කලා. නැත්නම් ඔයාව අද එක්කගෙන එන්නෙත් නැහැ.."


" ඉතින් ? "


" ඔයා බය වෙලා දුවයි මේක තිබුන හැටි දැක්කනම්. හි.. හී.."


" ඔයාට නම් පිස්සු, කොහොමත් කොල්ලන්ගේ කාමර ලස්සනට තියෙන්නේ නැහැනේ, ඉතින්.. ඉතින්.. දැන් ඔෆිස් එකේ වැඩ කොහොමද ? "


" ඒ තරම් අවුලක් නැහැ, ඒත් ඉතින් තවම ට්‍රේනින් නිසා පොඩ්ඩක් කට්ට කන්න වෙනවා "


මණිල්​ක අයියා මට තේ එකක් හදලා දීලා එයත් තේ එකක් අරගෙන ආපහු රූම් එකට ආවා. මම පුටුවක වාඩි වුණා. මණිල්​ක අයියා ඇඳෙන් වාඩි වෙලා හිමීට තේ එක බොන්න පටන් ගත්තා. ඒ තේ එක ඇත්තටම ගොඩාක් රසයි. අපේ අම්මා හදන තේ ඒක තමයි මම බීලා තියන රසම තේ එක. ඒ හැරෙන්න හොඳයි කියන්න පුළුවන් මණිල්​ක අයියගේ තේ එක.


" කොහොමද මෙච්චර රසට තේ හදන්න ඉගෙන ගත්තේ ? "


" අනේ මන්දා, ඒකත් අර.. " එයා කියන්න යන්නේ සංසාර පුරුද්ද ගැන


" සංසාර පුරුද්ද.." අපි දෙන්නම එකට කිව්වා


" හි.. හී.. ඉතින් කියන්නකෝ ඔයාගේ විස්තර. දැන් මැච් විතරද ? පාඩමක් එහෙම කරන්නේ නැහැ ? "


" ම්ම්ම්.. කරන්නේ නැත්තේ නැහැ, ඒත් මේ දවස් වල වැඩියෙන් සෙල්ලම් කරන එක තමයි කරන්නේ.."


මගේ දිහා බලාගෙන ටිකක් වෙලා කල්පනා කරපු මණිල්​ක අයියා නැගිටලා මම බීල ඉවර වුනු තේ කෝප්පේ අරන් ගියා. ආයේ ආපහු ආවේ ෂර්ට් එක ගලවලා බැනියම පිටින්. ෂර්ට් එක ඇඳුම් රැක් එකේ එල්ලලා මගේ දිහා බැලුවා.


" මල්ලා වොෂ් එකක් දා ගමු නේ? ඔයාට ඇඳුම් තියෙනවද අදින්න? මගේ සරමක් දෙන්නද..? "

" අෆොයි, සරමක් ඇන්දොත් උදේට ඒක හොයා ගන්න බැරි වෙයි, හි..හී.. මගෙ ළඟ එක්ස්ට්‍රා ෂෝට් එකක් ඇති අයියේ.. මැච් එකකට යද්දි කොහොමත් වැඩිපුර ඇඳුම් අරන් යනවා.."

" ඔව් නේ ? ඔයා දුවන දිවිල්ලට කලිසම් ඉරිලා නැතිව තියෙන එක පුදුමයි.. හි..හී.."


" එහෙම නෑ හරිද.. හි..හී.. කොහෙද වොශ් දාන්නේ ? "


" ෂවර් එක තියෙන්නේ එලියේ, එහා පැත්තේ.."

මණිල්​ක අයියා බැනියමයි, ඩෙනිම් එකයි ගලවලා දාලා ටවල් එකක් ඉන වටේ ඔතා ගත්තා. මමත් බෑග් එකෙන් ටවල් එකක් අරගෙන ඇඳන් හිටපු ටී ෂර්ට් එකයි, ත්‍රී ක්වාට එකයි ගලවලා දාලා ටවල් එක ඇඳ ගත්තා.


" ජොකා පිටින් නාන්න පුලුවන්ද ? " මම ඇහුවා

" මම නම් නැතුවත් නානවා. උඩට කවුරුත් එන්නේ නැහැ නේ.. ඕන විදිහට නා ගන්න. යමු.."

මණිල්​ක අයියා මාවත් ඉස්සර කරගෙන ෂවර් එක තියෙන තැනට ගියා. රූම් එකේ එහා පැත්තේ ස්ලැබ් එකේ කොනක ෂවර් එක හදලා තිබුනේ. ෂවර් එක වටේට කොටු බිත්ති බැඳලා තිබුණ නිසා පිටින් බලන කෙනෙක්ට පේන්නේ නාන කෙනාගේ උඩ කොටස විතරයි.

" ඔයා නාගන්නවද, මම ඉස්සෙල්ලා නා ගන්නද ? " මණිල්​ක අයියා ඇහුවා


" ඔයා නාන්න. මම ඊට පස්සේ නාන්නම් "


මම බිත්තියට හේත්තු වුණා. මණිල්​ක අයියා ටවල් එක ගලවලා දාලා ෂවර් එක යටට ගිහින් නාන්න පටන් ගත්තා. මම අරමුණක් නැතිව ඔහේ කල්පනා කර කර හිටියා.


" සඳ.. ඔයා මම සබන් ගාගන්න කම් නාන්න.."
මණිල්​ක අයියා එහෙම කියලා සබන් කෑල්ලක් අරන් පැත්තකට වෙලා මට ඉඩ දුන්නා. මමත් ටවල් එක ගලවලා දාලා Boxer එක පිටින් ෂවර් එක යටට ආවා. වතුර සීතලම සීතලයි.


" මේ වෙලාවට එන්නේ අලුත් වතුර. මේ වතුර නෑවම මාර සනීපයි.." මණිල්​ක අයියා කියනවා.


ඇත්තටම රෑ කලුවරේ එලියේ තියෙන ටැප් එකකින් මම ඒ විදිහට නෑව පළමුවෙනි වතාව ඒක. ඒ ෆීලින් එක වචන වලින් විස්තර කරන්න අමාරුයි. රෑ වෙලාවක ඕපන් එයාර් ෂවර් එකකින් එන අලුත් වතුරෙන් නාලා බලන්න. හෙළුවෙන්ම මොකුත් ඇඳුමක් නැතිව නම් තවත් හොඳට ඒ ෆීලින් එක හිතට දැනෙයි. ලොකු සැහැල්ලුවක් එක්ක දැනෙන්න සීතලක්.


අපි දෙන්නම නාල ඇවිත් ඇදුම් ඇඳ ගත්තා. මණිල්​ක අයියා කොට කලිසමකුත් ඇඳගෙන ඔලුව පිහ දානවා. මමත් ඔලුව හොඳට පිහදා ගත්තා. මොකක් හරි අඩුවක් තිබුණා.

" මොනවද වටපිට බල බල හොයන්නේ ? මේකද ? " මණිල්​ක අයියා බේබි කොලෝන් බෝතලයක් මේසේ ලාච්චුවෙන් අරගෙන දෙන ගමන් කියනවා. එයා මගෙ හිත කියවනවා වගේ


" ඔයා කොහොමද දන්නේ මම හෙව්වේ මේක කියලා " මම ඇහුවා


" මම දන්නවනේ.. පොඩි එකාගේ හැටි.. කෝ දෙන්න ටවල් එක මම වැලට දාලා එන්නම් "
මණිල්​ක අයියා මගේ ටවල් එකත් අරන් ගිහින් වනලා ආවා.


" ඕඩිකොලොන් ටිකක් දාන්නද ? " මම මණිල්​ක අයියා ගෙන් ඇහුවා


" හා "


එයා එක පාරටම පුන්චි එකෙක් වගේ ඇඳ උඩින් වාඩි වෙලා ඔලුව පහත් කලා. ඔඩිකොලෝන් දාලා ඔලුව ටිකක් මසාජ් කරනකන් එය පූස් පැටියෙක් වගේ සද්ද නැතුව හිටියා.


" ඔයාට කම්මැලිද ? මම පරිප්පු හදන්නම් " එයා එහෙම කියලා නැගිටලා මගේ අවුල් වෙලා තිබුණු කොණ්ඩේ හැදුවා.


" මමත් එන්නම්.. ඔයා පරිප්පු හදන හැටි බලන්න.." මමත් එයාගේ පස්සෙන් වැටුනා.


මණිල්​ක අයියා කිසිම හදිස්සියක් නැතිව හිමීට ලස්සනට පරිප්පු තෙම්පරාදුව හැදුවා. මම එයා ඒක හදන හැටි බලන් හිටියේ ගොඩක් ආසාවෙන්. එයා පරිප්පු හදලා ඉවර වෙලා පාන් ගෙඩිය අරන් පෙති වලට කපලා මේසේ උඩින් තිබ්බා.


" කමු.." එයා එහෙම කියලා මට පරිප්පු හොදි දාලා පිගානක් දුන්නා


" ම්ම්ම්.. මාර රසයිනේ.." මම පාන් කෑල්ලක් පරිප්පු එක්ක කාල කිව්වා, ඇත්තටම ඒක හරිම රසයි


" මම හිතුවා ම්ම්ම් ගාද්දි ලුණු වැඩි වෙලාද කියලා.. හි.. හී.. " මණිල්​ක අයියට හැම එකක්ම විහිලු


" ඔයාට විහිලු නේ ? මීට පස්සේ මුකුත් කියන්නේ නැහැ.." මම කිව්වා


" අපෝ ඔච්චර ඩෝන් යන්න දෙයක් මං කිව්වේ නැහැ. ම්ම්ම්.. තව පාන් ගන්න "


එදා මණිල්​ක අයියගේ බෝඩිමේ ගෙවුන හැම විනාඩියක්ම මට අද වගේ මතකයි. එදා මම එහේ ගියේ ඇයි... මම එයත් එක්ක රෑ නැවතුනේ ඇයි... කියන්න මම අදටත් දන්නේ නැහැ. මම කලේ මගේ හිත හරි කියලා කියපු දේ. වෙන දෙයක් ගැන මම හිතුවේ නැහැ ඒ වෙලාවේ. අපි දෙන්නා කෑම කාලා ඉවර වෙලා කුස්සිය අස් කරලා, බ්‍රශ් කරලා ඇඳට ආවා.


" ඔයා ෂෝට පිටින් නිදාගන්න නිසා මමත් සරමක් ඇන්දේ නැහැ.." ලයිට් එක නිවලා මගේ එහා පැත්තෙන් හාන්සි වෙන ගමන් මානිල්ක අයියා කියනවා.


" ඒ මොකද ? "


" මට බය හිතුනා ඔයා සරම කැඩේයි කියලා කිව්ව කතාවට.." එයා ඒක කිව්වේ full serious පිට. මට හිනාව නවත්ත ගන්න බැරි වුණා.

" මොකද හිනා වෙන්නේ ? මම තනියෙන් ඉන්නවා වගේ නෙවේනේ අද අමුත්තෙකුත් ඉන්නවනේ.."


" හි..හී.. හොඳයි.. හොඳයි.."


ලයිට් ඕෆ් කරලා තිබුනත් පාරේ ලයිට් කණුවක් එන ළා කහ පාට එලියක් කාමරේ ඇතුලට ඇවිත් තිබුනා. ජීවිතයේ පලවෙනි වතාවට සචින්ත අයියයි, මගේ අයියයි හැරෙන්න වෙන කොල්ලෙක් ගාව නිදා ගත්ත දවස.


" මට පුදුමයි ඔයා මගේ බෝඩිමට ඇවිත් මෙහෙම නැවතුන එකට.."
මණිල්​ක අයියා කතාව පටන් ගත්තා


" ඇයි ඒ ? "


" පුදුම වෙන්න හේතු තියෙනවා. ඔයාට ඒක තේරෙනවා ඇතිනේ.."


" මම නම් ජීවිතේ කිසිම දෙයක් ගැන පුදුම වෙන්නේ නැහැ මණිල්​ක අයියේ.."


" මොකද්ද.. මොකද්ද.. ඒ කිව්ව කතාව ? " මණිල්​ක අයියා මගේ පැත්තට හැරිලා කෙලින් වුණේ දිග කතාවක් අහන්න වගේ..

" ඔයාම හිතලා බලන්න "


" හිතලා බලන්න තිබුනා. ඒත් මට තවත් කෙනෙකුගේ හිත කියවන්න අමාරුයි සඳ... අනික ඔයාගේ ජීවිතේ ගැන මට පැහැදිලි අවබෝධයක් නැහැ. ඔයාව එදා උදාර අයියාගේ පෝරුව හදන දවසෙ දැක්කම, ගොඩක් හුරු පුරුදු ගතියක් දැනුනා. ඒත් ඒ ඇයි කියලා කියලා මම දන්නේ නැහැ.."


" ඔයා කියනවා වගේ සංසාර පුරුද්ද වෙන්න ඇති.. ගිය ආත්මයේ හම්බ වුනු අයමලුනේ මේ ආත්මෙදි හම්බ වෙන්නෙත්.."


" වෙන්න ඇති, ඔයා ඉන්නේ ලොකු කලකිරීමකින් කියලා නම් මම දන්නවා. ඒක ඔයාගේ ඔය හිනාව අස්සේ හැංගිලා තියෙන්නේ. කාටවත් ඒක පේන්නේ නැහැ.."


" ඒත් ඔයාට පෙනුනා.."


" මට වගේම තව ඔයාට ගොඩක් ලං වෙලා ඉන්න අයට පේනවා.."


" ඒ කියන්නේ ඔයා මට ගොඩක් ලං වෙලා ඉන්න කෙනෙක් ? "


" ඒ ප්‍රශ්නෙට මට දෙන්න උත්තරයක් නැහැ සඳ.."


" ඔයා හරි අයියේ.. මම ඉන්නේ කලකිරීමකින් තමයි. ඔයා ඒක හරියටම කිව්වා. ඒත් මගේ කතාව වෙනස්. සමහරවිට ඔයා ඒක දැනගත්තොත් මගේ ගැන මොනවා හිතයිද දන්නේ නැහැ.."

මම ලොකු හුස්මක් අරගෙන කිව්වා

" මම ඔයාව කිසිම විදිහකින් මනින්නෙ නැහැ සඳ.. මට එහෙම කරන්න අයිතියකුත් නැහැ.."

එදා මම මගෙයි සචී අයියගෙයි කතාව මණිල්​ක අයියට කිව්වා. එයා අහගෙන හිටියා. සමහර තැන් වලදී ප්‍රශ්න ඇහුවා. මම ඒවට උත්තර දුන්නා. මට දැනුනේ මණිල්​ක අයියා මාව සෑහෙන්න කාලෙක ඉඳන් දන්න කෙනෙක් කියලා. 

" ඔයා තවම සචින්තට ගොඩක් ආදරෙයි නේද ? " මගේ කතාව අන්තිමේදී මණිල්​ක අයියා එහෙම ඇහුවා
 
" ඔව්.. මට ඒ ආදරය අමතක කරන්න බැරි වෙයි. ඒත් මම ආදරය කරන්නේ දැන් ඉන්න සචින්තට නෙවෙයි. මීට අවුරුදු තුනකට කලින් හිටපු සචින්ත අයියට.."

" ඔයා හොද කෙනෙක් මල්ලා. ඒත් ඔයාට එක තැනකදි වැරදුනා.. මම හරි නේද ? "

" ඔව් අයියේ.. මට වැරදුනා. එක තැනකදි නෙවේ, තැන් කිහිපයකදිම. ඒත් මම ආපහු හැරිලා බලද්දි ගොඩක් පරක්කු වැඩියි ඒ වැරැද්ද හදා ගන්න. මට ඒවා හදන්න පුළුවන් කමක් නැහැ. මට පුළුවන් නම් ඔරලෝසුවේ කටු ආපහු පිටිපස්සට කරකවන්න ඒ කාලයට ආපහු යන්න, මම ගොඩක් සතුටින් ඒ දේ කරලා මේ වෙච්ච හැම වැරැද්දක්ම හදා ගන්නවා "

මම අඬන්නේ නැහැ කියලා කොච්චර හිත තද කරගෙන හිටියත් මගේ ඇස් වලින් ඉබේම කඳුළක් වැටුණා.

" ඔයා අඬන්න එපා සඳ.. වෙච්ච දේවල් වෙනස් කරන්න බැහැ. ඒත් ඔයාට පුළුවන් අනාගතය වෙනස් කර ගන්න. ඉස්සරහට හරියට මුහුණ දෙන්න. මම දන්නවා මේ දේවල් දැන් ඔයාට තේරුමක් නැහැ. ඒත් ටිකක් හොඳට හිතලා බලන්න. අපි හැමෝටම අතීතයක් තියෙනවා. ඒත් අපිට ඒ අතීතයේ ජීවත් වෙන්න බැහැ. අපි අමාරුවෙන් වුනත් ඒ දේවල් අත්හැරලා ඉස්සරහට යන්නම ඕන "

මණිල්​ක අයියා දුකින් වගේ කියලා මගේ උරහිස වටේට අතක් දාල මාව එයා ලඟට ලඟට ලං කරගත්තා. මම එයාගේ උරහිසේ ඔලුව තියා ගත්තම එයා මගේ නලල ඉම්බා. අපි දෙන්නා අතරේ sexually කිසිම දෙයක් වුණේ නැහැ. එයා මාව තුරුළු කරගෙන හිටියා විතරයි. මණිල්​ක අයියා ඒ අතින් සෑහෙන්න හොඳ ගතගුණ තියෙන කොල්ලෙක්. 

අපි දෙන්නා තවත් ගොඩක් වෙලා කතා කර කර ඉඳලා නිදා ගනිද්දී රෑ 12 ත් පහු වෙන්න ඇති. පහුවදා උදේ මම ඇහැරුනේ මණිල්​ක අයියා හිමිට මගේ ඔලුව අත ගානවා දැනිලා. මම අමාරුවෙන් ඇස් දෙක ඇරියා.

" ගුඩ් මෝර්නින් සඳ.. 7 යි දැන්. අද ඔයා කුරුණෑගල යනවා කිව්වා නේද ? " මණිල්​ක අයියා හිමීට මගේ කොන්ඩේ අතරේ අත් දෙක අරන් යන ගමන් කියනවා.

" ම්ම්ම්.. ඔයාට අද ක්ලාස් නේද ? "

" ඔව් 9 ට. මම තේ හැදුවා.. නැගිටලා තේ බීලා වොෂ් එකක් දාගන්න.."

" ආයෙත් එනවද ? " එයා අහිංසක විදිහට ඇහුවා

" දාලා යන්නත් ලෝබයි.." මම කාමරය වටපිට බලන ගමන් කිව්වෙ ඇත්තටම ආශාවකින්

" මාවද ? බෝඩිමද ? " මණිල්​ක අයියා අහපු දේට මම මොකුත් නොකියා හිනා වුනා. එයා නැගිටලා මගේ ලගට ආවා.

" ජීවිතයේ කඩන්  වැටෙන්න එපා සඳ.. ඔයා හිත හයිය කොල්ලෙක්. ඒක නැති කරගන්න එපා. ඔයාට කතා කරන්න, අඬන්න, හිනාවෙන්න ඕනම දෙයකට මමත් ඉන්නවා කියලා මතක තියාගන්න. ඔයාට ඕනම වෙලාවක කතා කරන්න. මම ඔයා ලඟට එනවා. ඔයාට ඕනෙම වෙලාවක මගේ බෝඩිමේ ඉඩ තියෙනවා "

මණිල්​ක අයියා මගේ කරට අත්දෙක තියලා ඇස් දිහා බලාගෙන ඒ ටික කියද්දී මගේ ඇස් වලට අලුත් කඳුළක් ඉනුවා.

" මම ආපහු එන්නම්කෝ.."

මම එයා දිහා බලාගෙනම කිව්වා. මණිල්​ක අයියා පහත් වෙලා මගේ නලල ඉම්බා. මමත් එයාගේ නළලට හාදුවක් දුන්නා.


ප්‍රේමය ලොව හැම තැනම ඇතී 
හැම දෙනටම හමු වෙලා ඇතී 
එනමුදු ප්‍රේමය කිමැයි කියා 
හඳුනා ගත් කිසි කෙනෙකු නැතී.." 



-----------------------------------------------------------------------------------------------------------------------------


මම උදේ 8 වෙද්දී ගෙදර ආවා. සචී අයියා පේන්න හිටියේ නැහැ. මම රූම් එකට ගියා. මගේ රූම් එකේ මොකක් හරි වෙනසක් තිබුණා. නිකන් ඇදල දාලා වගේ. සචී අයියා මොන පිස්සුවක් නැටුවද දන්නේ නැහැ මම නැති අතරේ. මම එහෙම හිත හිත ෆෝන් එක අරන් චාජර් එකට ගැහුවා. මම එතකොටයි දැක්කේ මගේ ලැප්ටොප් එක Bed එක උඩ. මම යද්දි ඒක තිබුණේ Table එක උඩ. ඒක කොහොමද බෙඩ් එක උඩට ගියේ. මම කල්පනා කරකර ඉද්දී සචී අයියා මගේ රූම් එකට ආවා. 

" කොහෙද ඊයේ හිටියේ ? " මාව දැක්ක ගමන් සචී අයියා ඇඟට පැන්නා

" යාලුවෙක්ගේ ගෙදර.."

" කවුද යාළුවා ? "

" ඔයා දන්න කෙනෙක් නෙවේ.. අනික ඔයා ඇයි මගෙන් ඔහොම ප්‍රශ්න අහන්නේ ? "

" අහන්නේ මට තමුසේ ගැන වගකීමක් තියෙන නිසා. ඊයෙ අම්මලා ගියේ තමුසෙව මට බාර දීලා. තමුසේ රෑ ගෙදර එන්නේ නැතිව මොන මගුලකද ගියේ ? මොනව හරි වුනානම් කවුද වග කියන්නේ ? "

" මේ සචී අයියේ, මගේ ගැන, මම කරන කියන දේවල්, යන එන තැන් ගැ​න අපේ අම්මට ප්‍රශ්නය​ක් නැත්තම්, ඔයා කොහොමත් කරදර වෙන්න ඕන නැහැනෙ. මට පුළුවන් මාව බලා ගන්න. මම පොඩි එකෙක් නෙවේ.. ඒක නිසා මීට පස්සේ මගේ ගැන කරදර වෙන්න එපා.."

" මොකක්ද ඒ කතාවේ තේරුම ? හිරූ ! ! ඇයි මෙහෙම කරන්නේ ? " සචී අයියා එක පාරටම පිස්සෙක් වගේ කෑ ගහන්න ගත්තා.

" මම මොනවත් කලේ නැහැ සචී අයියේ, මේ හැම දෙයක්ම කණපිට හැරෙව්වේ ඔයාමයි. මම තනි වුනා. මගේ ජීවිතේ කඩන් වැටුනා. මේ හැම දෙයක්ම නිකම්ම සිද්ධ වුණා කියලද ඔයා හිතන්නේ ? "

මම කියපු දේට සචී අයියා බය වෙලා වගේ බලන් හිටියා. එයාට කතා කරන්න බැරිව ටිකක් වෙලා බලාගෙනත් හිටියා. එයා මගේ බෙඩ් එකේ වාඩි වුනා.

" හිරූ.. සොරි.. මට තිබුණා ඔයා වෙනුවෙන් මීට වඩා කැප වෙන්න. මම දන්නවා මම වැරදියි කියලා. ඔයා කොහොමද මටවත් කියන්නේ නැතිව සඳරූ ගාවට යන්න තීරණය කලේ ? "

" ඔයාට කවුද කිව්වේ ? අම්මද ? "

මම පුදුමයෙන් වගේ ඇහුවේ ඒ වෙනකම් කාටවත් මම රට යන එක ගැන අම්මා කියලා තියෙන්න විදිහක් නැති නිසා

" නැහැ මම කොහොම හරි දැන ගත්තා. මට කියන්න ඔයා එහෙම තීරණය කලේ ඇයි ? මම ඒකට පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා ඔයා දන්නවනේ ? "

" සචී අයියේ ඔයා මගේ ලැප් එක ඇද්දා නේද ? ෂුවර් එකටම අයියට යවපු ඊමේල් එකක් කියවන්න ඇති ඔයා. මම බොරුද කියන්නේ ? "

මම අහපු විදිහට එයාට උත්තර නොදී ඉන්න බැරි වුණා.

" ඔව් මම බැලුවා.."

" දෙයියන්ගේ නාමෙට.. සචී අයියේ ඔයාට කිසිම අයිතියක් නැහැ මගේ ලැප් එක අදින්න. මම ඔයාගෙයි, ශාලිකාගෙයි දේවල් වලට ඇගිලි ගහලා නැහැ... ඔයා මොන... වැඩක් නැහැ, ඕව කතා කරල වැඩක් නැහැ. කරුණාකරලා මට මගේ පාඩුවේ ඉන්න දෙන්න මේ ඉන්න ටික කාලෙදිවත්.. මෙන්න වැන්දා "

" හිරූ.. මට සමාවෙන්න.. මම දන්නවා මම වැරදි ඇති. මට ඔයා ලග මීට වඩා ඉන්න තිබුණා "

" කවුරුවත් මට තනි රකින්න ඕන නැහැ සචින්ත අයියේ.."

" ඔයා තනිවෙලා නැහැ හිරූ.. සචින්ත ඔයා ළඟ ඉන්නකම් ඔයා තනි වෙන්නේ නැහැ.." සචී අයියා මගේ අත් දෙක අල්ලගෙන තද කරගන්න ගමන් කිව්වා.

" සචී අයියේ.. මම කැමති නැහැ මේවා ගැන තවදුරටත් කතා කරන්නවත්... මේවා තවත් දුරදිග ගෙනියන්න වත්... මම ඔයාට මේ දේ කියන්න හිටියේ කොහොමත්.. මම අයියා ගාවට යනවා "

" ඔව් මම දන්නවා.."

" ඒත් මට බැහැ ඔයාට බලාපොරොත්තු දෙන්න "

" ඔයා ඕන තරම් කල් ගන්න හිරූ.. මම බලන් ඉන්නම්.."

" මම ආපහු කවදාවත් ඔයා ගැන හිතන්නේ නැහැ සචී අයියේ.. තව දුරටත් මට ඔයා ගැන හිතන්න බැහැ. ඒකෙන් අපි දෙන්නටම සිද්ද වෙන හොඳක් නැහැ "

" ඒ වගේ දරුණු තීරණයක් ගන්න කල් වැඩි නැද්ද ? "

" තව කාලයක් ගිහින් මේක කියනවට වැඩිය, මම මේක දැන්ම ඔයාට කියන එක හොඳයි නේද.."

" තම පාරක් හිතන්න හිරූ.."

" මම හොඳට හිතලා තමයි ඔය තීරණය ගත්තේ.."

" ඔයා කියන්නේ මට ඔයාව අමතක කරන්න කියලද ? "

සචී අයියා රතු වුනු ඇස් දෙකෙන් මගේ දිහා බලාගෙන කියද්දී මගේ හිත කෑ ගහලා ඇඬුවා. ඒත් සචී අයියේ මම අපි දෙන්නගෙම හොඳටයි මේ තීරණය ගත්තේ.. මම ඒක එදා නොකිව්වට ඒක එහෙමයි කියලා ඔයා අද තේරුම් අරගෙන ඇති.

" ඔව්..!!"

" ඒක කරන්නේ කොහොමද කියලත් ඔයා මට කියලා දෙනවද හිරූ ? මට කවදාවත් හිතා ගන්න බැරි වෙයි ඒක කරන්නේ කොහොමද කියලා. මගේ ජීවිතයේ මගේ ලඟින්ම ඔයා තරම් ආදරේ කරපු කෙනෙක් හිටියේ නැහැ හිරූ.. ඒත් මට තෝර ගන්න සිද්ද වුණා.

" ශාලිකාව.. මම දන්නවා සචී අයියේ.. මම ඒක ගැන ඔයත් එක්ක තරහක් නැහැ.."

" යන්න එපා හිරූ..."

" අපි මේක ගැන ආපහු කතා නොකර ඉමු සචී අයියේ.. ප්ලීස්.. මට ඕනේ නැහැ තව දුරටත් ඔයත් එක්ක රණ්ඩු වෙන්න වත්, අඬන්නවත්.."



මා නොමැති හෙටක් ඇතත්
පිපෙන මල් යලිත් පිපෙයි
හිරු එළිය ඇවිත් තව දවසක් උදා වේ
හමනා ඒ සුළං රැලිත් නෙත් කොනින් ලඟින් හමයි
නෙතු අගින් වැටුනු ඒ කඳුලැල් සීතලයි.."






14 comments:

  1. mama hithapu de hari Lahiya. mechchara dawasak thisse sidda wei kiyala balaporoththu una hema deyakma a vidihatama sidda wenna yanawa. godak hoda theeranayak Lahiya. ube hitha haiyai godak..

    Ranuka

    ReplyDelete
  2. hamadeema wenne minissunta .

    Oyata theeranayak ganna bariwa lathawenawa wage

    Me loke Kochchara aya . Straight (mawagaththa ) lokeka jeewath wewi duk widinawa athda ?

    Samahara wita sachinthage hitheth loku pasuthaweemak athi wei hithakata dunnu loku gindarak nisa Eeth ee weddi sachintha too late

    Oyage jeewithe sarthakathwayama laga weewa
    Eelaga chapter eka enakan balan innawa

    ReplyDelete
  3. 45th ikmanata liuwa nam Hodai neda bro

    ReplyDelete
  4. Oya lassanata liyala thiyenawa

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. mama oyage kathawa kiyeuwe onlymen1n mama godak asawen kiyawapu kathawak thama oyage kathawa.onlymen1ta logwena bari thana thama mama blog1 hoyagathe.oya lasanata liyanawa.digatama liyana.
    dear only men1ta mokada wela thiyene???????

    ReplyDelete
  7. only men page ekata Kela wela ane Hodai

    Eeth Lahiru meeka ikmanata continue karanna .
    veralu mal walatath wada meeka lassanai

    ReplyDelete
  8. only men page ekata Kela wela ane Hodai

    Eeth Lahiru meeka ikmanata continue karanna .
    veralu mal walatath wada meeka lassanai

    ReplyDelete
  9. LAHIRU malliyo.., please update your story soon. we all are waiting to read it

    ReplyDelete
  10. plz hiru continue your story.............I also waiting to read it.......

    ReplyDelete
  11. hiru oyata puluwanda sachi wa amathaka karanna! oya denna hambuna thana indan adarei kiapu hati, e hama detama math adarei, matath hithe thiana ewa kianna, adare karanna kawuru hari labenawanam... oyata puluwanda sachiwa amathaka karanna , be neda, oyage gathin lankawen ath unath hithin oya thamath mehe, mata eka sure, oya mata reply karath nathath man kawadahari oyawa hambenawa, oya dan dukin neme neda inne sanda...

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete