Tuesday, October 9, 2012

Chapter 45 - "WISH, IF I COULD HATE YOU..."

එදා මම කුරුණෑගල ගියා. කිරි අම්මවත් බලලා අම්මයි, ශ්‍රීමති ආන්ටියි එක්ක ආපහු කොළඹ එද්දි ගොඩක් රෑ වෙලා. අපි එද්දි සචී අයියා නිදා ගන්න ගිහිල්ලා. උදේ සිද්ද වෙච්ච කතාබහ මතක් වෙලා මගේ හිත ආපහු සැරයක් අතරමං වුණා. මොනදේ වුනත් තව කාලයක් මේ විදිහට සචී අයියත් එක්ක ජීවත් වෙන්න බැරි බව මම තේරුම් අරගෙන තිබ්බේ ඒ වෙද්දි. මට නින්ද යාගෙන එද්දිම ඇහැරුනේ ශ්‍රීමති ආන්ටි කෑගහන සද්දෙට. 



" අනේ චූටි පුතේ... නිර්මලා..... අනේ ඉක්මනට එන්නකෝ..."  ශ්‍රීමතී ආන්ටිගේ කෑගැහිල්ල ඇහුනේ සචී අයියගේ කාමරෙන්...

මම ඇදෙන් බිමට පැනලා ටී ෂර්ට් එකක් ඔළුවට දාගන්න ගමන් තප්පරේට දෙකට සචී අයියගේ කාමරයට දිව්වා. ඒ යද්දි දැකපු දේ මට අදහගන්නත් බැරි වුණා. සචී අයියගේ කටින් සුදු පෙන දානවා. ශ්‍රීමති ආන්ටි එයාව බදා ගෙන. මම සචී අයියා ගාවට පැනලා එයාව අල්ල ගත්තා. එයාගේ මේසෙ උඩ තිබුන හිස් පැනඩෝල් කාඩ් දෙක තුනක් මම දැක්කේ එවෙලේ.

" මොකද.. මොකද.. වුනේ ? " අපේ අම්මත් ඒත් එක්කම එතැනට ආවා

" අනේ මන්දා නිර්මලා මේ ළමයා මොනවද බීලා.." ශ්‍රීමති ආන්ටි අඬනවා

" අම්මා සචී අයියා පැනඩෝල් බීලා, මෙයාව හොස්පිටල් අරගෙන යමු... ඉක්මනට.." මම කෑගැහුවේ වැඩි වෙලාවක් බලන් ඉන්න බැරි නිසා

" මම කාර් එක ගන්නම්, ඔයා අයියව අරන් එන්න පුතේ පහලට.." අම්මා කලබලෙන් ආපහු හැරුනා

" ආන්ටි මම සචී අයියව ගන්නම්, මගේ රූම් එකෙන් මගේ ෆෝන් එකයි, වොලට් එකයි අරන් එන්න ආන්ටි ඉක්මනට.."

මම සචී අයියව හරහට උස්සලා ගත්තා. ශ්‍රීමතී ආන්ටි අඬ අඬා මගේ පස්සෙන් වැටුනා. අපි පහලට එද්දී අම්මා කාර් එකේ දොරත් ඇරලා, බලන් ඉන්නවා. ශ්‍රීමති ආන්ටි පිටිපස්සෙන් වාඩිවෙලා සචී අයියගේ ඔලුව එයාගේ උකුලෙන් තියාගත්තා.

" කෝ දෙන්න අම්මා යතුර " මම අම්මගෙන් යතුර අරන් කාර් එක ස්ටාට් කර ගත්තා. අම්මා ගෙදර දොර වහලා ඉක්මනට ඇවිත් වාහනේට නැග්ගත් මට ඒ තත්පර කිහිපය දැනුනේ පැය ගානක් වගේ..

" ඉක්මනට එන්නකෝ අම්මා.. " මම කෑ ගැහුවේ ඉවසිල්ලක් නැතුව

" අනේ ඇයි පුතේ ඔයා මෙහෙම කර ගත්තේ.." ශ්‍රීමති ආන්ටි හොඳටම අඬනවා

කොච්චර වේගයකින් කොහොම හොස්පිට්ල් එකට ආවද කියලා මට වත් මතක නැහැ. අපි කලුබෝවිල හොස්පිටල් එකට සචී අයියව අරන් ආවා. ඩොක්ටර්ස්ලා එයාව චෙක් කරන්න ඇතුලට ගත්තට පස්සේ මම එතන තිබුණ බංකුවක වාඩි වුණා. මොකක්ද මේ වුනේ...ඇයි සචී අයියා මෙහෙම කරගත්තේ ? මම හින්දද ? ඔයා මේවා කරලා මොනවද ඔප්පු කරන්න හදන්නේ ? හරිනම් මමයි වහ බීලා මැරෙන්න ඕන. මගේ හිතට දහසකුත් දේවල් හිතුනා. දුක වගේම තරහකුත්...

" අනේ නර්ස් මගේ දරුවාට කොහොමද දැන් ? "

" ඩොක්ටර් එන්න කිව්වා.. අම්මා එන්නකෝ.."

" Excuse Me නර්ස්..අපිත් එන්නද ? "

" ඔයා Patientගේ කවුද ? "

" මම එයාගේ මල්ලි.." මම එහෙම කිව්වම නර්ස් ඔලුව වැනුවා

අපි සචී අයියා හිටපු ඇඳ ලඟට ගියා. එයාගේ අතට සේලයින් එකක් ගහලා.. එයා සුදුමැලි වෙලා වගේ.. අසරණ විදිහට අපි දිහා බලන් ඉන්නවා. මම ඒක බලන් ඉන්න බැරි නිසා ඩොක්ටර් ලඟට ගියා. බය වෙන්න දෙයක් නැහැ කියලයි ඩොක්ටර් කිව්වේ. ඒත් දවසක් දෙකක් හොස්පිට්ල් එකේ තියා ගන්න වෙයි කියලා ඩොක්ටර් කිව්වා.

" නියමයි... අලි මදිවට හරක්.." මම කේන්තියෙන් හිතුවා

" පුතා ගාව මට ඉන්න පුලුවන්ද ඩොක්ටර්..? " ශ්‍රීමති ආන්ටි අහද්දි මගේ හිත කඩන් වැටුණා. මොනවා වුනත් අම්මා කෙනෙක්නේ..

" අම්මට ඉන්න දෙන්න විදිහක් නැහැනේ.. මේක Male Ward එකක්නේ " ඩොක්ටර් කිව්වම ශ්‍රීමති ආන්ටි මගේ දිහා දුකෙන් වගේ බැලුවේ මට නවතින්න කියන්න කියලා මම දන්නවා. 

" මම ඉන්නම් ආන්ටි අයියා ගාව, ඔයාලා පරිස්සමෙන් ගෙදර යන්න.."

මම එහෙම කියලා අම්මා ළඟට ගිහින් කාර් එකේ යතුර දුන්නා. ඒ දෙන්නා ගියාට පස්සේ මම ආපහු සචී අයියා ගාවට ආවා. එයා ඇස් දෙක පියාගෙන හිටියත් නිදි නැහැ කියලා මම දන්නවා. නර්ස් කෙනෙක් මට පුටුවක් ගෙනත් දුන්නා වාඩි වෙලා ඉන්න කියලා. මම ඒකත් සචී අයියගේ ඇඳ ලගින් තියාගෙන වාඩිවුණා. 

" හිරූ..." එක පාරටම සචී අයියා කතා කලා.

" කියන්න සචී අයියේ.. ඔයාට අමාරුද.."

" නැහැ... ඔයා.. ඉන්නවා.. නේද...? "

" ඔව් අයියේ.. මම මෙතන ඉන්නවා.. ඔයා නිදා ගන්න දැන්.."

" මම... ඇහුවේ... ඔයා... මාව... දාලා... සඳරු... සඳරු... ලඟට..."

" අපි ඒව ගැන කතා කරමු පස්සේ. දැන් ප්ලීස් නිදා ගන්න.." මට සචී අයියත් එක්ක කතා කරන්න උවමනාවක් තිබුනේ නැහැ. මට ඕන වුනේ ටික වේලාවක් නිදහසේ කල්පනා කරන්න. සචී අයියා ටික වෙලාවකින් නින්දට වැටුනා. ඒත් මට නින්ද ගියේ නැහැ. මම ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා දැනිලා ඒක සාක්කුවෙන් අර ගත්තා. මණිල්ක අයියා කෝල් කරනවා. මම නැගිටලා වෝඩ් එකෙන් එලියට ගිහින් සචී අයියව පේන තැනක ඉඳන් ෆෝන් එක ආන්සර් කලා.

" මල්ලි ඔයා නිදිද ? මම නිකන් ගත්තේ.."

" මම නිදි නැහැ අයියේ, මම හොස්පිට්ල් එකේ ඉන්නේ.." මම වෙච්ච සේරම මණිල්ක අයියට කිව්වා. එයාටත් පුදුමයි. මම එයත් එක්ක කතා කරලා ආපහු සචී අයියා ළඟට ආවා. සචී අයියට ඒ වෙද්දි නම් නින්ද ගිහින්. මම සචී අයියගේ නළලට වැටිලා තිබුණ කෙස් රොදක් අතින් උඩට කරලා එයාගේ නළල ඉම්බා. 

" මට ආදරය කියලා දුන්නේ ඔයා.. මම ජීවිතය දැක්කේ ඔයාගේ ඇස් දෙකෙන් පන.."


------------------------------------------------------

පහුවදා උදෙන්ම අම්මයි, ශ්‍රීමති ආන්ටියි ආවා හොස්පිටල් එකට. ඒ වෙද්දී සචී අයියා නැගිටලා හිටියේ. එයාට ඒ තරම් අමාරුවක් නැති නිසා මමත් ගෙදර යන්න හිතුවා අම්මලා එක්ක. 

" මල්ලි, ඔයා දවල්ට එනවද ? " එන්න හදන කොට සචී අයියා අහුවා

" ඔව්.. ඔයාට මොනවා හරි ගෙනත් ඕනේද ? "

" මගේ ෆෝන් එක ගෙනත් දෙනවද ? "

" හා.." මම ආපහු එන්න හැරුණා.

අපි තුන්දෙනා ගෙදර එද්දි මගදී මම ශ්‍රීමති ආන්ටි ගෙන් ඇහුවා කොහොමද මේ දේවල් දැනගත්තේ කියලා

" අම්මේ.. මට සමාවෙන්න කියලා... ලියුම් කෑල්ලක් ලියලා මේසේ උඩ තියලා තිබ්බා. මම වෙනදට නම් කාමරයට යන්නේ නැහැ. ඒත් දෙයියෝ බැලුවා වගේ මම ඊයෙ රෑ ගියා. මෙයා කාලද නිදා ගත්තේ බලන්න. එතකොටයි මම දැක්කේ.." මම සද්ද නැතිවම ඩ්‍රයිව් කලා.

ගෙදර ඇවිත් සචී අයියගේ ෆෝන් එක චාජර් එකට ගහලා මම වොෂ් එකක් දාගෙන ටිකක් නිදා ගත්තා. ඉරෝෂයටත් කෝල් එකක් දීලා මම හොස්පිට්ල් යන්න ලැහැස්ති වුනා. මම සචී අයියගේ කාමරේට ගිහින් චාජර් එකට ගහලා තිබුණු ෆෝන් එක ඔන් කලා. ෆෝන් එකට SMS 12 ක් ඇවිත් තිබුනා. ඔක්කොම MY BABY ගෙන්, ( ශාලිකා ) මම ඒවා බලන්න ගියේ නැහැ. ඒත් එක්කම ෆෝන් එක රින්වුණා. " MY Baby "

" හෙලෝ..." මම එක පාරින්ම ආන්ස‍ර් කලා.

" කොහෙද අනේ ඔයා ඉන්නේ ? මම උදේ ඉඳන් ට්‍රයි කරනවා. ඔයාට මොකද වෙලා තියෙන්නේ ? "
ගෑනි තව මොනවාදෝ.. මොනවදෝ.. කියාගෙන බැනගෙන.. බැනගෙන.. ගියා.

" මම සචින්ත නෙවෙයි ලහිරු කතා කරන්නේ.."

" Oops.. I'M Sorry, සචින්ත කෝ ලහිරු ? "

" ඊයේ එයාව හොස්පිටල් ඇඩ්මිට් කලා. ෆුඩ් පොයිසන් වෙලා.."

" වට් ? එක පාරටම ? "

" ඔව්.."

" දැන් එයාට කොහොමද ? "

" අමාරුවක් නැහැ.. දැන් හොඳයි "

" ඊයේ මාත් එක්කත් රණ්ඩු වෙලා හිටියේ, මැරෙනවා කියලත් කිව්වා. අයියෝ මගෙත් වැරැද්ද අනේ.. මම ටිකක් කෑ ගැහුවා එයාට.. පව්.."

ආහ්.. එහෙනම් එයා මේ පැනඩෝල් බීලා තියෙන්නේ මට තියන ආදරයකට නෙවෙයි. ඒකත් එහෙමයි එහෙනම්... මගේ හිතට ආවේ ඇත්තටම කේන්තියකට වඩා උපහාසයක්..

" මම එන්නම්කෝ බලලා යන්න.. ආවට කමක් නැහැනේ ? " මේ ගෑණි මගෙන් අහන්නේ හරියට මම සචින්තගේ බාප්පොච්චි කියලා හිතාගෙන වගේනේ

" කමක් නැහැ.." මල සමයං මම එහෙම හිතුවා විතරයි

" ආන්ටි මට බනීද දන්නේ නැහැ නේද ? " මොනවද මේ හොල්මන අහන්නේ.. මට යකා නැග්ගා. ඒත් ඉතින් ගහන්න කියලද..

" නැහැ.. නැහැ.. ඔයා යාළුවෙක් කියලා කියන්න.. එතකොට ප්‍රශ්නයක් නැහැ.. "

මම වෝඩ් නම්බර් එකයි, බෙඩ් එකයි කියලා ෆෝන් එක කට් කලා.

අම්මා ඔෆිස් එකේ නිසා දවල්ට ශ්‍රීමති ආන්ටි විතරක් හොස්පිට්ල් යන්න ලැහැස්ති වෙලා හිටියා. මම ඉරෝෂයවත් දාගෙන අපි තුන්දෙනා හොස්පිටල් එකට එද්දි ලෙඩ්ඩු බලන වෙලාව ටිකක් පහු වෙලා.. 12.30 ට විතර ඇති. අපි යද්දි සචී අයියා ඇඳේ වාඩි වෙලා බලන් ඉන්නවා. එයාගේ එක අතක ගහලා තිබුන සේලයින් බටය දැක්කම මට දුක හිතුනා. අපි තුන්දෙනා එනවා දැක්කම එයාගේ මුහුණේ හිනා රැල්ලක් මතු වුණා. ශ්‍රීමතී ආන්ටි නම් එයත් එක්ක වැඩි කතා බහක් නැහැ. සචී අයියා කරගත්ත මෝඩ වැඩේ ගැන ශ්‍රීමති ආන්ටි ඉන්නේ දැන් තරහින්.

" ඔයාට දැන්ම මුකුත් බර දේවල් කන්න දෙන්න එපා කියලා ඩොක්ටර් කිව්වා.. සොරි තමයි "
මම සචී අයියගේ ඇඳේ කොනක වාඩිවෙන ගමන් කිව්වා

" චූටි පුතා මම ඩොක්ටර්ව හම්බවෙලා එන්නම් ඔයාලා අයියත් එක්ක ඉන්න.."
ශ්‍රිමතී ආන්ටි එහෙම කියලා ගියා.

" ශාලිකා කෝල් කලා, මම කිව්වා ෆුඩ් පොයිසන් වෙලා හොස්පිටලයිස් කලා කියලා. දැන් එයි බලලා යන්න.."
මම සචී අයියගේ ෆෝන් එක එයාට දික්කරන ගමන් කිව්වා.

" අම්මා ආවොත් ? "

" යාළුවෙක් කියන්න කිව්වා.."

මම කිව්වෙ නිකන් " ඒක මට අදාල නැහැ " කියන්න වගේ. ඒක සචී අයියට තේරෙන්නේ ඇති.
ටිකක් වෙලා යද්දි ශාලිකා එයාගේ යාළුවෝ දෙන්නෙක් එක්ක අපි ඉන්න පැත්තට එනවා පෙනුනා. ඒත් එක්කම සචී අයියගේ මුහුණ නිකන් වොට් සීයේ බල්බ් එකක් වගේ එළිය වුනා. ශාලිකා ඉස්සරට වඩා ගොඩක් වෙනස් වෙලා. Westernized වෙලා. එයා ආවේ බයෙන් වගේ වට පිට බල බල

" ශාලි..."

" ඔයාට දැන් කොහොමද ? "
ශාලිකා සචී අයියගේ අතින් අල්ලගත්තා. මමත් ගානක් නැතිව ඔහේ බලන් හිටියා

" වැඩි අමාරුවක් නැහැ.. කොහොමද ඔයාට ? "

" ම්ම්ම්... මම ඔයාට උදේ ඉඳන් ගන්නවා..." මේකිගේ හුරතලේ.. මම ඉතින් ගොනා සේ බලන් හිටියා

" හදිස්සියේ හොස්පිට්ල් ආවේ... වැඩි අමාරුවක් වුනේ නැහැ.. "
සචී අයියා වීරයා වගේ කියනවා. ඔව් ඉතින් පැනඩෝල් කාඩ් දෙකක් බිව්වා කියලා මොන අමාරුවක්ද... අපිනේ පන කඩාගෙන නැහීගෙන හොස්පිට්ල් අරන් ආවේ

" ඔයාට කන්න හොඳ මොනවාද දන්නේ නැති නිසා මම මුකුත් ගෙනාවේ නැහැ.. හවසට කන්න ෆ්‍රයිඩ්රයිස් එකක් ගෙනත් දෙන්නද ? "

ඒක කිව්වා විතරයි මටයි ඉරෝෂයටයි හිනාව නතර කර ගන්න අමාරු වුනා. මම බොහොම අමාරුවෙන් අනිත් පැත්ත හැරිලා හෙමින් හිනා වුනේ. නැත්නම් කෙල්ලෝ ටික ඉස්සරහා නෝන්ඩිනේ. මේ වගේ ගොන් ගහක්. ෆුඩ් පොයිසන් වෙච්ච එකෙක්ට ෆ්‍රයිඩ් රයිස් කවනවන්න යන්නේ.. කොහොම හරි අමාරුවෙන් හිනාව තද කරගෙන මම ආපහු හැරුනා.

" මට දැන්ම මුකුත් බර කෑම ජාති කන්න එපා කිව්වා බබා.." සචී අයියා බොහොම බයාදු විදිහට කිව්වා

" අනේ... එහෙනම් මම ඔයාට සුප් එකක්..." කියන කොටම ශ්‍රීමති ආන්ටි ආවා

" ආහ්.. පුතාගේ යාලුවොද මේ ? "

" ඔව් අම්මා.. මේ අපේ ක්ලාස් එකේ යාලුවෝ. උදේ ලහිරුගෙන් දැනගෙන තියෙන්නේ.." 

සචී අයියා ඒකටත් මාව ඇල්ලුවා. ශ්‍රීමති ආන්ටි කෙල්ලො තුන්දෙනා දිහාම බැලුවේ උන් තුන්දෙනාගෙන් තමන්ගේ අනාගත ලේලි වෙන්නේ කවුද කියල දැනගන්න වගේ. කෙල්ලෝ ටික තව ටික වෙලාවක් ඉඳලා ගියා. අපිත් යන්න ලැහැස්ති වුනා. ශ්‍රීමති ආන්ටි ඉස්සර වෙලා ගියා. මමයි ඉරෝෂයයි යන්න හැරෙද්දි...

" ලහිරු.. ඔයත් යනවද ? "

" ඔව් මම හවසට එන්නම්.. මෙතන හිටියා හිටියා කියලා වැඩකුත් නැහැනේ.."

" ඇයි එහෙම කියන්නේ ? "
" ඔයාට පැනඩෝල් බොන්න කියලා මම කිව්වේ නැහැනේ.. ප්‍රියම්බිකාව නවත්ත ගන්න තිබුනනේ..!!"
මම මල පැනලා ආපහු සචී අයියා ගාවට යන්න හැරෙද්දී ඉරෝෂයා මගේ අතින් අල්ලා ගත්තා.

" කොල්ලා.. පිස්සුද බන් උඹට.. මේ හොස්පිට්ල් එකේ රණ්ඩු වෙන්න එපා.." ඉරෝෂයා මගේ අත තදින් අල්ලගෙන හිමීට කියනවා.

" ඔයා මාත් එක්ක තරහින්ද ලහිරු ඉන්නේ.."

" ඔව්. ඒක වෙලා ගොඩක් කල්.. ආපහු යාලු වෙයි කියලා බලාපොරොත්තු වෙන්නත් එපා.. මෙන්න මේ ටිකත් මතකේ තියා ගන්න. කරපු හැම දෙයක්ම මම කලේ අර අහිංසක ශ්‍රීමතී ආන්ටි නිසා මිසක්, ඔයා නිසා කියලා නම් හිතන්න එපා. අම්මා කෙනෙක් අඬද්දි මට බලන් ඉන්න බැහැ. අන්න ඒ නිසා මම ඔයා කියන විදිහට ඉඳී කියලවත්, වෙන්න තියෙන දේවල් වෙනස් වෙයි කියල වත් හිතන්න එපා.." මම ඇඟිල්ල දික් කරලා එයාට ඒ ටික කියද්දී සචී අයියා බයවෙලා බලන් හිටියා.

" උඹ ඇයි බං ඔච්චර තරහා ගන්නේ ? සචියා වැරදි දෙයක් ඇහුවේ නැහැනේ.. මේ වෙලාවේ උගේ හිත රිද්දන්න එපා "

" නොදන්න මගුල් කියවන්නේ නැතුව හිටපන් බන්.. ඌ පැනඩෝල් බිව්වේ මට තියෙන ආදරේකට නෙවෙයි.. ශාලිකා එක්ක ඊයේ හොඳටම රණ්ඩු වෙලා.. ඒකයි.. මාත් එක්ක රණ්ඩු වුණා නම් බොයිද පැනඩෝල් ? "

" නැහැ..? උඹ කොහොමද දන්නේ ? "

" ශාලිකා උදේ කෝල් කලාම කිව්වේ ඊයේ රෑ රණ්ඩුවක් වුණා කියලා. පස්සේ මම සැකේට ෆෝන් එක බැලුවා. ඒකි මූව අත්හැරියොත්, මූ මැරෙනවා.. අරවා මේවා කියලා මූත් මැසේජ් යවලා තිබුනා. ඒකිත් එක එක මගුල් එවලා තිබුණා.."

" මම හිතුවේ මේ උඹ එක්සෑම් එකෙන් පස්සේ අයියා ගාවට යන සීන් එකට අප්සෙට් ගිහින් කියලා. මූ මාර චාටර් ඩයල් එකක් නේ බන්.."

" මට නම් තිත්ත වෙලා තියෙන්නේ මචං.... අපි යමු.." මම එහෙම කියලා ඉරෝෂයගේ කරට අතක් දාගෙන හොස්පිට්ල් එකෙන් එලියට ආවා


"දෑස තෙමිලා හීන පෙඟුනා 
ඔබට තිබු ආදරේ හින්දා 
ඔබම පතලා සිතැඟි ගලපා 
ආදරේ ටච් මහලක් බැන්දා..."





5 comments:

  1. ane appeee me mokada me? thamange geni tharaha unama merenna penadol bona eka pirimikamakda? amaruwen labagaththu manussa jeevithe kalakanni karagannane meya hadanne. uba kiwwa wage wechcha dewal wala hetiyata uba melahata hath ata serayak penadol bonna epai.

    Ranuka

    ReplyDelete
  2. ubata waradinne ne Lahiru. hebei adaraya kiyala apita hemadama vidawanna be.oyage aadaraya illana thawath hadawathakata awasthawak deela balanna.good luck..next ekath ikmanata liyanna

    ReplyDelete
  3. Lahiru malliyo., mama oyata onlymen site ekenuth comment karaa thiyenawa. mata me chapter eka kiyewwain pae eda mama kiyapuwa ettha kiyala hithenawa. mama eka aye kiyanne ne. oyata mathaka ethi kelum 1988 kiyala kenk comment ekak daa thibuna.

    Maliyo oyage kathawa marama lassanai. anyhow i am proud of you.please update the next chapter soon. i am wishing you very all the best

    ReplyDelete
  4. oh putha,
    Monawada ban me wenne malli? kohoma hari uba kelin theeranayak gaththa eka gena nam mata sathutui. ehema nethuwa jeewath wenna amaarui malli. ubata budu saranai

    ReplyDelete
  5. Wow. Meka aththa kathawak da?

    Mm meka sampuurnayenma kiyewwa. Harima puduma kathawak. Aththatama me inna charitha mage jiwitheth hambela thiyanwa.
    Mm 2021 AL.
    @Lahiru ayiya-oya dan lankaweda inne? Email me.

    ReplyDelete