සචී අයියගේ බර්ත්ඩේ එකත් ලංවුණා. මට ඕන වුණා එයත් එක්ක තනි වෙන්න. ඒත් ශ්‍රීමති ආන්ටි එයාව එක්කගෙන පන්සල් යන්න ලැහැස්ති කරගෙන ඉන්නවා කියලා සචී අයියා කිව්ව නිසා මම මුකුත් කිව්වේ නැහැ. ඒ වුනාට මගේ හිතට දුකයි. සචී අයියගේ බර්ත් ඩේ එකට කලින් දවසේ මම ෆුට්බෝල් ප්‍රැක්ටිස් ගියෙත් ඒ අප්සෙට් එකෙන්. මාව දැක්ක ගමන් ඉරෝෂයට තේරුණා මොකක් හරි අවුලක් කියලා.
" මොකද බං ? මුණත් එක්ක ඇඹුල් කරගෙන ඉන්නේ ? "
" Mother in law එක්ක බැහැ බං..." මම බුම්බගෙන කිව්වා
" ඒ මොකෝ ? උඹලා දෙන්නව මාට්ටු වුනාද ? " ඉරෝෂයා භය උනා.
" පිස්සුද හුත්තෝ "
" එහෙනම් ? "
" ශ්‍රීමති ආන්ටි හෙට සචී අයියව පන්සල් එක්ක යනවලු, බලපන්, මම හිතන් හිටියේ එයත් එක්ක කළුතර යන්න... Grrrh..."
" හීහී.... පිස්සු හුත්තෝ.. උඹ සචින්තගේ කොල්ලා වෙන්න කලින් ශ්‍රීමතී ආන්ටි සචින්තගේ අම්මා වුනේ... පොඩ්ඩක් කල්පනා කරපන්.. දැන් සචී හෙට උඹව මීට් වෙන්න බැහැ කිව්වද ? "
" නැහැ.. ඒත් ෂුවර් නෑ කිව්වා.. ශ්‍රීමතී ආන්ටි කිව්වලු නිවාඩු දාලා දවසම එයත් එක්ක ඉන්නවා කියලා..."
මම බිම වාඩි වෙලා බූට්ස් වල ලේස් ගැට ගහන ගමන් කිව්වා
" හ්ම්ම්... අනේ මන්දා.. උඹත් පොඩ්ඩ ඇත්නම් අප්සට් වෙනවනේ, සචියා කොහොම හරි උඹව මීට් වෙන්න එයි, බලපන්කෝ. දැන් ඉතින් යමන් වෝම් අප් කරන්න "
ඉරෝෂයත් බූට්ස් වල ලේස් ගැට ගහගෙන නැගිට්ටා. මම එහෙම්මම වාඩි වෙලා ටිකක් වෙලා හිටියා. එක පාරටම සුරාජ් අයියත් චේන්ජින් රූම් එකට කඩන් පාත් වුනා.
" අහ්.. උඹලා තවම මෙතනද ? " එහෙම අහන ගමන් සුරාජ් අයියා ඇඳුම් මාරු කරන්න පටන් ගත්තා.
" අපි වෝම් අප් කරන්න යන්න හැදුවේ බං.. ලහිරුවා යමන් බන් " ඉරෝෂයා කිව්වා.
" මල්ලි ඔහොම වාඩි වෙලා ඉන්න එපා, උඹේ ගල එළියේ.. හික්.. හික්.. "
සුරාජ් අයියා මට විහිළු කරනවා. අපි තුන්දෙනාටම හිනා ගියා.
සුරාජ් අයියා මට විහිළු කරනවා. අපි තුන්දෙනාටම හිනා ගියා.
" හා.. හා.. උඹ බලන්නේ නැතුව හිටපන්කෝ "
" බලන්නේ නැතුව ඉන්නෙ කොහොමද ඉතින් තෝ පෙන්නගෙන ඉද්දි.."
" දැක්කේ නෑ වගේ ඉදපන් "
" කෑ ගැහුවොත් කපනවා උඹට ගලක්.." සුරාජ් අයියා ඇහැක් ගහලා කියනවා
" ආසයි නේ.. වලා.. හි..හී.."
මම එහෙම කියාගෙන නැගිටලා ඉරෝෂයා එක්ක ග්‍රවුන්ඩ් එකට ගියා. එදා කොලේජ් එකේ ඉනර් සර්කල් මීටින් එකක් තිබිලා, ඒකට ඩිල්ෂාන් ඇවිත් හිටියා. ඒක ඉවරවෙලා කොල්ලෝ දෙතුන් දෙනෙක් පැවිලියන් එකට වෙලා අපි සෙල්ලම් කරනවා බල බල හිටියා. ප්‍රැක්ටිස් ඉවර වෙලා ටිකක් මහන්සි අරින්න මමත් පැවිලියන් එක ලඟට ගියා.
" ආහ් උඹලා අද මොකද මෙහේ.." මම ඩිලා ගෙන් ඇහුවා
" Intranet meeting බන්. උඹලා ප්‍රැක්ටිස් ඉවරද ? "
"ඔව් බන්. උඹ දැන්ම යනවද ?" මම වතුර බෝතලේ කටේ ගහන ගමන් ඇහුවා
"හදිස්සියක් නැහැ, උඹ චේන්ජ් කරගෙන වරෙන් "
අනිත් එවුන් එක එකා පැවිලියන් එකෙන් ගියා. අන්තිමට ඉතුරු වුණේ මම ඩිලයි තව පොඩි එකෙකුයි. පොඩි එකා 11 වසරෙ මල්ලි කෙනෙක්. ඌත් අපි දෙන්නා දිහා බලබල අපි ලගින් ගියා. අහිංසක පාට පොඩි එකෙක්. ඌ ටිකක් දුර ගිහිල්ලත් හැරිලා බැලුවා. මට වැඩේ මීටර් උනා. මු ගේ වෙන්න ඇති. මට පව් කියලා හිතුනා උගේ ලුක් එක දැක්කම.
" අඩෝ බලපන්කෝ අරූ ඇඹරි ඇඹරි යන හැටි "
ඩිලා මට කියනවා. උගේ මුහුණේ කින්ඩි හිනාවකුත් තියෙනවා
ඩිලා මට කියනවා. උගේ මුහුණේ කින්ඩි හිනාවකුත් තියෙනවා
" ඇයි ඉතින්.. මොකද වෙන්නේ ? " මම ඇහුවා
" මොනා වෙන්නද බන්.. පොප්සියෙක් "
ඩිලා කියපු කතාවට මට මල පැන්නා.
" උන් හිතන්නේ අපිත් කොල්ලෝ ගහනවා කියලා වෙන්න ඇති.. හි.. හී "
ඩිලා එහෙම කියනවත් එක්කම මට ආපු කේන්තියට මම උගේ කොලර් එකෙන් ඇදලා ලඟට ගත්තා.
ඩිලා එහෙම කියනවත් එක්කම මට ආපු කේන්තියට මම උගේ කොලර් එකෙන් ඇදලා ලඟට ගත්තා.
" හුත්තෝ මේ... තෝ කොල්ලෝ ගහන්නේ නැති වෙන්න පුළුවන්, ඒ වුනාට ඒක උන්ගේ වැඩක්, උඹට කිසිම අයිතියක් නෑ අපේ ඉස්කෝලේ එකෙක්ට පොප්සියා කියන්න. ඒක උගේ චොයිස් එක, උඹට තියෙන අමාරුව මොකක්ද ? "
මම ඩිලාගේ කොලර් එකෙන් ඇදගෙනම ඇහුවා.
" අඩෝ මොකද බන් මේ ? උඹ හරියට කතා කරන්නේ උබත් කොල්ලෝ ගහනවා වගේනේ.. අත ඇරපන් බං "
" ඔව් හුකන්නෝ... මම කොල්ලෝ ගහනවා තමයි. මම ඒක කියන්න භය නැහැ, හැබැයි මම පොන්නයෙක් නෙවෙයි, මමත් කොල්ලෙක්. තොට වඩා හොඳ පිරිමියෙක්. මගේ පයිය කෙලින් වෙනවා, තොට වඩා හොඳට, තෝ ඉස්සෙල්ලා මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින්.. පරයා.."
මම ඩිලාට එහෙම කියලා ඌව බිමට තල්ලු කලා. ඩිලා නිකම්ම විසික් වෙලා ගිහින් බිම වැටුණා ඩොග් ගාලා. අපි දෙන්නගේ කතාව කාටවත් ඇහුනේ නැති වුණාට ඉරෝෂයා ඈත ඉඳන් සිද්දිය බලන් ඉඳලා. මම ඩිලාව තල්ලු කරපු ගමන් ඉරෝෂයයි සුරාජ් අයියයි දුවගෙන ආවා.
" ඇයි.. ඇයි.. අඩෝ.. මොකද්ද සීන් එක ? "
සුරාජ් අයියා ඇහුවා. ඉරෝෂයා පුදුම වෙලා මගේ දිහා බලන් ඉන්නවා.
" නැහැ..නැහැ.. මොකුත් නැහැ.. " මම උන් දෙන්නට කිව්වා
" මොකුත් නැත්නම් උඹ මූට ගැහුවේ ? ඇයි මොකද මූ උඹෙන් ගේම ඉල්ලුවද ? අඩෝ හුත්තෝ මේ..."
ඩිලා නැගිටින්න හදනකොටම සුරාජ් අයියා උගේ ඇඟට කඩන් පනින්න හැදුවා
" අඩෝ.. අඩෝ.. සුරාජ් අයියේ, ඌට යන්න දීපන් ලොකු කේස් එකක් නෙවේ.."
මම සුරාජ් අයියාව පැත්තකට ඇදලා ගත්තා
" තෝ පල යන දේවාලෙක.. "
ඉරෝෂයා ඩිලාට ගෙරෙව්වා. ඩිලා මුහුණත් කළු කරගෙන නැගිටල යන්න ගියා.
---------------------------------------------------------------------------------------------------
"මොකක්ද ලහිරුවා වුනේ ?" ඉරෝෂයා ඇහුවේ අපි දෙන්නා ආපහු ගෙදර එනකොට. මම වෙච්ච සීන් එක කිව්වා.
" අයියෝ එහෙනම් ඌ ගේ නෙවේ නේද ? මට තමයි පාඩු.." ඉරෝෂයා හිනා වෙනවා
" උඹට දුකයිද ? හි.. හී..."
" ඔව් බන්... ඒ වුනාට උඹ කරපු වැඩේ හොඳයි. දැන්වත් ඌ තේරුම් ගනීවිනේ ගේ වුනාට අපිත් මිනිස්සු කියලා... "
ඉරෝෂයා කිව්වේ ලොකු කල්පනාවකින්
ඉරෝෂයා කිව්වේ ලොකු කල්පනාවකින්
" ලංකාවේ ගොඩක් උන් ඔහොම තමයි බං. උන්ට නොලැබෙන නිසා උන් ඒවට වෛර කරනවා. ඌටත් ආසාව ඇති. නැත්නම් ඒ පොඩි එකාව ඌට නෝටිස් උනේ කොහොමද ? "
" ඒ වුනාට දැන් ඌ දන්නවා උඹ ගේ කියලා. මූ කාට හරි කියයිද ? "
" ඌ හැබැයි පණට ආදරයක් තියෙනවා නම් කට හොල්ලන එකක් නැහැ. ඌ දන්නේ නැහැ මේ ලහිරු ගැන "
" ආයෙත් අහලා.."
ඉරෝෂයා මගේ කරට අත දා ගත්තා
මේ වෙච්ච දේවල් මම ඔක්කොම එදා හවස ගෙදර ආවම සචී අයියට කිව්වා. එයා ඉතින් කන් දෙකම දික් කරගෙන කටත් ඇරගෙන අහන් ඉන්නවා.
මේ වෙච්ච දේවල් මම ඔක්කොම එදා හවස ගෙදර ආවම සචී අයියට කිව්වා. එයා ඉතින් කන් දෙකම දික් කරගෙන කටත් ඇරගෙන අහන් ඉන්නවා.
" ඒ වුනාට පැට්ටෝ ඔයා පරිස්සමෙන්. අරූ ඔයාව චාටර් කලොත් කොලේජ් එකේදි "
" හා..හා.. එහෙම කලොත් මම ඌට ආයෙත් කතා කරන්න කටක් ඉතුරු කරන්නේ නැහැ.."
මම චන්ඩියා වගේ කිව්වා.
මම චන්ඩියා වගේ කිව්වා.
" අපෝ මෙයාගේ චණ්ඩිකම. ඔය පාට් තමයි මටත් දාගෙන එන්නේ.." සචී අයියා මගේ නහය මිරිකල කියනවා
" මම ඔයාට චණ්ඩි පාට් දැම්මේ කවද්ද ? "
මම සචී අයියව බදාගෙන එයාගේ උරහිසේ ඔලුව තියාගත්තා.
" මට ආදරෙයි කියන්නකෝ "
එයා මගේ ඔලුව අත ගාන ගමන් හිමීට කියනවා
එයා මගේ ඔලුව අත ගාන ගමන් හිමීට කියනවා
" ගොඩක් ආදරෙයි... ගොඩාක්..."
ටිකක් වෙලා එහෙම හිටපු අපි දෙන්නා ආපහු පහලට ආවේ ඒ අම්මලා එන වෙලාව නිසා. සඳරු අයියත් තවම ඇවිත් නැහැ. යාලුවෙක් හම්බ වෙන්න ගිහින්. අපිත් දෙන්නා TV එකත් දාලා සෝෆා එකේ වාඩි වුනා.
" බබා.."
එයා මගේ ඔලුව අත ගාන ගමන් කතා කරනවා
එයා මගේ ඔලුව අත ගාන ගමන් කතා කරනවා
" ම්ම්ම්..."
" ඔයා තරහද මම හෙට අම්මා එක්ක පන්සල් යනවට ? "
" තරහා නැහැ, ඒත් ටිකක් දුකයි. මම හිතන් හිටියේ ඔයත් එක්ක කළුතර යන්නනේ "
" මම බබාව කළුතර එක්ක යන්නම් බබාගේ බර්ත් ඩේ එකට.. හරිද ?.. මම අම්මට කිව්වා හෙට යාලුවොන්ට ට්‍රීට්
එකක් දෙන්න තියෙනවා කියලා. ඒක නිසා උදේ පන්සල් ගිහින් දවල්ට මගේ බබාව බලන්න එනවා මම.."
සචී අයියා එහෙම කිව්වම මට දැනුනේ පුදුම සතුටක්
සචී අයියා එහෙම කිව්වම මට දැනුනේ පුදුම සතුටක්
" ඔය ඇත්තමද ? ශෝක්.. "
මම සචී අයියගේ බෙල්ල බදාගෙන කෑ ගැහුවා
මම සචී අයියගේ බෙල්ල බදාගෙන කෑ ගැහුවා
" හා.. හා... කෑ ගහන්න එපා. පාරට ඇහෙනවා ඇති සද්දේ.. හි..හී..."
" එහෙනම් ඔයා දවල්ට කොහෙදිද මාව මීට් වෙන්නේ ? "
" බබා කැමති තැනක් කියන්න. අයියා එන්නම්. උම්මා.."
සචී අයියා මගේ නලල ඉඹලා කිව්වා.
සචී අයියා මගේ නලල ඉඹලා කිව්වා.
" උම්මා.. උම්මා... ම්ම්ම්ම් එහෙම නම් ඔයා එන්න ක්‍රෙස්කැට් එක ළඟට, 1.30 ට ? "
" ම්ම්ම්... හරි.. හැබැයි මගේ ගානේ ට්‍රීට් එක.. "
" ඒවා හරි යන්නේ නැහැ, මමයි එන්න කිව්වේ, මමයි ට්‍රීට් එක දෙන්නේ.."
" ඒ වුනාට මගේ බර්ත්ඩේ එක.."
" ඔයාගේ වුනත් මගේ වගේ තමයි. දැන් පණ්ඩිතයා නොවී ඉන්න "
මම සචී අයියගේ කන් දෙකෙන් අල්ලලා හොලවලා කිව්වා
මම සචී අයියගේ කන් දෙකෙන් අල්ලලා හොලවලා කිව්වා
" ඔව් ඉතින් සල්ලි කාරයොනේ.. අපි වගේ දුප්පත් අය දෙන ට්‍රීට් මොනවද නේද ? ආඩම්බරකම.. "
" අනේ ඔන්න ඉතින්, විකාර කියනවා "
" ඉතින් ඇත්ත නේ, ඔයා ගණන් උස්සනවා "
" ඔව් මම ගණන් උස්සනවා තමයි, ඒ ආදරේට... මෝඩයා.."
මම එහෙම කියලා සචී අයියාගේ මුහුණට උම්මා ගොඩක් දුන්නා..
මම එහෙම කියලා සචී අයියාගේ මුහුණට උම්මා ගොඩක් දුන්නා..
" ම්ම්.. දැන් හුරතලේ.. මගේ පිස්සු කොල්ලා.."
සචී අයියා හිනා වෙවී මාව තුරුල් කරගත්තා.
සචී අයියා හිනා වෙවී මාව තුරුල් කරගත්තා.
එදා මට දැනුණේ ලොකු සතුටක්. සචී අයියා මගේ හිත කියෙව්වා වගේ, මගේ හිතේ තියෙන දේවල් කොහොම හරි දැනගෙන.. එයා ඒකයි උදේ පන්සල් ගිහින් හවස මාව මීට් වෙන්න එන්නම් කියලා කිව්වේ. මගේ ගැන කොච්චර නම් හිතනවද මගේ සුදු කොල්ලා.. මම තනියෙන්ම හිනා වෙවී කල්පනා කලා.
" සිහින හොරා මගේ හිත කියවලා
හොරැහින් සුසුමන් පිට කලා
පෙම්බර කල්පනා හරි හුරතල් වෙලා
මේ ඇස් වටේ කැරකුනා
තරු දෑස හෙමින් කියන කතා හොදින් වැටහුනා
මා දන්නෑ වගේ උන්නා..
පොඩ්ඩක් ගනන් උස්සලා..."
Oyage kathawan oyata oyata dunna duka gena hithuwama, mata eka daraganata puluwan weida kiyala sekai. Kollekuta mechchara duka enawa mang dekkalama nehe. Aiye api oyage story eka gena hitha duk wewiy inne. Karunakarala kiyanna oyage warthamane thathwe gena. Oya gena denagnta api godak asawen inne, oyata hodak wena eka dakinakam apita reta ninda yanneth nehe. Plz kiyantako oyage jevithe den thathwaya gena, ane plz
ReplyDeleteMe ithuru tikath danawako
ReplyDeleteniyamai ane matatath e wage ayya kenek innawanam
ReplyDeletehttp://sinhalawalaspot.blogspot.ru/2015/12/sex-3_5.html?m=0
ReplyDeletemy blog
This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete