Monday, February 27, 2012

Chapter 04 - "ආදරෙයිද...?"



ජීවිතයේ රත්තරන් දවස් කොච්චර හොඳද.. ඒ කාලේ පාළුවක් නැති දුකක් නැති තත්පර කොච්චර ඉක්මනට ගෙවිලා ගියා ද ? ?

එදා එහෙමම අපි දෙන්නා තුරුල් වෙලා ඉද්දි මට දන්නේම නැතුව නින්ද ගිහින් එකපාරටම අම්මගේ වෙහිකල් එක හෝන් කරන සද්දෙට අපි දෙන්නම ගැස්සිලා ඇහැරුණ. එයා ඉක්මනට නැගිටලා මගෙ කලිසම අරන් දුන්නා ඇඳ ගන්න කියලා, එයත් අන්ඩර්වෙයා එකයි ඩෙනිම් එකයි උස්සලා ඇඳගෙන ඉක්මනට එයාගෙ රූම් එකට ගියා මම ටී ෂර්ට් එකක් දාගෙන පහලට ගියා ගේට් එක අරින්න.

" ආ.. බර්ත්ඩේ බෝයි නැගිටලා තියෙන්නේ දැන් ද කොහෙද "

අම්ම එහෙම කියාගෙන කාර් එකෙන් බැස්සා ශ්‍රීමතී ආන්ටිත් අනිත් පැත්තෙන් බැහැලා මාර්කට් එකෙන් ගෙනාව බඩු ටික ගන්නවා ඩිකිය ඇරලා.

" නෑ අම්මා, නැගිටලා ගොඩක් වෙලා නාන්න හැදුවේ "

මම එහෙම කියලා අඩියට දෙකට උඩ තට්ටුවට දිව්වා. සචින්ත අයියගේ බාත්රූම් එකෙන් වතුර වැටෙන සද්දෙ ඇහුනා, එයත් නානවා ඇති. මම ඉක්මනට ගිහින් කාමරයේ දොර වහ ගත්තේ වොෂ් එකක් දා ගන්න හිතාගෙන , ඇඳ පාමුල සචින්ත අයියගේ ෂර්ට් එක වැටිලා, මම ඒක අරන් මූහුණට තියලා ඉම්බා, ඒකෙන් සචින්ත අය්යගේ සුවඳ එනවා, මම ඒක මගේ ඇඳුම් රැක් එකේ පේන්නේ නැති වෙන්න කියලා බලද්දි එයා දීපු වලස් පැටියා ( ටෙඩිබෙයා ) ඇඳ උඩ. මේක අම්මා හරි අයියා හරි දැක්කොත් තව එකක්, මම ඒක දැම්මා අල්මාරියට, දාලා වැහුවා.ඊට පස්සේ වොශ් එකක් දාගන්න ගියා.

අම්මලට සැක හිතේයිද කියලත් මට දැන් බයයි. සචින්ත අයියත් නානවා එහෙන්. මම නාගෙන ඇවිත් ඇඳුමක් ඇද ගනිද්දී මට ඇහුණා ශ්‍රීමතී ආන්ටි උඩ තට්ටුවට ඇවිත් සචින්ත අයියා එක්ක කතාවක්.

" ඇයි අද සඳරු එක්ක සුවිමින් ගියේ නැත්තේ ඔයා ? "

" නිකං අම්මා.. උදේ ඉදන් ටිකක් හෙම්බිරිස්සාවයි ඔලුව කැක්කුමයි වගේ "

මේ කොල්ලා කියන බොරු..... මට තනියෙන් හිනා ගියා. ඔලුවේ කැක්කුම හැදෙන්න ඕනේ මටයි, මගේ පස්ස පැත්තට බෝම්බයක් ගැහුවා වගේ. තවමත් රිදෙනවා මම මටම කියාගෙන කාමරයෙන් එලියට ආවා.

එදා හවස අපි හැමෝම ගංගාරාම පන්සලට ගියා. මම බුදුන් වැඳලා ප්‍රාර්ථනා කළේ සචින්ත අයියා මගේම වෙන්න කියලා. මගේ උපන් දිනයට ලැබුණු වටිනාම තෑග්ග තමයි සචින්ත අයියගේ ආදරේ. ඒත් එයාට මම වත් මම එයාට වත් ඒ වෙනකම් ආදරෙයි කියලා තිබුණෙ නැහැ. මට එයාගෙන් අහන්න බය හිතුනා. කොල්ලෝ දෙන්නෙක් ආදරේ කරන එක එයා මොන විදිහට ගනීද කියලා. ඔයත් ඒ විදිහටම හිතන්න ඇති නේද රත්තරන් ? ඒකනේ ඔයා මම ආදරෙයි කියනකන් බලන් හිටියේ.

ඊළඟ වීක් එකේ සචින්ත අයියයි ශ්‍රීමතී ආන්ටියි නුවර යන්න ලැහැස්ති උනා, එයාලගේ වැඩ වගේකට. අම්මට යන්න විදිහක් තිබුනේ නැහැ බිස්නස් වැඩ නිසා. සචින්ත අයියා මටයි අයියටයි එහෙ යන්න කතා කලා, අපි දෙන්නා එක පයින්ම කැමති උනා. ඒත් යන්න කලින් දවසේ අපේ අයියට උණ හැදෙන්න ආවා, ඒක නිසා අන්තිමේදී ගමන යන්න හිටියේ අපි තුන් දෙනයි. අයියා අසනීප වුණ එක ගැන දුක හිතුනත් මට සචින්ත අයියත් එක්ක මේ ගමන තනියෙන් යන්න ලැබුන එක ගැන හිත යටින් ගොඩක් සතුටු වුණා. එයාටත් මට දැනෙන සතුටම දැනෙනවා කියලා එයාගෙ හිනාවෙන ඇස් දිහා බැලුවම මට තේරුණා. අපි උදේ හතට තියෙන එක්ස්ප්‍රස් ට්‍රේන් එකෙන් නුවර ගියා. එදා බ්‍රහස්පතින්දා දවසක්.

අපි නුවරට යද්දි දහයට විතර ඇති, අපි නුවරින් මහකන්ද බස් එකක නැග්ගා. හිඳගල ඉන්න සචී අයියගේ පුංචි අම්මලාගේ ගෙදර යන්න ( ශ්‍රීමතී ආන්ටිගේ නංගි ) අපි එහෙට යද්දි එකොළහට විතර ඇති, ඒ ආන්ටි අපිව ගොඩක් ආදරෙන් පිලි ගත්තා. එයාලා ඒ තරම් පොහොසත් අය නෙවෙයි. ඒ ගෙදර හිටියේ පුංචි අම්මයි එයාගේ මහත්තයයි, එයාලට ළමයි හිටියේ නැහැ. පුංචි ගෙයක් කාමර දෙකයි, සාලෙකුයි, කිචන් එකයි. ඒත් හරිම පිරිසිදුයි පිළිවෙලයි.

" සුදු පුතා කෙට්ටුවෙලා වගේනේ කොලඹ ගියාට පස්සේ " පුංචි අම්මා සචී අයියව තුරුල් කරගෙන

" පුංචි අම්මනම් මහත් වෙලා " සචී අයියා හිනා වෙවී කියනවා.

" මේ ඉන්නේ මගේ අලුත් මල්ලී, අපි ඉන්නේ මෙයාලගේ ගෙදර තමයි දැන් " සචී අයියා පුංචි අම්මට මාව අදුන්වලා දුන්නේ එහෙමයි.

" එන්න පුතේ ඇතුලට. මහන්සිත් ඇතිනේ ගොඩක් දුර ඇවිත් " පුංචි අම්මා මගේ ඔලුව අත ගාලා අපි හැමෝම ඇතුලට එක්කරන් ගියා.

අපි දවල්ට එහෙම කාලා ආගිය තොරතුරු කතා කර කර හිටියා, ඒ පැත්ත හරිම ලස්සනයි, කඳු වලින් වට වෙලා, හැමදාම ඉන්න හිතෙන තරම්, හවස සචී අයියා කතා කලා ඇවිදින්න යන්න, මමත් බොහොම කැමැත්තෙන් ලැහැස්ති වුනා, මට සචී අයියා එක්ක තනි වෙන්න ඕනෙ වෙලා තිබුනේ.

"සුදු පුතා පරිස්සමෙන් මේ මල්ලිව අරන් යන්නේ, එයාට පුරුදු නැහැ කඳු එහෙම නැගලා " ශ්‍රීමති ආන්ටි සචින්ත අයියට අවවාද කළා.

"අපෝ මේ අලි කොල්ලව මොනවා පරිස්සන් කරන්න ද ? මෙයා මාව පරිස්සම් කරයි අම්මා "
සචින්ත අයියා කට ඇද කරලා එහෙම කියද්දි මම රතු වුණා.

" පරිස්සමෙන් ගිහින් එන්න " පුංචි අම්මත් දොර ගාවට ඇවිත් කිව්වා.

" සිරියාවන්ත කොලු පොඩ්ඩා " පුංචි අම්මා කියනවා යන්තමට වගේ මට ඇහුනා.

අපි දෙන්නා ඇවිදගෙන ආවා හිඳගල බෝධිය ගාවට. සචි අයියා මාව පන්සලට එක්කගෙන ගියා. අපි ටිකක් වෙලා පන්සලේ ඉදලා කන්ද උඩට නැග්ගා. උඩට නැග්ගම හරිම ලස්සනට මුලු පලාතම පේනවා.

" ම්ම්ම් හරී " සචින්තා අයියා ඇස් දෙක පුංචි කරලා හිනා වෙලා මට කියනවා.

" මොනවද හරි ? "

" ඔන්න ආවා "

" ඉතින් " මම ඇහුවා.

" අද නම් ලහිරු කියන්නම වෙනවා, නොකිව්වොත් උස්සලා මෙන්න මේ කන්දෙන් පහළට විසි කරලා මම යනවා යන්න " එයා අත් දෙකත් බැදගෙන උඩ බලාගෙන කියනවා.

" මාව ? "

" ඔව් "

" පුළුවන්ද එහෙම කරන්න " මමත් අහනවා.

" මොකද බැරි ? "

" ආදරය කරන කෙනෙක්ට එහෙම කරන්න පුලුවන්ද " මම ඒ හිනා වෙන ඇස් දිහා බලාගෙන ඇහුවා .

" ආදරේ කරනවා නම් එහෙම කරන්නේ නැහැ.. මම කියන්නේ නොකරනවානම් "

" ම්ම්ම්.., ඒක මිසක් "

" ම්ම්ම්.., එහෙනම් කියන්නකෝ "

" මොනවද අනේ "

" මන් අහපු දේ "

" මොකක්ද ? " මම ටිකක් හුරතල් වුනා.

" අනේ ඉතින් බොරුවට හුරතල් නොවී කියන්නකො ලහිරු "එයා බැගෑපත් වුනා.

එයාට ආදරේ කියන්න වෙලාව ඇවිත්. ඒත් මම දන්නේ නැහැ මම ලෑහැස්තිද කියලා. මම දන්නේ නැහැ මම කරන්න යන දේ හරිද කියල, මම එදා ඒ වෙලාවේ හිතුවේ එයයි මමයි, අපේ ආදරේ ගැනයි විතරයි

" කියන්නේ නැහැ... උස්සලා මාව මේ පල්ලෙහාට විසි කරලා දාන්න. " මම අත් දෙක බැඳගෙන අනිත් පැත්තට හැරුනේ බොරුවට ගණන් උස්සන්න..

" කියන්නේ නැහැ ? " එයා අහනවා,

" නෑ " මම අහක බලාගෙන හිනා වෙවී කිව්වා.

" නෑ "

" නෑ ! ! "

සචි අයියා බොරුවට මගේ දෙව්රින් අල්ලලා පහල බෑවුමට තල්ලු කරන්න වගේ හදලා මාව තුරුල් කර ගත්තා.... මමත් එහෙම්මම සචී අයියගේ උරහිසට බර උනා.

" හරිද " මම හිමිහිට ඇහුවේ එයාගෙ උණුසුමට තුරුළු වෙලා ඉදගෙන.

" මොකක්ද ? "

" දැන් දැන ගත්තද ? "

" මොකක්ද.. ? "

" උත්තරේ "

" නැහැ.. " එයා මාව අවුස්සන්න විහිළුවට වගේ කියනවා,

" ආදරෙයි මෝඩයෝ.. ආදරය නැත්තන් මෙහෙම ඔලුව තියාගෙන ඉදීවිද ? "

මම අත මිටමොලවලා එයාගෙ පපුවට හිමින් ගහලා කිව්වා.

" ආහ්.. එහෙමද ? "

" අපෝ.. මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. " මම බොරුවට තරහ ගත්තා.

" ආහ්.. මම හිතුවා ඔයා ලෙඩකට අසනීපයකට වත් මෙහෙම ඉන්නවා කියලා

"හි..හී.. අනේ යනවා යන්න.. මට මොන ලෙඩක්ද ? " මට හිනාව නවත්ත ගන්න බැරි වුණා.

" ඒ කියන්නේ මට ඇත්තටම ආදරෙයි...? "

" ආදරෙයි.... ආදරෙයි... ආදරෙයි... " 


මම එහෙම කියනවත් එක්කම එයා මාව වඩාගෙන වටයක් කැරකුනා... අපි දෙන්නා එතැන වාඩිවෙලා කොච්චර වෙලා හිටියද කියල මතක නැහැ, අපි ආපහු කන්ද පහලට එද්දී ඉර බැහැගෙන යනවා. ඒ වෙලාවේ සචි අයියගේ මොබයිල් ෆෝන් එක රින් වුණා.

" අපි මේ ළඟ එනවා අම්මා " එයා එහෙම කියලා ෆෝන් එක කට් කරල මගේ දිහා බලලා ආදරයෙන් හිනා උනා.

" අපි යමු චූටි.. " එයා මගේ ඔළුව අතගාලා කියද්දී මට මුලු ලෝකෙම මගෙ ළඟ කියලා හිතුනා.


" පුංචි වතේ රන්චු ගැහෙන හිනා මල් සොයා
සමනල තටු සැලා සෙමින් හිත ඉගිල ගියා
හොරෙන් හොරෙන් අඩි තිය තිය හදවතක් පුරා
ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා..
ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා.. "







No comments:

Post a Comment