Wednesday, March 14, 2012

Chapter 22 - "I'D DIE WITHOUT YOU...!!!"



වෙච්ච හැම හැමදෙයක්ම හීනයක් වගේ. ඒත් මම සචී අයියට ගොඩක් ආදරෙයි. මම අපේ අයියට වෙච්ච හැම දෙයක්ම කිව්වා. අයියා කිව්වේ සචීව හම්බවෙලා කතා කරන්න කියලා. ඒත් මම ඒකට කැමැති වුණේ නැහැ. මගේ හිත නිතරම කිව්වේ මේවා සේරටම වගකියන්න ඕන සචී අයියා කියලා. මොනව උනත් සචී අයියා එක්ක කතා කරලා දෙකින් එකක් බේරුම් කර ගන්නවා කියලා මම හිතුවා. පහුවදා මම කොලේජ් ගියේ නැහැ. ෆෝන් එක ඔන් කලේ දවස් එක හමාරකට පස්සේ. සචී අයියගෙන් ආපු SMS වගේම මිස් කෝල්ස් ඇලර්ට්ස් ගොඩක් තිබුණා. මට දුක හිතුනා. මම ඇඳේ ඉඳගෙනම සචී අයියට කෝල් කලා.

" හෙලෝ.. " 

සචි අයියගේ නිදිබර කටහඬ එහා පැත්තෙන් ඇහුනා. 

" තවම නිදිද ? " මම ඇහුවා 

" හිරූ.. " 

සචී අයියා හීනෙන් ඇහැරුණා වගේ කියනවත් එක්කම එහා පැත්තෙන් ලොකු සද්දයක් ඇහුණා

" සචී අයියේ.. මොකද ? මොකද උනේ ? " මම කලබල වුනා 

" නෑ.. නෑ.. මුකුත් නැහැ "
 
" මොනවද එහෙනම් පෙරළුණේ "

" මුකුත් නෑ හිරූ... ඇයි ඊයේ දවසෙම ෆෝන් එක ඕෆ් කරගෙන හිටියේ ? "

" තරහට... ඔයා ඇඳෙන් බිමට වැටුනා නේද ? " මම හිනාව තද කරගෙන ඇහුවා 

" ඔව්.. මෝඩයා උදේ පාන්දර මාව බය කලානේ " 

" හි.. හී... සොරී... දන්නවනම් කෝල් කරන්නේ නැහැ. මොනවා වුනත් මගේ හිතේ ඊයේ තිබුන දුක, තරහව තවමත් එහෙම තමයි අයියේ "

" තරහා ගියා කියලා ඔහොම කරන්න එපා පැටියෝ.. මට දුකයි "

" කවුද මට තරහ එන දේවල් කරන්නේ ? මට දුක නැද්ද ? ඔයා නිසා මම අපේ අයියට අත ඉස්සුවා කවදාවත් නැතුව.... ඔයා නිසා. ඔයා සම්පූර්ණයෙන්ම ඒකට වගකියන්න ඕන.."

" හරි.. හරි.. අපි දැන් රණ්ඩු වෙන්නේ නැතුව ඉමු "

" අපි කතා කරන්න ඕන සචී අයියේ.. මම අද කොලේජ් ගියේ නැහැ. පුළුවන්නම් දවල් වෙලා මේ පැත්තේ එන්න "

" හරි මම එන්නම් කෝ.. "

මම ෆෝන් එක කට් කරලා ආපහු ඇඳේ හාන්සි වුණා. අයිය කිව්ව නිසා කතා කලා මිසක් මම ඇත්තටම හිත ඇතුලෙන් ලොකු කලකිරීමකින් හිටියේ. මම වැරදි වැඩ කලා තමයි. ඒත් මම ඒවා නිසා කාටවත් කරදරයක් වෙන විදිහේ කිසිම දෙයක් කරලා නැහැ. මම පොඩි කාලේ ඉඳන් කලේ මට ඕන දේවල්. අදටත් එහෙමයි. මම මට ඕන තීරණ ගත්තේ. ඒවා වලින් මට අද වෙනකම් වරදක් වෙලා නැහැ. වෙන කාටවත් කරදරයක් වෙලත් නැහැ. එහෙම නම් ඒ තීරණ වැරදි නැහැ නේද ? 

උදේ 11ට විතර සචී අයියා ආවා. අපි දෙන්නට නිදහසේ ඉන්න ඉඩදීලා අයියත් කොහෙද ගියා. මම ටීවී එක බල බල හිටියේ. එයත් ඇවිත් මගේ ලගින්ම වාඩි වුනා. 

" ඉතින් බබා.. කියන්නකෝ "

" මම නෙමෙයි... ඔයා කියන්න... ඔයා මේ කරන වැඩ වල තේරුම මොකක්ද ? "

" ඊට කලින් ඔයා කියන්න ඔයා කරන වැඩ වල තේරුම මොකක්ද ? " 

එයා මම අප ප්‍රශ්නෙන් මටම දමලා ගැහුවා

" මොකක්ද ? මම කරන්නෙත් ඔයාලා නොකරපු දේවල් නෙමේනේ. කොල්ලෝ බිග් මැච් ගියාම බොන්නේ නැද්ද ? පාටි දාන්නේ නැද්ද ? "

" ඒ වෙන කොල්ලොනේ... ඒත් ඔයා... මගේ බබා..."

" බබා... ! බම්බුව... ඇයි මම කොල්ලෙක් නෙවේද ? "

" ඒ වුනාට මම කැමති නැහැ ඔයා එහෙම කොල්ලෝ එක්ක ගිහින් බොනවට... කොටින්ම මම කැමති නැහැ ඔයා 
උන්ව ආශ්‍රය කරනවට "

" ඒක ඔයා කියන්න දෙයක් නැහැ. මම දන්නවා. ඔයා ඉතිං මම මගේ අම්මවයි අයියවයි ආශ්‍රය කරනවට වත් කැමැති මිනිහෙක් නෙවේනේ.."

" ඔහොම කියන්න එපා හිරූ.. මම ඔයාට කොයි තරම් ආදරේද ? "

" ආදරෙයි නම් ඔයා මෙහෙම කරන්නේ නැහැ "

" මම ඔයාව පරිස්සම් කරන්නයි මෙහෙම කරන්නේ "

" පරිස්සම් කරන්න මම බබෙක් නෙවෙයි.. මමත් කොල්ලෙක්.. ඔයාට ඕන මාව කෙල්ලෙක් වගේ ගේ ඇතුලටම කරලා තියාගන්නද ? "

මම පුටුවෙන් නැගිටලා කෑ ගැහුවා. ඒත් එක්කම සචී අයියත් නැගිට්ටා. එයා මගේ ලඟට ඇවිත් මගේ උරහිස් දෙකෙන් අල්ලගෙන තද කරපු පාරට මට හුඟක් රිදුනා. මම උරහිස් දෙක ගැසුවත් එයා අත හැරියේ නැහැ. මගේ දිහා කේන්තියෙන් පුපුර පුපුර බලන් හිටියා.

" උඹට ඕන විදිහට එහෙම නටන්න බැහැ.. මම උඹට ආදරෙයි. උඹ වෙනස් වුනොත් මම උඹවත් මරලා මාත් මැරෙනවා "

එයා එහෙම කියලා එකපාරටම මාව ආපහු පුටුවටම වේගයෙන් තල්ලු කරලා දැම්මා.
නොහිතපු විදිහට මගේ ඔලුව පුටු ඇන්දේ වැදුනා " ඩිග් " ගාලා. මට එක පාරම " ආව්... " කියවුනේ වැදුණු පාරේ සැරට. ඒක සචී අයියා හිතලා කලේ නැතුව ඇති. ඒත් මට හොඳටම රිදුනා. එයා එක පාරටම පැනලා මාව බදා ගත්තා.

" අනේ රත්තරනේ... ඔලුව වැදුණා නේද ? මට සමාවෙන්න.. ප්ලීස් පැටියෝ මම හිතලා කලේ නැහැ "
එයා මගේ ඔලුව අත ගගා අඬන්න පටන් ගත්තා

" මාව එක සැරේ මරලා දාන්න, එතකොට මේ ප්‍රශ්න ඉවරයි.. "
මම කිව්වේ එච්චරයි. එයා උඩට දුවලා ගිහින් මගේ ඕඩිකොලොන් බෝතලේ අරන් අරන් ඇවිත් ඔලුව වැදුන තැනට ඕඩිකොලොන් දාලා අත ගෑවා. එතන අල්ලද්දී මට රිදුනා.

" අනේ පැටියෝ... කතා කරන්නකෝ.. ප්ලීස් .. මම ඔයාට රිද්දන්න හිතලා කලා නෙමෙයි. අනේ ප්ලීස්.. හිරූ.. හිරූ.."

සචී අයියා මගේ ඔලුව අත ගගා කියනවා

" මගේ ඔළුව රිදෙනවා සචී අයියේ, ඔයා දැන් යන්න. මට ටිකක් නිදා ගන්න ඕන "
මම එයාගේ තුරුලෙන් මිදිලා නැගිටින්න හැදුවා

" කෝ ඉන්න මම බබාව රූම් එකට එක්ක යන්නම් "
එහෙම කියලා සචී අයියා මාව වඩා ගන්න හැදුවා.

" එපා.. එපා.. මට යන්න පුළුවන් "

මම එපා කියද්දිම සචී අයියා අත් දෙකෙන් මාව හරහට උස්ස ගත්තා. මම ඕන එකක් කර ගනිං කියලා මැරිලා වගේ හිටියා. එයා මාව උස්සගෙන ගිහින් මගේ ඇඳින් තියලා මගේ එහා පැත්තෙන් ඇවිත් තුරුල් කරගෙන ඔලුව අත ගෑවා. මට පව් කියලා හිතුනා. එයා මගේ ඔලුව අත ගගා ඉන්නකොට මට ඒ සනීපෙට නින්ද ගියා. මම ඇහැරුනේ පැයකට විතර පස්සේ. ඒ වෙද්දිත් සචී අයියා මගේ මුහුණ දිහා බලාගෙනම ඉන්නවා. මම අමාරුවෙන් හිනා වුනා. මගේ ඔලුව පැලෙන්න වගේ රිදෙනවා.

" ඔයාට ගොඩක් රිදෙනවද පැටියෝ, අනේ මට සමාවෙන්න.. ප්ලීස්.. " එයා අඬන්න වගේ

" නැහැ එහෙම අමාරුවක් නැහැ " මම අමාරුවෙන් කෙඳිරි ගෑවා.

" අනේ එහෙනම් මොකද කෙඳිරි ගාන්නේ.. මම මහ පව්කාරයෙක් බබා. මට ඔයාව පරිස්සම් කර ගන්න බැහැ "
එයා මගේ ඔලුවට තව ඔඩිකොලොන් ටිකක් දාලා අත ගෑවා. එයාගේ ඇස් වලින් කදුලු බේරෙනවා.

" අඬන්න එපා මෝඩයෝ, දැන් අයියා එහෙම ආවොත් බලයි මොකද කියලා.. "
මම අමාරුවෙන් නැගිටල ඇඳ විට්ටමේ හේත්තු වුණා. ඒත් එයා අඬනවා. මම ෂීට් එකෙන් එයාගේ කඳුලු පිහ දැම්මා..

" කෝ එන්න " මම එයාගේ ඔලුව මගේ පපුවට තුරුල් කර ගත්තා.

" කියන්න බබා මට සමාව දෙනවා නේද ? මට ඔයා නැතුව ජීවත් වෙන්න බැහැ. මම පිස්සෙක් වෙයි "

" මම ඔයත් එක්ක තරහා නැහැ පන.. ඒත් මට මෙහෙම කරන්න එපා. මමත් කොල්ලෙක්. මමත් ආසයි අනිත් කොල්ලෝ වගේ මේ කාලය සතුටින් ඉන්න. මම එහෙම කලා කියලා මගේ ආදරේ පොඩ්ඩක් වත් අඩු කරලා තියෙනවද ඔයාට ? මම ඔයාට ඉස්සරටත් වඩා ආදරෙයි. ඉතින් ඇයි මෙහෙම හැසිරෙන්නේ ? මම ඔයාට ආදරෙයි සචී අයියේ.."

මම කියන දේවල් අහන් ඉදලා සචී අයියා මාව තුරුල් කරගෙන මගේ මුහුණ ඉම්බා.

" මම කවදාවත් මගේ බබාට දුකක් දෙන්නේ නැහැ.."

සචී අයියගේ ආදරේ ළඟ මගෙ හිත අතරමන් වුනා. එදා ඒ විදිහට අපි දෙන්නා ආපහු යාළු වුණා. හැමදෙයක්ම අමතක කරලා ආපහු හොඳින් ඉන්නවා කියලා හිතා ගත්තා. පැනඩෝල් දෙකක් බිව්වට පස්සේ මගේ ඔලුව කැක්කුම ටිකක් අඩු වුණා. ඒත් සචී අයියා මට එදා නාන්න දුන්නේ නැහැ. ඔලුව ගෙඩි ගැහිලා තිබුන නිසා.
එදා හවස අපි දෙන්නා බෙල්ලන්විල පන්සල් යමු කියලා කතා වුණා. අපි දෙන්නා තනියෙන් කොහේවත් වැඩිය යන්නෙත් නැති නිසා මමත් ආස වුණා. අපි හවස පහට විතර පන්සලට ආවා. එතනින්ම මල්, තෙල්, හඳුන්කූරු, සේරම අරගෙන අපි දෙන්නා පන්සල් භූමියට ඇතුලු වුණා.

" මේ මල් සේරම අපි දෙන්නගෙම අතින් එකට පූජ කරලා, එකට පහන් පත්තු කරලා, අපි දෙන්නම අද එකම ප්‍රාර්ථනාවකුත් කරමු සචී අයියේ "

මම එයාගේ හිනා වෙන ඇස් දෙක දිහා බලාගෙන කිව්වා

" මොකක්ද ? " එයත් මගේ ඇස් වලට එබිලා අහනවා.

" ඔයා කියන්න... මොකක්ද හොදම ප්‍රාර්ථනාව...? "

" ම්ම්ම්... අපි දෙන්නගේ ආදරේ කවදාවත් අපේ අම්මලට අහු වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු.."
එයා මාව අවුස්සන්න එහෙම කිව්වා

" මෝඩයා..."

" ෂ්ෂ්ෂ්... කෑ ගහන්න එපා පන්සල "
එයා මාව ළඟට තුරුලු කර ගන්න ගමන් කිව්වා.

" ඔයාමනේ මාව අවුස්සන්නේ.. මන් තරහයි " මම අත් දෙක බැඳගත්තා.

" ආදරේටනේ.. හ්ම්.. එහෙනම් ඔයාම කියන්නකෝ "

" මගේ හිතේ ප්‍රාර්ථනාවක් තියෙනවා.. " මම කිව්වා

" මගේ හිතෙත් "

" අපේ ආදරේ බොරුවක් නෙවේනේ සචී අයියේ.. කවදාවත් ඒ ආදරේ වරදින්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරමු... හැමදාටම අපිට එකට ඉන්න පුළුවන් වෙන්න කියලා.."

" අපේ ආදරේ කවදාවත් පරදින්නේ නැහැ හිරූ... මම ජීවත් වෙලා ඉන්නකන් අපේ ආදරේට පරිදින්න දෙන්නෙත් නැහැ.."

සචී අයියා මගේ ඔළුව අතගාලා කිව්වම මට එයාව බදා ගන්න හිතුනා..


" මායම් හිතේ ආදර හැඟුමන් තවරමින්
හුස්මක් දුරින් නැවතුනු හැටි පුදුමයි ඉතින් 
රැඳෙනා හිතේ සුසුමක් තරම්
සංසාරෙම හුරු ඒ සුවඳේ පැටලිලා
මගෙ ජීවිත ගමනට ඔය නෙතු ඉඟි කලා "




No comments:

Post a Comment