Thursday, September 6, 2012

Chapter 36 - "හුස්මක් දුරින්..."

කිසිම කෙනෙකුගේ ජීවිත වල කිසිම විදිහක සීමාවක් මායිමක් තියෙන්න විදිහක් නැහැ. ඒ හැම සීමාවක්ම මායිමක්ම අපි හිතින් හදා ගත්ත දේවල්. ආදරයක් වෙනුවෙන් කරන්න බැරි කැපකිරීමක් නැහැ කියලයි මම හිතුවේ.



සචින්ත අයියා කියන්නේ මගේ ජීවිතේ හිටපු වැදගත්ම කෙනා කියලා කිව්වොත් ඒක වැරදි නැහැ. එයා වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම මම කලා.

එදා ඇන්ඩෲ කාර් එක අරන් ගියාට පස්සේ මම සෑහෙන්න වෙලා කල්පනා කලේ ඇන්ඩෲ ඇයි මේ තරමට මට පැණි හලන්නේ කියලා. මිනිහ නරක කෙනෙකුත් නෙවෙයි. සල්ලි තිබුනට මෝඩයෙක්. හැබැයි හිත හොඳයි. ඔය වගේ විකාර කල්පනා කර කර ඉඳලා අන්තිමට මම සචී අයියට කෝල් කරන්න ෆෝන් එක අතට ගත්තා.

" හෙලෝ ලහිරු..? "

" ලහිරු තමයි, කොල්ලට ට්‍රිප් ගිහින් දැන් මාව මතකත් නැහැ නේද ? "

" අනේ නැහැ මල්ලියෝ, කට්ටිය එක්ක ඉද්දි කෝල් කරන්න ටිකක් අමාරුයි. ඔයා දන්නවනේ.. ඉතින් ඔයා මොකද කරන්නේ ? ලන්ච් ගත්තද ? "

" තවම නැහැ, බඩගින්නක් නැහැ. ඔයාලා කෑවද ? "

" අපි සීගිරියේ ඉන්නේ තවම. කෑවේ නැහැ තවම.. ඔයා කන්නකෝ එහෙනම්.................................................................................................සචී, එන්නකෝ අනේ..."
එහා පැත්තෙන් එකපාරටම මට කෙල්ලෙක්ගේ කටහඬක් ඇහුනා.

" මල්ලා... මම තියන්නම්, පස්සේ කෝල් එකක් දෙන්නම්, බායි "

එකපාරටම සචී අයියා ෆෝන් එක කට් කලේ මම මුකුත් කියන්නත් කලින්...
කවුද ඒ කෙල්ල ? මගේ හිත අවුල් වුණා. හොඳට අහල පුරුදු වොයිස් එකක්. මම ඒ කල්පනාවෙන්ම අපේ අයියා සඳරුට කෝල් එකක් ගත්තේ හිතට පොඩි සැකයක් වගේම බයක් දැනුන නිසා. ආදරය ආත්මාර්ථකාමියි... ඒක ඔයාලත් දන්නවනේ..

"හෙලෝ අයියේ.."

" කියපන්, මොකෝ හදිස්සියේම..." අයියා ගානක් නැතුව අහනවා.

" හදිස්සියක් වෙන්න ඕනද යකෝ තමන්ගේ අයියට කතා කරන්න.." මට මල පැන්නා

" නැහැ නැහැ බන්, උඹ මට කෝල් ගන්නේ නැහැනේ ලේසියෙන්, SMS එකක් එව්වොත් මිසක්. හි..හී... ඉතින්.. මොකෝ කරන්නේ ? උඹ ඔෆිස් එකේ ද කොලේජ් එකේ ද ? "

" ඔෆිස් එකේ.. මේ තමුසෙලා කට්ටිය ට්‍රිප් එක ගියේ කෙල්ලෝ සෙට් එකක් එක්ක ද ? "

" පිස්සුද බං ? අපි කොල්ලෝ සෙට් එක ආවේ, ඇයි උඹ එහෙම අහන්නේ ? "

" නැහැ මම දැන් සචී අයියට කෝල් කලා. කවුදෝ කෙල්ලෙක් කතා කලා ඇහුණා. ඒත් එක්කම සචියා ෆෝන් එක කට් කලා "

" අම්මා ගහයි බැට් එකෙන්, මාත් උඹට කියන්නේ නැතුව ඉන්න හැදුවේ, මාර කේස් එකක් උනා නේ බං, අපි සීගිරියට ආවම අනූෂිලාත් ට්‍රිප් එකක් ඇවිත් ( අනූෂි අයියගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ) අර ශාලිකා කියන බඩ්ඩද් ඇවිල්ලා හිටියා, ඒකි ආපු වෙලේ ඉඳන් සචියගේ පස්සෙන් කැරකෙනවා, මුකුළු කරනවා. මන් ඉතින් උඹට කියන්නේ නැතුව හිටියේ උඹ අප්සට් යයි කියලා. ඒත් ඉතින් උඹ CID එක වගේ ඔක්කොම හොයාගෙන නේ.. අනික මම උඹට බොරු කියන්න කැමතිත් නැහැ මල්ලි.. ඒකයි මන්..."

ඉතුරු ටික මට ඇහුනේ හීනෙන් වගේ. මගේ ඔලුව ආපහු අවුල් වුණා.

" දැන් ඒකි මොනවද සචී අයියත් එක්ක කරන්නේ ? "
මම ඇහුවේ තරහින්

" මම දන්නේ නැහැ බං.. මම සචියගේ පස්සෙන් යන්නද, ඌ ඉතිං කෙල්ලෝ රැලත් එක්ක පැනි හල හල ඉන්නවා. උඹ ඕවා වැඩිය හිතන්න එපා. උන් දෙන්නගේ එහෙම එකක් නැහැ "
අයියා එහෙම කිව්වට මගේ හිතට නම් කිසිම සැනසීමක් නැහැ. එදා දවසටම ආපහු සචී අයියගෙන් කෝල් එකක් ආවේ නැහැ. හවස් වෙද්දි මට නිකං උණ වගේ.. මම ගෙදර ඇවිත් සචී අයියට කෝල් කරන්න හදලත් ආපහු නිකන් හිටියා.
කිසිම කෙනෙක්ට ජීවිතයක් ගැන අනාවැකි කියන්න බැහැ, ඒ තරමටම අපේ ජීවිත වල ඊළඟ මොහොත අවිනිශ්චිතයි... සදාකාලික නැති මේ ජීවිත ඇතුලේ සදාකාලික ආදරයක් ඉපදුනාම, ඒ ආදරය රැකගන්න එක අමාරු දෙයක්..
රෑ දහයට විතර සචී අයියගෙන් කෝල් එකක් ආවා.

" හෙලෝ මල්ලී.. උඹ නිදිද ? "

" නැහැ.. කොහෙද හිටියේ මෙච්චර වෙලා.."

" අනේ පැටියෝ මේ කොල්ලෝ කට්ටිය එක්ක බැහැ, දන්නවනේ, කෝල්ස් ගනිද්දි උන් බයිට් කරනවා කෑල්ලට කෝල් කරනවා කිය කිය.."

" කොල්ලොත් එක්කද බැරි නැත්නම් වෙන කාත් එක්ක හරි ද ? "
මම ඇහුවේ හිමීට...

" මොනවද ලහිරු කියවන්නේ..?
සචී අයියට තරහා ගියා. එයාට තරහා යන්නේ එයා වරදක් කරලා ඒක මට හංගපු වෙලාවට..

" පරණ යාලුවෝ කට්ටියක් හම්බ වුණාලු නේද සීගිරියෙදි ? "

" ආ.. මේ... ඔව් අර ශා... අනූෂිලත් ඇවිත් හිටියා..."
සචින්ත අයියට ශාලිකා කියවෙන්න ගිහින් යන්තම් අනූෂි කියලා කියා ගත්තා. ඒකෙන් මගේ හිතේ සැකේ තවත් දෙගුණ වුණා. මොනවා උනත් සචී අයියා ට්‍රිප් එකක් ගිහින් සතුටින් ඉන්න වෙලාවේ එයාගෙ හිත රිද්දන්න මට ඕන වුණේ නැහැ. ඒ නිසා එයා ආපහු ගෙදර එනකම් මම ඉවසලා ඉන්න තීරණය කලා.

" ආ.. හරි හරි.. ඉතින් කාල බීලද "
මම මොකුත් නොවුනා වගේ ඇහුවා.

" ඔව් අපි කෑවා.. ඔයා කෑවද ? "

" ඔව් මම කෑවා.. දැන් නිදා ගන්න හැදුවේ, හෙට ස්කූල් යනවා "

" හරි පැටියෝ, එහෙනම් මම තියන්නම්, උදේට කෝල් කරන්නම්... Love u..."

" Love u too අයියා.. bye "

" අද උම්මා එකක් දෙන්නේ නැද්ද මට ? "

" උම්මා...."

" උම්මා.. බායි පැටියෝ..."

හිතේ දහසකුත් එකක් ප්‍රශ්න එක්ක මම නින්දට ගියා. මොනවා වුනත් සචී අයියා ආපහු ශාලිකා එක්ක යාලු වෙන එකක් නැහැ කියලා මම විශ්වාස කලා. ඒත් බැරිවෙලාවත් එහෙම වුනොත් හිත හදාගන්නත් දැන්ම ඉඳන් ලැහැස්ති වෙලා ඉන්න ඕනි කියලා මම හිතා ගත්තා.

සචී අයියලා ට්‍රිප් එක ගිහින් එනකම් මම හිටියේ සැනසීමකින් නම් නෙවෙයි. එයාව ආපහු දකිනකම් හිටියේ ඉවසුමක් නැතිව. ඊළඟ සෙනසුරාදා මම ක්ලාස් ගිහින් එද්දි අයියලා ඇවිල්ලා. මම දැක්කා අපේ අයියා සාලේ සෝෆා එකේ නිදාගෙන ඉන්නවා.

" කොයි වෙලේද ආවේ ?" මමත් පුටුවකට වැටෙන ගමන් ඇහුවා.

" 5 ට විතර බන්, සචියා ගෙදර ගියා. රෑ වෙලා එන්නම් කිව්වා.

" හ්ම්ම්.. මම වොෂ් එකක් දාගෙන එන්නම් අයියේ.."

සචින්ත අයියා මැසේජ් එකක් වත් එවල නැහැ. මහන්සියට නිදි ඇති සමහරවිට. මම එහෙම හිතලා ෂවර් එක ඇරියේ හිතේ තියෙන පාලුව, තනිකම, සේදිලා යන්න... හොඳටම නා ගන්නවා හිතාගෙන.

සීතල වතුර නාලා ඇවිත් ඇඟ පිහදාගෙන මම පරණ කොට කලිසමකුයි ආම් කට් එකකුයි ඇඳ ගත්තා. ඕඩිකොලොන් බෝතලෙත් අරන් ඔලුවෙයි ඇඟ පුරාමයි ගා ගත්තා. ඕඩිකොලොන් සුවඳට මගේ හිත සෑහෙන්න සන්සුන් වෙනවා.
එක පාරටම කවුද දොරට තට්ටු කරනවා. මගේ හිත කිව්වා සචින්ට අයියා වෙන්න ඇති කියලා. මම දොර ඇරියා. සචී අයියා හිනා වෙවී බලන් ඉන්නවා. සුදු ටී ෂර්ට් එකකුයි බ්ලු ත්‍රී ක්වාට ශෝට් එකකුයි ඇඳලා. මගේ කොල්ලව දැක්කේ දවස් 7 - 8 කින්.

අපි දෙන්නා, දෙන්නගේ මුහුණු දිහා බලන් ටිකක් වෙලා හිටියා. සචී අයියා මගෙ රූම් එක ඇතුලට ඇවිත් මාව තද කරල බදා ගත්තා. මමත් ඒ උණුසුමට ආසාවෙන් තුරුල් වුනා. මේ උණුසුම ලැබෙන්නෙ දවස් කීයකින්ද...
අහන්න දේවල් කොයි තරම් තිබුනත්, ඒ අහිංසක මුහුණ දිහා බලාගෙන.. කිසිම දෙයක් අහන්න මට ඒ වෙලාවේ හිතුනේ නැහැ.

" අයියා කොහෙද ? " මම සචී අයියගේ පපුවට තුරුළු වෙලා ඉද්දිම ඇහුවා.

" සඳරු පහල. අනූෂි එක්ක කෝල් එකක්.."

එයා එහෙම කියාගෙන දොර වහලා දොරට හේත්තු වෙලා මාව තුරුළු කරගත්තා.
අපේ අයියා අනූෂි එක්ක මල් කඩන්න ගත්තම නවත්තන්නේ නැහැ ලේසියෙන්. ඒත් හිතට බයයි අයියා උඩට ආවොත් කියලා. මගේ පපුව ඩග් ඩග් ගාලා ගැහෙනවා.

" කවුරුහරි බබෙක් ආවද දැන් රූම් එකට ? "

සචී අයියා අහනවා.

" ඇයි ඒ..? "

" පොඩි බබෙක්ගේ සුවඳයි.."

එයා මාව ඉඹින ගමන් කියනවා

" මම නාලා ඕඩිකොලොන් ගෑවා.."

" ම්ම්ම්... ඒක තමයි මේ සුවඳ මගේ චූටි බබාගේ.. සති දෙකක විතර ඇරියස් තියෙනවා වස්තුවේ අල්ලන්න.."
සචී අයියා එහෙම කියාගෙන මගේ තොල් උරන්න පටන් ගත්තා.

" අයියා එයිද බබා..? "

" ම්ම්ම්... ආවොත් කතා කරයි. දොර ලොක් කරලනේ.."

" මට නම් බයත් එක්ක. ඒත් ඔයා දකිද්දි ඉන්න බැහැ.."

එහෙම කියන ගමන් ගමන්ම සචී අයියා මගේ ආම් කට් එක ගලවලා දැම්මා. මමත් එයාගේ ටී ෂර්ට් එක ගැලෙව්වා.

" මම නැතුව පාලුවෙන්ද හිටියේ ? "
සචී අයියා මගේ ඇස් දෙකට එබිලා අහනවා.

" කියාගන්න බැරි තරම් පාළුවකින්.."

මම සචී අයියගේ බෙල්ලේ එල්ලිලා එයාගේ පපුවට තුරුලු වුණා. සචී අයියා හිමිහිට මගේ ඔළුව අතගෑවා.



" දුර යන්න සිතුවාට සැඟවී හොරෙන් 
ඔබ නැතුව මම ඉන්නේ කොහොමද ඉතින්
වාවන්න බැරි කඳුළු ආවත් නෙතින් 
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...."


6 comments:

  1. Maase gaanak balan hitiya Nil Ahasa yata thiyena oyage adare gena denaganna Lahiru. Hitha pirenna oyage adare vidagaththa.. Godak lassanai..ow godaak lassanai...

    Kavinda

    ReplyDelete
  2. Thank you Kavinda.. aapahu kathawa iwara wenakam godak kal balan inna wenne na, mama ikmanata okkoma kotas tika update karanawa. :)

    ReplyDelete
  3. Mara lassanai kathawa math asai ahema sepak ganna mama godak kemathi lesbi walata oyala kemathi nam mata msg karanna 0776674531

    ReplyDelete
  4. Lassani lahiruu lassani mn dewani para kiyawanne mage hethe tjiyena duka wedi wenawa misak aduwemak nha eth oyalage me kathawa mn kiyawanwa thawa thawa oyala hetapu ek kalee hugak lassani mn thamath thanikadi mage hetha perenne me kathawe attamai m dan jiwath wenne oyalge me kathawa athule sattakinma oyata hekinam mata fb ekata rqwst ekak danna lahiru mage duka bedaganna kemathinm vithrk monakada mn dan mage jivithe karagena iwary me de plz help me lahuruuuuu dinesh madushanka my fb name

    ReplyDelete
  5. Lassani lahiruu lassani mn dewani para kiyawanne mage hethe tjiyena duka wedi wenawa misak aduwemak nha eth oyalage me kathawa mn kiyawanwa thawa thawa oyala hetapu ek kalee hugak lassani mn thamath thanikadi mage hetha perenne me kathawe attamai m dan jiwath wenne oyalge me kathawa athule sattakinma oyata hekinam mata fb ekata rqwst ekak danna lahiru mage duka bedaganna kemathinm vithrk monakada mn dan mage jivithe karagena iwary me de plz help me lahuruuuuu dinesh madushanka my fb name

    ReplyDelete