ඒ ගිය අවුරුද්දේ ඉන්ටර් ස්කූල් මැච් සීසන් එක. මම ප්රැක්ටිස්, මැචස් එක්ක ගොඩක් බිසී වෙලා හිටියේ. සචී අයියා මම ෆුට්බෝල් ප්ලේ කරන්න එක ගැන හැමදාම වගේ රණ්ඩු කලා. එයා හැමදාම රණ්ඩු වෙන්න හොයාගත්තේ මම කරන කියන දේවල්. මම හැම දෙයක්ම ඉවසගෙන හිටියේ අපේ අතීතය, ආදරයේ මතකයන් නිසයි. ආදරය හිතට ගේන මතක කන්දරාව කවදාවත් හිතෙන් මැකිලා යන්නේ නැහැ. තරහකට වෛරයකට බැහැ ඒ එක මතකයක් වත් මකලා දාන්න. මගේ හිතේ හැමදාටම එක ප්රශ්නයක් තිබුණා. ඒ සචී අයියා මාව අත් හැරලා ශාලිකා තෝර ගත්තේ ඇයි කියන එක. ඒ ප්රශ්නෙට සචී අයියා ගාව උත්තර තිබුනේ නැහැ.
මණිල්ක අයියා කොළඹ ඇවිත් ටික දවසක් ගියත් මට Matches නිසා එයාව මීට් වෙන්නත් බැරි වුණා. පුළුවන් වෙලාවට ෆෝන් එකෙන් කතා කලත් මගේ හිතට නිදහසක් තිබුණේ නැහැ ඒ දවස් වල.
එදා නිවාඩු දවසක්. සචී අයියා ගෙදර හිටියේ නැහැ. එයා කොහෙ යනවද කියලා මට කියලා යන්නේ නැහැ. මමත් ඒවා අහන එක නතර කරල හිටියේ. උදේ 10 ට විතර මම ඉරෝෂයත් එක්ක ස්කූල් එකට යන්න පිටත් වුණා. එදා අපිට Extra Practice Session එකක් දාලා තිබුණා.
" ලහිරුවා... අර..."
බස් එකේ ටිකක් දුර යද්දි ඉරෝෂයා අපිට එහා පැත්තේ සීට් එකක ඉන්න කපල් එකක් පෙන්නුවා. මාව හිරිවැටිලා ගියා සචී අයියා ශාලිකාව තුරුල් කරගෙන ඉන්න විදිහ දැකලා. මම එහෙම්මම ඉස්සරහා සීට් එකේ ඔලුව තියාගත්තා. School එක ලගින් බහින්න හදන කොට සචී අයියා මාව දැක්කා. මම නොදැක්කා වගේ බස් එකෙන් බැස්සා. එදා දවසෙම හරියට ඔලුව කෙලින් තියාගෙන මට ප්රැක්ටිස් කරන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ. එදා මගේ අතින් සෑහෙන්න Mistakes වුණා. සමහර විට මම මේ දේවල් ගැන ඕනවට වඩා හිතන්න ඇති එදා .
" ඔයා මාව දැකලත් අහක බලාගෙන ගියා නේද ? " සචී අයියා එදා රෑ නිදාගන්න කලින් මගේ කාමරයට ඇවිත් ඇහුවා.
" ඔයා හිටියේ අරයත් එක්ක නිසයි මම කතා කලේ නැත්තේ "
" එය හිටියට කමක් නැහැනේ, ඔයා මගේ මල්ලි කියල මම එයාට කියලා තියෙන්නේ "
" මම ඔයාගේ මල්ලි වෙලා හිටියේ නැහැනේ සචී අයියේ කවදාවත් "
" මට ඔයත් එක්ක ආගිව් කරන්න ඕන නැහැ ලහිරු.."
" මටත් ආගිව් කරන්න ඕන නැහැ. Good night.."
මම එහෙම කියලා අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා. ටිකකින් සචී අයියා මගේ රූම් එකේ දොරත් වහගෙන යන්න ගියා.
මේ විදිහට ඉස්සරහට හිත හදාගෙන ජීවත් වෙන්න බැරි බව මට තේරුණා. මම උවමනාවෙන්ම පිස්සු කෙලින්න පටන් ගත්තා. ඒත් ඒක සදාකාලික විසදුමක් නෙවෙයි කියලා මට තේරුණා. මම මීට අවුරුද්දකට කලින් හිටිය විදිහ ගැන හිතද්දි මටම පුදුමයි. හිතලා හිතලා මම එක හරි තීරණයක් ගත්තා. මම අම්මා නිදහස් වෙලාවක් බලලා ඔෆිස් එකට ගියා දවසක්.
----------------------------------------------------------------------------
මේ විදිහට ඉස්සරහට හිත හදාගෙන ජීවත් වෙන්න බැරි බව මට තේරුණා. මම උවමනාවෙන්ම පිස්සු කෙලින්න පටන් ගත්තා. ඒත් ඒක සදාකාලික විසදුමක් නෙවෙයි කියලා මට තේරුණා. මම මීට අවුරුද්දකට කලින් හිටිය විදිහ ගැන හිතද්දි මටම පුදුමයි. හිතලා හිතලා මම එක හරි තීරණයක් ගත්තා. මම අම්මා නිදහස් වෙලාවක් බලලා ඔෆිස් එකට ගියා දවසක්.
" ආහ්.. ඉලන්දාරියට මොකද මේ පැත්ත මතක් වෙලා ? සල්ලි වත් ඕන වෙලාද ? " අම්මා මාව දැක්ක ගමන් විහිළුවක් කලා.
" මම සල්ලි ඉල්ලන්න විතරද අම්මා මෙච්චර කල් ඔෆිස් එකට ආවේ ? එහෙනම් අම්මා... ගෙදරදී ඉල්ලනවනේ "
මම ඇහුවේ ඇත්තටම දුකෙන්
මම ඇහුවේ ඇත්තටම දුකෙන්
" අයියෝ නැහැ ළමයෝ, මම නිකන් කිව්වේ.. ඔයා කාලෙකින් ඔෆිස් එකට ආවේ, අයියා ගියාට පස්සේ ආවේම නැති තරම් "
අම්මටත් මම කිව්ව එකට අප්සට් වෙන්නැති
" මම ආවේ වැදගත් දෙයක් කතා කර ගන්න අම්මා... මට බනින්න එපා.. තරහ වෙන්නත් එපා.. මේක මම ඔයාගෙන් කරන ඉල්ලීමක්.."
" මොනවද චූටි මේ කියවන්නේ..? මොකක්ද ප්රශ්නේ ? "
අම්මා පුදුමයෙන් වගේ මගේ දිහා බැලුවේ මම කවදාවත් අම්මා එක්ක මේ තරම් serious විදිහට කතා කරලා නැති නිසා වෙන්න ඇති.
" ප්රශ්නයක් නැහැ අම්මා.. මට අම්මගෙන් ලොකු දෙයක් ඉල්ලන්න ඕනි.."
" මොකක්ද ? කියන්න.."
" A/L ඉවර වුනාම මටත් අයියා ගාවට යන්න ඕනි අම්මා.." මම කියද්දී අම්මගේ මුහුණ හිනාවකින් පිරුණා.
" ඕක කියන්නද මේ වැල් වටාරම් කිව්වේ..? පිස්සු කොල්ලා.. මම මොකටද තරහා වෙන්නේ, ඔයා කැමති නම් අයියා ගාවට යන්න. එතකොට අයියට තනියකුත් නැහැනේ "
අම්මගේ ප්රතිචාරය මම හිතුවට වඩා හොඳ වුනු එක ගැන මට පුදුමයි.
" ඒත් අම්මා... මමත් ගියාම අම්මා තනි වෙනව. මට තියෙන ප්රශ්නේ ඒකයි. අම්මත් එනවා නම් අපි තුන්දෙනාටම..." මට කතාව ඉවර කරන්න ලැබුණේ නැහැ
" පිස්සු කියන්න එපා චූටි.. මම ආවම කවුද මේ වැඩ බලාගන්නේ ? ඔයාට තවම මේවගේ බරක් පතලක් නැහැ. ඔයා A/L ඉවර උනාම අයියා ගාවට ගිහින් ඉගෙන ගන්න. ඉවර වෙච්ච කාලෙක එන්න. මේ දේවල් දාලා මම කොහෙවත් යන්නේ නැහැ.." අම්මා බොහොම තදින් කිව්වා
" ඒත් අම්මා.. මමත් ගියාම අම්මව කවුද බලා ගන්නේ ? " මම ඇත්තටම ඇහුවේ ලොකු වේදනාවකින්
" මේ නාකි මගේ මොනවා බලා ගන්නද ? අනෙක ශ්රීමතී ආන්ටි, සචින්ත එහෙම ඉන්නව නේ. ඔයා දැන්ම ඕව ගැන හිතන්න ඕන නැහැ. Exam එක කරගෙන ඉන්න ඔක්කොටම කලින් "
අම්මා පුටුවෙන් නැගිටලා මගේ ලගට ඇවිත් ඔලුව අත ගෑවා.
" අම්මා, මේක ගැන දැන්මම ශ්රීමතී ආන්ටිට කියන්න එපා "
" ඒ මොකද ? "
" මම කැමති නැහැ අම්මා.. දැන්ම මේවා ගැන කවුරුත් දැන ගන්නවට.." මම අම්මගේ අතින් අල්ලගෙන කිව්වා.
එදා අපිට මැච් එකක් තිබුණු දවසක්. මම ස්කූල් එකට යන්න ලැහැස්ති වෙන ගමන් හිටියේ. අම්මයි, ශ්රීමති ආන්ටියි කුරුණෑගල යන්න ලැහැස්ති වුනා කිරි අම්මට ටිකක් අසනීපයි කියලා කෝල් එකක් ආව නිසා..
---------------------------------------------------------------------------
එදා අපිට මැච් එකක් තිබුණු දවසක්. මම ස්කූල් එකට යන්න ලැහැස්ති වෙන ගමන් හිටියේ. අම්මයි, ශ්රීමති ආන්ටියි කුරුණෑගල යන්න ලැහැස්ති වුනා කිරි අම්මට ටිකක් අසනීපයි කියලා කෝල් එකක් ආව නිසා..
" චූටි පුතා, රෑට කඩෙන් කෑම ගෙනත් කන්න.."
අම්මා සචී අයියා ඉස්සරහදිම මට කිව්වා.
" මැච් එක ඉවර වෙද්දී කීය වෙයිද දන්නේ නැහැ, මම එද්දි රෑ වෙයි ටිකක් " මම කිව්වා.
" ගොඩක් රෑ වෙන්නේ නැහැනේ ? එහෙනම් සචින්ත, මල්ලිටත් එක්ක කෑම ගේනවද ඔයා ? "
" හරි ආන්ටි.. මම අරන් එන්නම්.." සචී අයියා බොහොම කැමැත්තෙන් කිව්වා
" මම හෙට උදේ එන්නම් කියලා කිරි අම්මට කියන්න. අම්මලා එන්නේ හවස නේ, එතකොට මට අම්මලත් එක්ක එන්න පුළුවන් " මම අම්මට කිව්වා
අම්මලා ගිහින් ටික වෙලාවකින් සචී අයියා මගෙ රූම් එකට ආවා. මම බැක් පැක් එක ලැහැස්ති කරන ගමන් හිටියේ.
" ඔයාට අද මැච් එකට නොයා ඉන්න බැරිද ? " සචී අයියා ඇහුවේ මගේ බෙඩ් එකේ හරහට දිගාවෙලා...
" ආහ්.. මැච් එකට නොගිහින් ඉන්නේ මොකටද ? " මට පුදුමයි මෙයා මොකටද මේ ඉන්න කියන්නේ කියලා
" අද ගෙදර කවුරුත් නෑත් එක්ක.. ඉන්නකෝ.." එයා එහෙම කියලා මාව එයා ගාවට ඇදලා ගත්තා. මම බැලන්ස් නැතුව එයාගේ ඇඟ උඩට වැටුණා.
" අනේ සචී අයියේ, මට දැනටමත් පරක්කුයි. 3 වෙද්දි ග්රවුන්ඩ් එකේ ඉන්න ඕනි. දැන්ම 2.30 යි " මම දඩි බිඩි ගාලා නැගිටින ගමන් කිව්වා
" මම කිරි අම්මව බලන්න යන්නේ වත් නැතුව හිටියේ මැච් එක නිසා.."
" එයා දැන්ම මැරෙන්නේ නැහැ, බය වෙන්න එපා " සචී අයියා ආපහු මගේ අතින් අදින ගමන් කියනවා.
මට ඒ කතාවට නම් යකා නැග්ගා
මට ඒ කතාවට නම් යකා නැග්ගා
" මොනවද ඔයා කියවන්නේ ? ඒ වයසක මනුස්සයට ඔහොම කියන්නේ ? ලැජ්ජ වෙන්න ඕන සචී අයියේ.. ඔයාට මගේ කිරි අම්මට එහෙම කතා කරන්න කිසිම අයිතියක් නැහැ " මම අත ගසලා ගන්න ගමන් කිව්වා
" ඔව් දැන් ඉතින් වෙන උන් ඇතිනේ තුරුල් වෙන්න, ඒකනේ ළඟටවත් එන්න බැරි.." සචි අයියා එහෙම කියාගෙන තව ගොඩක් දේවල් කිය කිය මට බනින්න පටන් ගත්තා.
" මොන යකෙක් වැහිලද ඔයාට ? මැච් එකක් තියෙද්දි ඔයා කියන්නේ මට ඔයත් එක්ක මෙතන.."
මම ඉතුරු ටික කියන්නේ නැතිව නවත්ත ගත්තේ බොහොම අමාරුවෙන්. මම කැමති නැහැ සචී අයියට එහෙම කතා කරන්න. මම බෑග් එකත් අරන් රූම් එකෙන් එලියට ආවේ එයා ඇතුලේ ඉද්දිමයි.
මම ඉතුරු ටික කියන්නේ නැතිව නවත්ත ගත්තේ බොහොම අමාරුවෙන්. මම කැමති නැහැ සචී අයියට එහෙම කතා කරන්න. මම බෑග් එකත් අරන් රූම් එකෙන් එලියට ආවේ එයා ඇතුලේ ඉද්දිමයි.
" මම යනවා "
" ඔව් පලයන්, උඹට දැන් මගෙන් වැඩක් නැහැනේ.. තව එවුන් ඉන්න නිසානේ දැන් දුවන්නේ.. තෝ තමයි මාව නැති කලේ.."
මම පහලට බහින කොට එයා කෑ ගහලා කිව්වා. මම මුකුත් නොකියා එන්න ආවා. මට එදා මැච් එකට යන්න තරම් හිතක් තිබුණේ නැහැ. මම හිතේ වේදනාව තද කරගෙන ස්කූල් ග්රවුන්ඩ් එකට ගියා. හැමදාම වගේ මගේ පුංචි වෙනසක් වුණත් අඳුනගන්න ඉරෝෂයා මාව දැක්ක ගමන් මගේ ළඟට දුවලා ආවා.
" උඹ ඇඬුවද බන් ? " ඉරෝෂයා මගේ ඇස් වලට එබිලා අහනවා
" අඬන්න මගේ ඇස් වල දැන් කඳුළු නැහැ බන්.." මම හිනා වෙලා කිව්වා
" අදත් වලිද ? "
" හ්ම්ම්.. ඒ තරම් දේවල් අහගන්න මම මොකට ආදරේ කලාද කියලා හිතෙනවා ඉරෝෂයා.."
මම වෙච්ච කතාව ඉරෝෂයට කිව්වා. මට ඒ දේවල් කියන්න හිටියෙ ඌ විතරයි. එදා මැච් එක අපි දිනුවා. ඒ සතුට මගේ හිතේ තිබුන දුක පොඩ්ඩක් තුනී කලා කිව්වොත් නිවැරදියි. අපි මැච් එක ඉවරවෙලා, ග්රවුන්ඩ් එකේ කොල්ලෝ කට්ටියම කෑ ගහනවා, සතුට බෙදා ගන්නවා, මැච් එක බලන්න ආපු අයත් ග්රවුන්ඩ් එකට පැනලා. ඒ ඇතරේ දැකලා පුරුදු මුහුණක්
මණිල්ක..
අත් දෙකත් බැඳගෙන පැත්තකට වෙලා මගේ දිහා බලන් ඉන්නවා. මුහුණේ හිනාවකුත් එක්ක. කොල්ලෝ කට්ටියගෙන් අමාරුවෙන් බේරිලා මම මණිල්ක ඉන්න තැනට ගියා
" ඔයා කොහෙද මෙහේ ? " මම එයා ගාවට ගිහින් ඇහුවා
" Congratulations.." මණිල්ක අයියා මම අහපු දෙයට උත්තර නොදී එයාගේ අත දික් කලා
" Thanks.." මම අත අල්ලගන්න ගමන් කිව්වා
" කොල්ලගේ performances නම් Superb, මම අහලා තිබුනට දැක්කේ අදනේ.."
" Thank you.. Thank you.. කොයි වෙලේද ආවේ ? "
" මැච් එක පටන් ගන්න කොටම වගේ ආවේ, ඔයාව හොයාගන්න සෑහෙන්නේ ගේමක් දෙන්න වුනා. ඔක්කොම කොල්ලෝ එක වගේ නේ... හි..හී.."
" හි.. හී.. ඔයාගේ ඇස් පෙනීම අඩු ඇති. නැත්නම් මෙච්චර ලඟ මාව දැක්කේ නැහැ කිව්වම ? "
" මම හිටියේ අන්න අතන කොනේ.." එයා ඇඟිල්ල දික් කරලා පැවිලියන් එකේ කොනක් පෙන්නුවා
" ම්ම්ම්... එනවා කියලා කලින් කිව්වා නම් මම සීට් එකක් අල්ලලා දෙනවනේ ඔයාට "
" අඩෝ ලහිරුවා.. උඹ එන්නේ නැද්ද, අපි යනවා චේන්ජ් කරන්න.." කොල්ලෙක් කෑ ගහලා කිව්වා
" මම චේන්ජ් කරගෙන එන්නද ? පොඩ්ඩක් ඉන්න පුලුවන්ද ? "
" මම එහෙනම් යන්නම් මල්ලි, ඔයාව බලලා යන්න ආවේ.." මණිල්ක අයියා අහිංසක විදිහට කියනවා
" යන්න හදිස්සිද ? පොඩ්ඩක් ඉන්නකෝ, මම ඉක්මනට වොශ් එකක් දාගෙන චේන්ජ් කරගෙන එන්නම් "
" හදිස්සියක් නැහැ, ඔයා අද යාලුවෝ එක්ක ඉන්න ඕනනේ.."
" උන් එක්ක මම ඉතින් නවතින්නේ නැහැ, පොඩ්ඩක් ඉන්න. මම ඉක්මනට චේන්ජ් කරගෙන එන්නම්. හා ද ? "
" හරි එහෙනම් මම මෙතන ඉන්නම්, ඔයා ගිහින් එන්න.."
" හරි එහෙනම් මම මෙතන ඉන්නම්, ඔයා ගිහින් එන්න.."
මම ඉක්මනට වොෂ් එකක් දාගෙන ඉරෝෂයට සීන් එක කියලා ඉක්මනට එලියට පැනගත්තා.
මම එනකම් මණිල්ක අයියා පැවිලියන් එකේ වාඩි වෙලා හිටියා. මම ඈතින් ඉදන්ම එයා දිහා බලාගෙන ආවේ. මෙරුන් පාට කොටු වැටුණු අත් දිග කමිසයය, අත් නවලා කලුපාට ඩෙනිම් කලිසමක් ඇඳලා. කළු සෙරෙප්පු දෙකක් දාලා. ඒ කිට් එකට කොල්ලා තවත් හැන්ඩි කියල මට හිතුනා.
" යමු.." මම මණිල්ක අයියා ගාවට ගිහින් කිව්වා.
" කොහෙද ? "
" කොහෙද අහන්නේ ? කොහේ හරි යමු.."
" හි.. හී.. යමු.. යමු.."
" ඉතින් " අපි දෙන්නා වල්පල් කියව කියව බස් හෝල්ට් එකට ආවා. බස් වල සෙනඟ කට කපලා
" ඔයා දැන් බෝඩිමට ද යන්නේ ? " මම ඇහුවා
" වෙන කොහේ යන්නද ඉතින්.." එයා හිනා වෙලා කියනවා
" එතකොට රෑට කෑම ? "
" යන ගමන් පාන් ගෙඩියක් අරන් යනවා, ගිහින් පරිප්පු ටිකක් තෙම්පරාදු කර ගන්නවා.." කොල්ලා කියාගෙන යනවා
" ඒක අහල නම් ඇත්තටම මටත් කෙල ගිලුනා, පරිප්පු තෙම්පරාදුවක් එක්ක පාන් කාපු කාලයක් මතක නැහැ "
මටත් නිකන්ම කියවුණා
මටත් නිකන්ම කියවුණා
" මග දුප්පත් කෑමට කෙල ගිලින්න එපා, ඔයාට ඊට වඩා රස කෑම ඇති ගෙදර අද. මැච් එකත් දිනුම් නිසා ටුඩේ ස්පෙෂල් "
" අද අම්මලා නැහැ, කුරුණෑගල ගියා. කිරි අම්මට ටිකක් අසනීපයි කියලා, මට මැච් එක නිසයි ගියේ නැත්තේ. හෙට උදෙන්ම යන්න ඕන ගිහින් එන්න.."
" එතකොට ගෙදර කවුරුත් නැද්ද ? "
" සචින්ත අයියා ඉන්නවා "
එතකොටයි මතක් වුනේ. දැන් මල යකා වගේ බලන් ඇති මම එනකම් රණ්ඩු වෙන්න. ඒක මතක් වෙද්දි දැන් ගෙදර යන්න බෑ කියලා මට හිතුනා
" ම්ම්ම්... එහෙනම් යමු මගේ බෝඩිමට. රෑට කාලා, ටිකක් ඉඳලා යන්න..කැමති නම් ඉන්නත් පුළුවන්, ඒත් ඉතින් සැප පහසුකම් නම් නැහැ.."
මණිල්ක අයියා ගිරවා වගේ කියාගෙන කියාගෙන යනවා
මණිල්ක අයියා ගිරවා වගේ කියාගෙන කියාගෙන යනවා
" ඔයාට ප්රශ්නයක් නැද්ද මම එන එක ? "
" මට නම් කිසිම ප්රශ්නයක් නැහැ, ඔයාට තමයි ප්රශ්නයක් වුනොත්.."
" මම සැප පහසුකම් හොයන කොල්ලෙක් නෙවේ.."
" එහෙනම් යමු.." මණිල්ක අයියා මගේ කරට අතක් දා ගන්න ගමන් කිව්වා.
අපි බස් එකෙන් නුගේගොඩට ඇවිත් බැස්සා. හන්දියේ කඩේකින් පාන් අරගෙන අපි දෙන්නා හිමින් හිමින් එයාගේ බෝඩිමට යන්න පාරට කිට්ටු වුණා.
" කෝ දෙන්න මල්ලා ඔයාගේ බෑග් එක, බරයි නේද ? සෙල්ලම් කරලා මහන්සිත් ඇති.." එයා බලෙන්ම මගේ බෑග් එක අරගෙන එයාගේ පිටේ එල්ල ගත්තා.
" කෝ එහෙනම් දෙන්න පාන් ගෙඩිය.." මම එයාගෙ අතේ තිබුන පාන් බෑග් එක ගත්තා.
" ඕක හරි බරයි හොඳද.." එයා එහෙම කියද්දි අපි දෙන්නටම හිනා
කතාවෙන් කතාවෙන් අපි එයාගේ බෝඩිමට ආවා. ඒක බාගෙට හදපු ගෙදරක්. උඩ තට්ටුවේ රූම් එකක තමයි මානිල්ක අයියා හිටියේ. ඇතුලේ බිත්ති විතරක් කපරාදු කරලා. සුදු පාට රබර් පේන්ට් එකක් ගාලා. කාමරයටම තිබුණේ පොඩි බෙඩ් එකක්, ටේබල් එකක්, පුටු දෙකක්, ඇඳුම් රැක් එකක් විතරයි. කෑම උයන්න පුංචි කුස්සි කෑල්ලක් තිබුණා.
" මෙන්න මේක තමයි මගේ දුප්පත් පැල. කැමති විදිහට ඉඩ තියන තැනකින් වාඩි වෙන්න "
මණිල්ක අයියා එහෙම කියන ගමන් මගේ බෑග් එක පුටුවක් උඩින් තිබ්බා.
" මම තේ එකක් හදන්නම් "
" තේ ඕන නැහැ අයියේ.."
" ඔයාට බඩගිනිද මල්ලා ? එහෙනම් මම ඉක්මනට පරිප්පු හදන්නම් "
" අයියෝ නැහැ.. නැහැ.. දැන්ම බඩගින්නක් නැහැ. මාව එලව ගන්න හදිස්සියි වගේ.." මම හිනා වෙලා කිව්වා
" අනේ නැහැ මල්ලා, ඔයා ඉන්නව නම් හැමදාම ඉන්න, කිසිම අවුලක් නැහැ.."
" මං විහිළුවක් හලෝ කලේ.. එහෙනම් තේ එකක් බොමු. ඔයාට මහන්සි නැත්නම් විතරක් "
" ඔයා වොශ් එකක් දාගන්න, මම තේ හදලා තියන්නම් "
" බැහැ තේක බීල.." මම එහෙම කියලා පොඩ්ඩක් ඒ ඇඳේ දිගා වුණා. මණිල්ක අයියා ගාව එන සුවඳ ඒ ඇඳේ තියෙනවා. ඒක හරියටම මොකද්ද කියලා තේරුම් කරන්න බැරි සුවඳක්.
" ම්ම්.. එහෙනම් ඔයා ඔහොම හාන්සි වෙලා ඉන්න. මම තේ දෙකක් හදන් එන්නම් "
මණිල්ක අයියා එයාගේ පුංචි කුස්සි කෑල්ලට ගියා.
මම එහෙමම ටිකක් ඇස් දෙක පියා ගත්තා. ඇඟත් රිදෙනවා, සෙල්ලම් කරලා ආව නිසා. ටිකක් වෙලා ඇස් දෙක පියගෙන ඉද්දි මගේ ඔලුවට ආවේ සචී අයියා. මම පොකට් එකෙන් ෆෝන් එක ගත්තා. මිස් කෝල්ස් 4 යි. SMS එකකුත් තියෙනවා.
සචී අයියා..." කොහෙද ඉන්නේ ? "
" මම අද එන්නේ නැහැ, gud nyt "
මම Reply කරලා ආපහු ඇස් දෙක පියා ගත්තා. ඒත් එක්කම සචී අයියා කෝල් කලා. මම Answer කලේ නැහැ. කෝල් එක කට් වෙනකන් ඉඳලා ෆෝන් එක ඕෆ් කලා. මම නැගිටලා කුස්සිය පැත්තට ගියේ මණිල්ක අයියා මොකද කරන්නේ බලන්න.
"දෑස වසා සිටියා ඔබේ රුව ඇයිදෝ මට පෙනුනේ
සවන වසා සිටියා ඔබේ හඬ ඇයිදෝ මට ඇසුනේ.."